වර්තමානය වන විට බොහෝ දෙනෙකු මස්පිඩු පෙරළීම, ඇවිලීම, සංකෝචනය වීම නිසා වේදනා විඳි. එනම් මෙම මාංශ පේශි හැකිලීමේ තත්ත්වය ක්‍රීඩා කරන පුද්ගලයින්ට, දරුවන්ට, කාන්තාවන්ට, තරබාරු පුද්ගලයින්ට, වැඩිහිටියන්ට ,ගර්භනී මව්වරුන්ට ආදී සෑම දෙනාටම පාහේ ඇති විය හැකිය.
එනම් මාංශ පේශි පෙරළීම ඇවිලීම සංකෝචනය වීම බොහෝවිට මිනිත්තු කිහිපයක් පවතින අතර බොහෝ දෙනකුට මෙම තත්ත්වය නින්දේ දී ඇති වනු ලැබේ. නොමැතිනම් වැරදි ඉරියව් පවත්වන විට හෝ විවේකීව සිටින අවස්ථාවක වුවද ඇතිවිය හැකිය. මෙසේ දෙපා වල නිතර මස්පිඩු පෙරලීමට විවිධ හේතු බලපානු ලැබේ.
ශරීරය විජලනයට පත් වී තිබීම.ශරීරයට අත්‍යවශ්‍ය ජල ප්‍රමාණය අවම වූ විට ශරීරය විජලනයට පත් වේ. එනම් ශරීරය විජලනයට පත් වූ විට මස් පිඩු පෙරලීම සිදු වේ.මේ නිසා අධික උෂ්ණත්වයක් පවතින කාල සීමාවන් වල හා නිතර මහන්සි වී වැඩ කටයුතුවල යෙදෙන විට වැඩිපුර ජලය පානය කළ යුතුය. එනම් දිනකට වතුර වීදුරු අටක් පමණ පානය කරන්නේ නම් ශරීර විජලනය වීම වළක්වා ගෙන මස්පිඩු පෙරළීම සමනය කරගත හැකිය.

මාංශ පේශීන් තදවීම බොහෝවිට ව්‍යායාම වල, ක්‍රීඩාවන් වල නිරත වූ පසු මස්පිඩු ලිහිල් කිරීම සිදු නොකළ විට මස්පිඩු ඇවිලීම, පෙරලීම සංකෝචනය වීම සිදුවේ. මේ නිසා ව්‍යායාම හා ක්‍රීඩා වල නිරත වූ පසු විනාඩි 30 සිට 40 දක්වා මධ්‍යස්ථ ව්‍යායාමයක් ලබා ගැනීම සහ ව්‍යායාමයෙන් පසු ඒ හා සමානව මාංශ පේශී ලිහිල් කිරීම මගින් මස්පිඩු පෙරලීම වලක්වා ගත හැකිය.
වැදගත් electrolytes ප්‍රමාණය ක්ෂය වීම ශරීරයට අත්‍යවශ්‍ය විටමින්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ ඌන වූ විට මස්පිඩු පෙරළීම සිදු වේ.විශේෂයෙන්ම පොටෑසියම්, කැල්සියම් අවම වී ඇත්නම් මස්පිඩු පෙරළීම සිදුවේ. මේ නිසා පොටෑසියම්, මැග්නීසියම් අඩංගු ආහාර වර්ග නිතර භාවිතා කිරීම වඩාත් වැදගත් වේ.
අඩු සෝඩියම් මට්ටම ශරීරයට අත්‍යවශ්‍ය සෝඩියම් ප්‍රමාණය අවම වූ විට මස් පිඩු පෙරලීම සිදුවේ. මේ නිසා ලුණු ආහාරයට ගැනීම වඩාත් වැදගත් වේ. නමුත් සෝඩියම් ආහාරයට ගන්නා විට ද එය ප්‍රමාණය ඉක්මවා භාවිතා නොකළ යුතුය. එනම් අධිකව ලුණු ආහාරයට ගැනීමෙන් ද අධිරුධිර පීඩනය,හෘද රෝග ඇති විය හැකිය.
වයස්ගත වීම වයස්ගත වීමත් සමඟ ඇතිවන ශාරීරික දුර්වලතාවයන් මස්පිඩු පෙරළීම සඳහා හේතුවේ. එනම් වයසට යාමත් සමග මාංශ පේශී ස්කන්ධය (muscle mass) අඩුවී ඉන් කකුල් වල මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම සිදුවේ. මේ නිසා මස්පිඩු පෙරළීම වලක්වා ගැනීමට වැඩිහිටියන් වශයෙන් ව්‍යායාමවල නිරත වීම පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර භාවිතා කිරීම සිදුකළ යුතුය.

තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩුවීම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට ගැටලු ඇති වූ විට මස්පිඩු පෙරළීම සිදු විය හැකිය.එනම් දිගු කාලයක් මෙසේ මස්පිඩු පෙරලෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත් වෙයි එනම් මෙය තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන තත්ත්වයක් විය හැකිය.
මේ ආදී හේතූන් මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීමට බලපානු ලබන හේතු වුවද දිගු කාලයක් මෙම තත්ත්වය පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.