බොහෝ විට පාද ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීම හෙවත් වෙරිකොසිස්වේන් නැමති රෝග තත්වය නිසා වර්තමානය වන විට මැදිවයසේ පසුවන කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයින් දැඩිව පීඩාවට පත්ව තිබේ. පෙර සඳහන් කළ පරිදි මෙම රෝග තත්ත්වය පාද ආශ්‍රිතව බොහෝ දෙනෙකුට ඇතිවන අතර යම් යම් පුද්ගලයින්ට කලාතුරකින් අත්වලද මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මෙම රෝග තත්ත්වය ඇති වූ මුල් අවස්ථාවේම ඒ සඳහා ප්‍රතිකාර කළ හැකි නම් එය ඉක්මනින් සුව කරගත හැකිය. නොමැතිව රෝගය පිළිබඳව නොසැලකිලිමත්ව කටයුතු කිරීම මගින් සැත්කම් සිදු කිරීමට ද සිදුවේ. මේ නිසා රෝගය ඇතිවූ මුල් අවස්ථාවේම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත්වේ. නහර ගැට ගැසීම යනු පාදවල ශිරා එකට එකතු වීම හෙවත් ශිරාවල ඇතිවන ඉදමීමයි. මෙය වර්ග දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම්
01. පාදවල කෙන්ඩා මතුපිට ඇතිවන නහර ගැට ගැසීම
02.කලව ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීම. මේ අතරින් වඩාත් අසාධ්‍ය වන්නේ කලව ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීමයි.
බොහෝ දෙනෙකුට ඇතිවන මෙම රෝග තත්ත්වය එනම් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය ඇතිවීමට නොයෙක් හේතූන් බලපානු ලැබේ. එනම්

- නිතර සිටගෙන සිටීම.
- ජානමය හේතු
- ව්‍යායාම නොකිරීම.
- ගර්භණී මවක් වීම.
- වයස්ගත වීම
- .උදරයේ ශිරාවල ලේ කැටි ගැසීම් ඇතිවීම.
- තරබාරුව
- දිගුකාලීන මලබද්ධය මේ ආදී හේතූන් මත නහර ගැට ගැසීම ඇතිවිය හැකිය.
නහර ගැට ගැසීමේ රෝගය ඇති වන විට ශරීරය තුළ නොයෙක් රෝග ලක්ෂණ පහලවේ. එනම් එම රෝග ලක්ෂණ තුලින් එය නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයද යන්න නිශ්චිතවම හඳුනාගත හැකිය.
- පාදවල වේදනාව, කැසීම, කළුවීම, දැවිල්ල ඇතිවීම.
- රාත්‍රියට මස් පිඬු පෙරළීම.
- පාදවල නහර ගැටිති සහිත වීම හා ඉදිමීම.
- පාද බරවීම.
- පාදවල තුවාල ඇතිවීම.
- පාදවල නහර ඉදිමීම.
- පාදවල නහර ඉලිප්පී කැපී පෙනීම.
නහර ගැට ගැසීම සමනය කිරීම සඳහා රෝගීයාට වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු විය හැකිය. එමෙන්ම රෝගියා විසින් ම මෙම රෝගය පාලනය කර ගත යුතුය. ඊට අමතරව නිවසේදීම මේ සඳහා ස්භාවික ප්‍රතිකාර සිදු කල හැකිය.
දහස්පෙතියා කොළ සත්කාරය. ආයුර්වේදය තුල රෝගීයාට නියම කරන පලමු ඖෂධය මෙයයි. එනම් දහස්පෙතියා කොළ නහර ගැට ගැසීම සමනය කිරීමට ප්රත්යක්ෂ ගුණ දෙන ඖෂධයකි. මේ සඳහා දහස්පෙතියා කොළ මිටක් ගෙන එය හොදින් අඹරා නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සුව කර ගත හැකිය.
බීට් රූට් නහර ගැට ගැසීම සමනය කර ගැනීම සඳහා ස්භාවික ඖෂධයක් ලෙස බීට් රූට් භාවිතා කළ හැකිය. එනම් බීට් රූට් ආහාරයට ගැනීම මෙන්ම බීට්රූට් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් නහර ගැට ගැසීම පාලනය කරගත හැකිය. එනම් බීට් රූට් මගින් රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සිදුකර නහර ගැට ගැසීම සමනය කිරීම සිදුකරයි. එනම් බීට්රූට් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ද මේ සදහා බෙහෙවින් ඉවහල්වේ.

තක්කාලි ඖෂධීය ගුණයෙන් අනූන තක්කාලි නහර ගැට ගැසීම සමනය කිරීම සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම්තක්කාලි ගෙඩි දෙකක් පමණ ගෙන කැබලි වලට කපා බිලෙන්ඩර් කර යුෂ ගෙන පුළුන් කැබැල්ලක් ආධාරයෙන් නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කිමෙන් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. එනම් මෙම සත්කාරය දිනපතා දවසට දෙවතාවක් සිදු කරන්නේ නම් ඉන් වේදනාව සමනය කරගැනීමට හැකිවන්නා සේම නහර ගැට ගැසීම ද සමනය කර ගත හැකිය.
අක්කපාන කොළ සත්කාරය අක්කපාන රෝග රැසකට ගුණදෙන ඔසුවක් ලෙස ආයුර්වේදය තුළ හඳුනාගනී. එනම් නහර ගැට ගැසීම සමනය කිරීම සඳහා අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා එළගිතෙල් මේස හැඳි 05 ක් පමණ ගෙන මැටි බදුනකට දමා රත් කර පසුව මැටි බදුනට අක්කපාන කොළ කිහිපයක් දමා රත් වෙන්නට තබා මදක් නිවුණු පසු නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය. මෙම ප්‍රතිකාර කරන අතර තුර
- පාද එල්ලාගෙන සිටීම අවම කිරීම. වාඩි වනවිට සමාන්තර අසුනක් මත පා තබා වාඩිවීම.
- ජලය පානය කිරීම.
- බර පාලනය කර ගැනීම
- වෙළුම් පටි පැළදීම,මේස් පැළඳීම
- ව්‍යායාම වල නිරත වීම
- නිතර ඉහළ පහළ ගමන් කිරීම අවම කිරීම.
- නිදන ඇඳ මත පාද දමන පැත්ත අඩි 1/2 පමණ ඔසවා තැබීම
- සිටගෙන සිටීම අවම කිරීම.
- මේ ආදී වශයෙන් රෝගය සුව කර ගැනීමට හේතුවන අයුරින් කටයුතු කිරීම මගින් නහර ගැට ගැසීම සුව කර ගත හැකිය.