මල බද්ධය සහ අර්ශස් සුව කරන මඤ්ඤොක්කා සත්කාරය

health tips

අපි නිතර කතාබහ කරන රෝග අතුරින් බොහෝදෙනෙක් පීඩා විදින සුලබ රෝගයන් පවතින නමුත් ඒවා තවත් අයෙක් සමඟ කතා කරන්නට මැලිකමක් දක්වනවා. විශේෂයෙන්ම මලබද්ධය සහ අර්ශස් කියන්නේ අද බොහෝ අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට පවා මැලිවන ලැජ්ජාවට පත්වෙන රෝගයන්. වර්තමානය වෙද්දි. නමුත් රෝගී තත්ත්වයන් එසේ සඟවා සිටීම හෝ ප්‍රතිකාර නොගෙන සිටීමෙන් වඩාත් නරක ප්‍රතිවිපාකවලට අපිට මුහුණ දෙන්නට සිදු වෙන්නට පුළුවන්. ඉතින් මලබද්ධය සහ අර්ශස් කියන තත්ත්වයන් දෙකම සුලබව අසන්නට දකින්නට ලැබෙන රෝගයන් වුණත් ඒවා සුව කරගන්නට නොවරදින ප්‍රතිකර්ම මොනවාද කියන කාරණාවන් පිළිබඳව ඇතැම් අය දැනුවත් නැහැ. ඉතින් අද අපි කතා කරන්නේ මේ මලබද්ධය සහ අර්ශස් කියන සමීප සබඳතාවයක් පවතින මේ රෝග සඳහා සුදුසුම ප්‍රතිකාර කුමක් ද යන වගයි. 

මේ අර්ශස් රෝගයේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මලබද්ධය. ඇතැම්විට දීර්ඝකාලීනව මලබද්ධය කියන තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් පවා අර්ශස් රෝගය හට ගන්නට පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය රෝගයක් විදියටත්, රෝගයක ලක්ෂණයක් විදියටත් ඇතැම් විට හඳුනා ගන්නට පුළුවන්. මල්බද්ධය සහ අර්ශස් කියන තත්ත්වයන් දෙකම එක්ව කතා කළ හැකි වෙන්නේ මේ කාරණා නිසාවෙන්මයි.

ඉතින් වැරදි ආහාර හා චර්යා රටාවන් නිසාවෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රය කොටගෙන ඇතිවන මලබද්ධය මූලික ලක්ෂණය කරගත් අර්ශස් රෝගය කායිකව වාගේම මානසිකවත් අපිව පීඩාවට පත් කරන්නට සමත් වෙන රෝගයක්. නමුත් බොහෝදෙනෙක් නිසිපරිදි මල බැහැර නොවීම එතරම් සැලකිලිමත් වන කාරණයක් නොවන නිසාවෙන් වඩා දරුණු ගැටළු පැණ නගිනවා. විශේෂයෙන්ම බොහෝදෙනා අර්ශස් රෝගය යැයි සලකන්නේ ගුද මාර්යෙන් පිටත ගෙඩි දකින්නට ලැබුණොත් පමණයි. නමුත් මහ අන්ත්‍රයේ මුල් කොටසේ හෝ මැද කොටසේ අර්ශස් ගෙඩි හට ගැනීම හේතුවෙන් මල බැහැරවීමේ ගැටළු ඇතිවී මල බද්ධය ඇතිවෙනවා. කාලයක් තිස්සේ මේ රෝගයට ප්‍රතිකාර නොකළොත් මලපහ පිට කිරීම සිදුකළ නොහැකි තත්ත්වයටම පත්වෙනවා. ඒ නිසා තමා විසින්ම රෝගය නිශ්චය කර නොගෙන භයානක තත්ත්වයන් උදාකර නොගෙන මේ තත්වයන්වලදී නිසි වෛද්‍ය  උපදෙස් ලබා ගන්නට කටයුතු කරන්න. 

අර්ශස් රෝගය ඇති වෙන්නට බලපාන හේතු 

  • ජානමය සාධකඅද වැඩිහිටි ප්‍රජාවට වඩා තරුණ දරුවන් අතර වගේම වයස අවුරුද්දක් තරම් වන දරුවන්ටත් මේ අර්ශස් රෝගය වැළදෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට ඒ රෝගය දායාද වීමයි. 
  • දරුණු ලෙස කාලයක් පවතින මලබද්ධය 
  • අධික ලෙස තැටමීම 
  • තරබාරුකම
  • තන්තු බහුල සමබර ආහාරවේලක් නොගැනීම 
  • අඩුවෙන් ජලය පානය කිරීම  
  • දිගුකල් පවතින කැස්ස 
  • මත්ද්‍රව්‍ය 
  • උෂ්ණාධික ආහාර නිතර ගැනීම 
  • පණු රෝග 

අර්ශස් රෝගය හඳුනාගත හැකි ලක්ෂණ 

  • බඩ පුරවා දැමීම 
  • වැසිකිලියාමට අවශ්‍යතාවයක් දැනුණත් මලපහ පිට නොවීම 
  • මලබද්ධය 
  • මල මාර්ගය කසන්නට පටන් ගැනීම
  • මල මාර්ගයෙන් සෙවල සහිත ද්‍රව්‍යයක් පිටවීම 
  • දැඩි ලෙස මළපහ වියළීම 
  • මළමග එළියට පැමිණීම 
  • මළ මාර්ගයේ ගෙඩි හටගැනීම 
  • මළපහ කිරීමේදී රුධිරය පිටවීම

අර්ශස් රෝගීන් වැලකිය යුතු ආහාර 

මඤ්ඤොක්කා අර්ශස් රෝගීන් නොගත යුතුම ආහාරය වන්නේ මඤ්ඤොක්කා.අර්ශස් දරුණු ලෙස පවතින අයෙකුගේ ගෙඩි  පැය 2 ක් තුළ පුපුරවා හරින්නට මඤ්ඤොක්කාවලට හැකියාව තියෙනවා.

  • කිරිඅල 
  • සැමන් 
  • දෙල් 
  • ඉස්සො, දැල්ලො, බලමාළු, හුරුල්ලො 
  • අන්නාසි, අඹ, රඹුටන්,  මැංගුස්, දූරින්, ගඩුගුඩා, ආදී පලතුරු වර්ග 
  • පාන්පිටි සහිත ආහාර 
  • ක්ෂණික ආහාර 

ප්‍රතිකාර  බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළත් මේ අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාර පවතිනවා. නමුත් රෝගීයා කුමන ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගත්තත් රෝගියා ඒ සඳහා කැපවිය යුතු වෙනවා. විශේෂයෙන්ම ලබාගන්නා ආහාර මගින් පරෙස්සම් විය යුතුයි. මොකද මේ රෝගය නැවත නැවත ඇති වෙන්නට හැකි ඉතාම පීඩාකාරී රෝගී තත්ත්වයක් වන නිසා. නිවැරදි උපදෙස් අනුව වැළකිය යුතු ආහාර වලින් වැළකී ප්‍රතිකාර නිසි පරිදි  ගැනීම මගින් අර්ශස් රෝගය නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම සුව වූ පසුවත් උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම ඒ රෝගය නැවත ඇති නොවීම කෙරෙහි අතිශයින්ම බලපාන කාරණාවක්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම බෙහෙවින් වැදගත්.

අර්ශස් රෝගය සමනය සඳහා දේශීය වෛද්‍ය  ප්‍රතිකාර කිහිපයක් අළු කෙසෙල් අලයක් ගෙන වතුරෙන් හොඳින් තම්බා ගිතෙලින් අඹරා උදේ සවස පුවක් ගෙඩියක් පමණ ප්‍රමාණයක් සතියකට පිට පිට දින 3 බැගින් මාස 3 ක් පමණ කන්න. 

  • එනසාල්, කරාබු නැටි, සාදික්කා කළං 1  යි 
  • සූදුරු කළු දුරු, තිප්පිලි කළං 1 ½ යි 
  • නෙල්ලි කළං 1 යි 
  • බුළු කළං 1 යි 
  • අරළු කළං 25 යි 
  • තල ඇට කළං 120 යි 

කිතුල් හකුරු කිතුල් හකුරු  තල ඇට හැර අනික් ඖෂධ හොඳින් අඹරා කුඩුකර තල ඇට සහ කිතුල් හකුරු සමඟ හොඳින් අඹරා ගුලි 48 ක් සාදා උදේ හා රාත්‍රියට එකක් බැගින් ආහාරයට ගෙන බාර්ලි වතුර බොන්න .කොහොඹ , කුරුඳු පොතු, වෙනිවැල් ගැට, සැවැන්දරා කෂාය කොට උදේ සවස පානය කරන්න.පත අට නවයක් ප්‍රමාණවත් වෙයි.

අර්ශස් රෝගය කියන්නේ සුළුවට ගත යුතු නොවන ප්‍රතිකාර නොගැනීමත් අහිතකර ආහාර ගැනීමත් නිසා වඩාත් භයානක සහ පීඩාකාරී වේදනාවන් ඇති කරන රෝගයක්. එබැවින් මේ රෝගය නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් නිට්ටාවට සුවකර ගන්නට කටයුතු කරන්න.