දිව්‍ය රසාංකුර විනාශ කරන්න තරම් ප්‍රබල අජින මොටෝ ගැන ඔබ මේ දේවල් ඇහුවොත් ජීවිතේට කඩෙන් කන්නෑ

health tips

 රැකියාවට යන ගෘහණියන්ට උදෑසන ආහාරය වගේම රාත්‍රී ආහාරය පිළියෙල කරන්නටත් තියෙන කාල වේලාව හරිම අඩුයි. ඒ වගේම වෙනසක් අවැසි නිසා හෝ ආහාර පිසීමට ඇති කම්මැලිකම ආදී හේතුන් නිසා ගෙදර හැමෝම වගේ කඩ කෑමවලට හුරු වෙලා ඉන්නත් පුළුවන්. ඒත් ඉතින් තමන්ගේ ස්වාමියා තමන්ගේ දරුවන් ඇතුළු තමන්ගේ පවුල නිරෝගිව තියාගන්න නම් ගෘහණියන්ට සුවිශාල වගකීමක් සහ යුතුකමක් තියෙනවා.

 මේ කඩ කෑම අතරිනුත් වැඩි දෙනෙක් ආහාරයට ගන්නෙ කොත්තු, ෆ්රයිඩ්  රයිස් ,නූඩ්ල්ස් වගේ දෙයක්. හිතන්නකෝ කඩෙන් කන කොත්තුවක් කටවල් දෙක තුනක් කද්දි අපේ බඩ හොඳට පිරෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ ආහාර ගත්තම අපට කොතරම් වතුර තිබහක් එනවද කියලා ඔයා දන්නවා නේ. මේ හැමදේටම හේතුව තමයි මේ කඩකෑමවලට එකතු කරන රසකාරක. ඒ අතරිනුත් මේකට මූලික හේතුව වෙන්නේ අපි හැමෝම දන්න අජිනමොටෝ .එහෙමත් නැත්නම් MSG .

අද වෙන විට MSG නිස්සාරණය කරන්නේ මොලිසස් , උක් සීනි , ඉරිඟු  ආදිය යොදා ගනිමින්.මේ  අජිනමොටෝ වැඩි වශයෙන් පොප්කෝන්, ක්ෂණික නූඩ්ල්ස්, සෝස් වර්ග, මයෝනිස් ක්‍රීම් ඇතුළු සකස් කරන ලද ආහාර වර්ග ගණනාවකම අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම පිටරටවලින් ආනයනය කරන ආහාර පැකට් බොහෝමයකත් මේ MSG අන්තර්ගත වෙනවා. ඉතින් අපේ රටේ ඕනෑම කොත්තු කඩේක ආහාරවලට මේ අජිනමොටෝ එකතු කරනවා. ගෘහනියන් පරිප්පු ආදී ආහාර සකස් කිරීමේදී නිවෙසේ දීත්  මේවා  එකතු කරනවා .

 තවත් විටෙක සෘජුවම මේ MSG ආහාරවලට එකතු කළේ නැතත් ඒ ආහාරවලට ස්ටොප් පවුඩර් එකතු කරනවා නම් අන්න ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ ස්ටොක් පව්ඩර්වල අන්තර්ගත වෙන්නෙත් MSG හෙවත්  monosodium glutamate.  ඒ වගේම තවත් රසකාරක බොහෝමයකුත් අඩංගු වෙනවා. ඒ නිසා ඔබේ නිවසට ඔබ අජිනමොටෝ රැගෙන ඇවිත් භාවිතා නොකළත් ඔබ බාහිරින් කන සෑම ආකාරයකම  වගේ monosodium glutamate අන්තර්ගත වෙනවා.

මේ අජිනමොටෝ ආහාර රස ගන්වා ගන්නට විතරක් නෙවෙයි බොහෝ ගොවීන් වල්නාශකයක් දිලීරනාශකයක් විදිහටත් යොදා ගන්නවා. මේ නිසා අපිට මේවා ආහාරයට ගැනීම සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බලන්නට සිද්ධ වෙනවා.

 ඉතින් අපි අද කතා කරන්නේ MSG අධික විදිහට අපේ ශරීරයට ලැබුණොත් අපිට ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මොකද දවසින් දවස තරුණ බාල මහලු භේදයක් නැතිව හැමෝම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් යනවා. ඉතින් මෙන්න මේ සඳහා මූලිකම හේතුවක් තමයි අපේ ශරීරයට ඇතුළු කර ගන්නා කෘතිම රසකාරක. ඒ නිසාවෙන් අපි අද මේ පිළිබඳව කතා කරමු.

 MSG වල ඉතිහාසය 

අපි අජිනමොටෝ කිව්වට අජිනමොටෝ කියන්නේ MSGවල ප්‍රසිද්ධ වෙළඳ නාමය. අපි හැමෝම දන්නවනේ අපේ දිවට දැනට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු රස ආදී රසයන් පිළිබඳව. නමුත් මෙන්න මේ සන්නිවේදනයන්ට අමතරව තවත් රසයක් හඳුනාගන්නට පුළුවන් ඒ තමයි උමාමි රස. 

අපි අද බහුලවම බාහිරින් ආහාරයට ගන්න කැමතියි රයිස්, නූඩ්ල්ස්, කොත්තු වගේ දේවල්වල මේ උමාමි රස එහෙමත් නැත්නම් සේවරි  රසය අන්තර්ගත වෙනවා. මේ රසය ගන්නට භාවිතා කරන්නේ monosodium glutamate. ආහාරවල මේ උමාමි රසය වැඩි කරන්නට උපකාරී වෙලා තියෙන්නේ මේ රසායන සංයෝගයේ පවතින   ග්ලූටමේට්. 

මෙහි ඉතිහාසය ගැන කතා කරොත් MSG චීන ආහාර සමඟ සම්බන්ධ වී තිබුණත් මුලින්ම 1908 දී ජපන් ජාතික විද්‍යාඥයෙකු වුණු ඉකේඩා විසින් මේ ග්ලූටමේට් ජලජ ශාක මගින් නිස්සාරණය කර MSG නිශ්පාදනය කරලා තියෙන්වා.

MSG ජනප්‍රියම ආහාර ද්‍රව්‍යවලට මිශ්‍ර කිරීම ආරම්භ වෙන්නේ අදින් වසර හැත්තෑවකට පමණ පෙර සිට.මේ රසකාරක විවිධ නාමයන්ගෙන් ලෝකය පුරා ආහාර ද්‍රව්‍ය රසවත් කිරීමේ රසකාරකයක් විදිහට ප්‍රචලිත කළ ලෝක ප්‍රකට සමාගම් පහක් පිළිබඳව වාර්තා වෙනවා

ඇක්ස්න්ට් නම්  ඇමරිකානු සමාගම

අජිනමොටෝ නම් ජපන් සමාගම

ටේස්ටින් පවුඩර් නම් ඇමරිකානු සමාගම

සැසෝන්  නිව්යෝර්ක් සමාගම

වෙට් සීන් නම් යුරෝපීය සමාගම මේ සමාගම් 5 අතර වෙනවා.

මේ MSG රසකාරකය මුලින්ම ජනප්‍රිය කෙරුණේ චීනය, ජපානය, කොරියාව වගේ රටවල්වල. මෙයින් මුලින්ම රසවත් කර ඇත්තේ සුප් වර්ග. පසුව තක්කාලි සෝස්, අල පෙති, හතු වර්ග රසවත් කරන්නට භාවිතා වෙලා තියෙනවා.

සෝඩියම් ග්ලූටමේට් නිර්මාණය වෙලා තියෙන්නේ ග්ලූටමේට් කියන ඇමයිනෝ අම්ලයට සෝඩියම් අයන එකතුවීමෙන්. මේ නිසා සේවරි රසය එහෙමත් නැත්නම් උමාමි රසය ඇති වෙනවා. මේ ග්ලූටමික් අම්ලය ස්වභාවිකවම අපේ ශරීරය තුළ නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම මව්කිරිවලත් මේ ග්ලූටමික් රසායනිකය අඩංගු වෙනවා. ඒ නිසා ළදරු අවදියේ ඉදලම අපි මේ රසය හඳුනාගෙන තියෙන බවට නම් සැකයක් නැහැ .

ස්වභාවිකවම ග්ලූටමේට් අඩංගු ආහාර 

තක්කාලි 

හතු වර්ග 

මාංශ 

අල වර්ග 

කිරි 

චීස් 

මිදි 

මේ ආහාරවල ස්වභාවිකවම ග්ලූටමේට් සුළු ප්‍රමාණවලින් අඩංගු වෙනවා.

මේ ආහාරවලට අමතරව තක්කාලි සෝස්, සෝයා සෝස් වගේම මාමයිට් ආදියෙත් මේ රසය අඩංගු වෙනවා. මෙහිදී වඩාත් බරපතළ ගැටලුව වෙන්නෙ මෙහි ගුණාත්මකභාවය පිළිබඳ නෙවෙයි. එය  අපි භාවිතා කරන ප්‍රමාණය හේතු කරගෙන. යුරෝපා ආහාර ආරක්ෂක අධිකාරිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව MSG රසකාරකයක් විදිහට පරිභෝජනය කළ හැකි උපරිම glutamic මට්ටම කිලෝ ග්‍රෑමයකට 30 mg ක් පමණයි.

MSG භාවිතයෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටලු

MSG සහ ලුණුවල අණුක ස්කන්ධය  හා රසායනික සූත්‍රවලට අනුව ලුණු සහ MSG වල සමාන ස්කන්ධ සලකා බලද්දි  ලුණුවල  MSG වල මෙන් තුන්ගුණයක sodium අන්තර්ගත වෙනවා.ඒ නිසා MSG වලටත් වඩා අපි ලුණු භාවිතයේදී සැලකිලිමත් විය යුතු බව පැහැදිලියි.
කොහොම නමුත් MSG වල අඩංගු සෝඩියම් ලවණය දෛනිකව 2.3 g කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව වෛද්‍යවරුන් පෙන්වා දීලා තියෙනවා.

 ඉතින් අපි නිතරම බාහිරින්  ආහාර ලබා ගන්න කෙනෙක් නම් වැඩි වශයෙන් අපේ ශරීරයට sodium ලැබෙනවා. ඒ  නිසා මේ MSG අධික ලෙස පරිභෝජනය කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නට පුළුවන්.

අධික ලෙස දහඩිය පිටවීම

පපුවේ වේදනාව

අධික පිපාසය

මාංශපේශීවල වේදනාව 

ගෙල හා උරහිස් හිරිවැටීම 

සිරුරට අප්‍රාණික බවක්  දැනීම

හෘද ස්පන්දනයේ  වෙනස්කම් ඇතිවීම 

නිදිමත ගතිය

 ඒ වගේම මේ MSG අධික ලෙස පරිභෝජනය කිරීම හේතුකරගෙන තවත් බරපතළ රෝග තත්ත්වයන් ඇතිවෙන්නත් තිබෙන රෝග  වඩාත් උත්සන්න වෙන්නටත් පුළුවන්. විශේෂයෙන්ම ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණවලට අනුව බෝ නොවන රෝග බොහෝමයකට මෙ MSG යම් සම්බන්ධතාවක් පවතින බව සොයාගෙන තියෙනවා. අධික මාත්‍රාවන්ගෙන් MSG පරිභෝජනය නිසා පහත සඳහන් ගැටළු ඇති වෙන්නටත්  පුළුවන්.

ස්ථුලතාවය ඇතිවීම

ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යාම

දියවැඩියාව ඇතිවීම

අඩු බර දරුවන් බිහිවීම

අධි රුධිර පීඩනය

කුඩා දරුවන්ට අහිතකර ලෙස බලපෑම  

විශේෂයෙන්ම කළල බන්ධය මගින්  ගැබිනි මවගේ දරුවාට ග්ලූටමේට් පරිවහනය සීමා වුණත් අධික මාත්‍රාවෙන් MSG පරිභෝජනය කිරීම හේතු කරගෙන යම් බලපෑමක් සිදු වෙන්නට පුළුවන් බව පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. කුඩා දරුවන්ගේ අධික්‍රියාකාරී තත්ත්වය, ඔටිසම් රෝග තත්ත්වය, කුඩා දරුවන්ගේ ස්ථුලතාවය ආදියට මෙය සම්බන්ධතාවයක් දක්වන බව සඳහන්.  කෙටිකාලීන බලපෑම් විදිහට හිසරදය, ශරීරය ඉදිමීම සහ  ශරීරයේ රතු පැහැවීමත්  ඇති වෙන්නට පුළුවන්.

 ඒ නිසාවෙන්  food and drugs administration නම් සෞඛ්‍ය නියාමන සංවිධානය විසින් සඳහන් කර ඇති ආකාරයට මේ රසායනිකයේ බලපෑම් සෘජුව අපව  රෝගියෙක් නොකළත් රෝගී මිනිසෙකුගේ රෝග තත්ත්වයන් උත්සන්න කරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් මේ ඉහත සඳහන් කළ ලක්ෂණවලින් ඔබ පීඩා විඳිනවා නම් ඉහත සඳහන් කරපු ආහාර ගන්නට කලින් ඔබ දෙවරක් සිතා බැලිය යුතුයි. 

ලාංකීය අපිට ආහාර රස ගන්වා ගන්නට හොඳම තත්ත්වයේ කුළුබඩු ඕනෑ තරම් තියෙනවා. ඒවා භාවිතා නොකර විදේශීයවලින් ආනයනය කරන මෙවැනි කෘතිම රසකාරක භාවිතා කරන එක අපේ මරණ සහතිකය අපිම ලියා ගන්නවා වගේ වැඩක්.

  ඔබ මිලට ගන්නා ආහාර ද්‍රව්‍යවල  sodium glutamate අඩංගු දැයි විමසිලිමත් වෙන්න. විශේෂයෙන්මයෙන්ම සුපිරි වෙළඳසැල්වල තියෙන බොහෝ ආහාර පැකට්වල අඩංගු වෙන ද්‍රව්‍යයන් අතර monosodium glutamate සඳහන් කර තියෙනවා. මේවා රසකාරක විදිහටයි  සඳහන්ව තියෙන්නේ. 

ග්ලූටමේට් කියන්නේ මොළයේ  සෛලවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සංඝටකයක්. නමුත් මේ monosodium glutamate ආහාරයට ගත්තාම මොළයේ සෛල උත්තේජනය වීම වැඩිවීමක් සිදුවෙනවා. ඒ   විදිහට ඇතිවන සෛලවල ක්‍රියාකාරිත්වය එන්න එන්නම අඩු වීමක් සිදු වෙනවා. පසුකාලීනව නින්ද අඩු බව, මතක ශක්තිය අඩු බව, ස්නායු සෛල ඉදිමීmම,හිසරදය , හෘද රෝග, වලිප්පුව, ලිංගික  ක්‍රියාකාරීත්වයේ ගැටලු ආදී අතුරු ආබාධයන්. ඇති වෙන්නට පුළුවන් .මේ නිසා විශේෂයෙන්ම අවුරුදු තුනට වඩා අඩු දරුවන් සඳහා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වලට මේ රස ප්‍රවර්ධකය භාවිතා කිරීම තහනම්. නමුත් මෙහි මේ රසකාරක භාවිතයේ වඩාත්ම බරපතළ ගැටළුව වෙන්නේ කෝකිවරුන් සීමාවක් නැතිව වැඩි වශයෙන්  මේ MSG භාවිතයට ගැනීමයි . නිරෝගීව ජීවත් වෙන්න  නම් මේ  ගැන සැලකිලිමත්වීම ඔබේ වගකීමක්.