ඔබත් මතකය පිළිබඳව ගැටළුවකින් පීඩා විදිනවාද? හදිසියේ අමතක වෙනවද? වැඩ දෙක තුනක් මතක තියාගෙන ගියාම එකක් දෙකක් කෙරෙන්නේ නැද්ද? අවශ්‍ය දේ නැතුව වෙන දේවල් කරනවද? මේ තිබ්බ දේ මේ මතක නැද්ද? ගෙදරින් එලියට බහින කාරණය විනාඩියකින් නැවත අමතක වෙනවද? කතා කරද්දි කලින් කිව්ව දේ පවා අමතකයි ද? යමක් ගැන කියමින් යද්දි එකවරම කියන්න ආපු දේ අමතක වෙණවා වගේ දේවල් ඔබටත් සිදු වෙනවාද? ඔබේ මතකය ක්‍රමයෙන් අඩුවෙන බවක් ඔබත් අත්විදිනවද? එය මානසිකව පීඩා ගෙනදෙන දෙයක් බවටත් පත්වෙලාද? නමුත් ඔබ කලබල වෙන්නට එපා. අපි කතා කරමු මේ තත්ත්වය රෝගයක් ද? එහෙමත් නැත්නම් සාමාන්‍ය දෙයක් ද? මේ සඳහා ඇති විසඳුම් මොනවද කියන කාරණා පිළිබඳව.
මතකය නැතිවීමේ රෝග තත්ත්වයන් කිහිපයක්ම තියෙනවා.නමුත් ඉහත සඳහන් කළ ලක්ෂණවලින් කියවෙන්නේ එවැනි දරුණු රෝගයක ලක්ෂණ නෙවෙයි. මේ තත්ත්වය සාමාන්‍යයෙන් මතකයට හානිවීමක් පමණයි. ඒ නිසා කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
මතකයේ ගැටළුවෙන් මිදෙන ආකාරය

මනස සන්සුන් කර ගැනීම බොහෝ වෙලාවට මතකය හානි වීමක් හෝ ගැටළු සහගත වෙන්නේ අපේ ඇතැම් චර්යාවන් නිසාවෙන්. අපේ මනස කලබලකාරී නම් එය මතකය අවුල් සහගත වෙන්නට හේතුවක් වෙනවා.ඒ නිසාවෙන් ඒ මතකයේ ගැටළුවලින් මිදෙන්නට නම් ඔබ මනස සන්සුන් කර ගන්නා එක ඉතා වැදගත්. ඒ සඳහා ඔබ අදහන ආගම යොදා ගන්නට පුළුවන්. ඒ වගේම මනස එක් අරමුණක තබා ගැනීම සඳහා වූ ක්‍රියාකාරකම් පවා මේ සඳහා ඉතා වැදගත්.
මනස සන්සුන් කරන ව්‍යායාම මේ සඳහා ගලාගෙන යන දිය දහරක් හෝ සුන්දර මලක් දෙස එක එල්ලේ නිසොල්මන්ව විනාඩි කිහිපයක් බලා සිටීම කරන්නට පුළුවන්. එවිට ඔබේ මනසට විවිධ සිතුවිලි ඒවි. එය ඔබේ මනස සඳහා හොඳ ව්‍යායාමයක්.
නිහඬ බව පුරුදු කරන්න. විවිධ ශබ්දවලින් මද වෙලාවකට මිදිලා ඉතාම සන්සුන් නිහඬ පරිසරයක කාලය ගත කරන්න. ස්වභාවිකව ඇසෙන සුළගේ හඬ කුරුල්ලන්ගේ හඬ සඳහා පමණක් ඇහුම්කන් දෙන්න. ඔබ නිශ්ශබ්දව සිටින්න. කිසිවක් මුමුණන්නට එපා. මෙසේ විනාඩි 5 ක් පමණ සිටින්න.මෙයින් ලැබෙන විවේකය ඔබේ මතකය දියුණු කරන්නටත් එය සැලසුම්ගත කරන්නටත් හේතුවක් වෙනවා. මෙය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති වටිනා ක්‍රමවේදයන් නිසාවෙන් මේ මතකය සම්බන්ධ ගැටළුවලින් මිදෙන්නට ඒ ක්‍රියාකාරකම් ඔබටත් අනුගමනය කරන්නට පුළුවන්.
මතකය වඩවන ආහාර මතකයේ ගැටළු ඇති ඔබ අනිවාර්යෙන්ම ඔබේ ආහාර රටාව ගැන සැලකිලිමත් වෙන්න. ඔබ අසා ඇති මතකය වර්ධනය කරන ආහාර වර්ග අපේ රටේ ඕනෑ තරම් තියෙන බව. විශේෂයෙන්ම ගොටුකොළ, මුකුණු වැන්න, ලුණුවිල, මුස්සැන්ද ආදී පලා වර්ග ඔසු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න. ඒ වගේම පතෝල, වැටකොළු, වට්ටක්කා ආදී ආහාර තන්තු බහුල ආහාර ප්‍රමාණාත්මකව ඔබේ ආහාරයට එකතු කර ගන්න. ඒ හැරුණාම කුඩා හාල්මැස්සන් ඇතුළු මසුන් වර්ග, කඩල, මුං ඇට ආදී ධාන්‍ය වර්ග අපේ මතකය වර්ධනය කර මතකය සම්බන්ධ ගැටළු සුව කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ආහාර කායික නීරෝගී බවටත් බෙහෙවින් ඉවහල් වෙනවා. කායික සහ මානසික නීරෝගී බව අපේ මතකය දියුණු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න.

වඩාත් කලහකාරී අවස්ථාවලින් මිදීම සහ කලබලවීමෙන් වළකින්න.මෙය මනසට අහිතකර විදියට බලපාන නිසා එය ඔබේ මතකයේ ගැටළු ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා එවැනි අවස්ථා හැකිතරම් මගහරින්න.
දුම්පානය සහ මත් ද්‍රව්‍ය භාවිතය වැඩිහිටි පුද්ගලයන්ගේ මේ හානිදායක පුරුද්ද මතකය අවුල් කරන ප්‍රධානම සාධකයක්. ඒ නිසාම ඔබේ මතකයේ ගැටළු නැතිකරගෙන මතකය දියුණු කර ගන්නට නම් මේ මත් ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්විය යුතුමයි.
අධිකව කේන්ති නොගන්න ඇතැම් විට ඔබ එතරම් කේන්ති නොගත යුතු දේවල්වලට පවා නිතර කේන්ති ගන්නා අයෙක් නම් ඔබේ මතකයට එය හානිදායක ලෙස බලපානවා. ඒ නිසා හැකි තරම් කේන්තී නොගෙන ඉන්නට උත්සාහ කරන්න. ඒ සඳහා භාවනා ක්‍රම ආදිය පුරුදු පුහුණු වෙන්න. සුරතල් සතුන් සමඟ ගැවසෙන්න. එය ඔබට කේන්තියාම පාලනයටත් මතකය දියුණු කර ගන්නටත් හේතුවක් වේවි.
ඉතින් මතකය නැතිවීම නිසා ඔබට එදිනෙදා ජීවිතයේදී සිදුවෙන මගහැරීම් ඇතුළු පීඩාවන්වලින් මිදෙන්නට මනස පුරුදු පුහුණු කළ හැක්කේ ඔබටමයි. ඒ සඳහා ඔබ මේ ක්‍රමවේද අනුගමනය කර බලන්න. එය ඔබට හොඳ මතකයක් ලබා ගන්නට නිසැකයෙන්ම උපකාරයක් වේවි.