වයසට යනකොට හැදෙන ආතරයිටීස් දැන්ම ඉදන් පාලනය කරන කැකිරි සතු ගුණ 17 ක්

health tips

ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගත හැකි ගුණදායක එළවළුවක් ලෙස කැකිරි හඳුනාගත හැකිය. එනම් බොහෝ විට ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල වැඩි වශයෙන් වගා කරන කැකිරි ඈත අතීතයේ සිටම ව්‍යාංජනයක් ,යුෂ පානයක් ලෙස ආහාරයට ගෙන තිබේ. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව ජපානය කොරියාව චීනය ඉන්දියාව වැනි රටවල ද  කැකිරි බහුලව වගා කරනු ලැබේ. අඩි 10-08 ක් පමණ දිගට වැඩෙන කැකිරි වැලෙහි රතු,තැඹිලි,කොළ, දුඹුරු පැහැති ගෙඩි හටගනු ලැබේ. 

කැකිරි  ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය 

01.හේන් කැකිරි

02.සීනි කැකිරි 

ලෙස කැකිරි ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය. කැකිරි ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වන්නේ කැකිරි වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වීම නිසාය.

  • කාබෝහයිඩ්‍රේට්
  • සීනි
  • පොටෑසියම්
  • ජලය
  • තන්තු
  • මැග්නීසියම් 
  • යකඩ 
  • ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් කැකිරි වල අඩංගු වේ. 

ව්‍යංජන සකස් කිරීමේ දී හේන් කැකිරි ද යුෂ පානයක් පලතුරක් ලෙස ආහාරයට ගැනීමේදී සීනි කැකිරි ද භාවිතා කරයි. මේ කුමන හෝ ආකාරයකට  කැකිරි ආහාරයට ගන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

  • කැකිරිවල ඖෂධීය ගුණ  භාවිතය
  • ගැස්ට්‍රයිටිස් සමනය කරයි.

බොහෝ දෙනෙකුට පවතින ගැස්ට්‍රයිටීස් හෙවත් උදරගත ආම්ලික තාවය වැඩි වීම වළක්වා ගැනීමට කැකිරි ව්‍යංජනයක් ලෙස හෝ යුෂ පානයක් ලෙස සකසා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. කැකිරි ආහාරයට ගැනීමෙන් මෙම රෝගය නිසා ඇතිවන බඩදැවිල්ල, ඔක්කාරය වැනි රෝග සංකූලතා ද සමනය කර ගත හැකිය.

මානසික ආතතිය සුව කරයි-මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා කැකිරි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කැකිරි වල අඩංගු පොටෑසියම් , ඛනිජ ලවණ  මනෝභාවය ඉහළ නංවා ගැනීමට උපකාරී වේ.

අක්ෂි රෝග සඳහා-කැකිරි ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීමේ දුර්වලතා මෙන්ම අනෙකුත් අක්ෂි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය. එනම් කැකිරි වල අඩංගු විටමින් A ඇස් පෙනීම වැඩි දියුණු කර අක්ෂි රෝග ඇති වීම වළක්වනු ලබයි එනම් කැකිරි ආහාරයට ගැනීමෙන් ඇසේ සුද ඇතිවීමේ රෝගය 40% කින් අවම කර ගත හැකිය.

හෘද රෝග ඇතිවීම වළක්වයි-හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා කැකිරි ආහාරයට ගැනීම යෝග්‍ය වේ එනම් කැකිරි වල අඩංගු පොටෑසියම් අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම පාලනය කර හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදු කරනු ලැබේ ඊට අමතරව කැකිරි වල අඩංගු ඇඩෙනොසීන් නම් සංයෝගය රුධිර කැටි ගැසීම ඇතිවීම වැළැක්වීමට ද උපකාරී වේ එනම් මේ නිසා හෘද රෝග ඇති වීම පාලනය වේ. 

අධික දාහය හා පිපාසය සමනය කරයි-දේශගුණ විපර්යාස නිසා හෝ ගනු ලබන ආහාර වෙසක් ශරීරගත දාහය හා පිපාසය ඇතිවන හැබැයි මෙම තත්වයන් සමනය කර ගැනීමට කැකිරි යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ එනම් ඉන් උෂ්ණාධික භාවය නිසා ඇතිවන රෝග තත්ත්වයන් ද සමනය කර ගත හැකිය. 

හිසකෙස් වර්ධනය කරයි-කැකිරි ව්‍යංජනයක් ලෙස හෝ යුෂ පානයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් කැකිරි වල අඩංගු යකඩ විටමින් ප්‍රෝටීන් හිසකෙස් පෝෂණය කර හිස කෙස් වර්ධනය කිරීම සිදු කරයි. 

සිරුරේ බර අඩුකරයි-ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා කැකිරි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කැකිරිවල අඩංගු මේදය හා කැලරි ප්‍රමාණය අවම වන අතර ෆෘක්ටෝස් හා ග්ලූකෝස් නිසාද අනෙකුත් ආහාර ගැනීමට වඩා කැකිරි ආහාරයට ගැනීමෙන් සිරුරේ බර අඩු කර ගත හැකිය. 

ආතරයිටීස් රෝගය සමනය කරයි-බොහෝ වයස්ගත පුද්ගලයින් පීඩා විඳින ආතරයිටිස් රෝගය සමනය කිරීම සඳහා කැකිරි ඇට කුඩු කර සකස් කරගනු ලබන කෂාය පානය කිරීම යෝග්‍ය වේ නම් මෙමගින් ආතරයිටිස් රෝගය නිසා ඇතිවන ඉදිමුම් වේදනාවන් සමනය කරගත හැකිය.මීට අමතරව 

  • ඔක්කාරයට හා වමනයට 
  • පණු රෝගයන්ට 
  • සුවබර නින්දක් ලබා ගැනීමට 
  • උණට හා හිසරදයට 
  • ඉදිමුම්වලට 
  • රුධිරය පිරිසිදු කිරීමට 
  • පිළිකාවට 
  • සමට 
  • ශරීරගත දාහයට යන ආදී රෝග රැසක් සමනය කිරීමට ඖෂධයක් ලෙස කැකිරි ආහාරයට ගත හැකිය.