විටමින් යනු අපගේ ශරීරයේ නීරෝගිබව සහ යහපැවැත්ම කෙරෙහි අතිශයින්ම වැදගත් වන පෝෂකයකි. දිනපතා ආහාර වේලට විටමින් අඩංගු එළවළු සහ පලතුරු එක්කරගැනීම සිදුකල යුතු බව සෞඛ්‍යය නිර්දේෂයකි. විටමින් යහමින් අඩංගු එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් අපගේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළය. ප්‍රෝටීන,මේද,ඛනිජ ලවණ හා කාබෝහයිඩ්‍රේට වගේ වෙනත් පෝෂක සමඟ විටමින් ලබාගැනීම අපේ සිරුර පෝෂණය කරමින් නීරෝගි කරවනවා.
විටමින් කියන්නේ මොනවාටද?

විටමිනයක් කියන්නේ අපේ සිරුර තුළ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවන් වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන අණුවකි (molecule).සාමාන්‍යයෙන් විටමින් අපේ සිරුර තුළ නිපදවෙන්නේ නැහැ.එම නිසා සිරුරට අවශ්‍ය විටමින් පෝෂණය ලබාගැනීමට සිදුවන්නේ ආහාර පාන හා අතිරේක පෝෂක වශයෙනුයි.
ප්‍රධාන වශයෙන් විටමින් වර්ග 2 කි:ජල ද්‍රාව්‍ය හා මේද ද්‍රාව්‍ය.ජල ද්‍රාව්‍ය විටමින් සිරුර තුළ තැන්පත් නොවේ. ඒවා මූත්‍රා සමඟ බැහැර වේ.එමනිසා ඒවා දිනපතා සිරුරට ලබාගැනීමට සිදුවේ.විටමින් C හා B විටමින් වර්ග මීට උදාහරණයි. මේද ද්‍රාව්‍ය විටමින් එතරම් ඉක්මනින් සිරුරෙන් බැහැර වන්නේ නැහැ.මේවායේ අතිරික්තය අක්මාවේ හෝ සිරුරේ මේද පටක තුළ පසු භාවිතයට ගැනීම සඳහා ගබඩා වේ.විටමින් A,D,E හා K මීට උදාහරණයි.
සිරුරට අත්‍යවශ්‍ය විටමින් හා ඒවා අඩංගු ආහාර පාන

විටමින් A- සැමන්, හරක් පීකුදු, කොළ පලා,කැරට්,වට්ටක්කා,කොමඩු හා කිරි නිෂ්පාදන වල විටමින් A අඩංගුයි.මෙම විටමින් හෘදය, අක්මාව, පෙනහළු හා ප්‍රජනන පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය උදෙසා සහය ලබාදෙයි.ඇස් පෙනීම හා ප්‍රතිශක්තිය වඩවයි.
විටමින් B- මෙය විටමින් සංකීර්ණයක් එහෙමත් නැතිනම් කාණ්ඩයකි.B විටමින් වර්ග 8ක් ඇත: එනම් B1, B2, B3, B5,B6,B7,B9 හා B12 යි.චීස්, මස්, බිත්තර,ඇට,රනිල බෝග,නට් වර්ග හා ධාන්‍ය වල අඩංගුය.කාබෝහයිඩ්‍රේට,මේද හා ප්‍රෝටීන ශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා B විටමින් වර්ග සහය දෙනවා.බොහෝ පුද්ගලයින් (15%) විටමින් B12 ඌනතාවෙන් පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වාදේ. විශේෂයෙන්ම නිර්මාංශික පුද්ගලයින්ට මේ අවදානම වැඩිය.
විටමින් C- ප්‍රතිශක්ති වර්ධක ගුණ බහුල විටමිනයකි.ශාකසාරමය ආහාර වලින් ලැබෙන යකඩ සිරුරට අවශෝෂණය වීම ඉහළ දමයි.මුක්තකණ්ඩ වලින් සිරුරේ සෛල වලට ඇතිවිය හැකි හානි වළක්වයි.කොලැජන් නිෂ්පාදනයට සහය දෙයි.විටමින් C සිට්‍රස් කුලයේ එහෙමත් නැතිනම් පැඟිරි පලතුරු වල අඩංගුය.බෙල්පෙපර්,ස්ට්‍රෝබෙරි,කිවි,බ්‍රොකොලි,තක්කාලි, අර්තාපල් වල ද මේවා අඩංගුයි.

විටමින් D- සම හිරු එළියට නිරාවරණය වීමේ ප්‍රතික්‍රියාවක් විදියට අපේ සිරුර තුළ විටමින් D නිපදවේ.මේවා ආහාර පාන වලින් වගේම අතිරේක පෝෂක වලින් ද සිරුරට ලබාගත හැකියි.අස්ථි හා දත් වල නීරෝගී බව පවත්වාගැනීම සඳහා විටමින් D අත්‍යවශ්‍ය වේ.ඇතැම් රෝග වලට එරෙහිව සිරුරට ආරක්ෂාව ලබාදේ.සැමන්, ටූනා මාලු,මැකරල් මාලු, බිත්තර කහමද,හරක් පීකුදු, බිම්මල් හා පෝෂණයෙන් බලගැන්වූ කිරි නිෂ්පාදන වල විටමින් D ඇත.
විටමින් E- ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම, හානිකර මුක්තකණ්ඩ වලින් සිරුරේ සෛල ආරක්ෂා කිරීම,සිරුරේ ලේ කැටිති ඇතිවීම වැළැක්වීම වැනි ප්‍රතිලාභ ලබාදේ.සූර්යකාන්තා තෙල්, රටකජු තෙල්,හේසල් නට්,ආමන්ඩ්, නිවිති හා අලිගැට පේර වල මේවා අඩංගුයි.
විටමින් K- අක්මාව, මොළය, අග්න්‍යාශය,අස්ථි හා හෘදය ඇතුළුව සිරුර පුරාම හඳුනාගත හැකියි.කොළ පලා හා පත්‍ර එළවළු,ගෝවා,බ්‍රොකොලි,නිවිති වල මේවා අඩංගුයි.මස්,බිත්තර,චීස් හා එළවළු තෙල් වල විටමින් K බහුලයි.