ඇහිබැම ඉක්මනින් වර්ධනය කරන ක්‍රම 10 ක්

health tips

ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්. නමුත් අපි හැමෝම ලස්සනට ඉන්නට කැමතියි. මුහුණේ තියෙන ඇහි බැම කියන්නේ කෙනෙකුගේ පෙනුමට විශාල වශයෙන් දායක වෙන අංගයක්. ඉතින් ඇහි බැම ලස්සන කරගන්නට උනන්දු වෙන ඔබ ඔබේ ඇහි බැම නිසි පරිදි වර්ධනය නොවීම නිසා කනස්සල්ලට පත්වෙලා ඇති.ඉතින් නීරෝගී ලස්සන දෑසකට ඇහි බැම කියන්නේ ආභරණයක්. දිගු කාලයක් ඇහි බැමේ රෝම ගලවා ඉවත් කිරීම නිසා ඒවායේ ෆොසිලවලට හානි වී දුර්වලවීම ආදිය නිසා ඇහි බැමේ වර්ධනය හීන වෙන්නත් පුළුවන්. ඒ හැරුණාම ත්රෙඩින් කිරීම, වැක්ස් කිරීම ආදියත් ඇහි බැමේ වර්ධනය අඩු කරන්නට හේතු වෙනවා.ඉතින් ඇහි බැම ලස්සනට වවා ගන්නට උනන්දු වෙන ඔබට මේ පිළියම් අතිශයින්ම වැදගත් වේවි.

සම්බාහනය කිරීම හිසකෙස් වගේම ඇහි බැමත් හොඳින් වර්ධනය වීමට සම්බාහනය ඉතාම හොද පිළියමක්. එමගින් රුධිර සංසරණය වැඩි දියුණු වන අතර එය රෝම වැවීම වේගවත් කරනු ලබනවා. සතියකට 2-3 වතාවක් රෝම වර්ධනයේ දිශාව දිගේ වෘත්තාකර චලනයකින් ඇහිබැම මසාජ් කළ යුතුයි. විශේෂයෙන්ම ඇහි බැම වර්ධනය කරගන්නට ඔලිව් තෙල් වගේම පොල් තෙල් වලින් ස්වල්පයක් ගෙන ඇහි බැමේ ගල්වා සම්බාහනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල  ලබා ගන්නට පුළුවන්. ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් ඇහි බැම මත ගල්වා ඇඟිලි තුඩුවලින් හොඳින් සම්බාහනය කර පැය දෙකක් පමණ තබා සෝදා හරින්න. 

පීරීම ඇහි බැම වර්ධනය සඳහා ඇහි බැම දිනපතා පීරීම අවශ්‍ය වෙනවා. එයින් ඇහිබැම උත්තේජනයට ලක්වීමෙන් වර්ධනය වේගවත් වෙනවා. ඒ සඳහා වෙනම පනාවක් හෝ බ්‍රෂ් එකක් තබා ගැනීම වැදගත්. නමුත් ඇහි බැමේ රෝම ඉතා පහසුවෙන් කැඩී යන්නට හැකි නිසා තදින් පීරන්නට එපා .

  • නිතර ඇහි බැම ඇල්ලීමෙන් වැළකීම 
  • ඇහිබැම  සකස් කිරීමේ දී ඕනවට වඩා ඇහිබැම ඉවත් කිරීමෙන් වළකින්න.
  • වැස්ලින් ඇහි බැමටත් වැඩීම සඳහා තෙතමනය අවශ්‍ය වෙනවා. ඒ තෙතමනය  පෝෂණීය බව වැස්ලින් ආලේපයෙන්  ලබා ගන්නට පුළුවන්.

ඇහි බැම ස්ක්‍රබ් කිරීම සමේ මැරුණු සෛල ඉවත් කරන්නට සිදු කරන ස්ක්‍රබ්වලදී ඇහි බැම මග නොහැරීම වැදගත්. ඇහි බැම අවට සම හොඳින් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත් කර ගැනීමෙන් ඇහි ඇම වර්ධනයට උපකාරයක් වෙනවා.

පොල් තෙල් පොල්තෙල් ඇහිබැම ඝනට සහ නීරෝගීව වවා ගන්නට උපකාරී වෙනවා.කපු රෙදි කෑලි දෙකක් හෝ පුළුන් කැබලි දෙකක් පොල්තෙල්වල පොගවා ඇහිබැම මත තබා නිදාගෙන පසුදා ඉවත් කර සෝදා හරින්න. මේ සඳහා මදක් රත් කරගත් පොල්තෙල් භාවිතා කිරීමෙන්  සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

එඩරු තෙල් එඩරු තෙල් කියන්නේ හිසකෙස් වගේම ඇහි බැමටත් ඉතා සුදුසු වර්ධනය වේගවත් කරන තෙල් වර්ගයක්.ඇහි බැම වර්ධනය සඳහා එඩරු තෙල් ඇහි බැමේ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා සෝදා හරින්න.

ආමන්ඩ් තෙල් ඇහි බැමේ වර්ධනයට වගේම ශක්තිමත්භාවයටත් ආමන්ඩ් තෙල් ඉතා හොඳ සත්කාරයක්. ඇහි බැමේ ආමන්ඩ් තෙල් ස්වල්පයක් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. පසුව පැය කිහිපයකින් සෝදා හරින්න. මෙය දින 6 ක පමණ කාලයක් සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

වෙනත් සත්කාරයන් 

ලූණු යුෂ ආලේප කරන්නලූණු යුෂ හිසකෙස් වගේම ඇහි බැම වර්ධනයටත් භාවිතා කරන්නට පුළුවන්. නමුත් මෙහි සුවඳ බොහෝ අයට අප්‍රසන්න නිසා ගල්වා ගෙන සිටීම ගැටළුවක් වන්නට පුළුවන්. ලූණු යුශ කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඇහි බැමේ ආලේප කර පැයක් පමණ තබා තනුක ලෙමන් යුෂ සමඟ සෝදා හරින්නට ඔබට පුළුවන්.

  • කෝමාරිකා යුෂ දිනකට දෙතුන් වරක් ආලේප කරන්න.
  • බිත්තර කහ මදය කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඇහි බැමේ ආලේප කර විනාඩි 20 කින් උණු ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් සිදුකිරීම ප්‍රමාණවත් .
  • කිරි ආලේප කරන්න

කිරිවල කෙස් වර්ධනය කිරීමේ හැකියාවක් ඇති නිසා එය අපේ ඇහිබැම වර්ධනය සඳහාත් භාවිතා කරන්නට පුළුවන්. කිරිවල පොගවා ගත් කපු පුළුන් කැබැල්ලක් මගින් ඇහි බැමේ කිරි තවරා දිනපතා මසාජ් කර මිනිත්තු 15 කින් පසුව ජලයෙන් සෝදා හරින්න.

  • විටමින් E කරලක් ගෙන එහි තෙල් බදුනකට දමා එයට එඩරු තෙල් මේස හැන්දක් එකතු කර හොඳින් මිශ්‍රකර රාත්‍රියේ ඇහි බැමේ ආලේප කර උදෑසන සෝදා හරින්න.
  • කෝමාරිකා ජෙල් තේ හැදි 1 ක්, එඩරු තෙල් තේ හැදි 1 ක් සහ විටමින් E කරලක් දමා හොඳින් මිශ්‍රකර දිනපතා නින්දට යාමට පෙර පුළුන් කැබැල්ලක් ආධාරයෙන්  ඇහි බැමේ ආලේප කර පසුදා සෝදා හරින්න. 

මේ සියලු සත්කාරයන් සිදු කරන අතරේ ඔබ ඔබේ පෝෂණය පිළිබඳවත් අනිවාර්යෙන්ම සිතන්නට අවශ්‍යයි. ඇහි බැමේ ප්‍රමාණය, වර්ණය, ඝනත්වය කියන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.මේ සියලුම කාරණා සමඟ අපේ පෙනුමට අපේ නීරෝගීභාවයට පෝෂණය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ සඳහා  ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ හැරුණාම හිසකෙස් වර්ධනයට අවශ්‍ය කරන පෝෂක අන්තර්ගත ආහාර නිතර ආහාර වේලට එකතු කරගන්න. එවිට ඔබටත් ඝන අලංකාර ඇහි බැම යුගලක් හිමි කරගන්නට පුළුවන්.