ලිංගික ශක්තිය වැඩිකර ගැනීම සඳහා අද විතරක් නෙමෙයි මීට වසර දහස් ගණනකට පෙර සිටම විවිධ වූ ස්වභාවික ඖෂධයන් භාවිතා කරලා තියෙනවා. මොකද සාර්ථක යුග දිවියක් සඳහා අනිවාර්යෙන්ම කායික සබඳතාවය අවශ්‍ය වෙනවා. ඒ නිසාම වඩාත් පැරණිම වෛද්‍ය ක්‍රමයක් විදිහට සැලකෙන ආයුර්වේදයේ වගේම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයන්වලත් ලිංගික ශක්තිය වර්ධනය සඳහා නිර්දේශිත ස්වභාවික ඖෂධ බොහොමයක් තියෙනවා. වසර ගණනාවකට පෙර සිට පෙරදිග මිනිසුන් භාවිතා කරන ලද මේ ස්වභාවික ලිංගික උත්තේජන ඖෂධ අද වෙද්දී බටහිර රටවල වඩාත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා .
අද වෙද්දි වාජිකරණ ඔසු විවිධ නම්වලින් විවිධ මිල ගණන් යටතේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ නිෂ්පාදනය වුණත් ඒවා දිගුකාලීනව භාවිතා කිරීමෙන් වඩාත් අහිතකර බලපෑම් අපි ශරීරයට සිද්ධ වෙන්න පුළුවන්. අද වෙද්දි ලිංගික ශක්තිය වඩවන ඖෂධ විකිණීම විශාල ලාභ ලබන ජාවාරමක් වෙලා තියෙනවා. එවැනි වාජිකරණ ඖෂධ ගැන නිරන්තරයෙන්ම විවිධ මාධ්‍යන් ඔස්සේ දැන්වීම් පළ කරනවා ඔබත් දැකලා ඇති.
නමුත් මෙවැනි ඖෂධ හිතුමනාපයට ඖෂධ සැල්වලින් ලබා ගැනීම නිසා වඩාත් බරපතළ තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් ඖෂධ රුධිර පීඩනය වැඩි කරන්නට පවා හේතුවෙනවා. යම් අවස්ථාවක අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයකු මෙවැනි ඖෂධ හිතුමනාපෙට ලබාගත්තොත් රුධිර පීඩනය වැඩිවීම නිසා මරණය වුණත් ඇති වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඒ අවදානම ගන්නේ නැතිව ස්වාභාවිකවම ශරීරයට වාජීකරණ ගුණ ලැබෙන ස්වභාවික ඔසු භාවිතයට ගන්නා එක තමයි ඉතාම වැදගත් වෙන්නේ.
වර්තමානය වෙද්දි නැවතත් ස්වභාවික ඖෂධ භාවිතය සම්බන්ධව ජනතාව තුළ ඇති උනන්දුව වැඩි වෙලා තියෙනවා .ඒ නිසා අපි අද ඔබට කියන්නට යන්නේ මේ සඳහා භාවිතා කළ හැකි ස්වභාවික ඔසු කිහිපයක් පිළිබඳව .

අමුක්කරා මේ ශාකය විතානියා, අශ්වගන්ධ, ඉන්දියානු ජින්සෙන් ආදී නම්වලින් හඳුන්වන වටිනා කියන ඖෂධයක්. වසර 3000 ක් පමණ තිස්සේ භාවිතයට ගැනෙන මෙය ඉතාම ප්‍රබල වාජීකරණ ගුණ සහිත ඖෂධයක් විදියට සැලකෙනවා. අශ්වයකුගේ හා සමාන.ප්‍රාණවත් බවක් සහ ශක්තිමත් බවක් ලබා දෙන නිසා අශ්වගන්ධ විදිහට හඳුන්වනවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ.
මේ පැලෑටිය භාවිතා කිරීමෙන් ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩිදියුණු කරන නිසා එයින් ලිංගික අවයව වෙත රුධිරය සපයන රුධිර නාල විස්තාරණය කිරීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි හැඟීම් තීරණය කිරීමේ හැකියාව උද්දීපනය කිරීමේ හැකියාවත් මේ ශාකය සතුව පවතිනවා. චීන වෛද්‍ය ක්‍රමයේ භාවිතා වෙන ඉතා ප්‍රබල ලිංගික උත්තේජන ඖෂධයක් වන ජින්සෙන් සහ සමාන ශක්තියක් විතානියා තුළ ඇති නිසා මෙය ඉන්දියානු ජින්සෙන් නමිනුත් හඳුන්වනවා .
දවසකට විතානියා ග්‍රෑම් දෙකක් පමණ දින කීපයක් භාවිතයට ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා හෙළිකරගෙන තියෙනවා. මෙය කාන්තා පිරිමි භේදයකින් තොරව දෙපාර්ශවයටම ලිංගික ගැටලු විසඳාගන්නට භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා අමුක්කරා අල කොළ ගෙඩි සම ප්‍රමාණයෙන් ගෙන සියුම්ව අඹරා එළකිරි කාලකට නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් එකතු කර දියකර පානය කරන්න. එය ශරීර බල වඩන ඔසුවක් විදිහටයි සඳහන් වෙන්නේ.
මුරුංගා අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල්වල වඩාත් ප්‍රචලිත දීඝායු ගස නමින් හඳුන්වන මුරුංගා පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ ලොකුම ලෙඩේට ඉතා හොඳ ආහාරයක්. මුරුංගා කරල්, මල්, පොතු සහ කොළ ආදී සියල්ලම ඖෂධ පිණිස භාවිතයට ගන්නවා.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනයත් , රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමත් , අස්ථි ශක්තිමත් කිරීමත් හිසකෙස් සහ සමට ගුණදායක වීමත් යන කාරණා හැරුණාම පුරුෂයන්ගේ කාම ශක්තිය වර්ධනයට සහ පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයට ඇතිවන බාධක මැඩ පවත්වා ගන්නටත් විශේෂ ඔසුවක් විදියට මුරුංගා ආහාරයට එකතු කරගන්නට පුළුවන්.
මෙහි අඩංගු වන සැපොනින් කියන රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවනවා. මුරුංගා කොළ මැල්ලුම්, ව්‍යංජනය හැරුණාම මුරුංගා තේ පානයෙන් ද ඔබට ඉතා පහසුවෙන් ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.
ගොකටු හෙවත් සෙම්බු නෙරෙන්චි ආයුර්වේදයේ සඳහන් වෙන ලිංගික ශක්තිය වර්ධනය කරන තවත් ඖෂධයක් තමයි ගොකටු. ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ගුණයක් මේ ශාකයේ තියෙනවා. අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වර්ධනය කරන්නට සමත් මේ ශාකය භාවිතයෙන් පිරිමින්ගේ ලිංගික අවයව වැඩිවෙලාවක් ප්‍රාණවත්ව තබන්නට උපකාරී වෙනවා.කාම වර්ධකයක් ලෙස මෙය කාන්තා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගික ආශාවන් මර්දනය කරන්නට හේතු වෙන ප්‍රොලැක්ටින් හෝමෝනය නිෂ්පාදනය පාලනය කරන්නටත් වැදගත් මේ ශාකය අද වෙද්දි tribulus ලෙස බටහිරයින් හඳුන්වනවා. මේ ශාකයේ සාරය භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලද පවුඩර් සහ කැප්සූල් වෙළෙඳ පොළෙන් මිලට ගන්නට පුළුවන් වුණත් ගොකටු කුඩු වශයෙන් දිනකට ග්‍රෑම්1-3 අතර ප්‍රමාණයක් භාවිතයට ගන්නට හැකියාව තියෙනවා නම් මේ ගුණය ලබා ගන්නට පුළුවන්.

හාතවාරිය ගෙවතුවල බඩවැටිවල වගේම වනගතවත් දකින්නට ලැබෙන වියළි කලාපයේ වගේම තෙත් කලාපයේ බහුල වටිනා ඔසුවක් තමයි හාතවාරිය. මෙහි අල සහ කොළ යන දෙකම ඖෂධ පිණිසත් ආහාර විදිහටත් භාවිතයට ගැනෙනවා. මෙයින් පිළියෙල කරගත හැකි කැද ශරීර ශක්තිය වර්ධනය කරන්නටත් ශරීරයේ විෂ නසන්නටත් උදව් වෙනවා.
මේ හාතවාරිය කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරන ඖෂධයක් විදිහට බොහෝ වෙලාවට ආයුර්වේදය තුළ භාවිතයට ගැනෙනවා .මෙය කාන්තාවන්ගේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීමටත් කාන්තාවන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නටත් උපකාරී වෙනවා. කාන්තාවන්ට වැඩි ප්‍රයෝජන ලබා දෙන ඔසු පැළෑටියක් වුණත් කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මෙය උපයෝගී කරගන්නට පුළුවන්.
මේ හාතාවාරිය පමණක් භාවිතා කරමින් කැඳ සාදා ගෙන ඔබට පානය කරන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් අනෙකුත් කොළ වර්ග සමග හාතවාරිය එකතු කරගෙන පානය කරන්නත් පුළුවන්.
හාතවාරිය ගසේ මුල් ජල බඳුනකට දමා මදගින්නේ මිනිත්තු කිහිපයක් තම්බා සකසා ගන්නා කසාය පානය කිරීම සාමාන්‍යයෙන් මෙය භාවිතයට ගත හැකි පහසුම ක්‍රමය. නමුත් අද වෙද්දි මේවා භාවිතයෙන් කැප්සූල් සහ පවුඩර් වශයෙන් සකස් කරන ලද ඖෂධ ඇස්පරගස් නමින් දැන් වෙළඳපොළෙන් මිලදී ගන්නටත් පුළුවන්.
වැල් පෙනෙල තිත්ත රසයකින් යුක්ත මේ වැල් විශේෂය භාවිතයෙන් කොළ කැඳ සාදා ගන්නවා .එහි කොළ තෙල් දමා හෝ ව්‍යංජනයක් විදිහට හෝ මැල්ලුමක් විදිහටත් ආහාරයට එකතු කර ගැනීම ජනප්‍රියයි. වැල්පෙනෙල ශාකය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ශරීර ශක්තිය වර්ධනය කරන්නට සමත්, ශුක්‍රාණු වර්ධනය කරන ශක්තිය වැඩිකරන ඖෂධයක් විදියටයි.
වැල්පෙනෙල පානයක් ලෙස භාවිතයට ගැනීම වගේම ගිතෙල්වලින් මලවා ආහාරයට ගැනීම තුළිනුත් පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කර කරගන්නට හැකියාව තියෙනවා.