මුහුණ මෙන්ම අපේ ගෙල ප්‍රදේශයේ සම සංවේදී බවින් වැඩිය.බොහෝ දෙනා මුහුණට ලබාදෙන සැලකිල්ල බෙල්ලට ලබාදෙන්නේ නැහැ. ඒ නිසාම බෙල්ලේ සම ඉක්මනින් වියපත් වී රැළි වැටිමට පටන්ගත හැකියි. මුහුණ මෙන්ම බෙල්ල ප්‍රදේශය පිටතට නිරාවරණය වී පෙනෙන නිසා න් ඔබට වයස්ගත පෙනුමක් ඇති විය හැකියි.බෙල්ලේ ඉරි සහ රැළි වැටුණු ස්වභාවයන් ඇතිවීම වළක්වාගැනීමට සහ ඒවා ඉවත්කරගැනීමට ඔබට ප්‍රයෝජනවත් වන රහස් 6 ක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.
- දුරකථනය සහ පරිගණකය භාවිතයේ දී නිවැරදි ඉරියව් අනුගමනය කරන්න

ස්මාර්ට් දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය භාවිතා කරන විට අප බෙල්ල කුදු කරගෙන සිටීම නිසා ඇතිවන පීඩාකාරි තත්වය text neck යනුවෙන් හඳුන්වයි. මෙම ඉරියව්වෙන් සිටින විට බෙල්ල පහළ අතට වඩාත් ඉදිරියට ඇදී නැවී තිබීම නිසා ඒ ආශ්‍රිත මාංශ පේශින් දුර්වල වීම වගේම වේදනාව-කැක්කුම හටගැනීමට පටන්ගනියි.
මෙය වළක්වාගත හැකි ආකාරය:උපාංග සහ මෙවලම් භාවිතයේදී බෙල්ල ඉදිරියට නැවීම, කුදුවීම , සිරුර ඇදීමකට ලක් කිරීම සිදුනොකරන්න. එම උපාංග ආදිය ඇස් මට්ටමට ගෙන භාවිතා කරන්න හුරු වන්න.
- ඔබේ හිස සහ බෙල්ල ක්‍රමවත් ඉරියව්වකින් පවත්වාගැනීමට ඔබට සහය වන විශේෂ app එකක්

Text Neck Indicator-Lite නම් මෙම විශේෂ app එක මඟින් ඔබේ ඉරියව් පිලිබඳව ක්ෂණික ඔබව දැනුවත් කිරීම සිදුකරනු ලබයි. ඔබේ ඉරියව් නිසි නොවන සෑම විටම මෙම මෘදුකාංගය හරහා notification ලබාදෙමින් ඔබව නිවැරදි කරන නිසා ඔබේ බෙල්ල ප්‍රදේශය රැළි වැටීමට ලක්නොවන සේ ආරක්ෂා කරගත හැකියි. මෙය Android සහ iPhone දෙවර්ගයේම දුරකථන සඳහා බාගත කල හැකි මෘදුකාංගයකි.
- දිනපතා මුහුණ සෝදන විට ඔබේ ගෙල ප්‍රදේශයද සෝදා පිරිසිදු කරගන්න

මුහුණට භාවිතා කරන ක්ලෙන්සර් නිෂ්පාදනය ගෙල ප්‍රදේශයේද ගල්වමින් හොඳින් පිරිසිදු කරගන්න. (විශේෂයෙන්ම මේක්-අප් ආදිය හොඳින් ඉවත්වන සේ සම ගැඹුරින් පිරිසිදු විය යුතුයි.). සෝදා පිරිසිදු කරගෙන තෙත මාත්තු කරගත් පසු මුහුණට මෙන්ම ගෙල ප්‍රදේශයට ද මොයිෂ්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරගන්න.
- මැරුණු සම ඉවත්කරගන්න

සතියකට වරක් හෝ දෙවරක් පමණ ඔබේ ගෙල ප්‍රදේශයේ මැරුණු සම ඉවත්කරගැනීමට සත්කාර කරන්න.
- රෙටිනොයිඩ් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න

රෙටිනොයිඩ් ක්‍රීම් වර්ග සම වියපත්වීම සහ රැළි වැටීම පාලනය කරගැනීමට ඇති හොඳම ආලේපන වර්ගයකි. දින දෙකකට වරක් ඉතා කුඩා ප්‍රමාණයක් ලෙස ගෙන ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. ප්‍රමාණය ඉක්මවා භාවිතා නොකල යුතු අතර ඉන් සම අධික ලෙස වියළීමට ලක්විය හැකියි.
- ගෙල ප්‍රදේශය සඳහා යෝගා අභ්‍යාස සිදුකරන්න

දිනපතා මිනිත්තු 30 ක් බැගින් මෙම යෝගා අභ්‍යාස සිදුකරන්න. හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම් මෙම අභ්‍යාස මාස 5 ක් පුරාවට සිදුකරන්න.
නිකට පිටත දෙසට නෙරීම (jutting -out)
- පහසු ඉරියව්වකින් ඉඳගනිමින් ඔබේ නිකට ඉහළ දෙසට නෙරීම සිදුකරන්න.
- දැන්, උඩු අතට සිනාසී තත්පර 5 ක් පමණ රැඳී සිටින්න.
- මෙහිදී බෙල්ලේ මාංශ පේශීන් වලට එල්ල වන තෙරපීම ඔබට දැනිය යුතුයි.
- මෙය තුන් වරක් පමණ නැවත නැවත සිදුකරන්න.
- දිනකට වරක් හෝ දෙවරක් මෙම ව්‍යායාමය සිදුකරන්න.

උඩු අතට හාදු දීමේ අභ්‍යාස ක්‍රමය (kissing the ceing)
- ඉහළ ගෙල ප්‍රදේශය සහ නිකට හොඳින් ඇදෙන සේ උඩු අතට නිකට හරවන්න
- තාරා හොටේ හැඩය පරිදි තොල් වෙනස් කරගනිමින් උඩු අතට හාදු දීම සහ දිව දිගු කිරීම සිදුකරන්න
- මෙම ඉරියව්වෙන් තත්පර 5 ක් පමණ රැඳී සිටින්න. මෙය වාර තුනක් පමණ නැවත නැවත සිදුකරන්න
- දිනකට වරක් හෝ දෙවරක් මෙම අභ්‍යාසය සිදුකරන්න

හංස ගෙල ක්‍රමය (swan neck)
- උරහිස් ලිහිල් කරගෙන සැහැල්ලු ඉරියව්වකින් වාඩි වෙන්න
- වම් උරිස් ඇටයට පහළින් ඔබේ දකුණු අත තබා යම් තෙරපුමක් ඇතිකරන්න
- දකුණු දෙසට ඔබේ හිස සහ බෙල්ල ඇදෙන ආකාරයෙන් හරවන්න
- තාරා හොට මෙන් තොල් වල හැඩය වෙනස් කරගනිමින් තත්පර 5 ක් පමණ එම ඉරියව්වෙන් සිට නැවත පැති මාරු කරමින් එසේ සිදුකරන්න.
- මෙම ව්‍යායාමය දිනකට වරක් හෝ දෙවරක් පමණ සිදුකරන්න.
*ඉතා තරුණ අවදියේ සිටම ගෙල රැළි වැටීමට පටන්ගත හැකියි. මේ සඳහා ජාන මෙන්ම අප අවට පාරිසරික බලපෑම් ද හේතු සාධක වේ. ගෙල ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා ව්‍යායාම ලබාදීම සහ දුම් පානය වැනි අහිතකර පුරුදු නතර කිරීමෙන් ගෙල ප්‍රදේශයේ ඉරි වැටුණු සහ රැළි වැටුණු ස්වභාවයන් පැහැදිලි ලෙසම ඉවත්කරවා ගත හැකියි.