පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු කරවිල යනු එළවළු වර්ග අතර වටිනා එළවළුවකි. එනම් බොහෝ දෙනෙකු තිත්ත රසයෙන් යුතු නිසා කරවිල ආහාරයට ගැනීමට අකමැති වුවද ආයුර්වේදයේ සඳහන් කරන පරිදි කරවිල යනු රෝග රැසකට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ආහාරයකි.
Memordia charantia උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරවිල ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගත හැකිය. කරවිල සලාදයක් ලෙස, ව්‍යංජනයක් ලෙස බැදුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාගත හැකිය.
- විටමින් A,E
- ප්‍රෝටීන්මේදය
- මැග්නීසියම්
- කැල්සියම්
- කොපර්
- පෝලේට්
- සින්ක්
- තන්තු
ආදී වූ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කරවිල වල අඩංගුවේ.

මලබද්ධය, අර්ශස් රෝග සඳහා යෝග්‍ය වේ.බොහෝ දෙනෙකුට ඇතිවන මලපහ පිට කිරීමට අපහසු වීම හා එම තත්ත්වය උග්‍ර වීමෙන් ඇති වන අර්ශස් රෝගය සුවකර ගැනීම සඳහා කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කරවිල ව්‍යාංජනයක් හෝ සලාදයක් ලෙස ආහාරයට ගැනීමෙන් කරවිල වල අඩංගු තන්තු මල බද්ධය සමනය කර මළ පහ පිට කිරීම පහසු කරවනු ලබයි.
පිළිකා මර්දනය කිරීමට උපකාරී වේ. පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා මෙන්ම ඇතිවූ පිළිකා වර්ධනය වීම වලක්වා ගැනීමට කරවිල ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් කරවිල ව්‍යංජනයක් ලෙස, සලාදයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් පිලිකා ඇතිවීම වලක්වා ගත හැකිය. එනම් කරවිල වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග අග්න්‍යාසය ආශ්‍රිතව ඇතිවන පිළිකා
පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකා පියයුරු පිළිකා, මහබඩවැල ,අක්මාව ආශ්‍රිතව ඇතිවන පිළිකා, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා යනාදී පිළිකා ඇතිවීම වළක්වනු ලැබේ.
ආහාර රුචිය වැඩි කිරීමට හේතුවේ.කරවිල ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වැඩිකරගත හැකිය. එනම් කරවිල වල අඩංගු තන්තු ආහාර ක්‍රමවත්ව ජීරණය කර කුසගිනි ඇති වීම වළක්වනු ලබයි. එනම් ආහාර අරුචිය ඇති විටෙක කරවිල ව්‍යංජනයක් ලෙස හෝ සම්බෝලයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වැඩි කර ගත හැකිය.
චර්ම රෝග සුව කර ගැනීමට ඖෂධයක් වේ.බොහෝ දෙනෙකුට පවතින චර්මගත රෝග එනම් දද ,කුෂ්ට, තුවාල සුව කර ගැනීමට සහ දියවැඩියාව නිසා ඇති වූ තුවාල සුව කර ගැනීමට කරවිල ආහාරයට ගැනීම හෝ කරවිල යුෂ පානය කිරීම යෝග්‍ය වේ.
ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.බොහෝ දෙනෙකු නොදැනුවත් වුවද ශරීරයේ විවිධ විෂ වර්ග තැන්පත් වීම සිදුවේ. එනම් අප භාවිතා කරන මධ්‍යසාර වර්ග, විවිධ ඖෂධ වර්ග, කෘතිම රසකාරක ආදිය භාවිතා කිරීමෙන් ශරීරයේ විෂ තැන්පත් වීම සිදුවේ. එම විෂ ඉවත් කර ගැනීම සඳහා කරවිල ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. එනම් කරවිල ව්‍යාංජනයක් ලෙස හෝ සුප් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරගත විෂ ඉවත් කර ගත හැකිය. ශරීර වේදනාවන් සමනය කිරීම සඳහා උපකාරී වේ. ශරීරගත නොයෙක් වේදනාවන් සුවකර ගැනීම සඳහා කරවිල ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ඉන් එම වේදනාවන්ට සුවය සලසා ගත හැකිය.
රුධිරය පිරිසිදු කිරීම සඳහා රුධිරය අපිරිසිදු වූ විට නැවත රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු එළවළුවක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් මේ සඳහා කරවිල මදක් තම්බා හෝ කරවිල යුෂ පානය කිරීම යෝග්‍ය වේ.

දියවැඩියාව පාලනය කරන ඖෂධයක් වේ.බොහෝ දෙනෙකු පීඩා විදින රෝගයක් වන දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස කරවිල භාවිතා කළ හැකිය. එනම් කරවිල ශාකයේ සියලුම කොටස් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට උපකාරීවන අතර කරවිල ආහාරයට ගැනීමෙන් අතිරික්ත සීනි ප්‍රමාණය පාලනය කර ගත හැකිය. ඊට අමතරව කරවිල ආහාරයට ගැනීමෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය ද ක්‍රමවත්ව කර ගත හැකිය. නමුත් දියවැඩියාව පවතින රෝගීන් ඖෂධ සමග කරවිල ආහාරයට එක් කර නොගත යුතුය. එනම් ඉන් රුධිර ගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩු විය හැකිය. එමෙන්ම
- පැපොල,සරම්ප, වසූරිය, රෝග ඉක්මනින් සුව කර ගැනීම සඳහා
- වකුගඩු වල ගල් ඉවත් කිරීම සඳහා
- අහිතකර කොලෙස්ට්‍රොල් පාලනය කිරීම සඳහා
- සම පැහැපත් කිරීම සඳහා
- අර්ශස් රෝගය සඳහා
- සෙම් රෝග සඳහා
- කරවිල ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.
නමුත් කරවිල ආහාරයට ගන්නා විට දියවැඩියා රෝගීන්, ගර්භණි මව්වරුන්, කිරිදෙන මව්වරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.