මුඛ දුර්ගන්ධය යනු සෑම දෙනාම පාහේ අපහසුතාවයට පත් කරන තත්වයකි. එනම් කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ලොව සිටින මිනිසුන්ගෙන් 80% ක් පමණ මෙම තත්ත්වය නිසා පීඩා විඳින බවයි.
එනම් මුඛ දුර්ගන්ධය ඇති වීමට බොහෝ හේතු බලපානු ලබයි.

මුඛයෙහි පිරිසිදු බවඑනම් දිනකට දෙවරක් දත් මැදීම කළ යුතුය. නොමැතිනම් මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. එනම් එම බැක්ටීරියාවන් නිකුත් කරන සල්පර් සංයෝග මුඛයේ දුර්ගන්ධය ඇති වීමට ප්‍රබල හේතුවක් වේ.
ශරීරගත උෂ්ණත්වයශරීරයේ අධික උෂ්ණත්වයක් පවතින්නේ නම් ඉන් මුඛ දුර්ගන්ධය ඇති වේ. එනම් මුඛය කෙතරම් පිරිසිදුව පැවතුනද ශරීරයේ පවතින උෂ්ණාධික බව නිසා මුඛ දුර්ගන්ධය ඇති වේ.
එනම් මේ නිසා පලමුව ශරීරගත උෂ්ණාධික බව දුරු කර ගත යුතුය.
ආහාර නොගෙන සිටීම
නිතර ආහාර වේල නොගෙන කුස ගින්නේ සිටින්නේ නම් එමගින් ද මුඛ දුර්ගන්ධය ඇති විය හැකිය. එනම් ආහාර නොගෙන සිටීමෙන් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වී මුඛ දුර්ගන්ධය ඇති වේ.
දිගු කාලයක් ඖෂධ වර්ග භාවිතා කිරීම
නොයෙක් රෝග සඳහා දිගු කාලයක් ඖෂධ භාවිතා කිරීම.
මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග
කටේ තුවාල හට ගැනීම,දත් මුල් දියවීම,නිතර සෙම් රෝග වලින් පීඩා විඳීම
නිතර මත්ද්‍රව්‍ය පානය කිරීම
මුඛ දුර්ගන්ධය ඇති වූ විට එය සමනය කිරීමට කළ යුතු දේවල්.
දිනකට දෙවරක් දත් හා දිව මැදීම ඉන් පසු උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් මිශ්‍රකර මුඛය සෝදා හැරීම.
මුඛය තුළ තුවාල , ගෙඩි ආදි මුඛ රෝග ඇත්නම් එම රෝග සමනය කිරීම සඳහා මී පැණි ස්වල්පයක් ආලේප කිරීම.
දත් මදින විට පොල්තෙල් ස්වල්පයක් මිශ්‍ර කර දත් මැදීම.
වෙනිවැල්ගැට
නෙල්ලි

වසාවාසි
සිද්ධි ඉගුරු
රනවරා මල්
මෙම ඖෂධ ගෙන හොඳින් වියළා ගන්න.
මැටි බඳුනක් ගෙන එයට පොල් කටු දමා හොඳින් මොළවා එයට වෙනිවැල් ගැට දමා පුළුස්සා ගන්න. අනෙකුත් ඖෂධ වර්ග ද වෙනිවැල් ගැට සේම පුළුස්සා ගත යුතුය. ඉන් පසු බෙහෙත් අඟුරු පොල් කටු අඟුරු වලින් වෙන් කර හොඳින් කුඩු කරගෙන ගබඩා කර ඕනෑම විටක දත් මැදීම මගින් සියලු මුඛ රෝග සමනය කරගෙන මුඛ දුර්ගන්ධය සමනය කර ගත හැකිය.
එනම් මෙම ඖෂධය වයස් භේදයකින් තොරව භාවිතා කළ හැකිය.
මීට අමතරව
කුරුදු පොතු පුවක් මුල් පොල් මුල් කොස් නටු ආදිය තම්බා එම ජලයෙන් තුන් වරක් පමණ මුඛය සෝදා හැරීම.
අරළු, බුළු, නෙල්ලි ත්‍රිපලා ඖෂධ පුළුස්සා එම අඟුරු කුඩුකර ඊට ලුණු කුඩු හා ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍රකර ඉන් ස්වල්පය බැගින් ගෙන දත් මැදීම.
කටුකරඬු කොළ කිහිපයක් ගෙන හොඳින් සපා එම ඉස්ම මුඛය තුළ මද වේලාවක් තබා සෝදා හැරීම.
සමන්පිච්ච කොළ තම්බා කට සේදීම
බෙලි කොළ තම්බා කට සේදීම.
කරාබු නැටි කිහිපයක් තලා වතුරට දමා උදෑසන හිස් බඩට පානය කිරීම.
මේ ආදී වූ ඖෂධ වර්ග භාවිතා කිරීම මගින් මුඛ දුර්ගන්ධය සමනය කර ගත හැකිය.