කාන්තා පිරිමි ලොකු පොඩි හැමෝටම සුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙනවා. ඒ අතරෙන් වැඩි දෙනෙක් පීඩා විඳින ගැටළුවක් තමයි මුඛ දුර්ගන්ධය කියලා කියන්නේ. නමුත් මෙයට එකම හේතුව වෙන්නේ දත් මැදීම නිසියාකාරව නොකිරීමම නෙවෙයි.ඇතැම් පුද්ගලයන් දත් මැද්දත් විදුරුමස් දියවීමේ රෝගයෙන් පීඩා විඳිනවා නම් එවැනි අය ඕනෑම ආහාර ද්‍රව්‍යයක් ගැනීමෙන් පස්සේ දත් අතර ඒවා තැන්පත් වීම නිසා මුඛයේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාකාරී වෙලා දන්ත මූලය සහ විදුරුමස් වලට හානි සිද්ධ කරනවා .මේ නිසා මුඛ දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි දත් කොතරම් නිරෝගීව තියා ගන්නට උත්සාහ කරත් දත්වල සිදුරු ඇතිවීම, දත් දිරායාම, විදුරුමස් දියවීම, අකලට දත් සෙලවීම වගේ ගැටලු බොහොමයකින්ම වැඩි දෙනෙක් පීඩා විඳිනවා. වර්තමානයේ භාවිතයට තියන විවිධ නාමයන්ගෙන් යුත් දන්තාලේප ප්‍රමාණය සැලකුවොත් අපිට දන්ත රෝග හෝ මුඛ රෝග තියෙන්නට හැකියාවක් නැහැ. නමුත් අදටත් මේ ගැටළුවල අඩුවක් දකින්නට නැත්තේ ඒවායේ ගුණාත්මක භාවයේ යම් යම් ගැටලු පවතින නිසා.
ඉතින් අපි හැමෝම කැමතියි අපේ මුඛ සෞඛ්‍යය යහපත්ව තියාගන්න. ඒ සඳහා දන්තාලේප භාවිතා කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගැටළුවලින් මිදෙන්නට ඔබට ස්වභාවික මවුත් වොෂ් එකක් භාවිතා කිරීම වඩාත් ඵලදායි වෙනවා. සාමාන්‍යයෙන් දත්වල ඇති ගැටලු බොහොමයකට සහනයක් ලබාගන්නට විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ ඕනෑතරම් මවුත් වොෂ් වර්ග ලබාගන්නට හැකියාව තියෙනවා. නමුත් මේවායේ අඩංගු රසායන සහ සීනි නිසා දත්වලට එතරම් හිතකර නැහැ.
ඉතින් ඒ නිසා අපි අද ඔයාට කියන්න යන්නේ ස්වාභාවිකවම දත් රෝග සියල්ලටම වගේ ගුණදායක වන මවුත් වොශ් එකක් නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබඳව.
අවශ්‍ය ද්‍රව්‍ය

පේර පොතු මිටක්-පේර රසයෙන් වගේම ගුණයෙන් ඉතාම ඉහළ පලතුරක්. ඒ වගේම මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කර ගන්නට විවිධ රෝග සඳහා පිළියම් පිණිස භාවිතා කරන්නට හැකියාව තියෙන අපූරු ශාකයක් .දියවැඩියාවට, හදවත් රෝගවලට, රුධිර පීඩනයට, පිළිකා නැසීමට ආදී සුවිශේෂී ගුණ රාශියක්ම පේරවල අඩංගු වෙනවා. ඒ වගේම පේර නිතර ආහාරයට ගන්නවා නම් තරුණ බව ආරක්ෂා කරගන්නටත්, රක්තහීනතා වළක්වන්නට ගන්නත් පුළුවන්. මේ ශාකයේ ගෙඩි පලතුරක් විදිහට ගැනීම හැරුනහම කොළ සහ පොතු ආදිය ඖෂධ වශයෙන් භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම පේර පොතු මුඛ සෞඛ්‍යය ආශ්‍රිත ගැටලුවලට බහුලවම භාවිතයට ගැනෙන ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.
කරාබු නැටි -කරාබු නැටිවල ඇති සුවිශේෂී ගුණ අතරින් එක් ගුණයක් තමයි දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරන්නට දක්වන සුවිශේෂී දායකත්වය. දත්වල සෞඛ්‍යයට කරාබු නැටි තරම් ඔසුවක් නැහැ. විෂබීජ නාශක ගුණයෙන් යුක්ත සාමාන්‍ය ප්‍රතිබැක්ටීරියා නාශකයන්ට එරෙහිව සටන් කරන්නට නොහැකි බැක්ටීරියා වර්ග විදියට සැලකෙන Escherichia coli , Pseuidomonas aeruginosa ආදී බැක්ටීරියා විනාශ කරන්නට මේ කරාබුනැටිවලට හැකියාව තියෙනවා.
මේ කරාබු නැටි මුඛය තුළ සිදුවන අහිතකර බැක්ටීරියාවල බලපෑම් අවම කරමින් දත් දිරායාම, දත් කුහර ඇතිවීම අවම කර දත්වල මැලියම් ඇතිවීමත් වළක්වනවා. දත් ශක්තිමත් කරමින් මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නත් කරාබු නැටි අපිට උදව් වෙනවා.
කුරුඳු පොතු කිහිපයක්-මුළුතැන්ගෙට නැතුවම බැරි හරි අපූරු ගුණ රාශියක් තියෙන කුරුඳු දන්ත ගැටළු නැතිකර ගන්නටත් ඉතාම කදිම ඔසුවක්. කුරුඳුවලින් ලැබෙන බොහෝ වාසි හැරුනහම මුඛ සෞඛ්‍ය යහපත්ව තියාගන්නට එය දක්වන දායකත්වය සුවිශේෂීයි. විදුරුමස් ශක්තිමත් කිරීම, දත් කුහර ඇතිවීම වැළැක්වීම. දත් කැක්කුම නැති කිරීම, දත් දිරායාම වැළැක්වීම, මුඛ දුර්ගන්ධය ඇති වීම වැළැක්වීම කියන බොහොමයක්ම ගැටළු කුරුදු භාවිතයෙන් අපිට සුවකර ගන්න පුළුවන්.

සාදාගන්නා ආකාරය-හොඳින් සෝදා පිරිසිදුව මේ අමුද්‍රව්‍ය 3 (අත් මිටක ප්‍රමාණයක් ) ලබාගන්න. ඉන්පසුව ඒවා තරමක ප්‍රමාණයට කුඩු කරගන්න. ඉන්පසුව මෙයට ජලය ලීටර් 1 පමණ ප්‍රමාණයක් දමා හොඳින් උතුරවා ගන්න විනාඩි පහක පමණ කාලයක්. ඉන්පසුව අපූරු සුවඳක් සහ ජලයේ පැහැය වෙනස් වීමක් ඔබට දැකගන්නට පුළුවන්. ඉන්පසුව එය නිවෙන්නට හැර පෙරා වීදුරු බෝතලයක දමා ඔබට භාවිතයට ගන්න පුළුවන්.
මේ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයට ගන්නා නිසා එය මුඛ සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ. උදෑසන හෝ රාත්‍රියේ දී දත් පිරිසුදු කර ගැනීමෙන් පසුව නැවත පිරිසිදු ජලයෙන් මුඛය සෝදා පිරිසිදු කර ගන්න. ඉන්පසුව මේ ස්වභාවික මවුත් වොෂ් භාවිතයෙන් හොඳින් මුඛය සෝදා හරින්න. මෙහිදී මෙය විනාඩි 3 ක පමණ කාලයක් මුඛයේ තියෙන්නට හැර හොඳින් කලත්තා දෙතුන් වරක් සෝදා හැරීමෙන් මුඛයේ ගැටලු සියල්ලක්ම වගේ සුවපත් කරගන්නට හැකියාව ලැබෙනවා.
මේ ස්වභාවික මවුත් වොෂ් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ
- මුඛ දුර්ගන්ධය නැති කරනවා.
- මුඛයේ අහිතකර බැක්ටීරියා විනාශ කරනවා.
- දත් මුල් දියවීම පාලනය කරනවා.
- දත් දිරායාම වළක්වනවා.
- දත් ශක්තිමත් කරනවා.
- දත් හිරි වැටීම නැති කරනවා.
- සියලුම බැක්ටීරියා ආසාදන නැති කරනවා.
මේ ස්වභාවික මවුත් වොෂ් එක ඔබට බොහෝ කාලයක් භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම මුදල් වියදම් වීමක් හෝ දත්වලට කිසිදු හානියක් වෙන්නේ නැති නිසා එය ඔබට වඩාත් වාසිදායක වේවි.