මිහිරි පළතුරක් වන මැංගුස් ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන්

health tips

පලතුරු අතර බොහෝ දෙනෙකු ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන තවත් එක් රසවත් මෙන්ම ගුණවත් පලතුරක් ලෙස මැංගුස්  හඳුනාගත හැකිය. එනම් Garcinia mangostana උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන  මැංගුස් ගිම්හාන කාලය තුළ ඵල නෙලාගත හැකි රසවත් පලතුරකි. මලයාසියාව නිජබිම කරගත් මැංගුස් ඉදුණු විට තද දම් පැහැති වේ. මදය සුදු පැහැතිවන අතර පැණි රසෙන් අනූන වේ. 

මැංගුස් වල පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුවේ.

මැංගුස්වල ජලය, ප්‍රෝටීන්,මේදය, කාබෝහයිඩ්‍රේට්,තන්තු,කැල්සියම්,යකඩ,

මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්,සෝඩියම්  සින්ක් …ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. 

මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු මැංගුස් ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි.

මැංගුස් වල අඩංගු ෆ්ලේවනොයිඩ්ස්, ෆෝලේට් විටමින් ස්නායු හරහා සංඥා සුමටව  සම්ප්‍රේෂණය  කිරීම සිදුකර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. එනම් මතක ශක්තිය වර්ධනය කිරීමට හා මතක ශක්තිය දුර්වල වීමෙන් ඇතිවන ඇල්සයිමර් වැනි රෝග ඇති වීම වළක්වා ගැනීමට මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

ශරීරගත වේදනා සමනයට

විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ශාරීරික වේදනා සමනය කිරීමට මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ආතරයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග නිසා ඇතිවන සන්ධි වේදනා ඉදිමුම් සමනය කිරීමට, ආර්තව වේදනා සමනය කිරීමට මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් 

මැංගුස්වල අඩංගු  xanthones නම් ස්වභාවිකව ඇති වන ශාක සංයෝග ශරීරගත වේදනා සමනය කිරීම සිදුකරයි. 

දියවැඩියාව පාලනය කරයි.

දියවැඩියාව ඇති වීම වළක්වා ගැනීම සඳහා මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් 

මැංගුස්වල අඩංගු xanthones ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කර ඉන්සියුලින් සංස්ලේෂණය වැඩි කර රුධිර සෛල වල ග්ලූකෝස් නිශ්පාදනය වර්ධනය කරයි.  එනම් මෙමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය වීම සිදුවේ. එමෙන්ම දියවැඩියාව නිසා ඇති වන රෝග සංකූලතා සමනය කිරීමට ද  මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

සම නීරෝගී කරයි.

සමෙහි , ලප කැළැල් ,රැළි වැටීම, එල්ලා වැටීම සමනය  කර සමේ නීරෝගී භාවය රැක ගැනීමට මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

එනම් මැංගුස්වල සමට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. එනම් මැංගුස් වල අඩංගු විටමින් C, B මෙන්ම xanthones, ෆ්ලේවනොයිඩ් සහ කැටෙචින් ප්‍රතිඔක්සිකාරක සම පැහැපත් කර සමෙහි රෝග සමනය කිරීම සිදුකරයි. එනම් මැංගුස් ආහාරයට ගන්නේ නම් ඉන් තරුණ පෙනුම රැක ගත හැකිය.

ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරයි.

නිරෝගී දිවියක් ගත කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම වඩාත් සුදුසු වේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවාගැනීමට මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මැංගුස්වල අඩංගු විටමින් C ප්‍රතිඔක්සිකාරකය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදුකරයි. 

හෘද රෝග ඇතිවීම වළක්වයි.

හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා මැංගුස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මැංගුස් වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුකරයි. එනම් මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනය වේ.  එමෙන්ම මැංගුස් ආහාරයට ගැනීමෙන් ට්‍රයිග්ලිසරයිඩ මට්ටම පාලනය වන අතර ඉන් හෘද ස්පන්දන වේගය,පපුවේ වේදනාව  ධමනි සිහින් වීම වැනි  තත්වයන් ඇති වීම වලක්වා ගත හැකිය. 

එනම් මේ ආදී බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස මැංගුස් ආහාරයට ගත හැකිය.

එනම් නැවුම් මැංගුස් ආහාරයට ගැනීමෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ එලෙසින්ම  ලබා ගත හැකිය.