ශ්‍රී ලංකාවේ වගේම තවත් බොහෝ රටවල ආහාර පිසීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන අමු ද්‍රව්‍යයක් ලෙස කරපිංචා හැඳින්විය හැකියි. මෙය Rutaceae කුලයට අයත් වන අතර Murray koennigii නම් උද්භිද නාමයෙන් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කරපිංචා පහසුවෙන් වගා කළ හැකිය. එදිනෙදා ඉවුම් පිහුම්වලට පමණක් නොව ලෙඩ රෝග සුව කිරීම සඳහා භාවිත කරන වටිනා ඖෂධයක් ලෙස කරපිංචා ඉතා ප්‍රසිද්ධ වේ. ආහාරවල රසය මෙන්ම සුවඳ ප්‍රණීත කිරීම සඳහා සූප ශාස්ත්‍රයේ දී මෙය අනිවාර්යෙන්ම යොදා ගනියි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කරපිංචාවල වටිනා ඖෂධීය ගුණ රැසක් අන්තර්ගත වේ. සාමාන්‍යයෙන් කරපිංචාවල ගුණ දාහතරකට වඩා අන්තර්ගත වන බව බොහෝ පර්යේෂණවලින් සොයාගෙන තිබේ. කරපිංචාවල ප්‍රෝටීන , යකඩ , තන්තු , මැග්නීසියම් , විටමින් A ,C ,B, E, K , තඹ හා ඛනිජලවණ අඩංගු ය. කරපිංචාවල අඩංගු වන මෙම ඖෂධීය ගුණ පිළිබඳව හා ඒවායේ භාවිතයන් පිළිබඳව දැන සිටීම එදිනෙදා කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ.
කරපිංචාවල ඖෂධීය ගුණ.

01.සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් අධික තරබාරුව හා හදවත් රෝග සුව කරයි. දිනපතා කරපිංචා කොළ ආහාරයට ගන්නා කෙනෙකුට හදවත් රෝග වැළඳීමේ අවධානම ඉතාමත් අඩුය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ කරපිංචා ආහාරයට ගැනීම මගින් අනවශ්‍ය කොලෙස්ටරෝල් ඉවත් කරමින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීමයි. හදවත් රෝග වලට ප්‍රධානතම හේතුවක් වන්නේ කොලෙස්ටරෝල් ය. එසේම වර්තමානයේ දී බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන අධික තරබාරුව සඳහා ද ප්‍රධානම හේතුව වන්නේ සිරුරේ අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටමයි. එම නිසා කරපිංචා ආහාරයට ගැනීමෙන් සිරුරේ අනවශ්‍ය තෙල් ඉවත් කර තරබාරුව අඩු කර ගත හැකිය. එනම් කරපිංචා කැඳ , කරපිංචා චූර්ණය මේ සඳහා ගුණදායක වේ.
02.ශරීරයෙහි විෂ නසයි. ශරීරයේ විෂ නැසීම ගැන කතා කරන විට කරපිංචා වඩාත් ප්‍රසිද්ධ වේ. සිරුරේ ඇතිවන විවිධ රෝගවලදී හෙළ වෙදවරු කරපිංචා කැඳ පානය කිරීමට ලබා දෙයි. එලෙස සිදු කරන්නේ කරපිංචා මගින් සිරුරේ විෂ නසා ඒවා මළ හෝ මුත්‍රා මඟින් සිරුරෙන් ඉවත් කරන බැවිනි. මේ නිසා සර්ප වෙදකම්වලදී කරපිංචා නිරන්තරයෙන් යොදා ගනී. සර්පයකු දෂ්ට කළ සැනින් කරපිංචා කොළ කිහිපයක් සපා හෝ කොටා යුෂ පානය කිරීමෙන් විෂ නැති වේ. අප ගන්නා ආහාරවලට කරපිංචා එක් කරන්නේ එම ආහාරවල යම් විෂක් ඇත්නම් ඒවා ඉවත් කිරීමටයි.
03.අක්මා රෝග සුව කරයි. අක්මාවේ විවිධ රෝග සඳහා කරපිංචා ආහාරයට ගැනීමෙන් සුවය ගෙන දෙයි. විශේෂයෙන්ම අක්මාවේ පටක ඉදිමීම වැනි රෝග ශරීරයේ නිරෝගීතාවයට විවිධ බලපෑම් එල්ල කරයි. එවැනි රෝග සඳහා කරපිංචා ගුණදායක ඖෂධයකි.
04.සමේ රෝගවලට සුවය ගෙන දෙයි. සම මතුපිට දද , කුෂ්ඨ , පණු කැවිලි ආදී විවිධ සමේ රෝග හටගත් විට කරපිංචා කොළ යුෂ පානය කිරීම හා ආලේප කිරීම මඟින් සුවය ගෙන දෙයි.
05.දියවැඩියාව පාලනය කරයි. රුධිරයේ ඇති සීනි පාලනය කිරීම සඳහා කරපිංචා කොළ වල අඩංගු වන ඉන්සියුලින් උපකාරී වේ. එසේම සිරුරේ කාබෝහයිඩ්ඩ්‍රේට් පාලනය කර , ග්ලූකෝස් මට්ටම ද පාලනය කරන බැවින් දියවැඩියාව පාලනය කර ගැනීමට කරපිංචා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
06.හිසකෙස් සඳහා කදිම ඖෂධයකි. කරපිංචා ආහාරයට ගැනීමෙන් හා කරපිංචා අඩංගු තෙල් වර්ග භාවිතයෙන් හිසකෙස් වර්ධනය කරයි. හිසකෙස් අකලට පැසීම නවත්වා හිසකෙස් වැටීම පාලනය කරයි. හිසකෙස්වල ඇති කලු වර්ණය දිගුකල් පවත්වා ගැනීමටද කරපිංචා කදිම ඖෂධයකි.
07. ලේ පිරිසුදු කර ස්නායු දුර්වල වීම වළක්වයි. කරපිංචාවල ඇති විෂ නැසීමේ ගුණයෙන් සිරුරේ රුධිරය පිරිසිදු කර ස්නායු දුර්වල වීම වළකාලමින් ස්නායු රෝග සුව කරයි.

08.බඩේ දැවිල්ලට දිව ඔසුවකි. කරපිංචාවල ඇති සිසිල් ගුණය මගින් බඩේ දැවිල්ල සුව කරයි. මෙය ගැස්ට්‍රයිටිස් සඳහා ද සුවය ගෙන දෙයි.
09.කෘමී කරදරයට විසඳුමකි. කරපිංචා පැලයක් ගෙවත්තේ සිටුවීමෙන් එයින් එන සැර සුවඳ නිසා කුරුමිණියන් වැනි කෘමීන්ගේ කරදර අඩුවෙයි.
10.කුළුබඩු සඳහා මෙන් ම ආහාරයක් වශයෙන් භාවිත කරයි. තුනපහ කුඩු සාදා ගැනීමේදී ගම්මුන් විසින් ස්වභාවික රසකාරකයක් ලෙස කරපිංචා කොළ ද යොදා ගනියි. කරපිංචා කැඳ , කරපිංචා ලුණු මිරිස් , කරපිංචා කොළ බැදුම , කරපිංචා කොළ සම්බෝලය වැනි ආහාර සකසයි.
12.අක්ෂි රෝග සඳහා ගුණදායක වේ. කරපිංචා කොළ දහයක් පමණ දිනපතා හොඳින් සපා කා වතුර වීදුරුවක් පානය කිරීම මගින් ඇස් පෙනීම වර්ධනය වන බව පැවසෙයි.
13.ජීරණ රෝගවලට ඔසුවකි. ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ සංකූලතා සඳහා කරපිංචා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ආහාර අරුචිය , බඩගින්න නැතිකම වැනි රෝග සඳහා මෙන්ම මළබද්දයට කරපිංචා ගුණදායක ඔසුවකි.

14.සර්ප විෂට කරපිංචා කොළ කොටා යුෂ මිරිකා අමුවෙන් පානය කිරීම හා කැඳ පානය යෝග්‍ය වේ. එමෙන්ම
කරපිංචා කොළ , පොතු හා මුල් ස්වල්පය බැගින් ගෙන අමු කහ හා ලුණු ස්වල්පයක් බැගින් දමා කොටා , සර්පයා දෂ්ට කළ ස්ථානයේ බැඳීම හෝ කොටා මිරිකා ගත් යුෂ ආලේප කිරීම.
කරපිංචා කොළ හා පොතු කොට්ට එලගි තෙල් එළගිතෙල් සමඟ කැඳ පිස දීම.
15.පණු රෝග සඳහා කරපිංචා නැටි හා කොළ කබලේ බැද කුඩුකර , උතුරන වතුරට දමා පානය කිරීම.
16.සමේ රෝග සඳහා කරපිංචා කොළ එළකිරෙන් අඹරා දද හා කුෂ්ට ආදියෙහි ආලේප කිරීම.
17.කොලෙස්ටරෝල් හා හෘද රෝග සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය
- කරපිංචා මිටක්
- සුදුලූණු බික් 5 ක්
- කළුදුරු ග්‍රෑම් 10 ක්
- ගොරකා ග්‍රෑම් 10 ක්
මේ සියල්ල ගෙන තලපයක් සේ අඹරා ගන්න. එය ප්‍රධාන ආහාර වේල් තුන සමඟ තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න. මෙය මාස 3-6 කාලයක් පමණ භාවිත කිරීම යහපත් වේ.
18.ඔක්කාරයට හා වමනයට කරපිංචා කොල යුෂ , දෙහි යුෂ සමඟ මිශ්‍ර කොට සීනි යොදා පානය කිරීම.
19.හිසකෙස් සඳහා
- කරපිංචා කොළ අහුරු තුනක් කොටා , එම යුෂ හිස ගල්වා විනාඩි පහළොවක් පමණ තබා සෝදා හැරීම.
- කරපිංචා යුෂ වලට නැවුම් එළකිරි මිශ්‍ර කොට හිස ගල්වා හොඳින් මසාජ් කරන්න. විනාඩි විස්සකට පමණ පසු සෝදා හරින්න.
- පොල්තෙල්වලට කරපිංචා කොළ එකතු කර රත් කර හිස ගැල්වීම.
- උකුණන් සඳහා කරපිංචාවල ඇට අඹරා යුෂ සමඟ එසේ හිසේ ආලේප කොට විනාඩි 30 කින් පසු සෝදා හැරීම.
කරපිංචා ලුණමිරිස් සැකසීම
- අවශ්‍ය ද්‍රව්‍ය
- කරපිංචා කොළ මිටක්
- ළූණු
- දෙහි
- ගොරකා ස්වල්පයක්
- ලුණු
සාදන ආකාරය කරපිංචා කොළ හා ගොරකා ස්වල්පය ගලේ දමා හොඳින් අඹරා ගන්න. එය බාජනයකට ගෙන ළූණු එකතු කරන්න. රස අනුව දෙහි හා ලුණු යොදා ආහාරයට ගන්න.
මේ ආකාරයෙන් ඖෂධීය ගුණ රැසක් අඩංගු කරපිංචා ආහාරයට ගැනීමෙන් ඔබගේ නීරෝගී බව වඩාත් ඔප්නංවා ගැනීමට හැකි වනු ඇත.