සුවඳැති සාදික්කා ගෙඩි වලින් ප්‍රබල කුළුබඩු විශේෂ දෙවර්ගයක් ලබාගැනේ. ඒවා නම් වසාවාසි (පොතු) හා සාදික්කායි. වාරයකට තෙවරක් පමණ ඵල දරන සාදික්කා ශාකයේ ගෙඩි වල මදය සති කිහිපයක් පමණ අව්වේ වේලාගනියි.සම්පූර්ණයෙන් වියළුණු පසු ඒවායේ පොත්ත වෙන්කරගනියි. මේ කුළුබඩුව යම් පැණි රසක් හා අමුතුම සුගන්ධයකින් යුතුය.බේක් කරන ආහාර වලට, පුඩිං, බීම, වෑංජන,මස් වගේ ආහාර පිසීමේදී මෙම කුළුබඩුව යොදාගනියි.ගසේ පොතු හා කොළ වලින් සාදික්කා සගන්ධ තෙල් සකසයි.රූපලාවණ්‍ය නිෂ්පාදන,දත්බෙහෙත් සැකසීමේදී හා ඇතැම් කැස්ස සිරප් වලට අමුද්‍රව්‍යක් ලෙස ද සාදික්කා යොදාගැනේ.කොකෝවා බටර් වලට ආදේශකයක් ලෙස ද ලිහිසි ද්‍රව්‍යක් ලෙස ද සාදික්කා බටර් යොදාගනියි. ඉන්දියාව,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව,තායිවානය හා කැරිබියන් දූපත් සහ දකුණු ඇමෙරිකානු කලාපයේ මේවා වගාකෙරේ.
සාදික්කා වල උද්භිත විද්‍යාත්මක නාමය Myristica fragrans නම් වේ. සාදික්කා ගෙඩි හා ඇට වල ඖෂධීය භාවිතයන් බහුලයි.සිරුරට වැදගත් පෝෂක වන මැංගනීස්(පටක ,අස්ථි හා හෝර්මෝන වර්ධනයට උදවු වේ), තඹ හා මැග්නීසියම් (සෛල අලුත්වැඩියාවීමට හා ඔක්සිකාරක ආතතිය අඩුවීමට ගුණ දේ), විටමින් ඒ,බී හා සී මෙන්ම ප්‍රතිඔක්සිකාරක ද බහුලයි. කොලෙස්ටරෝල් අඩංගු නොවේ සාදික්කා වල පෝෂණ අන්තර්ගතය ග්‍රෑම් 100කට
සාදික්කා වල ඖෂධීය ගුණ

- මොළයේ උත්තේජනයට සාදික්කා පරිභෝජනය ගුණදායකයි.එහි අඩංගු අත්‍යවශ්‍ය තෙල් තෙහෙට්‍ටුව හා ආතතියට එරෙහිව සටන් කර මානසික ක්‍රියාකාරීත්වයන් ප්‍රවර්ධනය කරයි.මොළයේ රුධිර සංසරණය වැඩිදියුණු කරන බව ද පෙන්වාදේ.මානසික ඒකාග්‍රතාව හා මතකය වැඩිදියුණු කරයි.ඇල්සයිමර්ස් වැනි රෝග වලට හේතුවන මොළයේ ඇති එන්සයිම යටපත් කරවන Myristicin නම් සංඝටක සාදික්කා වල බහුලයි.
- ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා වේදනාවට සහනය සලසයි.සාදික්කා තෙල් සන්ධි හා මාංශ පේශි වේදනා දුරුකරගැනීම සඳහා සම්බාහන තෙල් වර්ගයක් ලෙස යොදාගනියි.සාදික්කා වල phytosterols ඇති නිසා ප්‍රදාහය අඩුකරයි.රූමටික වේදනා සමනය කරයි.සන්ධි ආශ්‍රිත දැවිල්ල හා ඉදිමුම අඩුකරයි.
- දත්කැක්කුමට ගුණදායකයි. ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සාදික්කා තෙල් වේදනාවට සහනය සලසයි.බැක්ටීරියානසයි.දත් දිරායාම වළකයි.මුඛ දුර්ගන්ධය දුරුකරයි.ඉයුජිනෝල් වැනි ජෛව සංඝටක ඇති නිසා දත්කැක්කුම්ට හොඳ පිළියමක් ලෙස ක්‍රියාකරයි.
- තන්තු බහුල ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි.මලබද්ධය වැනි ජීර්ණ ගැටලු සුවකරයි.බඩේ වාතය පිරීම, පාචනය හා වෙනත් බඩේ අපහසුතා සමනය කරයි.ආහාර රුචිය වැඩිකරයි.සාදික්කා තෙල් බිංදු කිහිපයක් මී පැණි සමඟ මිශ්‍ර කර ගැනීම ඔක්කාරයට,ආමාශ ආන්ත්‍රදාහයට හා අජිර්ණයට ගුණදායිය.

- රුධිර පීඩනය හා හෘද ස්පන්දන වේගය නියාමනයට සහය දෙන තඹ පෝෂක සාදික්කා වල අඩංගුයි.පොටෑසියම් ද අඩංගු වනනිසා හෘත්වාහිනි පද්ධතියේ විඩාව අඩුකරවයි.වාහිනිප්‍රසරකයක් ලෙස ක්‍රියාකරයි. රුධිර නාළ සැහැල්ලු කර රුධිර පීඩනය අඩුකරයි.
- සම හා හිසකෙස් වලට ප්‍රතිලාභ දෙයි. ක්ෂුද්‍රජීවීනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමේ කුරුලෑ හා විවෘත වූ සිදුරු වලට ප්‍රතිකාරයකි.ගම්මිරිස් හා සාදික්කා කුඩු ලෙස සමාන කොටස් වලින් ගෙන පේස්ට් එකක් සකසා කුරුලෑ මත ගල්වන්න.බ්ලැක්හෙඩ්ස් අඩුවිමට ද මෙය පිළියමකි.සම රැළි වැටීම අඩුකරයි.සාදික්කා වල සගන්ධ තෙල් උකුණන් මර්දනය කර හිසකෙස් නීරෝගිකරයි.
- සිරුරට වැදගත් ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් සී සාදික්කා වල බහුල නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි.ප්‍රතිඔක්සිකාරක මඟින් හානිකර මුක්තකණ්ඩ ඇතිවිම වළක්වයි.
- ඉයුජිනෝල් වැනි සංඝටක අඩංගු නිසා හෘදයට ගුණදායකයි.රුධිර ලිපිඩ හා ඔක්සිකාරක ආතතිය අඩුකරයි.සාදික්කා පරිභෝජනයට ගැනීමෙන් ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් හා අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන හෝ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරවයි.
- ෆයිටොස්ටෙරෝල්ස් වැනි ජෛව සංඝටක ඇති නිසා අන්ත්‍ර පිළිකා වලට එරෙහිව ආරක්ෂාව ලබාදෙයි.මේවා සාදික්කා වල බොහෝ ප්‍රමාණයකි අඩංගු බව සඳහන්.

- ආතතිය හා කාංසාව පාලනයට වැදගත් මැග්නීසියම් පෝෂක බහුලව අඩංගුයි.කය හා මනස සන්සුන් හා සැහැල්ලු කරවන සෙරටොනින් ස්‍රාවයට වගකියනු ලබයි.සාදික්කා ඔබේ තේ,කෝපි හෝ ඖෂධීය තේ පානයක් සමඟ මුසුකර ලබාගත හැකියි.
- නිසි මාත්‍රාවක් නොමැති වුවත් සුළු ප්‍රමාණවලින් එක්කරගැනීමෙන් ආහාර වල රසය හා සුවඳ වැඩිකරගත හැකියි.අධිකව පරිභෝජනය කිරීමෙන් වළකින්න.
අතුරුආබාධ තිබේද? අධිකව පරිභෝජනය සිරුරට අහිතකර විය හැකියි.ඇතැම් අය ආසාත්මිකතා පෙන්නුම් කළ හැකියි.විශේෂයෙන්ම අධිකව ශරීරගත වීමෙන් කෙනෙකුට මත්ගතියක් ඇතිවිය හැකියි.උගුරේ වියළිබව හා ඇතැම් අයට සිරුරට අධිකව දහඩිය දැමීමට ද සාදික්කා හේතුවිය හැකියි.හදවතේ අසනීප ඇති අය සාදික්කා පරිභෝජනය ගැන සැලකිලිමත් විය යුතුයි.මධ්‍යස්ථ ප්‍රමාණයෙන් භාවිත කිරීම සෞඛ්‍යයට හිතකරය.