කට්ටක් ඇණුනාම එක රැයෙන් කට්ට අද්දවන ස්වභාවික ක්‍රම 16ක්

health tips

ඈත අතීතයේ සිටම බොහෝ රෝග සමනය කිරීමට විවිධ ඖෂධ වර්ග යොදා ගෙන තිබේ.  ඒ අතරින් කටු ඇද්දවීම සඳහාද නොයෙක් ප්‍රතිකාර සිදුකරයි. මෙම ඖෂධ භාවිතා කිරීමෙන් එක රැයෙන් කටු ඇද්ද විය හැකිය.කටුවක් ඇනුනු විගසම පළමුව සිදු සිදු කළ යුත්තේ එම ස්ථානය හොඳින් සෝදා රෙදි කඩකින් තෙත ඉවත් කර ගැනීමයි. ඉන් පසු පැහැදිලිව පෙනෙන කටුවක් නම්  එය ඉවත් කර ගත හැකිය. එසේ නොවන ඇද්දවිය නොහැකි කටු  විවිධ ඖෂධ වර්ග යොදා ගෙන එක රැයකින් ඇද්දවිය හැකිය. 

01.දිවිකදුරු කොළ– දිවිකදුරු පොතු,දිවිකදුරු කිරි,අමුකහ යන සියල්ල අඹරා බඳින්න.

02.රසතැල් කොළ-කයිප්පු,කළුදුරු,අමුකහ,පැපොල් මුල් පොල් කිරෙන් අඹරා බඳින්න.

03.සීනි-පොල්,කහ යන සියල්ල මිශ්‍ර කර කටුව ඇනුණ තැන පාදා මිශ්‍රණය බඳින්න. 

04.පෙරුම්කායම්-බත් දංකුඩ,කඩුපහර පොල්කිරෙන් තම්බා බඳින්න. 

05.එරබදු  කොළ -කොහොඹ කොළ දෙහි ඇඹුලෙන් අඹරා බැඳීම. 

06.කපු කොල-ගොන් කැකිරි අල,කෝවක්කා කොල,ඔලිඳ කොල සමව ගෙන කොටා කටු ඇනුණ ස්ථානයෙහි බැඳීම.

07.කටු ඇනුණ තැන සෝදා දෙහි කටුවකින් පාදා ගස්ලබු කිරි තබා බඳින්න.

08.වරා කිරි දමා , සිනි , පොල් දමා  මළවා බඳින්න. 

09.කහ, ලුණූ දමා  කොටා මළවා බැඳීම. 

10.බේකිං සෝඩා ස්වල්පයකට ජල බිංදු කීපයක් එකතු කර එය තලපයක්  සේ සකසාගෙන කට්ට ඇනුනු තැන තබා ප්ලාස්ටර් දමා පැය 24ක් තැබීම. 

11.කිරි ස්වල්පයකට පාන් කැබැල්ලක් දමා එය රත් කර මද රස්නයෙන්  කට්ට ඇනුනු තැන තබා ප්ලාස්ටරය දමා පාන් වියලුණු පසු ගලවා හරින්න. 

12.කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත කට්ට ඇනුනු තැන තබා ප්ලාස්ටරයක් දමා පුරා රැයක් තබා පසුව ගලවා බලන්න. 

13.තුනියට කපාගත් අල පෙත්තක් ගෙන කටු ඇනුන ස්ථානයේ තබා රැයක් තිබෙන්නට හැර ගලවා බලන්න. 

14.කටු අනුන තැන පාදා ගස්ලබු කිරි දමා බඳින්න. 

15.සිනි, පොල් දමා මළවා බඳින්න. 

16.නියඟලා අල ගලගා එම ස්ථානයේ ආලේප කිරීම.