සතියකට වතාවක් ආහාරයට ගත යුතු පිළිකා පවා සුව කරන තුඹ කරවිල

health tips

ඖෂධීය ගුණයෙන් අනූන තුඹ කරවිල යනු සෑම දෙනාම පාහේ වැඩි කැමැත්තකින් ආහාරයට ගනු ලබන එළවළුවකි. Mormodica dioica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තුඹ කරවිල ආධාරකයක් මත වැඩෙන වැල් විශේෂයකි. ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශයන්හි විශේෂයෙන් බෙන්ගාලය හා දකුණු ඉන්දියාවේ වැවෙන අතර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වනගත ප්‍රදේශවල ද වයඹ හා සඹරගමුව පළාත්වල ද වැවේ. 

පැරැණි සිංහලයන් වගා කළ හේන්වල ඉබේ වැවුණු තුඹ කරවිල ප්‍රභේධ හතරක් ඇත. තිත්ත කරවිල, මල් තුඹ, තුඹ කරවිල යනු ඒවා ය. මේවා වනගත ප්‍රදේශවල, එසේත් නැත්නම් හේන් ආශ්‍රිතව බහුලව වැවේ. එසේ ම ඒවා ඉබේ වැවෙයි. තද සුළං පවතින මාස හයක කාලය තුළ, අත්හැර දැමූ හේන්වල, තුඹ කරවිල බහුලව වැවේ. 

මල් තුඹ යනු, මල් පමණක් හට ගන්නා, ගෙඩි පල ගන්නේ නැති තුඹ කරවිල විශේෂයකි. වැල් ඇදුනත්, ගෙඩි හට නොගනී. මෙය තුඹ කරවිල වැලේ පුරුෂ වැල් ය. මේ පුරුෂ වැල්වල මල් පමණක් පිපී, ගෙඩි හට නොගනී. එහෙත් , සරුවට වැඩුණු වැලේ මුල අල හැදෙයි. එය ගැමියෝ ආහාරයට ගනිති. 

තුඹ කරවිල කහ පැහැති මල් පිපී කොළ පැහැති කුඩා ඵල හට ගන්නා මෘදු කටු සහිත පොත්තකින් සමන්විත ඵලයකි. මදක් තිත්ත රස පැවතිය ද ඉතා ගුණදායක ය. ඉදුණු ගෙඩි කහ පාට වී, පුපුරයි. ඇතුළත ඇට කළු පාට ය. මේවා, ප්‍රාණජීව වැනි අගනා තෙල් හා අරිෂ්ට ආදියට යොදා ගනී. විෂ නාශක ඖෂධයකි. මේවා ආහාරයට ගත්විට, තුන්දොස් සමනය කරයි. තුඹ කරවිල යුෂ උදෑසන හිස්බඩ පානය කිරීම ඉතා ගුණදායකය. 

තුඹ කරවිල බැදුම,සම්බෝලය, ව්‍යංජනය මේ අතර ප්‍රචලිතවේ.  එමෙන්ම තුඹ කරවිල ඇට බැද ආහාරයට එක් කර ගැනීමද  සිදුකරයි. ආයුර්වේදයේ නොයෙක් රෝග වලට ප්‍රතිකාර කිරීමේදී තුඹ කරවිල මල්, කොළ, ළපටි රිකිලි ඖෂධ ලෙස භාවිතා කරයි. 

ආයුරේවේදය මූලික පරමාර්ථයක් වන ස්වස්ථ පරායණය හෙවත් නිරෝගී පුද්ගලයෙක්ගේ නිරෝගී බව රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ඖෂධ වැදගත් වේ. පුද්ගලයෙකුගේ නිරෝගී බව රැක ගැනීමට නම් පෝෂණීය සංඝටකවලින් පරිපූර්ණ සමතුලිත ආහාර වේලක් සඳහා අඩංගු විය යුතු එක් සංඝටකයක් ලෙස එළවළු හැඳීන්විය හැක. එහිදී එළවළුවල දෝෂ සමනය කිරීමේ ගුණ මෙන්ම විවිධ වූ රෝග නිවාරණය කිරීමේ ශක්තිය තුඹ කරවිලවල පවතී. තුඹ කරවිල ආහාරයට ගැනීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ. 

දියවැඩියාව  පාලනයට නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව පාලනය කර ගැනීමට තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. තුඹ කරවිල වල අඩංගු හයිපොග්ලිසිමික් ගුණයන් ඉන්සියුලින් ස්‍රාවය සහ ඉන්සියුලින් සංවේදීතාව යන දෙකම වර්ධනය කර දියවැඩියාව සෑම මට්ටමකින්ම පාලනය කිරීම සිදුකරනු ලබයි. 

අධිරුධිර පීඩනය පාලනයට වර්තමානය වන විට බොහෝ දෙනකු අධි රුධිර පීඩනය හේතුවෙන් පීඩා විඳියි. එනම් නිහඬ මාරයකු ලෙස සැලකෙන අධි රුධිර පීඩනය පාලනය නොකළ හොත් හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යාම සිදුවේ. මේ නිසා අධිරුධිර පීඩනය පාලනය කර ගත යුතුය. ඖෂධ භාවිතයට වඩා මේ සඳහා සුදුසු ආහාර පාන භාවිතා කිරීමෙන් ඉක්මනින් මෙම රෝගය පාලනය කර ගත හැකිය. එනම් මේ සඳහා තුඹ කරවිල ආහාරයට ගන්නේ නම් එය වඩාත් සුදුසුවේ. වෛද්‍ය වරුන් ද අධිරුධිර පීඩනය පවතින රෝගීන්ට තුඹ කරවිල යුෂ නිර්දේශ කරනු ලැබේ. එනම් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා ඇන්ටිලිපිඩ් පෙරොක්සයිඩ් ගුණය රුධිරය කැටි වීම හා ධමනි බිත්ති ආරක්ෂා කිරීම සිදුකරයි. එනම් මේ නිසා ක්‍රමවත්ව රුධිරය ශරීරය පුරා සංසරණය වීම සිදුවේ. 

ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය එනම් තුඹ කරවිල වල අඩංගු ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිබැක්ටීරීය, නිර්වේදනික සහ ප්‍රති- ප්‍රදාහක ගුණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇති වන උණ, සෙම්ප්‍රතිශ්‍යාව ,වෛරස් රෝග වැනි රෝග තත්වයන්ගෙන් ද ආරක්ෂාව සලසා ගත හැකිවේ. 

චර්ම රෝග සුවයට තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම මඟින් සම මත ඇතිවන නොයෙක් ආසාදන තත්ත්වයන් එනම් තුවාල, දද ,කුෂ්ඨ වැනි රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. ඊට අමතරව මෙම රෝග සඳහා තුඹ කරවිල ගැට වල යුෂ ගෙන එම ස්ථානවල ආලේප කිරීම ද යෝග්‍යවේ. 

අක්මා රෝගවලින් ආරක්ෂාවට අක්මාවේ මේදය තැන්පත් වීම විෂ තැන්පත් වීම ආදී රෝග තත්ත්ව වලින් පෙළෙන්නන් සඳහා ගුණදායක ආහාරයක් ලෙස තුඹ කරවිල හැඳින්විය හැකිය. එනම් තුඹ කරවිල ආහාරයට ගැනීමෙන් අක්මාවේ තැන්පත් වූ මේදය ඉවත් කරගත හැකිය. එනම් මේ සඳහා තුඹ කරවිල වල අඩංගු මුක්ත ඛණ්ඩ ප්‍රතිඔක්සිකාරක , ෆ්ලේවනොයිඩ්, පෙරොක්සයිඩි වැඩි දායකත්වයක් සපයනු ලැබේ. 

පිළිකා ඇතිවීම වලක්වාලීමට තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීමෙන් පිළිකා ඇතිවීම වලක්වා ගත හැකි බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීමෙන් මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇතිවීම වැළැක්වීම සිදුකරයි. 

සමෙහි තෙතමනය රඳවාලීමට සමෙහි ඇතිවන විජලනය වළක්වා කුරුලෑ ලප කැලැල් සුව කර ගැනීම සඳහා තුඹ කරවිල ආහාරයට ගැනීම ගුණදායකය. එනම් තුඹ කරවිල වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මෙන්ම තුඹ කරවිල වල අඩංගු ජලය සම පෝෂණය කර පැහැපත් කිරීම සිදු කරයි. කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීම සඳහා තුඹ කරවිල පොතක් ගෙන කුරුලෑ ඇති ස්ථානවල ආලේප කිරීම මඟින් මෙම කුරුලෑ සුව කර ගත හැකිය. 

මලබද්ධය අර්ශස් රෝග වැලැක්වීමට වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ පීඩා විඳින මලබද්ධය අර්ශස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම මෙන්ම ඇති වූ රෝග සමනය කිරීමට  තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් එහි අඩංගු තන්තු මගින් මල පිට පිට කිරීම පහසු කරවනු ලබයි. 

ශ්වසන ආබාධ වලකාලීමට ආයුර්වේදය තුල තුඹ කරවිල ස්වසන ආබාධ සමනය කිරීම සඳහා යොදාගනු ලබයි. එනම් තුඹ කරවිල ගෙඩි වල කුඩු හෝ තැම්බුම් සාරය ශ්ලේෂ්මල බුරුල් කිරීම සිදුකර සෙම පිට කිරීම පහසු කරවයි. එමෙන්ම මෙය බ්‍රොන්කයිටිස් සහ සයිනස් අවහිරතා සමනය කිරීමටත් ඇදුම වැනි රෝග සුව කරගැනීමටත් භාවිතා කරනු ලැබේ. මීට අමතරව 

  • මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගැනීම සඳහා 
  • වකුගඩු ගල් දියකර හැරීම සඳහා 
  • ශරීර බර පාලනය කර ගැනීම සඳහා 
  • හුස්ම ගැනීමේ අපහසුතා සමනය කිරීම සඳහා 
  • කැස්ස සමනය කිරීම සඳහා. 
  • ගර්භනි මවුවරුන් සඳහා 
  • වයස්ගත වීම පාලනය කිරීම සඳහා 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීම සඳහා තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම වඩාත් ගුණදායකවේ. නමුත් දියවැඩියා වැනි නිදන්ගත රෝග පවතින පුද්ගලයින් තුඹ කරවිල නිතර ආහාරයට ගැනීමේ දී රුධිරගත සීනි මට්ටම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

මෙලෙස එලවළු වර්ග අතුරින් තවත් එක් ගුණදායක පෝෂ්‍යදායක එලවළුවක් වශයෙන් තුඹ කරවිල හැඳීන්විය හැක. බොහෝ ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව කැලැබදව හා හේන් ආශ්‍රිතව බහුලව තුඹ කරවිල ඉබේ වැවෙන අතර එළවළුවල දෝෂ සමනය කිරීමේ ගුණ මෙන්ම විවිධ වූ රෝග නිවාරණය කිරීමේ ශක්තියද පවතින අතර ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථද රාශියක් ලබා දෙයි. 

මෙම තුඹ කරවිල කැලෑබදව ඉබේම කිසිදු රසායනික පොහොර ආදිය නොමැතිව වැවෙන නිසාත් තුඹ කරවිල වැනි එලවළු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ය. වර්තමානයේ කිසිදු රසායනික පොහොරක් නොයොදා වැවෙන එළවළු සහ කාබනික පොහොර යොදා වවනු ලබන එළවළුවල ගුණාත්මක බවට ප්‍රතිචාරය ඉහළ මට්ටමක පවතින නිසා තුඹ කරවිල වැනි එලවළු ඉතා ප්‍රයෝජනවත් ගුණදායක හා ඵලදායක එළවළු ලෙස සැලකිය හැක.