මල පිට කිරීමට ඇති අපහසුව හෙවත් මලබද්ධයට හොඳම විසඳුම දෙන රට ඉඳි

health tips

කැලරි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තන්තු, විටමින්, ඛනිජ ලවණ, පොටෑසියම්, මැග්නීසියම්, තඹ, මැංගනීස්, යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රට ඉඳි යනු බාල මහළු සෑම දෙනාටම පාහේ ඕනෑම අවස්ථාවක ආහාරයට ගැනීමට සුදුසු ගුණදායක පලතුරකි.

එනම් රට ඉඳි ආහාරයට ගැනීම සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය.

මල බද්ධය සමනය කරයි.

බොහෝ දෙනෙකුට පවතින මලපිට කිරීමට අපහසු වීම හෙවත් මල බද්ධය සමනය කිරීම සඳහා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

එනම් දිනපතා රට ඉඳි ගෙඩි අටක් පමණ ජලයට දමා උදෑසන ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර ජීර්ණය ක්‍රමවත් කර මල පිට කිරීම පහසු කරවයි. 

ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීරණ ගැටලු සමනය කර ගැනීම සඳහා දිනකට රට ඉඳි ඇට අටක් පමණ ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. මේවායෙහි අඩංගු තන්තු ආහාර ජීර්ණය පහසු කර ආහාර ජීර්ණ ගැටලු සමනය කරයි.

රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. 

බොහෝ දෙනකු දියවැඩියා රෝගීන්ට රට ඉඳි ආහාරයට ගැනීම සුදුසු නොවන බව සිතුවද දියවැඩියා රෝගීන්ට සුදුසු පලතුරක් ලෙස රට ඉඳි හැඳින්විය හැකිය. එනම් රට ඉඳි ආහාරයට ගැනීමෙන් රට ඉඳිවල පවතින ආහාරමය තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කරයි. නමුදු දිනපතා රට ඉඳි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය. 

ශරීර ගත විෂ ඉවත් කරයි.

ආයුර්වේදය තුළ ශරීරගත විෂ ඉවත් කිරීමට ඖෂධයක් ලෙස රට ඉඳි භාවිතා කර තිබේ.  එනම් විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් තැන්පත් වන අක්මාවේ විෂ ඉවත් කිරීමට මෙන්ම පුද්ගලයන්ගේ මත් බව නැති කිරීමට ද රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අඩංගුවේ.

රට ඉදි වල ෆ්ලේවනොයිඩ්ස්, කැරොටිනොයිඩ්ස්, ෆිනොලික් අම්ලය ආදී වූ ප්‍රතිඔක්ෂිකාරක ගුණයන් අඩංගු වේ එනම් මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයට බොහෝ සෞඛ්ය ප්රතිලාභ ගත හැකිය. 

ෆ්ලේවොනොයිඩ්ස් ප්‍රතිඔක්සිකාරකට 

ශරීරයේ ඇතිවන දාහය හා දැවිල්ල අඩු කරයි. 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. 

පිළිකා තත්වයන්ට එරෙහිව ක්‍රියා කරයි. 

ඇල්ෂයිමර් රෝගයට එරෙහිව ක්‍රියා කරයි. 

කැරොටීනොයිඩ්ස් ප්‍රතිඔක්සිකාරකය 

මගින් 

හෘද සෞඛ්‍ය සුරක්ෂිත කරයි. 

අක්ෂි ආබාධ දුරු කරයි. 

ෆීනොලික් අම්ලය ප්‍රතිඔක්සිකාරකය

හෘද සෞඛ්‍ය නිරෝගිමත් කරයි. 

ඇතැම් පිළිකා තත්වයන්ට එරෙහිව ක්‍රියා කරයි. 

ශරීරය පිරිපුන් කරයි.

කෘශ වූ ශරීරය පිරිපුන් කර ගැනීමට රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් රට ඉඳි වල අඩංගු විටමින්, ප්‍රෝටීන් ,ඛනිජ ලවණ ශරීරය පෘෂ්ටිමත් කිරීම සිදුකරයි. මේ සඳහා රාත්‍රියේ දී රට ඉඳි ඇට කිහිපයක් වතුරට දමා උදෑසන හිස් බඩට ආහාරයට ගැනීම හෝ එළකිරි, ගිතෙල් මිශ්‍ර කර රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

ගැබිණි කාන්තාවන්ට සුදුසු වේ. 

රට ඉඳි ආහාරයට ගැනීම මගින් මවගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කර ගත හැකිය. ඊට අමතරව දරු ප්‍රසූතියට සති කිහිපයකට පෙර රටඉඳි ආහාරයට ගැනීමෙන් දරු ප්‍රසූතිය පහසු කර ගත හැකිය. එනම් ප්‍රසූතියට උත්තේජන සපයන ඔක්සිටොසින් නම් හෝමෝනයට සමාන සංඝටක රැසක් රට ඉඳි වල අඩංගු වේ. ඊට අමතරව ගර්භණී කාලය තුල ඇතිවිය හැකි මල බද්ධය සමනය කර ගැනීමට ද රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

.මුත්‍ර රෝග සමනයට 

ලොකු කුඩා සෑම දෙනාම පීඩා විඳින මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිට නොවීම වැනි මුත්‍රා රෝග සමනය කිරීම සඳහා රට ඉඳි භාවිතා කළ හැකිය. එනම් රට ඉඳි මදුළු කිහිපයක් උණු කරගත් වතුර වීදුරුවකට දමා විනාඩි 10ක් පමණ තබා එය පානය කිරීම මගින් මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිට නොවීම වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම මෙන්ම මුත්‍රා ගල් දියකර හැරීම ද සිදු කරයි. 

සිරුරේ නැති වූ ශක්තිය ඇති කරයි. 

රෝගී  වීමෙන් අනතුරුව ශරීරයේ ශක්තිය හීන වී ගිය පසු නැවත යථා තත්ත්වයට පත්වීමට රට ඉඳි ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එමෙන්ම ක්‍රීඩා කටයුතුවල නිරත වන පුද්ගලයින්ට දිගු වේලාවක් වෙහෙස වීම තුළ නැවත ශක්තිය ලබාගැනීමට රට ඉදි ආහාරයට ගැනීම ගුණදායකය.

රක්තහීනතාවයට ඖෂධයකි.

රක්තහීනතාවයට ප්‍රධානම හේතුව ශරීරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවීම යි. රටඉදිවල අඩංගු යකඩ හිමෝග්ලොබින් නිෂ්පාදනයට ආධාර වේ. එමෙන්ම රටඉදි වල අඩංගු විටමින් K ශරීරයට යකඩ අවශෝෂණයට දායක වේ. ශරීරයේ නිවැරදි යකඩ ප්‍රමාණය, රක්තහීනතාවයේ ප්‍රධාන ලක්ෂණ වන කම්මැලිකම හා අලස බව අඩු කරයි. එහිදී කිරි පානයට පසුව දිනකට දෙවරක් රටඉදි කිහිපයක් ආහාරයට ගැනීම හෝ අඹරාගත් රට ඉදි තේ හැන්දක් කිරි කෝප්පයට මිශ්‍ර  කර පානය ද මේ සදහා යෝග්‍ය වේ. 

අස්ථි රෝග ඇතිවීම වලක්වයි.

රටේ දී ආහාරයට ගැනීමෙන් ඔස්ටියෝපොරෝසිස් ආතරයිටිස් වැනි අස්ථි සම්බන්ධ රෝග ඇතිවීම වළක්වාගත හැකිය එනම් රට ඉදි වල අඩංගු කැල්සියම් මෙන්ම අනෙකුත් ඛනිජ ලවණ අස්ථි ශක්තිමත් කර අස්ථි සම්බන්ධ රෝග ඇති වීම වළක්වනු ලබයි.

මීට අමතරව 

මුත්‍ර රෝග සමනය කිරීමට

මොලය ආශ්‍රිත රෝග වලට. 

හෘද  රෝගයට 

කුසගින්න පාලනය කිරීමට

ශරීර ශක්තිය වර්ධනය කිරීමට 

ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට දිනපතා රට ඉඳි ගෙඩි අටක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.