නිද ගැනීමෙන් බර අඩුකරගත හැකි අපූරු ක්‍රම 8 ක්

health tips

දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී මෙකී නොකී බොහොමයක් රෝගවලට මූලිකම හේතුව වෙන්නෙ  ස්ථුලතාවය. සෞඛ්‍ය සම්පන්න සුවැති දිවියක් උදෙසා අපි අපේ දේහ බර නිසි පරිදි පවත්වා ගැනීම අනිවාර්ය වෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අද බොහෝදෙනෙක් උනන්දු වෙන බවක් දකින්නත් පුළුවන්. ආහාර පාලනය,ව්‍යායාම් කිරීම ආදිය මගින් බර අඩුකර ගැනීම ගැන බොහෝදෙනෙක් දැනුවත්. නමුත් ඒ හැරුණාම ජලය පානය කිරීමෙන් පවා අපේ ශරීරයේ බර අඩුකර ගන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සිසිල් ජලය   පානය, සිසිල් ජලය ස්නානය ආදිය ඒ සඳහා සුදුසු බොහෝදෙනෙක් අතර ජනප්‍රිය ක්‍රමවේදයන්. මේ  මේ කූල් වතුර රත්කර කර ගැනීමට  ශරීරයට ශක්තිය අවශ්‍ය වෙනවා. එයින් කැලරි 50 ක් වගේ ප්‍රමාණයක් දහනය කර ගන්නට ජලය වීදුරු 6 – 8 ක් පානය කිරීම වැදගත්.  ඇමරිකාවේ National institude of Health මගින් කරන ලද අධ්‍යයනයකට අනුව  සොයාගෙන ඇත්තේ සෙල්ෂියස් අංශක 21 ට වඩා අඩු  ජලය ස්නානයෙන් පරිවෘත්තීය ක්‍රියාවලිය 93% ක් දක්වා වැඩි කළ හැකි බව. එය සිරුරේ බර පහසුවෙන් අඩුකර ගන්නට හරිම ප්‍රයෝජනවත්.  ඉතින් අද අපි කතා කරන්නේ ආහාර පාලනයක් නොමැතිව, ව්‍යායාම් නොකර නිදා ගැනීමෙන් කොහොමද අප අපේ බර පාලනය කර ගන්නේ කියන කාරණාව පිළිබඳව.

  • දිගු නින්දක් ලබා ගැනීම නින්ද අපි හැමෝම අඩු වැඩි වශයෙන් ලබා ගන්නවා. අපේ සිරුරේ සෑම ඉන්ද්‍රියකටම ඒවායේ සෛල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය කරන විවේකය නින්ද මගින් ලැබෙනවා. එය ප්‍රමාණවත් නින්දක් ලෙසයි එය  ලබාගත යුතු වෙන්නේ. ඉතින් බර අඩු කරගන්නට උනන්දු වෙන අයෙකුට පැය 8 ක නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්. අපි අඩුවෙන් නිදා ගන්නා විට අපේ ශරීරයට ශක්තිය වැඩි වශයෙන් ඕන කරනවා.ඒ නිසා එය ආහාර මගින් ලබා ගන්නට අපේ ශරීරය උත්සාහ කරනවා.මේ තත්ත්වයේ දී අපේ  ශරීරයේ හෝර්මෝන වෙනස්වීමකට ලක්වෙලා  බඩගින්න දැනීම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි කොතරම්  ආහාර ගත්තත් කුස පිරෙන්නේ නැති වීමත් සිදු වෙනවා. ඉතින් නින්ද අපේ ශරීරයට අඩුවීම අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩු කරන්නට හේතුවක් වෙනවා.
  • කාමර උෂ්ණත්වය අඩු කිරීම ශරීරයට සීතල දැණුන විට ශරීරයට උණුසුම ඇති කරන්නට ශක්තිය අවශ්‍ය කරනවා. ඒ නිසා සීතල වැඩිවෙත්ම ශරීරය විසින් දහනය කෙරෙන කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. මේ සඳහා A/C එකේ උෂ්ණත්වය  සෙල්ෂියස් අංශක  18 ලෙස සැකසීම වැදගත්. මෙමගින් ඉතා පහසුවෙන් නින්දේදී කැලරි  දහනය කරගෙන කර බර අඩුකර ගන්නට පුළුවන්.
  • උදෑසන බ්ලැක් කොෆී පානය නින්දේදී කැලරි දහනය වගේම උදෑසන සීනි නොදා කළු කෝපි කෝප්පයක් පානය කිරීමත් ඉතා පහසුවෙන් කැලරි දහනය කරගත  හැකි ක්‍රමයක්. පරිවෘත්තීය ක්‍රියාවන් වැඩි කර ශක්තිය වැය නොකර කැලරි දහනය මෙමගින් සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම කෝපිවල අඩංගු වෙන කැෆේන් ශරීරයේ මේද තට්ටු දහනය කරන්නටත් උපකාරී වෙනවා.
  • සැරට ආහාර ගැනීම බර අඩුකර ගන්නට උනන්දු වෙන අය ටිකක් මිරිස් වැඩිපුර දාලා ආහාර ගැනීම කැලරි දහනය සඳහා ඉතා හොඳයි.මිරිස්වල ඇති කැප්සේසින් කියන සංයෝගයට  හැකියාව තියෙනවා පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරලා 10 % ක් පමණ වැඩිපුර අපේ ශරීරයේ ඇති කැලරි දහනය කරන්නට.
  • ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම ප්‍රෝටීන් අපේ  ශරීරයට අවශෝෂණය කර ගැනීම සඳහා කාබෝහයිඩ්රේට්ස් සහ මේදය අවශෝෂණයට වඩා වැඩි ශක්තියක් වැය වෙනවා. ග්‍රෑම් 200 ක් පමණ චිකන් බ්‍රෙස්ටවල කැලරි 300 ක් පමණ අඩංගුයි .නමුත් ඒ කැලරිවලින් 99% ක්ම මෙහි ඇති ප්‍රෝටීන් අවශෝෂණයට ශරීරය වැය කරනු ලබනවා. නමුත් චොක්ලට් වගේ දෙයක් ආහාරයට ගත්තොත් කැලරි වැඩිවෙලා ශරීරයේ බර වැඩිවීමක් පමණයි සිදු වෙන්නේ. මොකද චොක්ලට්වලින් ශක්තිය අවශෝෂණය කර ගන්නට ශක්තිය වැය නොවන නිසා. ඒ විතරක් නෙවෙයි ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමෙන් මාංශපේශී ඇතුළු ශරීරයේ වර්ධනයටත් එය හිතකර වෙනවා. නමුත් ප්‍රෝටීන් බහුල ආහාර ගන්නා විට  ව්‍යායාම නොකර සිටීම මගින් ශරීරයේ බර වැඩිවී  ඔබේ සිරුර මහත් වෙනවා. ඒ නිසා ව්‍යායාම්වල නිරතවීම මේ වගේ පියවරකදී නම් අවශ්‍ය වෙනවා.
  • තන්තු සහිත ආහාර ගැනීම 
  • ගනු ලබන ආහාර ප්‍රමාණය අඩු නොකරන්න 
  • අධික ලෙස ආහාර නොගන්නා අයෙක් නම් අපි බර අඩුකර ගැනීමට යැයි සිතා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන්නේ නම් එය සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපානවා. ඒ නිසා මාංශපේශීවලින්  ශක්තිය ලබාගෙන ක්‍රියාකාරිත්වය  පවත්වා ගන්නවා. මෙය සිරුර මහත් කරන්නට හේතුවක් වෙනවා. මොකද ඉතිරිව ඇති මේදය ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් ගබඩා  කර ගන්නා නිසාවෙන්. ඒ නිසා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය නිසිපරිදි ලබා ගැනීම බර අඩු කරගන්නට හරිම වැදගත්.ඉතින් ආහාර පාලනය කරමින් අනවශ්‍ය ලෙස සිරුරට පීඩා ගෙන දෙන ක්‍රමයන්වලට වඩා මේ ක්‍රමවේද අනුගමනයෙන් ඔබට ඉතා පහසුවෙන් ඔබේ බර අඩුකර ගන්නට හැකියාව ලැබෙවි.