අපි එදිනෙදා ජීවිතයේ දී සිදුකරන ඇතැම් කාර්යන් විවිධ මිථ්‍යා අදහස් සමග බැඳිල තියෙනවා. ඒ නිසාම අපේ ශරීර සෞඛ්‍යයට හිතකර විය හැකි දේවල් පවා මේ මිථ්‍යා අදහස් නිසා හානිදායක දේවල් ලෙසට සලකනවා. ඒ වගේම අපේ ශරීරයට හානිදායක විය හැකි දේවල් ශරීරයට හිතකර විය හැකි යැයි සිතනවා. ඒ නිසා අපි මේ සම්බන්ධව කතා කරමු. මොකද සෞඛ්‍යයට හානිකර විය හැකි යැයි සැලකෙන එවැනි මිථ්‍යා අදහස් බොහෝමයක් ජනතාව තුළ තියෙන නිසා.
නින්දට පෙර කළ ව්‍යායාම් කිරීම
රාත්‍රී නින්දට පෙර ව්‍යායාම් කරන්නට බොහෝ දෙනෙක් තෝරාගන්නේ දවල් කාලයේ දී ඒ සඳහා කාලවේලාවක් වෙන්කර ගැනීමේ අපහසුතාවය නිසා. සාමාන්‍යයෙන් නින්දට යාමට පෙර විනාඩි 60 සිට 90 දක්වා කාලයක් සැහැල්ලු හෝ මධ්‍යස්ථ ශාරීරික ව්‍යායාම්වල නිරත වීම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් නින්දට පෙර දැඩි ලෙස ශරීරය වෙහෙසට පත් කරන ආකාරයේ ව්‍යායාම්වල නිරත වීම නම් සුදුසු නැහැ.

සති අන්තයේ වැඩිපුර නිදා ගැනීම
සතියේ දවස්වල අධ්‍යාපන කටයුතු හෝ රැකියා කටයුතු නිසා කාර්යබහුල වන ඔබට රාත්‍රී කාලයේ නින්දට යාමත් පමාවෙන්න පුළුවන්. මේ විදියට සතියේ දිනවල නිදිමැරීම හේතු කරගෙන ඔබ සති අන්තයේදී වැඩිපුර නිදා ගන්නට කැමැත්තක් දක්වනවා ඇති. නමුත් මේ විදියට සති අන්තයේදී ඔබ වැඩිපුර නිදා ගත්තත් ඒ කාලය නැවත ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම ඔබ සතියේ දිනවල නිදිවැරීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට කෙසේවත් මේ වැඩි වශයෙන් නිදාගැනීම විසදුමක් වෙන්නේ නැහැ. ඒ නිසා දෛනිකව අවම පැය 7 ක් වත් නිදාගන්න.
වයසින් වැඩෙත්ම නිදාගන්නා කාලය අඩු කිරීම
සාමාන්‍යයෙන් කුඩා දරුවන් වැඩිහිටියන්ට වඩා වැඩි කාලයක් නිදාගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තරුණ අයට වඩා වැඩිහිටියන් අඩු කාලයක් නිදා ගන්න තමයි උත්සාහ කරන්නේ. වයස්ගත වීමත් එක්ක ස්වභාවිකවම පුද්ගලයකුගේ නින්දේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වෙනස් වීමකට ලක් වෙනවා. ඒ නිසා වයස අවුරුදු. 18-64 අතර වැඩිහිටියෙකුට පැය 7-9 දක්වා නින්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයකුට පැය7-8 දක්වා නින්දක් අවශ්‍ය වෙනවා. ඊට වඩා නිදාගන්නා කාලය අඩු කරන එක ඔබේ සෞඛ්‍යයට කොහොමවත් හිතකර වෙන්නේ නැහැ.
හාමතේ සිටීමෙන් බර අඩුකර ගැනීම
නිරෝගී බව සඳහා අපේ ශරීරයේ බර නිසි ප්‍රමාණයට පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් දෛනිකව පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්නට උත්සාහ ගන්නවා. මොකද ඔවුන් බර අඩු කරගන්නට හොඳම ක්‍රමය අඩුවෙන් ආහාර ගැනීම බවට ඔවුන් විශ්වාස කරන නිසා. එය කෙටිකාලීනව බර අඩුවෙන්න හේතුවක් වුණාට නැවත ආහාර සාමාන්‍ය පරිදි ගත් විට නැවත බර වැඩි වීමක් සිදු වෙනවා. ඒ නිසා ආහාර නොගෙන ඉන්නවාට වඩා බර අඩු කර ගැනීමට උදව් වන අඩු කැලරි සහිත සමබල ආහාර වේලක් ලබාගන්නා එක තමයි ඉතා සුදුසු.

බිත්තර කහමද වැඩිපුර ලබා ගැනීම
බොහෝ දෙනෙක් බිත්තර කහ මදයේ කොලෙස්ටරෝල් අධිකව තියෙන බව විශ්වාස කරන නිසා එය හෘද රෝග හෝ ධමනි සිහින් වීම කෙරෙහි බලපාන බව පිළිගන්නවා. නමුත් බිත්තර කහ මදයේ සෞඛ්‍යයට හිතකර පෝෂණ ගුණ බොහොමයක්ම තිබෙනවා. ඒ නිසා එවැනි සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අසාත්මිකතාවයක් නැතිව ඕනම කෙනෙකුට බිත්තර කහමද ආහාරයට ගන්නට පුළුවන්.

වැඩිපුර ජලය පානය කිරීම
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට ජලය ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම හරිම වැදගත්. නමුත් ජලය ප්‍රමාණයට වඩා ගැනීම සහ ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීමත් යන දෙකම ශරීරයට එතරම් හිතකර වෙන්නේ නැහැ. ඒ වගේම පුද්ගලයෙකුගේ ජලය පානය කිරීමේ ප්‍රමාණය, පුද්ගලයාගේ ක්‍රියාකාරකම් , ජීවත් වෙන පරිසරය අනුව සහ ලෙඩ රෝග ආදී තත්ත්වයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. නිතර ක්‍රීඩා කරන පුද්ගලයෙක් නම් ඔබට වැඩිපුර ජලය පානය කරන්න පුළුවන්. හෘද වාහිනී ආශ්‍රිත ගැටලු තියෙනවා නම් ජලය අඩුවෙන් පානය කරන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන.
බත් කාපු ගමන් බඳ පටිය ලිහිල් කිරීම
ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම නිසා ඇතිවන අපහසුතා නැති කරගන්නට බඳපටිය ලිහිල් කරන එක එහෙමත් නැත්නම් කලිසමේ බොත්තම ගලවලා ලිහිල් කරන එක වැරදියි. මෙසේ බත් කාපු ගමන් බඳ පටිය බුරුල් කිරීම බඩවැල්වල සංකූලතා ඇති වෙන්න හේතු වෙන බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.
ආහාර මයික්‍රෝවේව් කිරීම
ආහාර නිතර නිතර රත්කර ආහාරයට ගැනීමෙන් ඒවායේ නියම පෝෂණ ගුණය හීන වෙලා යනවා. අධි ශීත කල බොහෝ ආහාරවල සෝඩියම් අධික වෙන්නට හැකි අතර මයික්‍රෝවේව් කිරීම සඳහා ඇති පෙර සැකසූ ආහාරවල හිතකර කැලරි අගය වගේම පෝෂණ ගුණයත් අඩුයි
ආහාර ගත් විගස දත් මැදීම
දිනකට දෙවරක් දත් මැදීම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගන්නට අත්‍යවශ්‍ය කාරණාවක් වුණත් ආහාර ගැනීමෙන් පසුව අවම විනාඩි තිහකට පසුව දත් මැදීම දත්වලට ඇති විය හැකි හානිකර තත්ත්වයන් වළක්වා ගන්නට උදවු වෙන බව දන්ත වෛද්‍යවරුන් සඳහන් කරනවා. ආහාර ගැනීමෙන් පසුව පැයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් සිටීම ඊට වඩා හිතකරයි. විශේෂයෙන්ම අධික ආම්ලික ආහාර දතේ එනැමලයට වගේම ඊට පහලින් ඇති ස්ථරයට බලපෑමක් ඇති කරනවා . ඒ නිසා ආහාර ගත් විගස දත් මැදිම අතිශය සංවේදීතාවක් සහ එනමලයට හානි කරන්නටත් හේතු වෙන්නට පුළුවන්.
බැක්ටීරියා නාශක සබන් නිතර භාවිතා කිරීම
අපේ සම මතුපිට ප්‍රයෝජනවත් වන බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුන් අපේ ශරීරය ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් අපි නිරන්තරයෙන් බැක්ටීරියා නාශක සබන් භාවිතා කරන්නේ නම් අපේ දෑත් විශබීජහරණය කර අවසන් වෙද්දිම හානිකර බැක්ටීරියා අපේ ශරීරයට ඇතුළු වෙන්නට අවස්ථාවක් නිර්මාණයය වෙනවා.ඒ නිසා මෙවැනි ප්‍රතිබැක්ටීරියා සබන් භාවිතා කිරීම සතියකට දෙවරකට වඩා සිදු නොකිරීම යහපත්