ඖෂධීය ගුණ ඇති මිනිස් සිරුරට හිතකර තවත් එක් සුවිශේෂි ධාන්‍ය වර්ගයක් ලෙස මුං ඇට හඳුනාගත හැකිය. එනම් මුං ඇට ආහාරයට ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට බොහෝ වාසි අත් කර ගත හැකිය. ලොකු,කුඩා සෑම දෙනාටම පාහේ නීරෝගී දිවියක් ගත කිරීමට මුං ඇට තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බොහෝ දෙනෙකු පිළිගන්නේ මුං ඇට යනු පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු ධාන්‍ය වර්ගයක් බවය.
එනම් ඒ නිසාම මුං ඇට පෝෂ්‍ය ගබඩාවක් ලෙස හඳුන්වනු ලබයි. එනම් මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් මුං ඇට වල අඩංගු වේ. විටමින්, ප්‍රෝටීන්, සෙලේනියම්, මැග්නීසියම්,තන්තු,බියුටයිඩ්,කාබෝහයිඩ්‍රේට් ,සින්ක්,යකඩ, කැෆේන් අම්ලය,ෆිනෝලික් අම්ලය, සින්ක්… ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධානවේ.
මුං ඇට කැඳ පානය සකස් කර ගන්නා ආකාරය.

- මුං ඇට
- සහල් පිටි
- පොල් කිරි
- ලුණු ස්වල්පයක්
- කිතුල් හකුරු
මුංඇට සෝදා වියලා රන්වන් පැහැවන තෙක් බැද හොඳින් කුඩුකර ගන්න. පසුව මුං ඇට පිටි, සහල් පිටි ,පොල් කිරි, රස පදමට ලුණු සහ අවැසිනම් කිතුල් හකුරු එක් කර ගෙන හොදින් මිශ්‍ර කර උතුරන තෙක් ලිප තබා මදක් නිවුණු පසු පානය කළ හැකිය.
එනම් මෙමගින් ශරීරයේ රෝග ගණනාවක් සුව කර ගත හැකිය. මීට අමතරව මුං ඇට තම්බා පානය කිරීම, මුං ඇට ව්‍යංජනය… ආදී ලෙස පිසගෙන ආහාරයට ගැනීම ද ගුණදායකය.
මුං ඇට වල ඖෂධීය ගුණ
මලබද්ධය ඇති වීම වළක්වනු ලබයි. ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන බඩ වේලීම හෙවත් මල බද්ධය සමනය කිරීම සඳහා මුං ඇට ආහාරයට එක්කර ගැනීම ගුණදායකවේ. එනම් මුං ඇට ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොදින් ජීරණය කර මළ බද්ධය ඇති වීම වළක්වනු ලබයි. මේ සඳහා මුං ඇට තම්බා පානය කිරීම වඩාත් සුදුසු වේ.
මව්කිරි වර්ධනය කරගත හැකිය.මව්කිරි අවම වූ විටක මුං ඇට ආහාරයට ගන්නේ නම් ඉන් මව්කිරි වැඩීම වර්ධනය කරගත හැකිය. එනම් මුං ඇට කැඳ ,මුං ඇට ව්‍යාංජනය, මුං ඇට තම්බා ආහාරයට ගැනීම මව් කිරි ලබා දෙන මව්වරුන්ට මෙන්ම ගැබිණි මාතාවන්ට ද ගුණදායකවේ. එනම් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ මව්කිරි වර්ධනය කිරීමට වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
රෝගී වූ මනස නීරෝගී කරයි.බොහෝ දෙනකු ගතකරන කාර්යබහුල ජීවන රටාව සමඟ මානසික රෝග වලට ගොදුරු වී තිබේ. එනම් මානසික ආතතිය, විෂාදය, උන්මාදය ආදී රෝග තත්ත්වයන් වලින් බොහෝ දෙනෙකු රහසින්ම පීඩා විඳි. මෙවැනි රෝග ඇති විටක එම රෝග සමනය කරගැනීමට මුං ඇට ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් මුං ඇට හා තිරිඟු පිටි සමව ගෙන ගිතෙල් මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් මානසික රෝග සමනය කරගෙන මනස සුවපත් කර ගත හැකිය.
ශරීරය සිසිල් කරයි.දේශගුණය ,ගනු ලබන ආහාර හේතුවෙන් ශරීරයේ උෂ්ණාධික බව තව තවත් වැඩි වනු ලැබේ. එම තත්ත්වය සමනය කරගෙන ශරීරය සිසිල් කර ගැනීමට භාවිතා කළ හැකි ධාන්‍ය වර්ගයක් ලෙස මුංඇට හැඳින්විය හැකිය. එනම් මේ සඳහා මුංඇට කැඳ පානය , මුං ඇට තම්බා එම වතුර පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් ශරීරය සිසිල් කර ගත හැකිය.
සම පෝෂණය කර පැහැපත් කරයි. සම පෝෂණය කර පැහැපත් කර ගැනීම සඳහා මුං ඇට ආහාරයට ගැනීම මෙන්ම මුං ඇට බාහිර ආලේපනයක් ලෙස භාවිතා කිරීම ද ගුණදායකය. එනම් මුං ඇට වල අඩංගු විටමින්, ප්‍රෝටීන්, සමෙහි අඳුරු ස්වභාවය දුරු කර ලප කැලැල් ඉවත් කර සම පැහැපත් කිරීම සිදු කරයි.
මුත්‍රාශය ආශ්‍රිත රෝග සුව කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන මුත්‍රා අඩස්සිය සමනය කිරීම සඳහා මුං ඇට තම්බා පානය කිරීම ගුණදායක වේ. එමෙන්ම මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් දියකර හැරීමට ද මුං ඇට ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. මීට අමතරව මේ සඳහා මුංඇට තලපයක් ලෙස අඹරා දෙළුම් යුෂ හා ලුණු ස්වල්පයක් මිශ්‍ර කර දින කිහිපයක් පානය කිරීම මගින් ද එම රෝග සුව කරගත හැකිය.
කායික ශක්තිය වැඩි කරයි.නිර්මාංශ ආහාරයට ගනු ලබන පුද්ගලයින්ට තම කායික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට මස් මාංශ මෙන්ම පෝෂ්‍ය පදාර්ථ අඩංගු තවත් ආහාරයක් ලෙස මුං ඇට හැඳින්විය හැකිය. එනම් මුං ඇට වල අඩංගු විටමින්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ ශරීරය පුෂ්ඨිමත් කර විටමින් ඌනතාවයන් සම්පූර්ණ කිරීම සිදු කරයි. එනම් කෘශ වූ ශරීරය හා හීන වූ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට වයස්ගත පුද්ගලයින්ට කුඩා දරුවන්ට මුං ඇට ආහාරයට එක් කිරීම වඩාත් යෝග්‍ය වේ.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට මුං ඇට ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් මුං ඇට වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදුකර දියවැඩියාව ඇතිවීම පාලනය කරනු ලැබේ. මීට අමතරව මුං ඇට ආහාරයට ගැනීමෙන්
- අම්ල පිත්ත රෝගය ඇතිවීම පාලනය කර ගත හැකිය.
- ශරීරයේ විෂ ඉවත් කර ගත හැකිය.
- පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.
- කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය.
- හෘද රෝග ඇතිවීම වළක්වා ගත හැකිය
- ආර්තව වේදනාවන් සමනය කර ගත හැකිය මේ ආදී රෝග ගණනාවකට ස්වභාවික ඖෂධයක් ලෙස මුං ඇට ආහාරයට එක්කර ගත හැකිය.