ඇදුම රෝගය එහෙමත් නැත්නම් හතිය කියලා කියන්නේ ලොකු කුඩා බේදයක් නැතුව හැම දෙනෙක්ම පීඩාවට පත්වෙලා ඉන්න රෝග තත්ත්වයක්. මේ රෝගයෙන් මිදෙන්නට එහෙමත් නැත්තම් මේ රෝගයෙන් සහනයක් සලසා ගන්නට ප්‍රතිකාර විදිහට බොහෝ දෙනෙක් යොමු වෙලා ඉන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට.
නමුත් ලාංකීය අපිට උරුම වුණු හෙල වෙදකම නිසාම එදා අපේ මුතුන් මිත්තන් නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජවසම්පන්න ජීවත් වුණු බව අපිට අමතකව ගිහින්. බටහිර වෛද්‍ය ක්‍රමයේ ආගමනයත් එක්ක මේ හෙළ වෙද හෙදකම් පිළිබඳව ලාංකීය ජනතාව තුළ කියන විශ්වාසයේ යම් යම් ගැටලු පවා නිර්මාණය වෙලා තියෙනවා.
කොහොම නමුත් අද අපි මේ කතා කරන ඇදුම රෝගය සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර භාවිතා කිරීම ගැටළු සහගලු සහගත වෙන අවස්ථා තියෙනවා. මොකද ඒ ප්‍රතිකාර දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් නොයෙකුත් අතුරු ආබාධ වෙන්නට හැකියාව තියෙනවා. ඇදුම රෝගය සති 2ක් 3 ක් පමනක් ප්‍රතිකාර ලබාගෙන සුවකර ගන්නට නොහැකි රෝගයක්. ඒ නිසා ලබාගන්නා ඖෂධ අපේ ශරීරයට ආබාධ ඇති කරන්නට තරම් හේතුවක් වෙන්නට බැරි නැහැ.
නමුත් හෙළ ඔසු භාවිතා කරමින් සිදු කරන දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් අපේ ශරීරයට අතුරු ආබාධ ඇති වෙන්නේම නැති තරම්. ඒ වගේම ඕනම රෝගයක් සුවකර දෙන්න තරම් මේ හෙළ වෙදකම පොහොසත්. ඒ නිසා මේ ඇදුම රෝගය පවා නිට්ටාවටම සුව කරගන්නට හැකියාව තියෙන සාර්ථක පිළියමක් ගැන අද ඔබව දැනුවත් කරන්නට අපි සිතුවා.
සමකස්වාතය විදියටත් හඳුන්වනු ලබන මේ තත්ත්වය ඇදුම, හතිය වගේම ගල් පීනස යන නම්වලිනුත් හඳුන්වනු ලබනවා. සැබැවින්ම මේ රෝගය අද සමාජයේ ඉතා සුලබයි.ඒ වගේම එහි තියෙන බරපතලකම ඉතා ඉහළයි. ශ්‍රී ලංකාවේ මිලියනයක් පමණ ඇදුම රෝගීන් සිටිනවා. ස්වාසනාලය ඇතුළත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවන මේ තත්ත්වය ඕනෑම වයසේ අයෙකුට වැළදෙන්නට පුළුවන් තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවෙන්නේ ස්වසන මාර්ගය ආසාදනයට ලක්වීමෙන්.
ඉතින් බටහිර වෙදකම තුළ වැඩි වශයෙන් ඉන්හේලර් භාවිතය අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ලෙසට සලකනු ලබනවා. නමුත් මේ පාරම්පරික වෙදකම තුළ පවතින ප්‍රතිකාර සඳහා ස්වභාවික පරිසරයේ හැදෙන වැඩෙන ඔසු භාවිතා වෙන නිසා ඒවායින් අපේ දේහයට අතුරු ආබාධ ඇති වන්නේම නැති තරම්. ඒ නිසා මේ පිළියම බයක් නැතුව ඔබටත් උත්සාහ කර බලන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය

තිප්පිලි (ගස් තිප්පිලි / වැල් තිප්පිලි ) තිප්පිලි කියලා කියන්නේ සෙම් රෝග සඳහා වඩාත් ප්‍රකට ඔසුවක්. ඒ වගේම ක්ෂය රෝගය, කැස්ස, උදරාබාධ, හික්කාව, අර්ශස්, ගෑස්ට්‍රයිටීස් ආදී රෝග තත්ත්වයන් සමනයටත් මේ ඖෂධය භාවිතයට ගැනෙනවා. සම්පූර්ණ ශාකයම ඖෂධ පිණිස භාවිතයට ගන්නා මෙය තරමක් උෂ්ණාධික ඖෂධයක්. කුසගින්න වර්ධනය, දිරවීම පහසු වීම ආදී හිතකර වාසි බොහොමයක්ම ලබාදෙන තිප්පිලි කුඩු වශයෙන් ගෙන එදා ගැමියන් බුලත් විට රසවත් කර ගන්නත් භාවිතා කර තියෙනවා. රුධිරය පිරිසුදු කරන ,වේදනාවන් දුරු කරන මේ ඖෂධය ඇදුම රෝගය හේතුවෙන් ඇතිවන පපුවේ මහන්සිය ඇතුළු අපහසුතා සඳහා භාවිතයට ගැනෙන්නේ ද ඒ නිසාමයි.
කලුදුරු මරණය හැර අනෙකුත් සෑම රෝගයක්ම සුව කරන්නට මේ කලුදුරුවලට හැකියාව පවතින බවටයි ලෝකය පුරාවම ප්‍රචලිත වෙලා තියෙන්නේ.සෙම් රෝග ,කැඩුම් බිදුම්, ඉදිමුම් ,කුරුලෑ ඇතුළු වෙනත් ගෙඩි, අපස්මාර රෝගය සඳහා වගේම විවිධ චර්ම රෝග සඳහා කෙරෙන ප්‍රතිකාරවලදීත් කලුදුරු භාවිතා කෙරෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදීත් මේ කලුදුරු භාවිතයට ගැනෙනවා.
ඒ විතරක් නෙවෙයි වෛරස් හා බැක්ටීරියා රෝග පාලනයට, පිලිකා ඇතිවීම මර්දනයට, ඊයම්, කැඩ්මියම් ආදී විෂ රසායනිකයන්ගෙන් වකුගඩුවලට ඇතිවන හානිය අවම කරන්නට, අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කරන්නට වගේම දුර්වල වූ අක්මාවේ ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරන්නටත් දායක වෙනවා.
දියවැඩියාව පාලනය, පෙනහළු ආශ්‍රිත ආසාදන තත්ත්වයන් සුව කිරීමේ හැකියාවත් ඇති කලුදුරු ඇදුම, කැස්ස ආදී රෝග සුව කිරීම සඳහා ලබාදෙන ඖෂධවලටත් ක්ෂය රෝග ප්‍රතිකාරවලදී දේශීය චිකිත්සාවේදී කෂාය සඳහාත් උපයෝගී කර ගනු ලබනවා.
බුලත් කොළ බුලත්වල අඩංගු වෙන සුවිශේෂී සංඝටකවලට හැකියාව තියෙනවා අපේ දේහයට හිතකර ප්‍රතිලාභ ලඟා කර දෙන්නට. විශේෂයෙන්ම පිළිකා නැසීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, හිසකෙස්වල ගැටළු නිරාකරණය වගේම ස්වසන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහාත් බුලත් සුවිශේෂී ඔසුවක්. විශේෂයෙන්ම පපුවේ තදබදය, ඇදුම සෙම්ප්‍රතිශ්‍යාව ආදියත් දුරු කරන්නට මෙය වැදගත්. ඇදුම රෝගය පාලනයට උපකාරී වන ප්‍රබල ප්‍රති ගිනි අවුලුවන සහ ප්‍රතිඔක්සිකාරක ගුණ මෙහි අඩංගු වෙනවා. බුලත් කොළයේ පවතින ප්‍රති හිස්ටමින් ක්‍රියාකාරීත්වය ඇදුම ආශ්‍රිත රෝග ලක්ෂණ අඩු කරන්නට උපකාරී වෙන බව අධ්‍යයනවලින් තහවුරු වෙලා තියෙනවා .

සාදා ගන්නා ආකාරය
- පිරිසිදු තිප්පිලි හා කලුදුරු තේ හැන්ද බැගින් වංගෙඩියකට දමා කොටා ගෙන බදුනකට ඉවත් කර ගන්න.
- පසුව බුලත් කොළ දෙකක් නැටි සමඟ කොටා ගන්න. ඉන්පසුව බුලත්වලින් බුලත් යුෂ තේ හැන්දක් ලබා ගන්න.
- මේ කොටාගත් බුලත් යුෂවලට කොටා ගත් තිප්පිලි සහ කලුදුරු කුඩු එකතු කර කතා නොකර හොඳින් මිශ්‍ර කර ගන්න.
පසුව උදෑසන හිස්බඩ මේ පානය අවශ්‍ය පරිදි කතා නොකර ලබා ගත යුතුයි. ඒ වගේම මේ අත් බෙහෙත සකසා විනාඩි 30 ඇතුළත පානය කරන්නටත් මතක තබා ගැනීම එයින් සාර්ථක ඵල ලබා ගන්නට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.
වයස අවුරුදු 4 දරුවාගෙන් පටන් වැඩිහිටියා දක්වාම මේ කෙම භාවිතා කරන්නට පුළුවන්. වයස වුරුදු 4 ක දරුවෙකුට මෙයින් තේ හැදි කාලක ප්‍රමාණයක් ලබාදීම සුදුසු වෙනවා. ඒ හැරුණාම වයස අවුරුදු 12 ට අඩු දරුවන් සඳහා තේ හැදි භාගයක් ලබා දෙන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයෙකුට තේ හැන්දක ප්‍රමාණයක් ලබා ගැනීම වඩාත් සාර්ථක සහ ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙනවා. මේ කෙම් ක්‍රමය සතියක් දෙකක් වගේ කාලයක් භාවිතා කිරීමෙන් ඇදුම තත්ත්වය නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.
ඊට අමතරව මේ පිළියම් පවා ඔබට ඇදුම රෝගයෙන් සුවයක් සලසා ගන්නට උපකාරී වේවි.
නික කොළ, දෙහි කොල, යකිනාරං කොළ, මදුරුතලා කොළ, කුරුඳු කොළ ආදී සුගන්ධවත් වාෂ්පශීලී ඖෂධ භාවිතයෙන් වාෂ්ප ඇල්ලීමත් ඇදුම රෝගීන්ට සහනයක් සලසා ගැන්නට උපකාරී වෙනවා.
ඒ වගේම පිටේ දෑලවර පපු ප්‍රදේශයේ බටු තෙල් හෝ තල තෙල්වලට සහිඳ ලුණු ටිකක් දමා රත්කර උඩු අතට ආලේප කරන්න. ඉන්පසු බුලත් කොළයක් පහනෙන් රත්කර තැවීමෙන් හිරවෙලා තියෙන සෙම ඉවත් කරගෙන හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්.
පාවට්ටා ගසේ පස් පංගුව මද පවනේ වියළා කුඩුකර තබා ගෙන උදේ සවස තේ මෙන් පානයට ගැනීමත් මේ ඇදුම රෝගයට හේතුවන සෙම තත්ත්වය නැතිකර ගන්නට උපකාරී වෙනවා.
මේ පිළියම් සාමාන්‍ය ඇදුම රෝගීන්ට ගුණදායක වුණත් ඇදුම රෝගය වඩාත් උත්සන්න වුණු අවස්ථාවකදී මේ අත් බෙහෙත් නොකර ඉතා ඉක්මනින් රෝගියාව රෝහල කරා ගෙන යන්න.