ශාකයටම ආවේණික සුගන්ධයක් සහිත මදුරුතලා මිනිස් ව්‍යාධීන් රැසකට සුවය ගෙනෙන වටිනා ඖෂධයකි. Lamiaceae කුලයට අයත් මෙම ශාකය සතුව වාතය පිරිසිදු කිරීමේ ගුණයක් පවතින හෙයින් නිවාස ආශ්‍රිතව රෝපණය කිරීම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සදහා වඩාත් උපකාරී වේ. තලා යනුවෙන් ද හදුන්වන මෙම ශාකය පදුරු ආකාරයට වර්ධනය වන කුඩා පැළෑටියක් වේ. ගස් තලා, ඕ තලා, හීං තලා, හීං මදුරුතලා , සුවදතලා යනාදී වශයෙන් මදුරුතලා විශේෂ කිහිපයක්ම පවතී. සියලුම මදුරුතලා විශේෂයන්හි වාෂ්පශීලී සුගන්ධ තෙල් අන්තර්ගත වේ. බොහොමයක් රෝග සුවපත් කර ගැනීම සදහා මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ උපකාරී වේ. මෙහිදී මදුරුතලා ශාකයේ කොළ ,මුල් ,ඇට යනාදී වශයෙන් වූ ශාක කොටස් ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබයි.

මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝග
• හදවත් රෝග
• දියවැඩියාව
• පිළිකා
• කැස්ස
• පීනස
• ඇදුම
• රක්තවාතය
• වමනය
• කන් කැක්කුම
• අක්මා රෝග ජනන්‍ය මූත්‍රල පද්ධතියේ රෝග
• පණු රෝග
• අතීසාරය
• ආමාශයික රෝග
• බඹර, මී මැසි, කූඩලු, මදුරු ආදී සත්ත්ව දෂ්ඨ කිරීම් සදහා
යනාදී වශයෙන් වූ නොයෙකුත් රෝග සුවපත් කර ගැනීම සදහා ප්‍රතිකාර කිරීමට මදුරුතලා ශාකය යොදා ගනී.
මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සකසන අත් බෙහෙත්
• සන්ධි වේදනා සමනය කරයි.
මදුරුතලා ශාකයෙන් ලබා ගන්නා වාෂ්පශීලී සුගන්ධ තෙල් අස්ථි සහ සන්ධි වේදනා සුවපත් කරන වටිනා ඖෂධයකි. සන්ධි වේදනා සදහා මදුරුතලා පත්‍ර ඇල් ජලයෙන් අඹරා වේදනාව ඇති ස්ථානයන්හි පත්තුවක් ලෙසින් ආලේප කරනු ලබයි.

• සෙම් රෝග සදහා ගුණදායක වේ.
ශරීර අභ්‍යන්තරයේ හටගන්නා සෙම් රෝගී තත්ත්වයන් නිසා ලොකු කුඩා බොහොමයක් දෙනෙකු පීඩා විදිති. මෙහිදී නිරායාසයෙන් කටට එන සෙම රෝගයෙන් බෝහෝ දෙනෙක් පීඩා විදිති. එවැනි සෙම් රෝග සදහා මදුරුතලා වඩාත් ගුණදායක ඔසුවක් වේ. මේ සදහා මදුරුතලා බීජ පත එකට ජලය පත හතරක් මිශ්‍ර කර මුට්ටියකට දමා පත එකක් වන සේ සිදුවා ගන්න. එය හොඳින් පෙරා උදෑසන සහ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න. එය සෙම් රෝගය නිට්ටාවටම සුවපත් කර ගැනීම සදහා උපකාරී වේ.
• සැරව ගෙඩි ,විසප්පු ,කුෂ්ඨ, දද සුවපත් කරයි.
සැරව ගෙඩි, විසප්පු ,කුෂ්ඨ ආදිය ඇති විට මදුරුතලා පත්‍ර එළගිතෙලින් අඹරා සැරව ගෙඩි සහ විසප්පු මත ආලේප කරනු ලබයි. මෙහීදී සැරව ගෙඩි ,විසප්පු ගෙඩි පුපුරා සැරව ඉවත් වී එම තුවාල ඉක්මනින් සුවපත් වේ. එමෙන්ම මදුරුතලා පත්‍ර ,ටංකන , ගෙන්දගම් යනාදිය සමව ගෙන ඒවා දෙහි යුෂ හෝ ඇඹුල් දොඩම් යුෂ භාවිතයෙන් අඹරා දින කිහිපයක් එක දිගට දද ,කුෂ්ඨ ආදියෙහි ආලේප කිරීමෙන් ඉක්මනින් සුවපත්භාවය ලබා ගත හැකිය.
• කුරුලෑ සුවපත් කරයි.
බොහොමයක් තරුණ දරු දැරියන් මුහුණේ ඇති වී තිබෙන කුරුලෑ නිසා බොහෝ සෙයින් මානසික පිඩා විදී. මේ සදහා දිනපතා උදෑසන මදුරුතලා කොළ කොටා ගත් යුෂ කුරුලෑ වල ආලේප කර පැයක් පමණ තබා මුහුණ සෝදාහරින්න. දින කිහිපයක් නොකඩවා මෙම ප්‍රතිකාරය සිදු කිරීමෙන් කුරුලෑ, ලප කැලැල් නොමැති පැහැපත් ,නීරෝගී ,දිදුලන සමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
• කෑම අරුචිය, උදරයේ දැවිල්ල ආදී උදර වේදනා සදහා ගුණදායක ඔසුවක් වේ.
මේ සදහා මදුරුතලා කොළ ග්‍රෑම් 30ක් ,තරමක් වියළි ඉගුරු ග්‍රෑම් 30ක්, ගෙන හොඳින් අඹරා කුඩා ගුලි විස්සක් සකසා ගන්න. පසුව දිනපතා උදෑසන සහ සවස එක් ගුලිය බැගින් දින දහයක් පමණ ආහාරයට ගන්න. මෙම ඖෂධය බඩේ අමරුව, බඩේ දැවිල්ල, කෑම අරුචිය යන සියලු රෝගී තත්ත්වයන් සදහා ම ගුණදායක ඔසුවක් වේ. ලොකු කුඩා ඕනෑම අයෙකුට මෙම රෝග සදහා මෙම ඖෂධය භාවිත කළ හැකිය.
• වෛරස් උණ සදහා ගුණදායක ඔසුවක් වේ.
ශරීර වේදනා ගෙන දෙන මෙවැනි උණ තත්වයන්හිදී අප ගනු ලබන වේදනා නාශක පෙති වලට වඩා වඩාත් ගුණදායක ඔසුවක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය. මදුරුතලා තම්බා පෙරා ගන්නා ලද ජලයට එනසාල් කුඩු සහ සීනී ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. එමගින් මෙම වෛරස් උණ තත්වයට ප්‍රත්‍යක්ෂ සුවය ලැබේ.
• සැරව ගලා පැසවන සුවපත් නොවන තුවාල සුවපත් කරයි.
සැරව ගලමින් සුවපත් නොවී දිගුකලක් තිස්සේ පවතින තුවාල සදහා මදුරුතලා කොළ තම්බා නිවා ගත් ජලයෙන් එම තුවාල සේදීම වඩාත් ගුණදායක වේ.
තුවාලයෙහි පවතින විෂ වර්ග ආදිය ඉවත් වී ඉක්මනින් තුවාලය සුවපත් වේ.
• මැලේරියා උණ සදහා ඉතා වටිනා ඔසුවක් වේ.
මැලේරියා උණ සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වඩාත් හොඳම ඖෂධය ලෙස නිර්දේශ කරනු ලබන්නේ මදුරුතලා තලාය. මේ සදහා මදුරුතලා මුල්, විෂ්ණුකාන්ති ,අමු ඉගුරු කලං 4 ක් ගෙන මුට්ටියකට දමා වතුර පත හතක් එක් කර වතුර පත එකට සිදුවා ගන්න. දින කිහිපයක් උදෑසන සහ සවස පත භාගය බැගින් පානය කිරීම මැලේරියා උණ සුවපත් කර ගැනීම සඳහා බොහෝ සෙයින් උපකාරී වේ.
• සර්ප දෂ්ඨ කිරීම්වලට ප්‍රතිකාර කිරීම සදහා යොදා ගනු ලබයි.
සර්පයෙකු දෂ්ඨ කිරීමක් සිදු වූ අවස්ථාවක ප්‍රතිකාර සදහා ගෙන යාමට පෙර දෂ්ඨ කළ ස්ථානයෙහි මදුරුතලා කොළ යුෂ ආලේප කර රැගෙන යාම වඩාත් උචිතම ප්‍රතිකාරයක් වේ. එමගින් දෂ්ඨ කළ සර්පයාගේ විෂ ශරීරය පුරා නොගොස් රදවා තබා ගැනීමේ හැකියාවක් පවතී.
• පිළිකා හට ගැනීමේ අවධානම නැති කරයි.
සමාජය තුළ බොහොමයක් දෙනෙකු පීඩා විදින දරුණුම රෝගී තත්ත්වයක් ලෙස පිළිකා හදුනා ගත හැකිය. විශේෂයෙන් පෙනහලු පිළිකා ,අක්මා පිළිකා යනාදීය සුවපත් කිරීමටත් ඒවා හට ගැනීම වළක්වා ගැනීමටත් වඩාත් ප්‍රබල ඖෂධයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය. මේ සදහා මදුරුතලා පත්‍ර මද පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින සේ තබා එම කුඩු තේ මෙන් උණුජලයේ තම්බා පානය කළ යුතුය. මෙමගින් ඇති වී තිබෙන පිළිකා සුවපත් කිරීම මෙන්ම පිළිකා හට ගැනීමේ අවධානමද නැති කරයි.
• කුඩා දරුවන්ගේ කැස්ස, පීනස, ඇදුම වැනි රෝග සුවපත් කරයි.
මදුරුතලා තලා ශාක පත්‍ර භාවිතයෙන් මේ සදහා වඩාත් ගුණදායක ඔසුවක් සකස් කර ගත හැකිය. එය තුලසීපත්‍ර පැණිය ලෙස හදුන්වයි. මේ සදහා මදුරුතලා පත්‍ර ගෙන හොඳින් පිරිසිදු කර ඒවා කොටා ඒවායේ යුෂ හොඳින් පෙරා ගන්න. ලබා ගත් යුෂ ප්‍රමාණය මෙන් හරි අඩක් එයට සීනී එක්කර ලිපෙන් තබා මදගින්නේ පදමට එනතෙක් කකාරා ගන්න. පසුව ලිපෙන් බා වාතාශ්‍රය නොයන බෝතලයකට දමා හොඳින් වසා තබන්න. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ඇති දරුවන්ට උදෑසන සහ සවස තේ හැදි එක බැගින් පානය කිරීම සදහා ලබා දෙන්න. ලේ ගලන තත්වයේ පීනස සදහා ද මෙම ඖෂධය ගුණදායක වේ.
මේ අනූව මදුරුතලා යනු කුඩා පැළෑටියක් වුවද නොයෙකුත් රෝග සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලබන වටිනා ඖෂධයක් වේ. මෙම ශාකයටම ආවේණික සුගන්ධයක් පැවතීම ද විශේෂ ය. කුඩා පැළෑටියක් වුවද එහි ඖෂධීය ගුණ නම් අඩුවක් නොමැත