කිරි පානය කරන පුද්ගලයෙකුට වඩා ලුනු කැඳ කෝප්පයක් පානය කරන පුද්ගලයකුගේ ආයුෂ වැඩිවීමට හේතු 15 ක්

health tips

“කැද බීල වගෙයි”  “ඔහොම නිදාගත්තොත් උඹලට කැඳවත් හම්බෙන එකක් නෑ”

 මේ කියමන් ඔබ නිතරම අසා ඇති බවට සැකයක් නැහැ. නමුත් මේ කතාවලින් කියවෙන විදිහට අපේ සමාජයේ කැඳ ගැන ලොකු පැහැදීමක් නැද්ද? මේ කියමන් අද අපි වැරදි විදියට අර්ථකථනය කර වැරදි විදියට තේරුම් අරගෙන ගුණදායි ආහාරයක් වෙන කැඳවලට තුන්වැනි තැන හිමිකරදුන්නට එදා පැරැන්නන් මේ කතා කිව්වේ ආවාට ගියාට නම් නෙවෙයි. 

මොකද  පාසලේ දී කැඳයා  කියලා හඳුන්වලා තියෙන්නේ වැඩි කලබලයක් නැතුව වැඩිපුර පොත පතට යොමු වුණු අය. කැදවත් හම්බ වෙන එකක් නැහැ කියල කියන එකෙන් අදහස් කළේ නෑදෑයන් හිතවතුන් මිය යනවා කියන තේරුම සමග සම්බන්ධ වෙන්න බැරි බව කීමක් මිස මේ කතාවේදී කැඳවලට අපහාසයක් කිරීමක් නෙවෙයි. මොකද මරණාසන්න රෝගයක් හැදුණ අවස්ථාවේදී අවසාන මොහොත දක්වාම බොහෝවෙලාවට ඒ රෝගියාට ලබා දෙන්නේ කැඳ. රෝගීයාව ගොඩගන්නට බැරි තරමට අසාධ්‍ය වුණාම කැඳ හැන්දක් දෙකක් පොවා  ගන්නා එකත්  නතර කරන්න සිදුවෙන බව තමයි ඔවුන් මේ විදිහට දක්වලා තියෙන්නේ.

 නමුත් අද වෙද්දි අසාධ්‍ය ලෙඩදුක් ආදිය හැරුණාම  කැඳ පානය කරනවා හැරුණාම  ලොකු කුඩා කවුරුවත්ම කැඳ බොන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. “කැඳ උගුරක්  හරි බීලා ජීවිතේ ගැට ගහගන්නවා” යනුවෙන් ඇතැමුන් කියනවත් ඒ අතරෙ ඔබට ඇහිලා ඇති. ඒ අයට අනුව නම් කැඳක් ගෙදරක පිසින්නේ බත් ටිකක් උයාගන්නට සහල් මදිවුණු අවස්ථාවකදී. ඉතින් කැඳ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්  විවිධ අර්ථකථන දුන්නත් අපේ පැරැන්නන් කැඳවලට  ඔවුන්ගේ ආහාරවේලේ මූලික තැනක් දුන් බව නම් සැකයක් නැහැ.

අද අපි කැද විදිහට නිතරම් භාවිතයට ගන්නේ කොළ කැඳ සව් කැඳ විතරක් වුණාට අපේ ශරීරයට ගුණදායක වෙන බොහෝ කැඳ වර්ග එදා අපේ  මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා භාවිතා වුණා. ඒ  අතර කිරි කැඳ, ලුණු කැද බැදිහාල් කැද, තණ හාල් කැද, ඕලු කැද ආදී මෙකී නොකී කැඳ වර්ග බොහොමයක්ම තිබුණා.

 අද වගේ නෙමෙයි එදා ගැමි ගෙදරක මුළුතැන්ගෙය කියන්නේ හරියට ඖෂධාලයක් වගේ. එදා මුළුතැන්ගෙයි නිරන්තරයෙන්ම සැකසුණු කැඳ වර්ගයක් තමයි ලුණු  කැඳ. රෝගියෙකුට වුණත් අවසාන මොහොත වන තුරු ලබා දෙන එකම ඖෂධය වෙන කැඳ කුඩා දරුවෙක් මුලින්ම ඝන ආහාර ආරම්භ කරන්නට පෙර බතට හුරු කරන්නටත් ලබාදුන්නා. දියරට මලපහ පිටවන අතීසාර රෝගයක් නම් වැඩිපුර ලුණු සීනි එකතු කර කැඳ කෝප්පයක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි වැඩිවිය පැමිණි ගැහැණු දරුවකුට ලබා දුන්නු ආහාර අතරේ මූලිකම ආහාරයක් වුණෙත් මේ ලුනු කැඳ. 

විවිධ ලෙඩ රෝග ඇති අවස්ථාවකදී වගේම ගෙදර වයෝවෘද්ධ පුද්ගලයෙක් ඉන්න අවස්ථාවලදී වගේම බත් ටිකක් පිස ගන්නට සහල් ටිකක් මදි අවස්ථාවලදී මේ කැඳ ආහාරයට එකතු කර ගත් අවස්ථා තියෙනවා. ඒ හැරුනහම සතියකට දින කිහිපයක් පිස අනුභව කළ හැකි මේ කැඳ තුළ පෝෂණය ප්‍රතිශක්තිකරණය වගේම අරපිරිමැස්ම කියන දේවල් තුනම හරි අපූරුවට  සැඟවිලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි අද ඔබට කියන්නට සූදානම් වෙන්නේ නූතන පරපුරෙන් ඈත්වෙලා යන ලුණු කැඳ සතු අපූරු ගුණ ගැන . 

ලුනු කැද සති විශ්මිත ගුණ

රෝගී වූ අවස්ථාවල දී ඉතාම සුදුසු ආහාරයක්.සෙම්ප්‍රතිශ්‍යාව, උණ, අතීසාරය ආදී රෝග තත්ත්වවලදී වගේම වෙනත් යම් යම් රෝගවලදී බොහෝවිට අපිට කුසගින්න නැති වී යාම, ආහාර අරුචිය, ජලය පානය අප්‍රසන්න වීම, මල බැහැර කිරීම අක්‍රමවත් වීම සහ ශරීරය දුර්වල වීම කියන ගැටලුවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මේ හේතු නිසා ශරීරයේ ශක්තිය හීනවීමට ලක්වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවල එදා වගේම අදත් බහුතරයක් දෙනා භාවිතා කරන ඖෂධයක් වෙන්නේ ලුණු කැඳ. මොකද ලුණු කැඳ සැහැල්ලු ආහාරයක්. ජීර්ණය පහසුයි. ඒ වගේම එයින් කුසගින්න ඇති කරනවා.ඒ   හැරුණාම ශරීරයට අවශ්‍ය වන ජලය ලවණ කොටස් සහ වෙනත් පෝෂක ඉතා පහසුවෙන් ශරීරයට මෙමගින් ලබා දෙනවා. එමගින් රෝගය සුව ගන්නට උපකාරී වෙනවා වගේම ශරීර ශක්තිය නැවත වර්ධනය කරනවා. 

  • මල පිටකිරීම පහසු වෙනවා.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • මුත්‍රා පිරිසුදු කරනවා.
  • ශරීරයේ මේදය ඉවත් කරනවා. 
  • හෘදයේ වේදනා ආදිය  දුරුකර හදවත සෞඛ්යමත් කරනවා.
  • සෙම් රෝගවලට ගුණ දෙනවා.
  • පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමුම්   සුව කරනවා.
  • නිතර නිතර වකුගඩුවල ගල් හැදෙන අයට ගුණදායකයි. 
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරනවා.
  • කුසගින්න වඩවනවා. 
  • මලබද්ධය දුරුකර අන්ත්‍ර පිරිසිදු කරන නිසා   අන්ත්‍රවල ඇතිවන පිළිකාවලින් ආරක්ෂා වෙන්නට  උදව් කරනවා.
  • ශරීර දාහය දුරු කරනවා.
  • සමේ සෛල අලුත්වැඩියා කිරීම උත්තේජනය කිරීම නිසා මුහුණේ රැළිවැටීම ආදී වයස්ගත වීමත් සමඟ ඇතිවෙන ලක්ෂණ ඇතිවීම පමා කරනවා. 
  • අහිතකර හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානි අවම කරනවා.
  • දීර්ඝායුෂ ලබා දෙනවා. 

ලුණු කැඳ නිවැරදිව සාදා ගන්නා ආකාරය

 හොඳින් සෝදාගත් නිව්ඩු සහල් මිටක් භාජනයකට දමා වතුර කෝප්ප හතරක් දමා බඳුන වසා තම්බා ගන්න. බත හොඳින් ඉදුණු පසු බත් ටික හැන්දකින් පොඩිකර නැවත කැඳ වතුර හා මිශ්‍රකර හොඳින් හැඳි ගා රස අනුව ලුණු එක්කර පෙරා දියර කොටස පමණක්  කැඳ ලෙස ලබාගන්නවා. 

සහල් ලිප තබන විට මදක් වැඩිපුර වතුර දමා බත ඉදෙන විට බත් ඉවත් කොට පෙරාගෙන එයට ලුණු ස්වල්පයක් එකතු කර ගැනීමෙනුත් ලුණු කැඳ පිළියෙල කර ගන්නට පුළුවන්. 

මේ ලුණු කැඳ සකසා ගැනීමේදී සහල්  තම්බා ගැනීමට පෙර යම් වේලාවක් ජලයේ පොගවා ගැනීමත් කැඳ වලට සුදු ළූණු, රතු ළූණු, ගම්මිරිස් සහ ඉඟුරු කැබැල්ලක් එකතු කිරීමත් මගින් එහි ගුණය සහ රසය වැඩිකර ගන්නට පුළුවන්. ඒ වගේම කැඳ පිසීමට මැටි මුට්ටියක් භාවිතා කිරීමත් සෞඛ්‍යයට වඩාත් හිතකරයි.