පෙනහළු යනු අපගේ ශරීරයේ ප්‍රධාන කෘත්‍යයන් ඉටු කරන තවත් එක් ප්‍රධාන තම අවයවයකි. එනම් ඔක්සිජන් ශරීරය පුරා ගෙන යනු ලබන්නේ ශ්වසන පද්ධතිය මගිනි. එහිදී ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාමත් රුධිරයේ පවතින කාබන්ඩයොක්සයිඩ් නැවත නාස්පුඩු හරහා පිට වීමට සැලැස්වීමත් සිදු කරන්නේ පෙනහළු මගිනි. මේ නිසා මිනිසා ජීවත් ව සිටීමට නම් පෙනහළු නීරෝගීව පවත්වා ගැනීම අතවශ්‍යවේ. එනම් පෙනහළු නීරෝගීව පවත්වා ගැනීමට ඖෂධ ලබා ගැනීම අවශ්‍යය නොවේ. එනම් අප ගනු ලබන ආහාර මගින් පෙනහළු පිරිසිදු කර පෙනහළුවල නීරෝගී භාවය වැඩි කර ගත හැකිය. එවැනි ආහාර වර්ග කිහිපයකි.
ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග පෙනහළුවල නිරෝගි භාවය පවත්වා ගැනීම සඳහා ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් සැමන්, මැකරල් වැනි මාළු වර්ග වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය පෙනහළු වල පවතින ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීම සිදුකර ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි. එනම් ඉන් පෙනහළු පිරිසිදු කර ගැනීමට මෙන්ම පෙනහළු පිලිකා ඇතිවීම වලක්වා ගැනීමට ද හැකියාව ලැබේ.

හරිත තේ පානය රාත්‍රියේදී නින්දට යාමට පෙර හරිත තේ පානය භාවිතා කරන්නේ නම් ඉන් පෙනහළු පිරිසිදු කර ගත හැකිය. එනම් හරිත තේවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පෙනහළු වල ක්‍රියාකාරීත්වය වර්ධනය කර දුම්කොළ ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පෙනහළුවල ඇතිවන පිළිකා මර්දනය කරනු ලැබේ. එනම් මේ නිසා පෙනහළු නීරෝගීව තබා ගැනීමට හරිත තේ පානය කිරීම යෝග්‍ය වේ.
ඉඟුරු මිනිස් සිරුරේ බොහොමයක් රෝග සුව කිරීම සඳහා ඉඟුරු යනු ගුණදායක ඖෂධයකි. එනම් ඉඟුරු ආහාරයට ගැනීමෙන් පෙනහළු පිරිසිදු කරගත හැකිය. එමෙන්ම පෙනහළුවල ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමට ද ඉඟුරු භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් මේ සඳහා ආහාර පිසින විට හෝ තේ සකස් කරනවිට ඉඟුරු කැබැල්ලක් මිශ්‍ර කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් එය ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනයට ද හේතුවේ.
සුදුලූනු සුදුලූනු යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවන තවත් එක් ඖෂධීය කුළු බඩුවකි. එනම් මිනිස් සිරුරේ ඇතිවන බොහෝ රෝග සමනය කිරීමට සහ ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට සුදුලූනු භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් සුදු ලූනු ආහාර පිසින විට එක් කර ගැනීමෙන් හෝ පුළුස්සා ආහාරයට ගැනීමෙන් පෙනහළු පිරිසිදු කරගත හැකිය. එනම් සුදුලූනුවල අඩංගු ඇලසීන් නැමැති සංයෝගය දුම්පානය කිරීමෙන් හෝ මත්පැන් පානය කිරීමෙන් පෙණහළු වලට වන හානිය අවම කර පෙනහළු පිලිකා ඇතිවීම වලක්වා ගැනීමට ද උපකාරීවේ.
කහ පෙනහළු පිරිසුදු කරගැනීමට මෙන්ම පෙනහළු වල ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමට කහ භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් ආහාර පිසින විට කහ එක්කර ගැනීම හෝ කිරි සමඟ කහ මිශ්‍ර කර පානය කිරීම මගින් කහවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පෙනහළු නිසියාකාරව ක්‍රියාත්මක කර පෙනහළු නිරෝගී කරනු ලැබේ. මේ නිසා මත්පැන්, දුම්වැටි පානය කරන පුද්ගලයින් කහ භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.
හතු වර්ග අප ආහාරයට ගනු ලබන නොයෙකුත් හතු වර්ගයක් පෙනහලුවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට වැඩි දායකත්වයක් සපයනු ලබයි. එනම් හතු වල අඩංගු විටමින් ඊ පෙනහළු නිසියාකාරව ක්‍රියාත්මක කර පෙනහලු පිරිසිදු කිරීමට හේතු වේ. එනම් හතු ආහාරයට ගැනීමෙන් පෙණහලු ආශ්‍රිතව ඇති විය හැකි ප්‍රදාහ තත්ත්වයන්, පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.
අන්නාසි අන්නාසි යනු ස්වසන පද්ධතිය නීරෝගීව පවත්වා ගැනීම සදහා ආහාරයට ගත හැකි ගුණදායක පලතුරකි. එනම් උෂ්ණ ගුණයෙන් යුතු වුවද අන්නාසි ආහාරයට ගැනීමෙන් පෙනහලු පිරිසිදු වේ. එමෙන්ම අන්නාසිවල අඩංගු bromalain නැමති සංඝටකය පෙනහළු පිරිසිදු කර පෙනහළු නීරෝගී කිරීමට හේතුවේ. මේ නිසා පෙනහළු නීරෝගීව තබා ගැනීමට අන්නාසි ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.

කෙසෙල් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු පලතුරක් ලෙස කෙසෙල් හඳුනාගත හැකිය. එනම් කෙසෙල් ආහාරයට ගැනීමෙන් පෙනහළු පිරිසිදු කරගත හැකිය. එනම් කෙසෙල් වල අඩංගු පොටෑසියම් පෙනහළු බිත්ති පුළුල් කිරීම සිදුකර පෙණහලුවල ක්‍රියාකාරිත්වය වර්ධනය කරනු ලැබේ. එනම් ඇදුම රෝගය සඳහා ද කෙසෙල් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් කෙසෙල් මගින් පෙනහළුවල නිරෝගීභාවය වැඩි කර ගත හැකිය.
ඇපල් ලොකු කුඩා සැම දෙනාම පාහේ වැඩි වශයෙන් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන ඇපල් පෙනහලු පිරිසිදු කිරිමට දායක වේ. එනම් ඇපල් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වන විටමින් ඊ සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරකයන් පෙනහළු නිසි පරිදි ක්‍රියාත්මක කර පෙණහලු පිරිසිදු කිරීම සිදුකරයි. එනම් මේ නිසා පෙනහළු නිරෝගීව පවත්වා ගැනීමට ඇපල් නිතර ආහාරයට එක්කර ගැනීම ද යෝග්‍ය වේ. මෙම ආහාර ගන්නා අතරතුර
- ක්ෂණික ආහාර භාවිතය අඩු කිරීම.
- ලුණු අධික ආහාර පාන භාවිතය අවම කිරීම.
- ව්‍යායාම වල නිරත වීම.
- දුම්වැටි මත්පැන් පානය අවම කිරීම.
මගින් පෙනහළු පිරිසිදු කර පෙනහළුවල ඇති විය හැකි පිළිකා වැනි මාරාන්තික රෝග ඇතිවීම ද වළක්වාගත හැකිය.