කොරෝනා වසංගතයත් එක්ක ගෙවෙන මේ කාලයේදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. මේ ජන්මයෙන් අපිට උරුම වෙන ප්‍රතිශක්තිය මුළු ජීවිත කාලය පුරාවටම අපේ ශරීරය විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට විශාල මෙහෙයක් සිදු කරනවා. මේ ප්‍රතිශක්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍ය සාධක කිහිපයක්ම පවතිනවා.
- අප ගනු ලබන ආහාර
- ඇවතුම් පැවතුම් (විහරණ )
- මානසික ඒකාග්‍රතාවය
- බාහිරින් ලබා ගන්නා ඖෂධ
අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම සහ අඩු වීමට මේ සාධක විශාල බලපෑමක් කරනවා. ඒ අතරින් අපි ගනු ලබන ආහාරපාන සුවිශේෂී වෙනවා. ඒ නිසාවෙන් අපි අද කියන්නේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා භාවිතා කළ හැකි ඖෂධීය පානයන් කිහිපයක් පිළිබඳව.
1. සුදුලූනු ගම්මිරිස් පානය

- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
- ශරීරයේ විෂ නසනවා.
- ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- සෙම් රෝග නසනවා.
- පෙනහලු නිරෝගී කරනවා.
පොතු ඉවත් කරගත් සුදුලූණු බික් 10 ක් පමණ සෝදා එයට සෝදාගත් ගම්මිරිස් මිටක් පමණ එකතු කරන්න. මේ මේ සියල්ල භාජනයකට දමා වතුර කෝප්ප 3 ක් එකතු කර කෝප්ප දෙකක් වෙනතුරු සිදුවා ගන්න. පසුව පානය කළ හැකි තරමට රස්නය තිබියදී මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න . මෙය පානයි කරන ගමන් තම්බා ගත් සුදුළූණු සහ ගම්මිරිස් ඇට දහයක් පමණ ආහාරයට ගන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම සුදුළූණුවල ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ප්‍රතිජීවක සහ ප්‍රතිවයිරස ගුණාංග ඉතා ඉහළ නිසා මේ පානය නීරෝගීව ජීවත් වෙන්නට උදව් වෙනවා.
2.පස්පංගුව පස්පංගුව පැකට් අපිට වෙළෙඳපොළෙන් මිල දී ගන්නට හැකියාව තිබුණත් බෙහෙත් බඩු කඩවලින් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන අවශ්‍ය ප්‍රමාණයන් වලින් සකසා ගන්නා එක වඩාත් සුදුසුයි.
- පත්පාඩගම්මේ පත්පාඩගම් අපේ ශරීර ශක්තිය වර්ධනය කරනවා.
- වෙනිවැල්ගැට වෙනිවැගැටවලට ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා.
- කටුවැල් බටු සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස ආදී රෝග තත්ත්වයන් සුවපත් කරගන්නට මේ ඖෂධය ඉතාම වැදගත්.
- කොත්තමල්ලි
පෙනහලු නීරෝගීව තියා ගන්නට විශාල මෙහෙවරක් ඉටු කරන ඖෂධයක්. ඒ වගේම කොත්තමල්ලි සෙම අඩු කරමින් උණ ආදී රෝග තත්ත්වයන් සුව කරන්නත් දායක වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා දුරු කර ආහාර මාර්ගයේ රෝග තත්ත්වයෙන් සුව කරන්නටත් ඇදුම ආදී රෝග තත්ත්වයන් සුව කරන්නටත් කොත්තමල්ලි දායක වෙනවා.
මෙය මැටි මුට්ටියක් භාවිතයෙන් අඩු ගින්දරේ හෙමිහිට තම්බා ගන්න. සෙම්ප්‍රතිශ්‍යාව නැති අය සඳහා මෙය පානය සැකසීමේදී අමු කොත්තමල්ලි සහ අමු ඉඟුරු කෑල්ලක් භාවිතා කරන්නට පුළුවන්.
3.තැම්බුම් හොද්ද

- ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා
- දියවැඩියාව පාලනය කරනවා
- ශරීරයේ අහිතකර මේදය දිය කරනවා
- ආහාර රුචිය වර්ධනය කරනවා
- ශරීරයේ විෂ ඉවත් කරනවා
- ආහාර ජීර්ණය පහසු කරනවා .
- බඩේ අජීර්ණ සමනය කරනවා.
- කටට දැනෙන අමිහිරි රසයන් දුරලනවා.
- සිරුරට නව ජීවයක් ලබාදෙනවා.
- උ උදරයේ කැක්කුම් නසනවා . බඩ පිපුමට ගුණදායකයි.
- ආහාර විෂවීම සඳහා ගුණදායකයි.
අවශ්‍ය ද්‍රව්‍යය
- කොත්තමල්ලි මේස හැඳි දෙකක්
- සූදුරු මේස හැඳි එකක්
- ගම්මිරිස් තේ හැඳි බාගයක්
- සුදු ළූණු බික් 4-6
- සියඹලා ඇට 5 කෝ ගොරකා
- කරපිංචා ඉති තුන හතරක්
- පෙරුම්කායම් කුඩා කැබැල්ලක්
- මුරුංගා කොළ ස්වල්පයක්
- වියළි මිරිස් කරල් දෙකක්
- රස පදමට ලුනු
මුලින්ම සූදුරු සහ කොත්තමල්ලි විනාඩි 30 ක් පමණ පෙඟෙන්නට තබා පෙරා ගෙන එයට ගම්මිරිස්, සුදුළූණු , වියළි මිරිස්, කරපිංචා ලුණු ආදී සියල්ල එකතු කර තරමක ප්‍රමාණයක් දක්වා අඹරා ගන්න. පසුව මේ පේස්ට් එක සමඟ වතුර කෝප්ප 4ක් භාජනයකට එකතු කරන්න. එයට ජලයේ දියකර ගත් සියඹලා සහ මුරුංගා කොළ එකතු කරන්න. පෙරැම්කායම් කෑල්ලක් භාජනයක රත්වෙන්නට තබා කුඩා කැබැල්ලක් කඩාගෙන එයත් එකතු කර විනාඩි 15 ක් පමණ මද ගින්දරේ පිස ගන්න.
4.කහ ගම්මිරිස් පානය
- ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට උදව් වෙනවා.
- ශරීර අභ්‍යන්තර තුවාල සුවපත් කරනවා.
- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
මේ පානයත් අපේ ශරීරයට ඉතාම වැදගත් ප්‍රතිලාභ ලබා දෙනවා. ගම්මිරිස් ඇට තේ හැදි කාලක් සහ අවශ්‍ය ප්‍රමාණයට අමු කහ කෑල්ලක් ගෙන සූදානම් කරගන්න. තේ හැදි කාලක පමණ ප්‍රමාණයක් අමු කහ ග්‍රේට් කර එකතු කරගන්න. මෙයට වතුර කෝප්ප දෙකක් පමණ එකතු කර පැහැය වෙනස් වෙනතුරු අඩු ගින්දරේ තම්බා ගන්න. පෙරාගෙන රස්නය සහිතව තිබියදී හකුරු කෑල්ලක් එක්ක පානය කරන්න. මේ පානය උදේ හිස්බඩ ලබා ගන්නට පුළුවන් නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ඔබට ලබා ගන්නට පුළුවන්.

5.ඉඟුරු කොත්තමල්ලි පානය මුලින්ම සෝදාගත් ගම්මිරිස් ඇට සාමාන්‍ය ප්‍රමාණයට බැදගෙන එයට ඉඟුරු කුඩු එකතු කර බ්ලෙන්ඩර් කර ගබඩා කර තබා ගෙන අවශ්‍ය වේලාවට පානය සාදා ගෙන සීනි එකතු කර පානය කරන්න.
6.පාවට්ටා මේ ශාකය ආයුර්වේදයේ බහුලවම භාවිතයට ගන්නා ඖෂධීය ශාකයක්. ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ සිට පිළිකා නැසීමේ ප්‍රබල හැකියාවක් ද පාවට්ටා සතු වෙනවා. පාවට්ටා කොළ සහ පාවට්ටා මුල් විශේෂයෙන් භාවිතා කරනු ලබනවා. මෙහි තිත්ත රස අධික නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍රකර පානය කරන්නට පුළුවන්. ඒ වගේම සීනි වෙනුවට මී පැණි හකුරු එක්ක පානය කිරීමෙන් වඩාත් ගුණ ලබා ගන්නට පුළුවන්
මේ සියලුම පානයන් අපිට ඉතා පහසුවෙන් සොයාගෙන භාවිතා කරන්නට හැකියාව තියෙන ඖෂධීය පානයන්. සතියක් පුරාවට ගන්නා සාම්ප්‍රදායික පානයක් වෙනුවට මේ පාන වර්ගවලින් කිහිපයක් ඔබට භාවිතා කරන්න පුලුවන්.