එදා අපේ පැරැන්නන් ශක්තිමත්ව නීරෝගිමත්ව ජීවත් වුණේ මේ අවට පරිසරයේ හැදෙන අල බතල මඤ්ඤොක්කා වගේ පෝෂ්‍යදායි අල වර්ග මෙනේරි තණ, කුරහන් ආදී ධාන්‍ය වර්ග ආදියත් වස විසෙන් තොර එළවලු පලා වර්ගත් අනුභව කිරීමෙන්. නමුත් අවාසනාවට අද අපිට සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගන්නට අපහසුවෙලා තියෙනවා. ඒ නිසාම දවසින් දවස අපිට වැළදෙන ලෙඩ රෝගවල සීමාවක් නැහැ. ඉතින් මේ නිසාම අද අපි කතා කරන්නට කල්පනා කළේ අපි නොදැනුවත්කම නිසා හෝ වැරදි මතයන් නිසා පරිභෝජනයට නොගෙන ඉවත දමන ඉතා ගුණදායක පලාවක් ගැන ඔබව දැනුවත් කරන්නට.
මඤ්ඤොක්කා අල එදා පටන් අදටත් අපි වෙනසක් නැතුව ආහාරයට ගන්නා රසවත් ගුණවත් ආහාරයක්. නමුත් මඤ්ඤොක්කා අල පමණක් ආහාරයට ගත්තත් එදා අපේ ගැමියන් ඒවායේ කොළ ටික රසවත් මැල්ලුමක් ලෙස පිළියෙල කරගෙන මඤ්ඤොක්කා දඬු නැවත සිටවා ගත්තා. ඉතින් මඤ්ඤොක්කා ගසක් ගැලවුවාම එහි කිසිම කොටසක් අපතේ දැමීම එදා ගැමියන්ගේ සිරිත වුණේ නැහැ. නමුත් අද අපේ ආහාරවේලෙන් මේ කොළ මැල්ලුම දුරස්ව ගොස් තිබීම නම් කණගාටුවට කාරණයක්.
ඉතින් මඤ්ඤොක්කා කියන්නේ ටිකක් පරෙස්සමට ආහාරයට එකතු කරගන්නට ඕන විශ වෙන්නට ඉඩකඩ පවතින ආහාරයක් බවට සමාජයේ මතිමතාන්දර බොහොමයක් පවතිනවා. මඤ්ඤොක්කා අල වගේම කොළත් සයනයිට්වලින් පොහොසත් ආහාරයන්.මෙහි ලිනමරීන් කියන රසායනික සංයෝගයක් ද අඩංගු වෙනවා. මේ සයනයිට් ප්‍රමාණයන් නීරෝගී පුද්ගලයෙකුට විවිධ අපහසුතා ඇති කරන්න නම් ශක්තිමත් නැහැ. නමුත් මඤ්ඤොක්කා සමඟ ඉඟුරු ආහාරයට ගතහොත් මේ ලිනමරීන් එන්සයිමය ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් ලෙසට ක්‍රියා කරනවා. මෙයින් සිදු වෙන්නේ සාමාන්‍ය තත්ත්වයට වඩා සයනයිට් මුදාහැරීමයි. මෙය සංවේදී පුද්ගලයන්ට අහිතකර ප්‍රතිඵල ඇති කරන්නට පුළුවන්.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම ඉතාම ගුණදායක ආහාරයක්. ප්‍රෝටීන් බහුල මඤ්ඤොක්කා කොළවල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය බිත්තරයක තියෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම සෝයා බෝංචිවල තිබෙන ඇමයිනෝ අම්ල සංයුතියට වඩා විශිෂ්ඨ වෙනවා.මඤ්ඤොක්කා කොළ ග්‍රෑම් 100 ක යකඩ මිලිග්‍රෑම් 6-27 ක් තරම් ප්‍රමාණයක් ද අන්තර්ගත වෙනවා. ඒ අනුව මඤ්ඤෝක්කා කොළ යකඩවලින් පොහොසත් සින්ක් , කැල්සියම් වගේම අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහොමයක් ද අඩංගු වෙනවා.එය ශරීරයට අහිතකර නොවන ආකාරයට සකසා ගන්නට අප දැනුවත් විය යුතු වෙනවා. ඒ වගේම මේ මඤ්ඤොක්කා මැල්ලුමට ඊට ආවේණික වූ සුවිශේෂී රසයක් පවතිනවා.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය වාසි

- කුසගිනි ඇති කරයි .
- මලබද්ධය දුරලයි .
- අධික රුධිර පීඩනයට ගුණදායකයි.
- හිසරදය සුව කරයි.
- සිරුරේ වේදනාවන්ට ගුණදායකයි.
- වයස්ගත වීමත් සමඟ ඇතිවන අමතකවීමේ රෝගය දුරු කරයි.
- තරුණ පෙනුම රැකදෙයි.
- ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
- මතක ශක්තිය වර්ධනය කරයි.
- පිළිකා සෛල විනාශ කරයි.
- විවිධ බැක්ටීරියා, වෛරස් සහ දිලීර හේතුවෙන් ඇතිවන පාචනය සුව කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
මඤ්ඤොක්කා කොළ මැල්ලුම් සකස් කර ගන්නා ආකාරය

- මඤ්ඤොක්කා ලපටි කොළ ග්‍රෑම් 250 ක්
- තිබ්බටු ග්‍රෑම් 100 ක්
- වියළි මිරිස් කරල් 2 ක්
- රතු ළූණු ගෙඩි 5ක්
- හීන් කොච්චි කරල් 6 ක්
- සුදු ළූණු බික් 2 ක්
- ගා ගත් පොල් කෝප්ප 2 ක්
- පිරිසිදු පොල්තෙල් මේස හැදි 3 ක්
- අබ ඇට තේ හැදි භාගයක්
- ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
ළපටි මඤ්ඤොක්කා කොළවල නාරටි කඩා ඉවත් කර සෝදාගෙන එයට නැටි ඉවත් කර සෝදාගත් තිබ්බටු දමා වතුර ඉවත් වනතුරු තබා හොඳින් කොටා ගන්න. මේ සඳහා ලී වංගෙඩියක් භාවිතයට ගන්නට පුළුවන්.
මඤ්ඤෝක්කා කොළ සහ තිබ්බටු කුඩා කැබලිවලට කැඩුණු පසුව එයට ගා ගත් පොල් සහ හීන් කොච්චි දමා තවදුරටත් කොටා ගන්න.
පසුව පීරිසි කෝප්ප භාගයක් පමණ එකතු කර භාජනයක් ලිප තබා එයට කොටාගත් කොළ මිශර්ණය සහ ලුණු දමා විනාඩි 5 ක් පමණ පියන වසා තම්බා ගන්න.. එවිට මේ මඤ්ඤොක්කා කොළවල ඇති විෂ ඉවත්ව යනවා. මෙහිදී මැල්ලුමේ කොළ පැහැය ඉවත් නොවන ලෙස තම්බා ගත යුතුයි.
පසුව භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත්වුණාට පස්සේ දමා ඒවා පුපුරන විට රම්පේ කරපිංචා යන්තමට තලාගත් සුදු ළූණු රතුළූණු කපාගත් වියළි මිරිස් දමා තෙම්පරාදු කර ගන්න. පසුව එයටම කොටාගත් මඤ්ඤෝක්කා කොළ සහ තිබ්බටු එකතු කර විනාඩි 5 ක් පමණ තෙම්පරාදු කර අවශ්‍ය නම් නිවුණු පසුව දෙහි යුශ ස්වල්පයක් ද එකතු කර ගන්න.
බොහෝ ගෘහණියෝ මඤ්ඤොක්කා කොළ සිහින්ව ලියා මැල්ලුම් සකස් කර ගන්නට කැමති වුණත් එය සිරුරට ගුණ දෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේ කොළ මැල්ලුමක් ලෙස සකස් කර ගැනීමේදී සුදුසුම ක්‍රමය වෙන්නේ කොළ උණු වතුරෙන් තම්බා සිහින්ව ලියා ගැනීම හෝ කොළ පිරිසිදු ජලයෙන් සෝදා වංගෙඩියේ කොටා ගැනීම. ඒ වගේම ඒ මඤ්ඤොක්කා කොළ මැල්ලුමට කරපිංචා ඉති කිහිපයක් එකතු කර ගැනීමෙන් එහි ගුණය තවත් වැඩි කර ගන්නටත් පුළුවන්.මඤ්ඤොක්කාවල විෂ වැඩියෙන්ම තියෙන්නේ ඉහළම තියෙන දල්ලේ වගේම අලයේ පිට පොත්තේ.ඒ නිසා ඉහළ කොළ 8 කට පමණ පසුව ඇති කොළ මඤ්ඤොක්කා කොළ මැල්ලුමට ඉතා සුදුසු බවත් මතක තබා ගන්න.