ඉරුවාරදය නැත්තටම නැති කරන හොඳම ස්වභාවික ආහාර 8 ක්

health tips

අපිට වැළදෙන රෝග අතරින් මාරාන්තික රෝග වඩාත් බරපතල වුණත් මාරාන්තික නොවන රෝග තත්ත්වයන් පවා අපේ ජීවිතයම අවුල් ජාලාවක් බවට පත් කරන්නට සමත් වෙනවා. ඕනෑම මනුස්සයෙකුට හැම ප්‍රශ්නයකින්ම කෙටි වෙලාවකට හෝ මිදෙන්නට  තමන්ගෙ විඩාව තෙහෙට්ටුව නැති කරගන්න නම් සුවබර නින්දක් ඕන කරනවා. ඒත් රාත්‍රීයට සැපට නිදාගන්නවත්  අවස්ථාවක් නැති වෙනවා කියන්නේ කෙතරම් පීඩාවක් ද. ඉතින් ඉරුවාරදයෙන් පෙළෙන  ඔබත් මේ පීඩාකාරී අත්දැකීමට මුහුණ දෙනවා ඇති  .

කොතරම් බෙහෙත් ලබා ගත්තත් අඩු වැඩි වශයෙන් මුළු ජීවිත කාලය පුරාම මේ රෝගයෙන් පීඩා විඳින අය බොහොමයි. මේ ඉරුවාරදය උත්සන්න වෙන්නට බොහෝ වෙලාවට අපි ගන්නා ආහාර පාන හේතු වෙනවා. එක නිසා මේ රෝගයට සුදුසු සහ නුසුදුසු ආහාර පාන ගැන සැලකිලිමත් වීම  මේ රෝග තත්ත්වයෙන් පහසුවෙන් මිදෙන්නට විශාල උපකාරයක්. ඉරුවාරදයෙන් සහනය සලසා ගන්නට උදව් වෙන මේ ආහාර ගැන දැනුවත් වීම ඉරුවාරදයෙන් පෙළෙන ඔබට වැදගත් වේවි. 

  • අත්තික්කා-අපෙන් ගිලිහිලා තියෙන අත්තික්කා රසයෙන් වගේම ගුණයෙන් ඉතාම ඉහළ පලතුරක් . අත්තික්කා කඩන්න ඕන ළපටි කාලෙදිමයි. පර්යේෂකයන් සඳහන් කරන විදිහට අත්තික්කාවල අඩංගු වෙන පෝෂක  ඉරුවාරදය  සුවපත් කරන්නට උපකාරී වෙනවා.
  • බතල-අපේ දේහයට වඩාත් හිතකර පෝෂක බොහොමයක්ම අඩංගු වෙන බතල ඉරුවාරදයෙන් පීඩා විඳින අයට නිතරම ආහාරයට එකතු කරගන්නට හැකියාව තියෙනවා ආහාරයක්. බතලවල අඩංගු වන විටමින් සී, විටමින් b1 සහ පොටෑසියම් ඉරුවාරදය සමග සටන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ලබාදෙනවා. ඉරුවාරදය වැළදී ඇති අවස්ථාවකදී බතල ආහාරයට එකතු කර ගැනීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.
  • බොකුටු ගෝවා-බොකුටු ගෝවාවල අඩංගු වෙන නොයෙකුත් සෞඛ්‍යමය ප්‍රතිලාභ අතරේ ඉරුවාරදය පාලනය කරන්නට ඇති හැකියාව සැබැවින්ම විස්මිතයි. ඒ නිසා මිග්‍රේන්වලට ඉතාම හොඳ ආහාරයක් විදිහටයි මෙය සැලකෙන්නේ. මේවායේ අඩංගු වෙන ඔමේගා 3 සහ තන්තු මිග්‍රේන්වලට එරෙහිව සටන් කර ක්ෂණික සහනයක් සලසා ගන්නට උපකාරී වෙනවා.
  • අලිගැට පේර-රෝග බොහොමයකටම ගුණදායක අලිගැටපේර බොහෝ දෙනෙක් ප්‍රිය කරන පළතුරක්. අලිගැටපේරවල අඩංගු වෙන සියැක්සැන්තීන් සහ  ලූටේන්  කියන  ප්‍රතිඔක්සිකාරක හිසේ  කැක්කුම් සුවපත් කරන්නට උපකාරී වෙනවා. ඒ වගේම නිතර හිස කැක්කුමෙන් ඉරුවාරදයෙන් පෙළෙන අය අලිපේර ආහාරයට ගැනීමෙන් ඒ රෝග තත්ත්වය වැළදීමේ හැකියාව බොහෝ සෙයින් අඩු කර ගන්නටත් පුළුවන්.
  • කොමඩු සහ කැරට්-හිසේ කැක්කුම ඇතිවුණු අවස්ථාවකදී ජලය වීදුරුවක් පානය කිරීමෙන් ඒ හිසේ කැක්කුම් බොහෝ දුරට සමනය කරගන්නට පුළුවන්. ජලය අඩුකම හිසේ කැක්කුම ඇතිවෙන්න බලපාන මූලිකම හේතුවක් නිසා ඉරුවාදයෙන්  පීඩාවිඳින අවස්ථාවක ශරීරයේ ජල ප්‍රතිශතය වැඩි කර ගැනීමට අවශ්‍ය කරන ආහාර එකතු කර ගැනීම හරිම වැදගත්. ඒ සඳහා  කොමඩු,  පිපිඤ්ඤා, කැරට් වගේ එළවළු පලතුරු වර්ග ආහාරයට එකතු කර ගන්න පුළුවන්.
  • ලෙමන් -සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට උපකාරී වන අපූරු මේ පානය ඉරුවාරදයෙන් සහනය සලසා ගන්නටත් උපකාරී වෙනවා. ලෙමන්වල අඩංගු වෙන ඉහළ විටමින් සී ප්‍රතිශතය මේ සඳහා උපකාරී වෙනවා ඉරුවාරදය ඇති වෙද්දිම ලෙමන්වලට ජලය සහ සීනි එකතු කරලා පානයට ලබා ගැනීමෙන් ඉරුවරදයෙන් මිදෙන්න පුළුවන්. 
  • සැමන්-ඉරුවරදය සුව කරන්නට අවශ්‍ය කරන පෝෂය පදාර්ථ රාශියක්ම සැමන් මාළුවල අඩංගු වෙනවා. ඔමේගා 3 මේද අම්ලවලින් පොහොසත් සැමන් විටමින් b2 වලින් ද පොහොසත් .ඉරුවාරදය ඇති වෙන්නට මැග්නීසියම් ඌණතාවය මූලික හේතුවක් නිසා ඒ සියල්ලෙන්ම පොහොසත් සැමන් ඇතුළු මාළු වර්ග ඉරුවාරදය සුවපත් කරගන්නට අපිට උදව් වෙනවා.
  • නිවිති-තද කොළ පැහැති බොහෝ කොළ වර්ගවල රයිබොෆ්ලෙවින් අඩංගු වෙන නිසා ඉරුවරදය වළක්වන්නට නිවිති අමු සලාදයක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස උයා ආහාරයට එකතු කර ගැනීම ගුණදායකයි. 
  • කස කසා ඇට-ඔමේගා ත්‍රී සඳහා ශාක පදනම් කරගත් ප්‍රභවයක් වන කස කසා ඇට දැවිල්ලට එරෙහිවත් සටන් කරනවා. ඒවා මැග්නීසියම්වලින් ද පොහොසත් නිසා දිනපතාම ආහාරයට එකතු කර ගැනීම ඉරුවාරදයෙන් මිදෙන්නට. හේතුවක් . 

ඒ හැරුනහම බිත්තර, දෙළුම්, පරිප්පු, ආමන්ඩ් ඇට ආදියත් ඉරුවාරදය වැළැක්වීමට උපකාරී වන ආහාර ලැයිස්තුවට ඇතුළත් වෙනවා. ඉතින් මේ තදබල පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට මේ ආහාර නිතර ඔබේ ආහාරයට එකතු කර ගන්න උනන්දු වෙන්න.