කෘතිම රසකාරක වෙනුවට භාවිතා කළ හැකි රෝග සුව කරන ස්වභාවික රසකාරක 6 ක්

health tips

වර්තමානය වන විට බොහෝ දෙනෙකු ගත කරන ජීවන රටාව නිසා මෙන්ම ගනු ලබන ආහාර රටාව නිසා බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වී තිබේ. එනම් අදවන විට වැඩි පිරිසක් ආහාරයට ගනු ලබන්නේ කෘතිම රසකාරක හා ක්ෂණික ආහාර වර්ගයි. කරනලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කෘතිම රසකාරක රෝග ගණනාවකට හේතුවක් වන බවයි.

ඈත අතීතයේ ආහාර පිසීමේදී ආහාරවල රසය ගුණය වැඩි කර ගැනීමට රසකාරක ලෙස ඖෂධීය කුළුබඩු එකතු කරගත්තද වර්තමානය වන විට ආහාර රසවත් කර ගැනීමට කෘතිම රසකාරක බොහොමයක් එකතු කර ගනී. අජිනමොටෝ, සුප් කැට, සුප් පව්ඩර්, වර්ණක මේ අතර ප්‍රධාන වේ. එනම් මෙවැනි රසකාරක නිතර ආහාරයට ගැනීම මගින් පිළිකා වැනි රෝග ඇතිවීම වැඩි වී තිබේ. ඊට අමතරව
කොලෙස්ටරෝල්හෘදයාබාධ

  • ස්නායුආබාධ
  • මදසරුභාවය
  • ලිංගික බෙලහීනතාවය
  • අධික තරබාරුව
  • මන්ද මානසික ආබාධවකුගඩු රෝග
  • ලියුකේමියාව මෙවැනි රෝග ගණනාවක් ඇති වීමට හේතු වී ඇත්තේ කෘතිම රසකාරක භාවිතයයි.


ඈත අතීතයේ සිට ආහාර රස ගැන්වීමට භාවිතා කළ ස්වභාවික රසකාරක වර්ග  බොහොමයක් පවතී. එනම් ඒ ඒ කුළුබඩු ආහාර පිසීමේදී එක්කර ගැනීමෙන් ලබා ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභද බොහොමයක් පවතී.

කුරුඳු කුරුඳු යනු ඖෂධීය ගුණ රැසක් අඩංගු කුළුබඩුවකි. එනම්  කුරුඳු වඩාත් ප්‍රචලිත සුවඳකාරකයක් ලෙසය. එනම් ශීත රටවල කුරුඳු වැඩිවශයෙන් භාවිතා කරනු ලැබේ. එමෙන්ම ආහාර පිසින විට කුරුඳු එක් කර ගැනීමෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය.
  • ආහාර රුචිය වර්ධනය කර ගත හැකිය.
  • සම පැහැපත් කර ගත හැකිය
  • සෙම් රෝග සමනය කර ගත හැකිය.

කොත්තමල්ලි, සූදුරු, මහදුරු මෙම ඖෂධීය කුළුබඩු වර්ග තුන සෝදා වියලා බැද කුඩුකර තුනපහ ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරයි. සැබැවින්ම ඕනෑම ආහාරයක් පිසින විට තුනපහ යෙදීම කාගේත් සිරිතවේ. එනම් ඉන් ආහාරය තවත් රසවත් කර ගත හැකිය. සුවඳවත් කර ගත හැකිය. ඊට අමතරව මෙම කුළුබඩු වර්ග යොදා ගනිමින් ආහාර පිසූ විට නොයෙක් සෞඛ්‍යමය වාසි රැසක් අත් කර ගත හැකිය.

  • රක්තහීනතාවය සමනය කරයි.
  • රුධිරය පිරිසුදු කරයි.
  • ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
  • උදර රෝග සමනය කරයි.
  • කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි.මේ ආදී රෝග සමනය කිරීමට “තුනපහ” රසකාරයක් ලෙස ආහාර පිසින විට යොදා ගැනීම වඩාත් සුදුසුවේ.

කරපිංචා ඈත අතීතයේ සිටම භාවිතා කළ ඖෂධීය ගුණ ඇති රසකාරකයක්, සුවඳ කාරකයක් ලෙස කරපිංචා ශාකයේ කොළ හඳුනාගත හැකිය. එනම් කරපිංචා පිසින ඕනෑම ආහාරයකට එකතු කර ගත හැකිය.  එනම් එමගින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකි.

  • ශරීරයේ විෂ ඉවත් කිරීම
  • ශරීරය සිසිල් කිරීම
  • උදර රෝග සමනය කිරීම
  • මේදය දහනය වීම
  • ආහාර ජීර්ණය ක්‍රමවත් වීම
  • ආහාර රුචිය වැඩි වීම.මේ ආදී වශයෙන් කරපිංචා ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකි.

ගම්මිරිස් යනු මිරිස් වෙනුවට භාවිතා කළ හැකි එකම  කුළුබඩුවයි. එනම් ගම්මිරිස් කලු රජ්ජුරුවෝ ලෙසද හඳුන්වයි. ඈත අතීතයේ මුදල් වෙනුවට ද ගම්මිරිස් භාවිතා කර තිබේ.එනම් ගම්මිරිස් ආහාර පිසීමේදී රසකාරකයක් ලෙස යොදා ගැනීමෙන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය.

  • ආහාර ජීර්ණය ක්‍රමවත් කර ආහාර රුචිය වර්ධනය කරයි.
  • උදරගත බඩ පිපුම, ඔක්කාරය සමනය කරයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරයි.මේ ආදී වූ රෝග රැසක් සුව කර ගැනීමට ගම්මිරිස් ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ.

ඉගුරු රෝග ගණනාවකට ඖෂධයක් ලෙස ඈත අතීතයේ සිටම භාවිතා කළ ඉගුරු යනු ආහාර රසවත් කර ගැනීමට  භාවිතා කළ හැකි කුළුබඩුවකි. එනම් ඉඟුරු ආහාර පිසින විට භාවිතා කිරීම මගින් ආහාර සුවඳවත් වේ.ඊට අමතරව

  • ආහාර රුචිය වර්ධනය වේ.
  • මේදය දහනය වේ.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ.
  • උදරගත රෝග සමනය වේ.
  • ආහාර රුචිය ඇතිවේ.
  • උගුර ආශ්‍රිත වේදනාවන් සුවපත් වේ.
  • එනම් ආහාර පිසින විට රසකාරයක් ලෙස ඉඟුරු කැබැල්ලක් එකතු කර ගැනීමෙන් ඉහත සෞඛ්ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

අබ ඈත අතීතයේ සිටම ආහාර රසවත්, සුවඳවත් කර ගැනීමට ඖෂධයක් ලෙස අබ  රසකාරයක් ලෙස යොදා ගෙන තිබේ. එනම් එමගින් ද සෞඛ්ය ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකිය.

  • ආහාර රුචිය වැඩි කරයි.
  • ආහාර සුවඳවත් කරයි.


සුදුලූනු ස්භාවික රසකාරක අතර වඩාත් ඖෂධීය ගුණ අඩංගු කුලුබඩුවක් ලෙස සුදුලූනු හැඳින්විය හැකිය. එනම් සුදුලූනු ආහාරය පිසින විට එක් කර ගැනීමෙන්  ආහාර සුවඳවත් රසවත් කර ගත හැකිය. ඊට අමතරව බොහෝ රෝග සුව කර ගැනීමට ද සුදුලූනු ආහාරයට ගැනීම ගුණදායකය. එනම් සුදුලූනු වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.

  • හෘද රෝග ඇතිවීම පාලනය කරයි.
  • පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.
  • දියවැඩියාව පාලනය කරයි
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
  • අධිරුධිර පීඩනය පාලනය කරයි.මේ ආදී වූ රෝග රැසක් සමනය කිරීමට සුදුලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

මේ ආදී වූ රෝග රැසක් සමනය කර ගැනීමට  ආහාර පිසින විට ස්භාවික රසකාරක  එක් කර ගැනීම යෝග්‍ය වේ. මෙවැනි ස්වභාවික රසකාරක වලට අමතරව සාදික්කා, වසාවාසි, කරාබුනැටි, උළුහාල් … ආදී කුළුබඩු වර්ගද භාවිතා කළ හැකිය.