සිරුරේ පරිවෘත්තිය (Metabolism) යනුවෙන් හඳුන්වන්නේ අප ලබාගන්නා ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා මාලාවකි. එසේ නිර්මාණය වන ශක්තිය දහනය වන්නේ සිරුර අභ්‍යන්තරයේම සිදුවන රසායනික ප්‍රතික්‍රියා සඳහායි. පුද්ගලයෙකුගේ පරිවෘත්තිය ශීඝ්‍රතාවය වැඩිවන විට ඔහුගේ/ඇයගේ සිරුරෙන් කැලරි දහනය වන වේගය ඉතා වැඩියි. වයස, ශරීර ස්කන්ධය, කායික ක්‍රියාශීලිබව,ස්ත්‍රී-පුරුෂ බව ආදි සාධක අනුව මෙම වේගයන් වෙනස් විය හැකියි. කෙසේවෙතත් ගැහැණු පිරිමි භේදයකින් තොරව පරිවෘත්තීය සීඝ්‍රතාව යම් ප්‍රමාණයකට වැඩි කරගැනීම සඳහා අනුගමනය කල හැකි ක්‍රම කිහිපයක්ම තිබේ.
ඒවා අතර දිනපතා ව්‍යායාම වල නිරත වීම, ප්‍රමාණවත් සුවදායි නින්දක් ලැබීම, හොඳින් ජලය පානය කිරීම වැනි ක්‍රම සඳහා වැඩි අවධානයක් යොමුකිරීම ප්‍රතිඵලදායි වනු ඇත. මේවාට අමතරව ඔබ විසින් ලබාගන්නා ආහාර පාන වර්ග ද පරිවෘත්තිය සඳහා ප්‍රබල බලපෑමක් සිදුකරයි. නිවැරදි සහා ගුණදායි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන්ද පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය වඩාත් ක්‍රමවත්ව වැඩි දියුණු කරවා ගැනීමට හැකියි.
එම ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට උපකාරී වන ගුණයන් සහිත පෝෂණීය පාන වර්ග කිහිපයක් සකසා ගන්නා ආකාරය ගැනයි අද දවසේ අපි ඔබව දැනුවත් කරන්නේ.
මෙම අපූරු පාන වර්ග මඟින් සිරුරේ මේද දහනය කරමින් බර රාත්තල් කිහිපයකින් අඩු කරගැනීමට, සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කරවාගැනීමට, පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රබෝධමත්ව වැඩිදියුණු කරගැනීමට මෙන්ම නීරෝගි සිරුරක් පවත්වාගෙන යාමට ඔබට ඉතා හොඳ මට්ටමේ සහයක් ලබාදේ. රසයෙන් ද අනූන නිසා අකැමැත්තකින් තොරව රසවිඳින ගමන් ඇඟ නීරෝගිව හැඩකරගන්න අපූරු ක්‍රමයක්!
- පෙපර්මින්ට් ග්‍රීන් ටී

මෙම පානය සඳහා යොදාගෙන ඇති ප්‍රධාන අමුද්‍රව්‍ය වන ග්‍රීන් ටී මඟින් මේද ඔක්සිකරණය උපරිම කරවයි. මින්ට් සහ ලෙමන් මඟින් සිරුර ප්‍රදාහයට ලක්වීම වළක්වමින් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය සඳහා ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදේ.
සාදනු ලබන ආකාරය:
- ග්‍රීන් ටී තේ කෝප්ප 7
- නැවුම් මින්ට් කොළ කෝප්ප 1
- ලෙමන් පෙති කිහිපයක්
ජොග්ගුවක් ගෙන මේ සියල්ල එක්කර කලවම් කරන්න. ඉරිදා රාත්‍රියේ මෙම පානය සකසා ශීතකරණය අසුරාතබන්න. සඳුදා දින සිට දිනකට එක් විදුරුවක් බැගින් සතියක් පුරා මෙය පානයට ගන්න.
- ස්ට්‍රෝබෙරි ස්මූති

සාදනු ලබන ආකාරය:සිරුරේ මාංශ පේශීන් ශක්තිමත් කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයක් වන්නේ ප්‍රෝටීන්ය. මෙම මිල්ක්ෂේක් පානය මඟින් සිරුරට ඉතා ඉහළ මට්ටමේ ප්‍රෝටීන් පෝෂණයක් ලබාගත හැකිය. මෙහි තවත් විශේෂත්වයක් නම් ස්ට්‍රෝබෙරි යනු පරිවෘත්තිය සක්‍රීය කරවන පලතුරු විශේෂයක් වීමයි.
- යොදය ඉවත්කල කිරි ලීටර් 1/2
- ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- ඕට්ස් කෝප්ප 1/2
- යෝගට් කෝප්ප 1
- හණ ඇට (ෆ්ලැක්ස් සීඩ්ස්) කෝප්ප 1/4
බ්ලෙන්ඩරයකට මේ සියලු අමුද්‍රව්‍ය එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම පානයේ රස විඳින ගමන් වඩාත් හොඳ ප්‍රතිලාභ සිරුරට අත්කරගැනීමට ඔබට හැකියි.
- පලතුරු ස්මූති

පලතුරු වර්ග කිහිපයක සුසංයෝගයක් වන මෙම පානය රසයෙන් මෙන්ම ගුණයෙන් ද ඉතා ඉහළයි.
සාදනු ලබන ආකාරය:
- දොඩම් ගෙඩි 2 ක මිරිකාගත් යුෂ
- අන්නාසි කැබලි 2
- බෙරි කෝප්ප 1
- වතුර වීදුරු 1/
සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍රකර පානයට ගන්න.
- ඇපල් ස්මූති

ඇපල් යනු සිරුරේ විෂ හරණය කරමින් සිරුරේ ශක්තිය වඩවන ගුණදායි පලතුරකි. ඇපල් වල පෙක්ටීන් බහුලය. පෙක්ටීන් මඟින් සිරුරේ ඇති සෛල මඟින් මේද උරාගැනීමේ ප්‍රමාණය අඩු කිරිමට දායක වේ. මෙම රසවත් පානය ඔබේ සිරුරේ මාශ පේශීන් ශක්තිමත් කරවමින් ඔබේ සිරුරේ මේද දහනය කරගැනීමට ද ඔබට හොඳ සහයක් ලබාදේ.
සාදනු ලබන ආකාරය:
- යෝගට් කෝප්ප
- කැබලි කරගත් ඇපල් ගෙඩි 1
- මී පැණි මේස හැඳි 1
- ආමන්ඩ් කෝප්ප 1/2
- කුරුඳු
- යොදය ඉවත් කල කිරි ලීටර් 1/2
සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කර පානයට සූදානම් කරගන්න.
- කුළුබඩු මිශ්‍ර අපූරු ග්‍රීන් ටී පානයක්

ග්‍රීන් ටී සමඟ කුරුඳු සහ මිරිස් වැනි ඖෂධ මුසු කරමින් සාදන මෙම පානය මඟින් ඔබේ සිරුරට ඉතා හොඳ සෞඛ්‍යය ප්‍රතිලාභ ලැබෙනු ඇත. එම අමුද්‍රව්‍ය මඟින් පරිවෘත්තිය වේගවත් කරන අතර මී පැණි වල ගුණ මඟින් සිරුරේ විෂහරණය වීම සිදුවේ.
සාදනු ලබන ආකාරය:
- ග්‍රීන් ටී කෝප්පයක් සකසා ගන්න
- ඊට මී පැණි ස්වල්පයක් එක්කරන්න
- එම ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙන් මිරිස් ස්වල්පයක් එක්කරන්න
- කුරුඳු කුඩු මේස හැඳි 1 ක් එයට එක්කර හොඳින් කලවම් කර පානයට ගන්න.
- චොකලට් ස්මූති

මෙම පානය මඟින් ඔබේ ප්‍රෝටින් පරිභෝජනය ස්වභාවිකව වැඩිකරවාගත හැකියි. කෝපි මඟින් පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රබෝධමත් කිරීම සිදුකරන නිසා ඔබට හැකියි ව්‍යායාම සිදුකිරිමට පැය බාගයකට පමණ පෙර මින් වීදුරුවක් පානය කිරිමට.
සාදනු ලබන ආකාරය:
- සීනි අඩංගු නොවන චොකලට් හෝ කොකෝ පවුඩර් යම් ප්‍රමාණයක්
- යොදය රහිත කිරි ලීටර් 1/2
- ඕට්ස් කෝප්ප 1/2
- තම්පලා කෝප්ප 1/4
- කෝපි මේස හැඳි 1/2
- මී පැණි (රස පමණට)
සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න.
පරිවෘත්තිය ප්‍රබෝධමත් කරවන පොල් වතුර

පොල් වතුර ඉතාමත් ගුණදායකය. උදෑසන ආහාර වේලෙන් පසු හෝ ව්‍යායාම කිරීමට පෙර පොල් වතුර පානය කරන්න.