වර්තමානයේ දී බොහෝ තරුණ තරුණියන් මෙන්ම මැදිවියේ පුද්ගලයින් පවා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ බෙල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශය කළු හා අවපැහැ ගැනීමක් ඇති වීමයි. මෙය එක්තරා ආකාරයක රූපලාවණ්‍යමය ගැටලුවකි.
බෙල්ල හා ඒ අවට ප්‍රදේශය කළු පැහැ හෝ අවපැහැගැන්වී ඇත්නම් එය පුද්ගලයාගේ බාහිර සුන්දරත්වයට බාධාවක් ඇති කරයි. එපමණක්ද නොව එය පුද්ගලයා මානසිකව පීඩාවට පත්කරන කාරණයක් බවට ද පත්වේ.
බෙල්ල අවට කලු වීම යන ගැටලුවට බලපානු ලබන නිශ්චිත එක් හේතුවක් නොමැත. එම තත්ත්වය ඇතිවීම සඳහා හේතු සාධක කිහිපයක් ම බලපානු ලබයි. එනම්
- හෝමෝන අසමතුලිත බව
- අධික තරබාරු බව
- බෙල්ලෙ අපිරිසිදුභාවය
- කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේ ඇතිවන අක්‍රමිකතා
- රූපලාවණ්‍ය සත්කාර සිදුකිරීමේදී බෙල්ල පිළිබඳ අවධානය ගිලිහී යාම. යනාදී හේතු සාධක කීපයක්ම බෙල්ල අවට කලු වීම හෝ අවපැහැ ගැන්වීම ඇතිවීමට බලපානු ලබයි.
සම බොහෝ පැහැපත් අයෙකුට වුවද මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවුවහොත් ඔවුන් ඉන් දැඩි මානසික පීඩනයට ලක්වේ. එවන් අවස්ථාවලදී බොහෝ විට සිදු කරනු ලබන්නේ වෛද්‍ය උපදෙස් වෙත යොමුවීමයි. එවිට වෛද්‍යවරයා මෙම තත්ත්වය ඇතිවීමට බලපානු ලබන පැහැදිලි හේතු කාරණා සොයා බැලීමකින් අනතුරුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා දීම සිදු කරයි.
කෙසේ නමුත් මෙම රූපලාවණ්‍ය ගැටළුව සඳහා ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වීම පමණක් නොව ස්වභාවික සත්කාර හරහාද සුවයක් ලබාගත හැකිය. එනම්

අර්තාපල් සත්කාරය. අර්තාපල් යනු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන අල විශේෂයකි. මෙහි පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන්ම ශරීරයේ අවපැහැ ගැන්වීම් දුරුකර ගැනීම සඳහා අර්තාපල් යොදා ගනී. ඒ අනුව හොඳින් පිරිසුදු කර ගත් අර්තාපල් ගෙඩියක් සිහින් පෙති ආකාරයට කපා බ්ලෙන්ඩර් කර එහි යුෂ වෙන්කරගෙන බෙල්ලේ කළු පැහැ ගැන්වී ඇති ප්‍රදේශයෙහි එම යුෂ හොඳින් ආලේප කළ යුතුය. අනතුරුව ඇඟිලි තුඩු භාවිතා කරමින් උඩු අතට සම්භාහනය කර මද වේලාවකින් පිරිසුදු ඇල් ජලයෙන් සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.
බේකින් සෝඩා සත්කාරය. වර්තමානයේ දී විවිධ රූපලාවණ්‍ය සත්කාර වලට යොදාගනු ලබන අමුද්‍රව්‍ය අතුරින් බේකින් සෝඩා ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන් බෙල්ල කලු වී ඇති පුද්ගලයින් බේකින් සෝඩා තේ හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ ලුණු ස්වල්පයක් යනාදී අමු ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණය බෙල්ලේ ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර පිරිසුදු ජලයෙන් සෝදා හැරීමෙන් බෙල්ලෙහි අවපැහැය ඉවත් කර ගත හැකිය. එනම් දිනපතා සිදු කිරීමට හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ.
ලෙමන් යුෂ සත්කාරය ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර වලදී යොදා ගන්නා තවත් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලෙමන් යුෂ පෙන්වා දිය හැකිය. මෙහිදී බෙල්ල කලු වීම යන ගැටලුවට විසඳුම් ලෙස ලෙමන් යුෂ භාවිතා කළ හැකි ආකාර කිහිපයක්ම පවතී. එනම්
ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර එම මිශ්‍රණය බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය.
තවද ලෙමන් යුෂ හා රෝස වතුර සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණය රාත්‍රියේ කාලයේ බෙල්ලේ ආලේප කර හොඳින් සම්බාහනය කළ යුතුය. අනතුරුව එය. පසුදින උදෑසන මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.
ඔලිව් තෙල් සත්කාරය ස්වභාවික සත්කාර වලට භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ඔලිව් තෙල් හඳුනාගත හැකිය. ඔලිව් තෙල් බෙල්ල අවපැහැ ගැන්වීම සුවකර ගැනීම සඳහා භාවිත කළ හැකි ආකාර කිහිපයකි.
ඔලිව් තෙල් ස්වල්පයකට සීනි ස්වල්පයක් මිශ්‍රකර එය බෙල්ලෙ තවරා ස්ක්‍රබ් කර සෝදා හැරීම මගින් බෙල්ලෙ අවපැහැය දුරු කරගත හැකිය. මෙම සත්කාරය දිනපතා කිරීම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වේ.
තවද හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියකට ඔලිව් තෙල් මිශ්‍ර කර හොඳින් පොඩිකර ගත යුතුය. අනතුරුව එම මිශ්‍රණය බෙල්ලේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර සෝදා හැරිය යුතුය.

තක්කාලි සත්කාරය තක්කාලි යනු සමට හිතකර විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන පලතුරකි. මෙය එළවළුවක් ආකාරයට ද හඳුනාගත හැකිය. මෙමගින් රූපලාවණ්‍ය සත්කාර ද සිදු කළ හැකි අතර බෙල්ලෙ අවපැහැය දුරු කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ. ඒ කෙසේද යත් තක්කාලි යුෂ වලට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර එම මිශ්‍රණය බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර අනතුරුව හොඳින් සම්බාහනය කර පිරිසුදු ජලයෙන් සෝදා හැරිය යුතුය.
එළකිරි සත්කාරය එළකිරි යනු මිනිසාට බොහෝ සෙයින් හිතකර වූ පානයකි. රූපලාවන්‍ය කටයුතුවලදී පවා එළකිරි වලින් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් එලකිරි වලට පවතින අතර එළකිරි බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කර අනතුරුව පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් බෙල්ලෙහි අවපැහැය ඉවත් කර ගත හැකිය.
බත් කැද සත්කාරය සෑම නිවසකින්ම පහසුවෙන්ම ලබාගත හැකි කැද විශේෂයක් ලෙස බත් කැද පෙන්වාදිය හැකිය. බෙල්ල කලු වී ඇති අවස්ථාවලදී බත් පිසින විට ඉන් කැද ස්වල්පයක් ඉවත් කර එය බෙල්ලේ ආලේප කර හොඳින් සම්බාහනය කිරීමෙන් අනතුරුව විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම ද මේ සදහා වඩාත් යෝග්‍ය වේ.
පොල් තෙල් සත්කාරය බෙල්ලේ ඇතිවන අවපැහැය දුරු කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් අමුද්‍රව්‍යයක් ලෙස පිරිසිදු පොල්තෙල් පෙන්වාදිය හැකිය. ශරීරයට හා සමට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ පොල්තෙල් වල අන්තර්ගතව පවතී. බෙල්ලෙ අවපැහැය දුරු කරගැනීම සඳහා ඉතා ලෙහෙසියෙන් හා පහසුවෙන් මෙම පොල්තෙල් සත්කාරය සිදුකර ගත හැකිය. ඒ කෙසේද යත් පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් බෙල්ලේ ආලේප කර සම්බාහනය කිරීමෙන් අනතුරුව මද වේලාවක් තිබෙන්නට හැර සෝදා හැරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
යෝගට් සත්කාරය එළකිරි මෙන්ම සමට හිතකර තවත් ගුණදායක අමුද්‍රව්‍යයක් ලෙස යෝගට් පෙන්වාදිය හැකිය. යෝගට් මේස හැඳි දෙකකට කහ කුඩු හා ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍රකර එම මිශ්‍රණය බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර මද වේලාවක් තිබෙන්නට හැර අනතුරුව සෝදා ඉවත් කිරීමෙන් බෙල්ලෙ අවපැහැය දුරු කරගත හැකිය.

ආමන්ඩ් තෙල් සත්කාරය. ශරීරයට වඩාත් ගුණ දෙන තවත් තෙල් විශේෂයක් ලෙස ආමන්ඩ් තෙල් පෙන්වා දිය හැකිය. සමේ පැහැය වැඩි වීමටත් නිරෝගි සමක් ලබා ගැනීමටත් ආමන්ඩ් තෙල් ඉවහල් වේ. බෙල්ලෙ අවපැහැය දුරුකර කරගැනීම සඳහා ආමන්ඩ් තෙල් ස්වල්පයකට විටමින් ඊ තෙල් ස්වල්පයක් මිශ්‍රකර බෙල්ලේ ආලේප කර විනාඩි විස්සක් පමන සම්භාහනය කර පිරිසිදු වතුරෙන් සෝදා හැරීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකිය.
ඉහත දක්වා ඇති ස්වභාවික රූපලාවන්‍ය සත්කාර වලට අමතරව පහත සත්කාර ද බෙල්ලෙ අවපැහැය දුරු කරගැනීම සඳහා භාවිත කළ හැකිය.
- හොඳින් ඉදුණු අන්නාසි හා කෙසෙල් තලපයක් වන ආකාරයට බ්ලෙන්ඩර් කර එම ආලේපනය ගල්වා තබා මද වේලාවකින් සෝදා හැරීම යෝග්‍ය වේ.
- ස්ට්‍රෝබරි හා ගස්ලබු සිහින් වන සේ අඹරා එම ආලේපනය බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කිරීමෙන් අනතුරුව මද වේලාවක් තිබෙන්නට හැර සෝදා හැරීම යෝග්‍ය වේ.
- පිපිඤ්ඤා යුෂ තවරා සම්භාහනය කිරීමෙන් අනතුරුව විනාඩි පහළොවක් හෝ විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම යෝග්‍ය වේ.
- රෝස වතුරෙන් සෝදා හැරීම මගින් බෙල්ලෙ අවපැහැය දුරු කර ගැනීමට හැකියාව ලැබේ.
- කෝමාරිකා අත්තක් ගෙන එහි මදය සූරා ඉවත් කර එය බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කර මද වේලාවක් තිබෙන්නට හැර අනතුරුව සෝදා හැරීම යෝග්‍ය වේ.
- දොඩම් ලෙලි බෙල්ලෙ ආලේප කිරීමෙන් අනතුරුව පිරිසිදු ඇල් ජලයෙන් සෝදා හැරීම යෝග්‍ය වේ.
- විනාකිරි බෙල්ලෙ අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ආලේප කිරීමෙන් අනතුරුව හොඳින් සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර පිරිසුදු ඇල් ජලයෙන් සෝදා හැරීම යෝග්‍ය වේ.
මෙවැනි ආකාරයේ ස්වභාවික සත්කාර සතියට කිහිප වරක් හෝ දිනපතා සිදු කිරීමෙන් බෙල්ලෙ අවපැහැය ඉතා ඉක්මනින් දුරු කර ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව සම ගැන සැලකිලිමත් වීම, නිතරම පිරිසිදුව සිටීමට කටයුතු කිරීම සහ මුහුණට සිදු කරන සත්කාර බෙල්ලට ද සිදු කිරීමට අමතක නොකිරීම යනාදී කරුණු පිළිබඳවද අවධානය යොමු කිරීමෙන් බෙල්ලෙ අවපැහැය දුරුකර කර ගත හැකිය.