පිළිකා පවා සුව කරගන්න පිට රටවල බහුලව භාවිතා කරන මුරුංගා සතු ගුණ 14 ක්

health tips

මුරුංගා ශාකය ගැන සරලවම කිව්වොත් එය අනෙකුත් ශාකමය ආහාරවලට වඩා බොහොමයක්  පෝෂ්‍ය පදාර්ථවලින් අනූන සුපිරි ආහාරයක්. මේ නිසාම එදාට වඩා බොහෝ දෙනෙක් අද මේ මුරුංගා ශාකය ගැන දැනුවත්. මුරුංගා කරල් ව්‍යංජනය අපි හැමෝම රසවිදලා තියෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා තම්බන කොට අපේ මුතුන් මිත්තෝ මුරුංගා කොළ මිටක් එය ට එකතු කළා. ඒ විතරක් නෙවෙයි  අජීර්ණ සඳහා ලබා දෙන තැම්බුන් හොඳට හොදිවලට  මුරුංගා පොත්තක් එකතු කරන්නටත් ඔවුන්  අමතක කරේ නැහැ.

 මොකද මුරුංගා ශාකයට විස නසන්නට හරි අපූරු හැකියාවක්  තියෙන නිසා. ඉතින් මේ ශාකයේ  කරල්, බීජ, මල්, කොළ ආදී හැමදෙයක්ම අපි ආහාරය පිණිස එකතු කරගන්නවා. මෙය ආහාරයක් විතරක්ම නෙවෙයි වටිනා ඖෂධයක්. ග්‍රාමීය ප්‍රදේශවල සුලබවම මේ ශාකය අපට දකින්නට පුළුවන්. නියඟයට ඔරොත්තු දෙන ඉබේ හැදෙන මේ ශාකය සොබාදහමේ ඉතා  විශිෂ්ට දායාදයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඒ නිසාම වෙනත් ආහාරවලට වඩා මුරුංගා විශිෂ්ට ආහාරයක් විදියට සැලකීමේ වරදක් නැහැ

මිනිසාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ මේ මුරුංගා ශාකයෙන් පමණක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේ මුරුංගා ශාකයට පුළුවන් අපිව ලෙඩ රෝග 300 කින් පමණ ආරක්ෂා කරන්නට. ඒ නිසා  මුරුංගා එළවලුවකට එහා ගිය ප්‍රබල ඖෂධීය ගුණයකින් ද සමන්විත වෙනවා. 

ඒ නිසාම පැරැන්නන් මේ ගස “දීඝායු ගස” කියලයි හැඳින්වුයේ . ලාංකීය අපේ මුතුන් මිත්තන්  අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගාවල  විස්මිත ගුණ ගැන දැන සිටියා. නමුත් වත්මන් පරපුර එයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට උනන්දු නොවීම අවාසනාවක්. ඉතින් ඒ නිසාවෙන් අපි අද කතා කරමු මේ මුරුංගා ශාකය අපේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා කොතරම් වැදගත් ද කියන කාරණාව ගැන .

මුරුංගාවල විටමින් A, B, C, යකඩ, කැරොටීන්, පොස්පරස්, කැල්සියම් අන්තර්ගත වෙනවා. ඒ නිසාම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට මුරුංගා දිව ඔසුවක්. වැඩෙන වයසේ දරුවන්ගේ අස්ථි වර්ධනය ඇතුළු පෝෂණ ඌණතා සියල්ලටම මුරුංගා ගුණදායකයි. 

මුරුංගා අපේ සිරුරට කෙතරම් ගුණදායක ද යන්න බැලුවොත් මුරුගා කොළ යුෂ කෝප්පයක  කිරි කෝප්ප 80 ක ගුණ, දොඩම් ගෙඩි 6 ක ගුණ, කෙසෙල් කිලෝ 8 ක ගුණ, අඹ කිලෝ 8 ½ ක ගුණ අන්තර්ගත වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුලව ඇති බවත් මස් මාළු ආදියෙන් සිරුරට ලැබෙන අත්‍යවශ්‍ය  යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම වාගේ මුරුංගා සතු බවත් සඳහන්. 

ඒ වගේම මුරුංගාවල යෝගට් මෙන් නව ගුණයක ප්‍රෝටීන්, කැරට් මෙන් 10 ගුණයක ගුණයක විටමින් A,  කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්,  කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම් , දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C , බිත්තරවලට වඩා 4 ගුණයක ප්‍රෝටීන්, නිවිති වලට වඩා 25 ගුණයක යකඩත් අඩංගු වෙනවා.

 මුරුංගා කරල් සහ මල් ව්‍යංජන ලෙසත්,  මුරුංගා කොළ මැල්ලුම් ලෙස හෝ  වියළා කුඩු ලෙස තේ මෙන් ද පානය කරන්නට පුළුවන්. ඒ වගේම මුරුංගා කොළ කැඳ වශයෙන් ද නැත්නම් උණුසුම් ජලයට මුරුංගා කොළ මිටක් දමා තම්බාගෙන ඒ  කොළ සහ ඒ ජලය පානය කළ හැකියි. නැතහොත් අමු කොළ යුෂ පානය කරන්නත් පුළුවන්.

වියලි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්නට පුළුවන්.මුරුංගා ඇටයේ පොත්ත කුඩුකර දැමීමෙන් ජලය පවා පිරිසිදු කර ගන්න පුළුවන්. අච්චාරු ඉක්මනින් පැසව ගන්නත් මුරුංගා පොත්තක් එකතු කරනවා.නමුත් මුරුන්ගා පොතු සහ මුරුංගා මුල් ආහාරය සඳහා භාවිතා නොකරන ලෙසයි සඳහන් වෙන්නේ.

 මුරුංගා පරිභෝජනයෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.

 මුරුංගා කොළ ආහාරයට ගැනීම මගින් අක්මාවේ නිපදවෙන ට්‍රයිග්ලිසරයිඩ් සහ නරක කොලෙස්ට්‍රෝල් වන අඩු  ඝණත්ව ලිපොප්‍රෝටීන් මට්ටම අඩු කරනු ලබනවා. ඒ විතරක්ම නෙවෙයි මුරුංගා කොළ ආහාරයට එකතු කර ගැනීම මගින් අපේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනු ලබනවා. නිසා කොලොස්ටරෝල් මට්ටම යහපත්ව තියාගන්න මුරුංගා නිරන්තරයෙන් ආහාරයට එකතු කර ගැනීම වැදගත්. 

  • පිළිකා සෛල විනාශ කරනවා.

 මුරුංගා තුළ අඩංගු වෙන වන ෆ්ලෙවනොයිඩ්  polyphenol සහ ascorbic acid යන ඉතා බලගතු ප්‍රතිඔක්සිකාරක පිළිකා ඇති කරන නිදහස් අණුවල ක්‍රියාකාරීත්වය ආරම්භයේ දී විනාශ කරන්නට උපකාරී වෙනවා. මුරුංගා කොල වල ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙන නිසා පිළිකාවලින් ආරක්ෂා වී සිටින්නට මුරුංගා කොළ වැඩි වශයෙන් ආහාරයට එකතු කරගැනීම වැදගත්. මොළයට හොඳින් විසරණය  වන නිසා මොළයේ පිළිකා මර්දනයට මෙය  ඉතාමත් විශිෂ්ට ඔසුවක්.

  • දියවැඩියාවට ගුණදායකයි.

මුරුංගා පත්‍රවලට රුධිර සීනි මට්ටම අඩු කිරීම සඳහා විශේෂ හැකියාවක් පවතිනවා. දිනපතා මාස කිහිපයක් මුරුංගා කොළ යුෂ පානය කිරීම හෝ මුරුංගා කුඩු වශයෙන් ලබා ගැනීමෙන් දියවැඩියා රෝගය ඉතා ඉක්මනින් සුවපත් අතට පත් කරගන්නට පුළුවන්.

  • අක්මාව නිරෝගී කරනවා.

 මුරුංගා ගසේ කොල සහ මල් තුළ අධිකව අඩංගු වෙන polyphenol සංයුතිය අක්මාවේ නීරෝගී බව සඳහා උපකාරී වෙනවා. විශේෂයෙන්ම අක්මාවට හානි කරන ඔක්සිකරණය වීම, අධික විෂ එකතු වීම් සහ වෙනත් ගැටලු එමගින් වළක්වනවා. ඒ හැරුණාම මුරුංගා තෙල් පරිභෝජනය මගින් අක්මාවේ එන්සයිමවල ක්‍රියාකාරීත්වය නැවතත් යථා තත්වයට පත් කර ගන්න උපකාරී වෙනවා.

  • ශරීරයේ විෂ ඉවත් කරනවා.

 මුරුංගා කොළ සතුව ශරීරයේ විෂ ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා.  ඒ වගේම ආහාරවල යම් යම් විෂ ඇත්නම් ඒවා ඉවත් කරන්නටත් මුරුංගා න කොලවලට හැකියාවක් තියෙනවා. ඒ නිසාම මඤ්ඤොක්කා, ඉස්සන් ,කකුළුවන් ආදී ආහාර පිස ගැනීමේදී මුරුංගා කොළ මිටක් එකතු කිරීම වැදගත්. ඒ හැරුනහම එලවලුවලට කරපිංචා මෙන් මුරුංගා කොළ ස්වල්පයක් එකතු කිරීමත් වඩාත් සුදුසුයි .

  • ඇස් පෙනීම වර්ධනය කරනවා.

 මුරුංගා කොළවල ඉතා ඉහළ විටමින් A සංයුතියක් සහ බීටා කැරටින් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා . ඒ නිසා එය අක්ෂි සෞඛ්‍යය නිරෝගිමත්ව තියාගන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. 

  • මොළයේ  ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.

 මොළය සහ ස්නායු‍වල ක්‍රියාකාරකම් දියුණු කිරීම් හැකියාවක් මුරුංගා සතුවෙනවා. මුරුංගා තුළ අඩංගු වෙන ඉහළ විටමින් සී සහ ඊ  ප්‍රතිශතය ස්නායු සෛල වයසට යෑම පමා කරමින් මොලයේ  ක්‍රියාකාරකම් දියුණු කරනවා . මෙය මොළයේ සෛල මිය යාමේ රෝගය සඳහා ප්‍රතිකාරයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.

  • වයස්ගතවීම පමා කරනවා.

 සම හිසකෙස් ඇතුළු ශරීරයේ සෑම ලොකු කුඩා ඉන්ද්‍රියයක්ම හොඳ නිරෝගී තත්ත්වයෙන් දුර්වල නොවී පවත්වාගෙන යන්නට මුරුංගා  ඉතා ප්‍රබල ආහාරයක්. මුරුංගා තුළ අඩංගු වෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා ත්‍රී මේද අම්ල එකතුව සම තරුණව  පවත්වා ගන්නට උදව් කරනවා. ඒ වගේම සමේ සෛල වැඩියා කිරීමේ විශ්මිත හැකියාවක් ද  මුරුංගා සතු වෙනවා.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. 

ගර්භණී මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට ශරීරයේ අභ්‍යන්තර වෙනස්වීම්වලදී මුරුංගා ශක්තියක් ලබාදෙනවා. ඒ වගේම සියලුම බාල මහලු කා හටත් වෛරස් බැක්ටීරීයාවලට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් මුරුංගා සමත් වෙනවා .

  • පණු රෝගවලට ගුණදායකයි.
  • කාය ශක්තිය වර්ධනය කරනවා .
  • හෘද රෝග සුවපත් කරනවා.
  • අධික තරබාරුව මට්ටු කරනවා .
  • ගෑස්ට්‍රයිටීස් රෝගය සුව කරනවා.

 මුරුංගා කොළ මිටක් හොඳින් අඹරා එයට මුදවපු කිරි මේස හැදි 5 ක් එකතු කර දිනපතා හිස් බඩ ආහාරයට ගැනීම මගින්  ඒ රෝගයෙන් පහසුවෙන් මිදිය හැකියි.

 කිසිම සාත්තු කිරීමක් නැතිව අපිට බොහෝ ප්‍රතිලාභ ලබා දෙන මුරුංගා නිරන්තරයෙන් ඔබත් ආහාරයට එකතුකර කර ගන්නට අමතක කරන්නට එපා.