Vigna radiata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුං ඇට වල නිජබිම ඉන්දියානු උපමහාද්වීපයයි. එනම් මීට වසර 3500කට පමණ ඉන්දියානු උපමහාද්වීපය තුළ මුං ඇට වගා කර තිබේ. එනම් ප්‍රෝටීන් බොහෝ ප්‍රමාණයක් අඩංගු මුං ඇට රනිල කුලයට අයත් ධාන්‍ය වර්ගයකි. එනම් මුං ඇට වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා බාල මහළු සෑම දෙනාටම පාහේ මුං ඇට ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. එනම් මුං ඇට තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස කැවිලි වර්ග සකස් කරන විට එකතු කර ගත හැකිය. එමෙන්ම බොහෝ දෙනෙකු මුං ඇට තම්බා හෝ සුප් එකක් ලෙස සකස් කර ආහාරයට ගනු ලැබේ.

එනම් මුං ඇටවල පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ.
මැග්නීසියම්
ප්‍රෝටීන්
කාබෝහයිඩ්‍රේට්
බියුටයිඩ්
විටමින්
ඇමයිනෝ අම්ල
සින්ක්
ෆිනෝලික් අම්ලය
ෆ්ලෙවනයිඩ්
කැෆේන් අම්ලය
යකඩ
සෙලේනියම්
තන්තු
මේ ආදි වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු මුං ඇට ආහාරයට එක්කර ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් ආයුර්වේදය තුළ ද මුංඇට ඖෂධයක් ලෙස විවිධ රෝග සඳහා භාවිතා කරනු ලැබේ.
මුං ඇට සතු ඖෂධීය ගුණ
රෝගී වූ ශරීරය නීරෝගී කරයි.
නොයෙක් රෝගාබාධවලට ගොදුරු වීමෙන් අප්‍රාණික වූ ශරීරය නැවත ප්‍රාණවත් කර ගැනීමට ආහාරයට ගැනීමට සුදුසුම ධාන්‍ය වර්ගයක් ලෙස මුං ඇට හැඳින්විය හැකිය. එනම් මුං ඇට ආහාරයට ගැනීම මඟින් නැවත ශරීරය ප්‍රාණවත් කර ගත හැකිය. එමෙන්ම ඖෂධ භාවිතා කිරීම මගින් ඇතිවන නොයෙක් ශාරීරික සංකූලතා ද ඉන් සමනය කර ගත හැකිය. එනම් මොවුන්ට මුං ඇට සුප් ආදිය සකස් කර දීම වඩාත් සුදුසු වේ.
ශරීර ශක්තිය වැඩි කරයි.
ප්‍රෝටීන්වලින් අනූන ධාන්‍ය වර්ගයක් වන මුං ඇට ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකිය. එමෙන්ම මෙය නිර්මාංශ පුද්ගලයින්ට වඩාත් ගුණදායකවේ. එනම් මුං ඇට ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගත හැකිය. එමෙන්ම මුං ඇට වල අවමව මේදය අඩංගු වන බැවින් ශරීරය තරබාරු වීමක් සිදු නොවේ. මේ නිසා ඕනෑම පුද්ගලයෙකුට ශරීරය පෘෂ්ටිමත් කර ගැනීමට හා ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
මලබද්ධය සමනය කරයි.
ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන මලබද්ධය හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස මුං ඇට හැඳින්විය හැකිය. එනම් මුං ඇට ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය සමනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා මුං ඇට තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය.
පිළිකා මර්දනය කරයි.
පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා සෛල මර්දනය කර ගැනීමට මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මුං ඇට වල පවතින අධි ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. එනම් මුං ඇට ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිලිකා මර්දනය කර ගත හැකිය. එනම් මෙම රෝගීන්ට මුං ඇට කැඳ , සුප් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.
මව්කිරි වර්ධනය කරයි.
මව්කිරි අවම වූ විටක නැවත මව්කිරි හොඳින් වර්ධනය කරගැනීම සඳහා මුං ඇට ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් මුං ඇට ව්‍යාංජනයක්, සුප් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් මුං ඇට වල අඩංගු ප්‍රෝටීන්, විටමින් ,ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ මවි කිරි වර්ධනය කිරීම සිදුකරනු ලැබේ.
සම පෝෂණය කරයි.
සම අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීම සඳහා මෙන්ම බාහිරව පැහැපත් කිරීම සඳහා මුංඇට යොදා ගත හැකිය. එනම් සම මත ඇතිවන රැළි වැටීම්, ලප කැලැල් ඉවත් කර සම පැහැපත් කිරීමට මුං ඇට ආහාරයට ගැනීම මෙන්ම මුං ඇට ඇල්දියෙන් අඹරා එම ලප කැළැල් වල ආලේප කිරීම ගුණදායක වේ. එනම් මුං ඇට වල අඩංගු විටමින් C පෝෂ්‍ය පදාර්ථ සමෙහි කොලජන් නිෂ්පාදනය වැඩිකර සම පෝෂණය කර පැහැපත් කිරීමට උපකාරී වේ.
මුත්‍ර රෝග සමනය කරයි.
මූත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මුත්‍රා අඩස්සිය මුත්‍රා ගල් ඇති වීම යන රෝග සමනය කිරීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් ඈත අතීතයේ සිටම මෙවැනි රෝග සමනය කිරීම සඳහා මුංඇට තලපයක් වනසේ අඹරා එයට දෙළුම් යුෂ හා ලුණු ස්වල්පයක් මිශ්‍රකර දින කිහිපයක් පානය කිරීම සිදු කර තිබේ. එමෙන්ම මුත්‍ර ගල් වකුගඩු ගල් දියකර හැරීම සඳහා මුං ඇට සහ ඉරිඟු ඇට සමව ගෙන හොඳින් කුඩුකර ඇල් ජලය වීදුරුවකට දමා පැය කිහිපයක් තිබෙන්නට හැර උදේ සවස පානය කිරීම මගින් මුත්‍ර ගල් දියකර හැරිය හැකිය.
රුධිර ගත සීනි මට්ටම පාලනය කරයි.
නිදන්ගත රෝග අතර වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මුං ඇට ආහාරයට එකතු කර ගැනීමෙන් මුන් ඇට වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලැබේ.
මානසික රෝග සුවපත් කරයි.
මුං ඇට පිටි සහ තිරිඟු පිටි සමව ගෙන එයට ගිතෙල් මිශ්‍ර කර මානසික ආතතිය,විශාදය,
උන්මාදය වැනි මානසික රෝග පවතින පුද්ගලයින්ට ලබා දීම මගින් එම රෝග සුවපත් කර ගත හැකිය.
එමෙන්ම
හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීම සඳහා
සරම්ප, පැපොල, අතීසාරය සමනය කිරීම සඳහා
ආර්තව වේදනාව සමනය කිරීම සඳහා
අම්ල පිත්ත රෝගය සඳහා
කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා
ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා
ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීම සඳහා
ශරීරය සිසිල් කිරීම සඳහා
රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම සඳහා
මෙවැනි රෝග ගණනාවක් සුව කිරීමට ඖෂධයක් ලෙස මුං ඇට ආහාරයට එක් කර ගත හැකිය. නමුත් සෙම් රෝග පවතින්නේ නම් මුං ඇට බහුලව ආහාරයට නොගත යුතුය.