වර්තමානය වන විට ලොව පුරා මදුරු ග්‍රහණය සීඝ්‍රව වර්ධනය වී ඇති අතර ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ද ඒ හා සමානවම වර්ධනය වී තිබේ. මේ හේතුන් නිසා බොහෝ දෙනෙකු මදුරු කොයිල් ,විකර්ෂණ ක්‍රීම්, ලෝෂන් වර්ග භාවිතයට පෙළඹ තිබේ.
නගරබද ආශ්‍රිතව වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකු මදුරු කොයිල් භාවිතා කිරීමට හුරු වී ඇති අතර එය එතරම් සුබදායී නොවන බව වර්තමානය වන විට කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
එනම් මදුරු කොයිල් එකක් දැල්වීමෙන් ඇතිවන විෂ දුම්වැටි 130 ක් පමණ පානය කළා හා සමානවන බව එහිදී තහවුරු වී තිබේ. මේ නිසා මදුරු කොයිල් භාවිතා කිරීමෙන් වැළකී සීටීම ලොකු කුඩා සෑම දෙනාටම යෝග්‍ය වේ.
ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2003 වර්ෂයේදී සොයා ගත් දත්ත වාර්තාවකට අනුව, ආසියාතික රටවල් වලින් ආනයනික මදුරු කොයිල් වර්ග රාශියකම S-2 නමැති රට තුළ තහනම් කර ඇති පිළිකාකාරක රසායනිකය අඩංගුවන බව සොයාගෙන තිබේ. මෙය පෙනහලු පිළිකාකාරකයක් බවත් මදුරු කොයිල් ලේබලය තුළ මෙම රසායනිකය සඳහන් කර නොමැති බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මදුරු කොයිල් වල පර්මිත්‍රීන්”, ඇලත්‍රීන්”, සහ “ඩී-ට්‍රාන්ස් අලත්‍රීන්” වැනි “පිරිත්‍රොයිඩ” වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙස ඇති බව ලේබලයේ සඳහන් කර තිබේ.
මෙයට අමතරව පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලී කුඩු, ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටකයන් අන්තර්ගත වේ. “පිරිත්‍රොයිඩ” කාණ්‌ඩයේ රසායනික සංයෝග ක්‍ෂීරපායී සතුන්ට සෘජු බලපෑම් ඇති කරන අතර මේවා මගින් ස්‌නායු අධි උත්තේජනයට පත් කරවන බවත් ස්‌නායු පද්ධතිය හා මොළයේ ස්‌නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවත් කරන ලද නවතම පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.
එනම් මදුරු කොයිල් වල අඩංගු ඇලත්‍රීන්” මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්‌වාලන බාධකයේ පාරගම්‍යතාවය වැඩි කිරීම සිදුකරනු ලැබේ. මෙමගින් මොළයට විශාල බලපෑමක් ඇති කරනු ලැබේ.
එමෙන්ම යම් පුද්ගලයෙකු දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වන්නේ නම් එම පුද්ගලයාගේ මොළයේ ස්‌නායු සෛල වල “ඇසිටයිල් කොලීන් ප්‍රතිග්‍රාහක” වල යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්දමේ වෙනස්‌වීම් ඇති විය හැකිය. එනම් එහි අතුරු ප්‍රතිඵලය වන්නේ පසු කලෙක හැසිරීමේ ගැටළු සහ නොසන්සුන්තාවය වැනි මානසික ආබාධ ඇති වීමයි. මේ අයුරින් මනසට වන හානිය කෙතරම් ද යත් මදුරු කොයිල් භාවිතා කරන පුද්ගලයාගේ නින්ද ද එතරම් දිගුවේ.
මඳ සරුභාවය සහ වඳභාවය ඇතිවීමට මදුරු කොයිල් භාවිතය හේතුවක් වන බව සොයාගෙන තිබේ. එනම් ඇතැම් මදුරු කොයිල් තුළ අඩංගු වන “ඩී-ට්‍රාන්ස් ඇලත්‍රීන්” නමැති රසායනිකය මිනිසාගේ හෝමෝන පද්ධතියට අහිතකර බලපෑම් එල්ල කරන අතර එමගින් මදසරුභාවය ,ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකා ඇති වනු ලැබේ.
මදුරු කොයිල් භාවිතා කිරීමෙන් මදුරු කොයිල් වල අඩංගු “ඇලත්‍රීන්” ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන බව සොයා ගෙන තිබේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු බොහෝ රෝග ඇති වීම වළක්වන අප ශරීරයේ පිහිටි ආරක්ෂක පද්ධතියයි. මෙවැනි හේතූන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන්නේ නම් එමගින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව , වසංගත රෝග, වෛරස් ආසාදන නිතර නිතර ඇති විය හැකිය.
එමෙන්ම දිගුකාලීනව මදුරු කොයිල් භාවිතා කිරීමෙන්
- හුස්ම ගැනීමේ අපහසුතා
- හිසරදය
- වමනය
- කැස්ස
- නාසය හා උගුර ආශ්‍රිත දැවිල්ල
- ස්වසන පද්ධතිය ආශ්‍රිත දැවිල්ල
- ඇදුම
- පිළිකා
- ඇස් පෙනීමේ දුර්වලතා
- ස්නායු පද්ධතිය අක්‍රමවත් වීම
- අක්මාව දුර්වල වීම

මේ ආදී වූ බොහෝ රෝග ඇතිවීමට මදුරු කොයිල් භාවිතය වැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. විශේෂයෙන් ම ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් වැඩිහිටියන් මදුරු කොයිල් භාවිතය අවම කළ යුතුය.
මදුරු කොයිල් භාවිතා නොකර මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?
- මදුරු කොයිල් වෙනුවට මදුරු දැල් භාවිතා කිරීම.
- නිවස අවට හොඳින් පිරිසිදු කර තබා ගැනීම.
- කුඩා දරුවන්ට ලා පැහැති ඇදුම් ඇන්ද වීම.
- ශරීරය හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇන්දවීම.
- මදුරුවන් ගැවසෙන කාලය තුළ දරුවා නිවස තුළ තබා ගැනීම
- මදුරුවන් පලවාහරින ශාක ගෙවත්තේ සිටුවීම.
ස්වභාවික ඖෂධ භාවිතා කිරීමෙන් මදුරුවන් පලවා හැරීමට කටයුතු කිරීම එනම් මදුරුතලා කොළ සහ කොහොඹ කොළ අඟුරු මත තබා දුම් ඇල්ලීම.
මදුරු කොයිල් භාවිතා කිරීමට පෙර මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කර තබා ගැනීමෙන් මදුරුවන් බෝවීම වළක්වා ගත හැකිය.