ඇතැම් පුරුදු අත්හැරගන්න ඉතා අපහසු වුණත් අපේ ශරීර සෞඛ්‍ය ගැන සිතා එවැනි පුරුදු වලින් වැළකී සිටීම වඩාත් නුවණට හුරු දෙයකි. දවස ආරම්භ කරන උදෑසන කාලයේදී ඔබ සිදු කරන මෙවැනි ආකාරයේ අහිතකර පුරුදු වලින් හැකිතාක් මිදෙන්නට උත්සාහ කරන්න.
- ස්නානය නොකිරීම

එදිනෙදා ජීවිතයේ අපට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.ඒවා බොහෝ විට රැකියා ස්ථානය හෝ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ ගැටලු වේ. හාවඩ් හි එක්තරා වෛද්‍යවරයෙකු පෙන්වාදී ඇති ආකාරයට උදෑසනින්ම ස්නානය කිරීම මඟින් අපට ඇති වන ගැටලු වලට විසඳුම් සොයාගැනීමට පහසුවන බව ඔහු පවසයි. ස්නානය කිරීමේදී අපේ මොලටය පිටත සාධක වලට අවධානය යොමු නොවීම නිසා වඩාත් පහසුවෙන් මොලය සක්‍රීයව ක්‍රියාත්මක වීමට පටන්ගන්නා බව ඔහු පවසයි. ස්නානය කිරීමේදි මිනිස් මොලයේ විසින් අලුත් සහා නිර්මාණශිලි අදහස් වන බව කියවේ. ඔබත් මින්පසු ස්නානය කිරීමෙන් දවස පටන් ගන්න උත්සාහ කරන්න.
- උණුසුම් ජලය ස්නානය කිරීම

උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ඔබට හොඳ සැහැල්ලු බවක් ලැබේ. නමුත්, උදෑසනම උණුජලය ස්නානය කිරීමෙන් ඔබව උදාසීන කරමින් නිදිමත ඇතිවිය හැකියි. උදෑසන සිසිල් ජලයෙන් ස්නානය කිරීම මඟින් ඔබ ලැබෙන ප්‍රයෝජන කිහිපයකි. සිසිල් ජල ස්නානයෙන් ඔබට නැවුම් බවක් දැනීම,මොලයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීම වගේම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම යන ප්‍රතිලාභ ඒ අතර වේ. උණු ජලය මෙන් සිසිල් ජලය ඔබේ සම වියළීමට ලක්නොකරයි.විද්‍යාඥයින්ට අනුව දිනපතා සිසිල් ජලයෙන් ස්නානය කරන අයට වසරකට රාත්තල් 9 ක් පමණ බර අඩු කරගත හැකි බවයි.
- ඔබේ දුරකථනය බොහෝ වේලාවක් පරීක්ෂා කරමින් කල් ගත කිරීම

විවිධ සමාජ ජාලා භාවිතය නිසා ස්මාර්ට් දුරකථන භාවිතය ඉතා ජනප්‍රියවී තිබෙනවා. බොහෝ දෙනෙක් උදේම අවදි වු පසුව කරන තවත් එක් දෙයක් තමයි තම දුරකථනය පරීක්ෂා කරමින් කාලය ගත කිරීම. උදෑසන කටයුතු සඳහා අප ගත කරන කාලය දවසේ ඉතිරි කටයුතු සඳහා ඉතිරි වන කාලය තීරණය කරනු ලබයි. එම නිසා දුරකථනය භාවිතා කරමින් බොහෝ කාලයක් ගත කිරීම සුදුසු නැහැ.
- ඇඳුම් තේරීමට බොහෝ කාලයක් වැය කිරීම

එදිනෙදා ඔබ අඳින ඇඳුම ගැන උදෑසන තීරණය කිරීමට කාලය වැය කිරීම ඔබේ කටයුතු ප්‍රමාද කරාවි. කාලය ඉතිරි කරගැනීමට ඔබේ ඇඳුම් වල විවිධත්වය අවම කරගත හැකියි. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් නිතරම භාවිතා කර තිබුණේ ජීන්ස් කලිසම් සහා කලු පැහැති ෂර්ට් පමණයි. ඔහු ඊට හේතුව ලෙස දක්වා තිබුණේ කාලය ඔහුට බොහෝ වැදගත් දෙයක් වන බවයි.
ඔබේ ඇඳුම් අල්මාරියේ ඔබ රැකියාවට අඳින ඇඳුම් වෙනම අසුරා තබාගන්න. ඔබ ඇඳිය යුතු නිශ්චිත වර්ණ තිබේ නම් ඒ වර්ණ වලින් යුත් ඇඳුම් එක ලඟ අසුරාගන්න. ඔබ තවදුරටත් අඳින්නේ නැති ඇඳුම් අල්මාරියෙන් ඉවත්කරන්න. සීත කාලයේදී භාවිතා වන ඇඳුම් වෙනත් ස්තානයක අසුරාගනිමින් ඔබේ අනික් ඇඳුම් සඳහා අල්මාරියේ වැඩි ඉඩක් ලබාගන්න.
- සීරියල් ධාන්‍යමය ආහාර ගැනීම

සීරියල් ග්‍රෑම් 50 ක අඩංගු සීනි ප්‍රමාණය සීනී මේස හැඳි 4 ක් පමණ වන බව පවසයි.උදෑසනම අධික සීනී ප්‍රමාණයක් ආහාරයට ගැනිමෙන් රුධිරයට ඉන්සියුලින් සාරය එක්වීම සිදුවේ.එහි බලපෑමක් ලෙස ඔබේ ශක්තිය හීන වී ඔබව තෙහෙට්‍ටුවට සහා අලස බවට පත්කරනු ලබයි. කිරි, යෝගට් සහා නැවුම් පලතුරු එක්කල සීරියල් උදෑසනින්ම ආහාරයට ගැනීමත් සෞඛ්‍යට හිතකර නොමැත. උදෑසන හොඳ සමබල ආහාර වේලක් ලබා ගැනීම වැදගත්ය.
- ආහාර ගැනීමෙන් පසුව දත්මැදීම

ආහාර ගැනීම නිසා ඔබේ දත්වල එනමලය අවදානම් ලෙස නිරාවරණය වීම සිදුවේ. විශේෂයෙන්ම සිට්‍රස් අඩංගු හෝ වෙනත් පලතුරු අනුභව කිරිම වගේම විවිධ පාන වර්ග නිසා ඒවායේ අඩංගු සිට්‍රික් අම්ලය සහා ෆොස්ෆොරික් අම්ල හේතුවෙන් ආහාර ගත් විගස දත් මැදීම සිදුනොකල යුතුයි. ඒ වෙනුවට ආහාර ගත් පසු ඔබේ කට වතුරින් පිරිසිදු කරගැනීම හෝ ‘ඩෙන්ටල් ෆ්ලොස්’ භාවිතාකරමින් දත් අතර පිරිසිදු කරගැනීම සිදුකරගන්න.ආහාර ගැනීමෙන් විනාඩි 30 කට පමණ පසු දත් මැදගැනීම සුදුසු වේ.
- කලු කෝපි පානය කිරීම

උදෑසන අවදි වූ පසුව කලු කෝපි පානය කිරීම එතරම් හිතකර නැත. කලු කෝපි වලින් ඔබේ සිරුරේ කෝර්ටිසෝල් මට්ටම වැඩිකරන අතර එමඟින් කාංසා ස්වභාවයක් ඇතිවේ. ඒ වගේම ඔබ කුසගින්නේ සිටින විට කෝපි පානය කිරීමෙන් ඔබට ගැස්ට්‍රයිටීස් හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි.පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ උදෑසන කෝපී පානය කිරීමට සුදුසු වේලාව වන්නේ ඔබ අවදි වී පැය 3-4 කට පමණ පසු බවයි. උදෑසන කෝපි පානය කිරීම ඔබට පුරුද්දක් වි තිබේ නම් එයට කිරි හෝ ක්‍රීම් එක් කරගෙන පානය කරන්න. එමඟින් ඔබේ කෝපි පානයෙන් ඔබේ ආමාශයට ඇති විය හැකි හානිකර බලපෑම් අවම කරගත හැඉවේවි.
- අවදි වු විගස ඇඳ සකස්කිරීම

ඔබ උදෑසන අවදි වු පසු ඇඳ සකස් කර අවසන් වී කාමරයෙන් පිටතට යෑමට හුරු වි සිටිනවා ඇති. නමුත්, ඔබේ මේ ක්‍රියාව දූවිලි මයිටාවන් වර්ධනය වීමට වඩාත් හිතකර පරිසරයක් ඇති කරවන බව ඔබ නොදන්න්වා ඇත.රාත්‍රී නින්දේදී ඔබේ සිරුරෙන් පිටවන ජල වාෂ්ප නිසා ඔබේ ඇඳ පොරොනාව සහා ඇතිරිලි මත තෙතමනය රැඳේ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔබ අවදි වූ පසු මෙට්ටයෙන් පොරෝනාව සම්පූර්ණයෙන්ම ඉවත්කරමින් ඒවා වියළීමට ඉඩ දියයුතුබවයි.
මේ පුරුදු බොහෝමයක් ඔබත් සිදුකරනවා ඇති. නමුත්, මේවා පිටුපස ඇති අහිතකර බලපෑම් පිලිබඳ අද ඔබ දැනුවත් වූ නිසා මේ පුරුදු අත්හැරගන්න එක ඔබට එතරම් අපහසු නොවේවි !