පිළිකා සෛල නසන මඤ්ඤොක්කා කොළ

health tips

දේශීය අල විශේෂයන් අතර කාබෝහයිඩ්ඩ්‍රේට් බහුලව අඩංගු අල විශේෂයක් ලෙස මඤ්ඤොක්කා හඳුනාගත හැකිය. මේ තුළ අර්තාපල් වලට වඩා වැඩි කැලරි හා පිෂ්ඨය අඩංගු වේ. තවද මඤ්ඤොක්කා අල පමණක් නොව කොළ ද පෝෂණීය ගුණයෙන් අනුන වේ. එබැවින් උදෑසන ආහාර වේලක් සඳහා වුවද මඤ්ඤොක්කා අල තම්බා භාවිතයට ගැනීම යෝග්‍ය වේ. Manihot esculenta යන විද්‍යාත්මක නාමයෙන් මඤ්ඤොක්කා හදුන්වනු ලබයි. 

මඤ්ඤොක්කා වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් කාබෝහයිඩ්‍රේට්, කැලරි, ජලය, කැල්සියම්, විටමින් හා සෝඩියම් යනාදී පෝෂක කොටස් ඒ අතර ප්‍රධානවේ. 

මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගත හැකි ආකාර කිහිපයකි. ඒවා වන්නේ තම්බා ආහාරයට ගැනීම, ව්‍යංජනයක් ලෙස, මැල්ලුම් හෝ නියඹලාවක් ලෙස තම්බා පෙති වියළා ගැනීම ආදී  ආකාර කිහිපයකින් ම ආහාරයට එක්කර ගත හැකිය. මඤ්ඤොක්කා අල මෙන්ම කොළ ද ශරීරයට ගුණ ගෙන දෙයි. 

මඤ්ඤොක්කා ඖෂධීයගුණ භාවිතය. 

දියවැඩියාව පාලනය කරයි. රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මඤ්ඤොක්කා සතුව පවතී. ඒ අනුව මඤ්ඤොක්කා තම්බා  ආහාරයට එක්කර ගැනීමෙන් රුධිරයේ අහිතකර සීනි  මට්ටම පාලනය කර ගත හැකිය. 

කොලෙස්ට්‍රෝල් ඇතිවීම පාලනය කරයි. සිරුරට අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හැකියාව මඤ්ඤොක්කා වලට පවතී. ඒ අනුව මඤ්ඤොක්කා අල ආහාරයට එක්කර ගැනීම මගින් කොලෙස්ට්‍රොල් පාලනය කරගත හැකිය. 

පිළිකා සෛල විනාශ කරයි. මඤ්ඤොක්කා වල ඇමගඩ්ලීන් නම් රසායනික සංඝටකය අන්තර්ගත වේ. එමඟින් සිරුර අභ්‍යන්තරයේ ඇති පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරිමේ හැකියාව මඤ්ඤොක්කා වලට පවතී. මේ නිසා පිළිකා රෝගීන්ට ද මඤ්ඤොක්කා ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. 

මානසික ආතතිය දුරු කරයි. මිනිසාට මානසික වශයෙන් ඇතිවන ආතතිය පීඩනය සමනය කිරීම සඳහා  මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ගුණදායකය.  එනම් මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගැනීමෙන් මානසික ආතතිය දුරු කරගත හැකිය. එමෙන්ම මානසික සහනය ලබා ගැනීම සඳහා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම යෝග්‍යවේ. 

ශරීර ශක්තිය ඇති කරයි. අධික කැලරි ප්‍රමාණයක් මෙන්ම කාබෝහයිට්‍රේට් ප්‍රමාණයක් මඤ්ඤොක්කා අලවල අන්තර්ගත වන නිසාවෙන් ආහාරයට එක්කර ගැනීමේදී  ශරීර ශක්තිය වර්ධනය කරගත හැකිය. 

ආහාර ජීර්ණ පද්ධතියට ගුණදායක වේ. මඤ්ඤොක්කා වල අඩංගු තන්තු සහිත ස්වභාවය  ආහාර ජීරණ පද්ධතියට  ගුණදායකය. එමෙන්ම ආහාර ජීර්ණය හොඳින් සිදු වී මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට ද මඤ්ඤොක්කා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

මඤ්ඤොක්කා අලවල අඩංගු ගුණ මඤ්ඤොක්කා කොළ වල ද අන්තර්ගත වේ. එබැවින් අල මෙන්ම කොළ ද මිනිස් සිරුරට ගුණදායක වේ විශේෂයෙන් මඤ්ඤොක්කා කොල මැල්ලුමක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීමෙන් අධි රුධිර පීඩනය, හිසේ කැක්කුම, අක්මා රෝග  හා ශරීරයේ ඇති වන වේදනාවන් සමනය කරගත හැකිය.  මඤ්ඤොක්කා කොළ ආහාරයට එක්කර ගැනීමෙන් ඇති තවත් වාසියක් වන්නේ වියපත් වීමේදී ඇතිවන අමතක වීම නැමැති රෝගී තත්ත්වය සඳහා ගුණදායක වීමයි. 

මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය.එනම් මේ සඳහා ළපටි මඤ්ඤොක්කා කොළ ගෙන එහි රතු පාට නැටි කොටස ඉවත් කරන්න. අනතුරුව වංගෙඩියේ දමා පදමට කොටාගන්න. මද වේලාවකින් පොල්, ලූණු හා මිරිස් ද ඊට එක් කර කොටා අනතුරුව එම මිශ්‍රණයට වතුර කෝප්පයක් දමා මද වේලාවක් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය. 

මඤ්ඤොක්කා වල ගුණාත්මක තත්ත්වයන් මෙන්ම අගුණ අවස්ථාද පවතී. මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගැනීමේදී ඉඟුරු දමා සකසන ලද ව්‍යංජන වර්ග, ඉඟුරු දමා සකසන ලද  තේ පානය කිරීම මෙන්ම ඉඟුරු හා කොත්තමල්ලි මිශ්‍ර කර සකසන පානයන් භාවිත නොකළ යුතුය. 

මඤ්ඤොක්කා මුල් සහ පොතු වල ලිනමරින් නම් රසායනික සංඝටකය අඩංගු වන අතර එන්සයිම ක්‍රියාවලින් වලදී hydrogen cyanide නිපදවයි. එබැවින් පලුදු නොවූ, තැලී නොගිය, පැහැය වෙනස් නොවූ හා මතුපිට පොත්ත හානියට පත් නොවූ නැවුම් මඤ්ඤොක්කා අල පමණක් ආහාරයට එක් කරගත යුතුය. එසේ නොමැති වුවහොත් අසාත්මිකතා ඇතිවේ. 

  • මඤ්ඤොක්කා තැම්බීමේදී වැසිල්ලකින් තොරව පිස ගත යුතුය. එනම් ඉන් මඤ්ඤොක්කා වල අඩංගු අහිතකර සංඝටක වාෂ්ප මගින් පිටවීමයාම සිදුවීමයි. 
  • මඤ්ඤොක්කා තම්බන විට වතුර හිඳෙන තුරු ම තැම්බීම නොකළ යුතු අතර වතුර පෙරා ඉවත් කිරීමට හැකි වන පරිදි තැම්බීම සිදුකළ යුතුය. 
  • මඤ්ඤොක්කා තැම්බීමේදී එම අලවල නාරටියේ විෂ ඇති බැවින් නාරටිය ඉවත් කර තම්බා ගත යුතුයි. 
  • මඤ්ඤොක්කා පිසීමේදී කහ එක් කර ගැනීම අනිවාර්ය වේ. 
  • ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට මඤ්ඤොක්කා එතරම් සුදුසු නොවේ. 
  • මඤ්ඤොක්කා තම්බා ආහාරයට ගැනීමේදී පොල් සමඟ ආහාරයට ගැනීම අනිවාර්ය වේ. ඊට හේතුව මඤ්ඤොක්කා වල පවතින විශ වලට එරෙහි වීමේ හැකියාව පොල් සතුව පවතින නිසාවෙනි. 
  • මඤ්ඤොක්කා කොල මැල්ලුම් සකස් කිරීමේදී උණු වතුරෙන් තම්බා එම කොළ ලියා ගැනීම හෝ වංගෙඩියේ දමා කොටා මලවා ගැනීම වඩාත් සුදුසු වේ. 
  • මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් කිහිපයක් පවතී. එම තත්ත්වයන් සැමටම පොදු නොවන අතර ඇතැම් විට ඇති විය හැකි ය. 
  • මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු අත් සහ පාදවල ඇතිවන හිරිවැටීම. 
  • ශරීරයේ ඇතිවන ඇතිවන අසමතුලිතභාවය. 
  • ප්‍රෝටීන් අවම වශයෙන් පවතින නිසාවෙන් කුඩා දරුවන්ට ප්‍රෝටීන් ඌණතාවයන් ඇති විය හැකිය. 
  • කාබෝහයිඩ්‍රේට් හා කැලරි වැඩි වශයෙන් අන්තර්ගත වන නිසාවෙන් ශරීරයේ බර වැඩිවීම හා ස්ථුලතාවය ඇතිවිය හැකියි. 
  • එනම් මඤ්ඤොක්කා කොතරම් ශරීරයට ගුණදායක වුවත් එහි ගුණාගුණ පිළිබඳ සැලකිලිමත් වෙමින් ආහාරයට එක් කර ගත යුතුය.  දියවැඩියාව පවතින රෝගීන්ට ද මඤ්ඤොක්කා නිතර ආහාරයට නොගත යුතුය.