බෙල්ල හා හිස පිටුපස පහළ ප්‍රදේශයේ ඇතිවන වේදනාව ඉතා වේදනාකාරීය.බෙල්ලේ වේදනාව ඇතිවීමට බලපාන පොදු හේතු සාධක කිහිපයකි.
- වැරදි ශරීර ඉරියව් අනුගමනය කිරීම (කුඩු වී සිටගෙන සිටීම,උරහිස් වකුටු කරගෙන සිටීම, ඝනකම වැඩි කොට්ටයක් මත නිදාගැනීම,බොහෝ වෙලාවක් දුරකථනය දෙස බෙල්ල නවාගෙන දෑස් යොමුකරගෙන සිටීමෙන් බෙල්ලේ පේශී ඇදීයාම හේතුවෙන් වේදනාව හා පේශි තදගතියක් ඇතිවිය හැකිවීම)
- Aankylosing spondylitis (බෙල්ල ඇතුලු කොන්ද ප්‍රදේශයේ ප්‍රදාහය ඇතිකරවන නිදන්ගත තත්වයකි.වාත දොස් කිපීමෙන් ඇතිවන අතර අස්ථි හා ඇට මිඳුලු වලට බලපායි) හා cervical spondylosis (වාත හා සෙම් දොස් කිපීමෙන් බෙල්ලේ පේශී ආශ්‍රිත තදගතියක් දරදඬු බවක් ඇතිකරන, බෙල්ල චලනය කිරීම පවා අපහසුවන වේදනාකාරී තත්වයකි.)වැනි යටින් පවතින අසාමාන්‍යතා තත්ව
- ආතරයිටීස්- ඔස්ටියෝආතරයිටීස් හා රූමටොය්ඩ් ආතරයිටීස් යන වඩාත් බහුල ආතරයිටීස් තත්වයන් හේතුවෙන් බෙල්ලේ සන්ධි ආශ්‍රිත වේදනාව හටගත හැකිය.ඔස්ටියෝආතරයිටිස් යනු සන්ධි ආශ්‍රිත පරිහානි රෝගයකි.සමස්ත සන්ධිය, අවට ඇති පේශි, අස්ථි හා බන්ධනි මෙන්ම ආස්තර ඉරීයාම ගෙවීයාම ඇතිවන ආතරයිටිස් තත්වයකි.රූමටොයිඩ ආතරයිටිස් යනු සන්ධි ආශ්‍රිතව විෂ අපද්‍රව්‍ය එකතුවීම හා ඒවායේ වාත දොස් කිපීම හේතුවෙන් සන්ධි නිදන්ගත ප්‍රදාහයට ලක්වන ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකි.විෂ ද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් සන්ධි වල වේදනාව, ප්‍රදාහය හා ඉදිමුම හටගනියි.
- කශේරුකා තැටි ප්‍රපතනය (disc prolapse)
- වයසට යාමත් සමඟ ඇතිවන පේශී ගෙවීයාම හා ඉරීයාම නිසා
බෙල්ලේ වේදනාවට ආයුර්වේදීය ප්‍රතිකාර

- ‘ස්නේහන’-ඖෂධීය තෙල් සම්බාහනය හරහා සිරුරේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයට යම් පීඩනයක් ඇතිකිරීමෙන් වේදනාව සමනය කරවන ක්‍රමයකි.ශරීර කොටස් වෙත පෝෂක රැගත් රුධිර ගමනාගමනය වැඩිකරයි.පටක වල ඇති විෂ ද්‍රව්‍ය ඉවතට අදියි.තෙහෙට්‍ටුව, ආතතිය දුරුකර ප්‍රතිශක්තිය හා ස්නායු ශක්තිමත් කරයි.ප්‍රතිදේහ නිපදවිම වැඩිකරවයි.බෙල්ලේ වේදනාවට ප්‍රතිකාර කිරීමේදි කුකුල් බිත්තරයකට ලුණු කැට හා ගිතෙල් මිශ්‍ර කර භාවිත කරයි.
- ‘ස්වේදන’- සිරුරට දහඩිය දැමීමට සැලැස්වීම හරහා පේශි තදගතිය දුරුකරවයි.බෙල්ලේ පේශී වේදනාවට ප්‍රතිකාර කරයි.හුමාලය ඇල්ලීම, උණුසුම් රෙද්දක් භාවිත කිරීම හෝ රත්කළ වස්තු භාවිත කරයි. උණුසුම් අත් වලින් හෝ වෙනත් වස්තුවකින් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය තැවීම සිදුකරයි.මේ හරහා සිරුරේ පටක වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත්වීම, පේශි විඩාව හා පීඩනය දුරුවීම සිදුවන නිසා වේදනාව යටපත්වේ.
- ‘මන්‍ය භස්ති’- බලපෑමට ලක්වූ බෙල්ල පිටුපස ප්‍රදේශය මත උඳු පිටි මිශ්‍රණයකින් රවුම් රාමුවක් ආකාරයෙන් සාදා, ඒ මැදට උණුසුම් ඖෂධීය තෙල් වත්කිරීම සිදුකරයි.
- නස්‍ය කර්ම- ඖෂධීය දියර නස්න කිරීම මඟින් හිසේ, බෙල්ලේ, උගුරේ , නාසයේ අපහසුතාවන්ට ප්‍රතිකාර කරන ක්‍රමයකි.දෘෂ්ටි හා ශ්‍රවණ් සංවේදනා ආශ්‍රිත ගැටලු වලට ද හොඳ පිළියමක් ලෙස සැලකේ.හිස, බෙල්ල හා උරහිස් ප්‍රදේශ වලට බලපාන වාත හා සෙම් දෝෂ වලින් හටගත් රෝග ලක්ෂණ පාලනයට ගුණ දෙයි.කලාඳුරු,වල් බැබිල ආදි ඖෂධ තෙල් භාවිතයට ගැනේ. බෙල්ලේ වේදනාවට ප්‍රතිකාර කිරීමට පංචමූල හා දසමූල වැනි ඖෂධ යොදාගැනේ.
- ‘ලේප’- ගිතෙල් හා අනෙකුත් ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගු කර සාදාගත් අර්ධඝන ආලේපන වර්ග වේ.ආලේපන ඖෂධ වර්ග රෝගීයාගේ සෞඛ්‍ය තත්වය සලකා බැලීමෙන් පසු නියම කරනු ලබයි.දසමූල හා එළකිරි මිශ්‍ර ආලේපන ඖෂධය හදිසියේ එක්වරම ඇතිවන වේදනාවට ඵලදායි ප්‍රතිකාරයකි.ප්‍රදාහය, ඉදිමුම හා වේදනාව මෙන්ම රක්තපාත රෝග වලදි ප්‍රතිකාර කෙරෙන ඖෂධ වලට ගිතෙල් මූලිකව යොදාගැනේ.
බෙල්ලේ වේදනාව දුරුකරවන ආයුර්වේදීය ඖෂධ වර්ග

- ගොකටු- ශ්වසන, ස්නායු, ප්‍රජනන හා මූත්‍රා පද්ධති වල නීරෝගිබව වැඩිකරවයි.චිකිත්සක ගුණ බහුක ගොකටු ස්නායු වේදනා, වඳබව, වකුගඩු ගල්, සයටිකා රෝගය හා එඩිමා (සිරුර ඉදිමීම) වැනි වාත දෝෂ කිපිමෙන් ඇතිවන රෝග වලට ප්‍රතිකාර කිරීමට යොදාගැනේ.මේවා කසාය හෝ කුඩු ලෙස ලබාගත හැකියි.සිරුරේ විෂ හා කිපුණු දෝෂ නසමින් බෙල්ලේ වේදනාව දුරුකරයි.
- සුදුලූනු– බොහෝ ආකාරයේ වේදනාවන්ට ප්‍රතිකාර කිරීමේදි සුදුලූනු ප්‍රබල ඖෂධයක් ලෙස භාවිත වේ.ඖෂධීය තෙල්, තැම්බූ වතුර, කුඩු හෝ සුදුලූනු යුෂ ලෙස ලබාගත හැකියි.ස්නායු හා අස්ථි යළි ප්‍රාණවත් කරයි;විෂ නසයි; වේදනාවන් හා ගැස්ම සමනය කරයි; ප්‍රදාහය හා ආතරයිටිස් ලක්ෂණ වලට සහනය සලසයි.
- අමුක්කරා (අශ්වගන්ධ)- ස්නායු හා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති අතර ප්‍රතිශක්තිය වැඩිකරයි.බෙල්ලේ වේදනාවට මෙන්ම ඊට හේතුසාධක වන සිරුරේ අප්‍රාණිකබව,ප්‍රදාහය,පේශී හීනවීම, රක්තපාතය,ඉදිමුම හා ප්‍රතිශක්ති දුර්වලතා සඳහා ප්‍රතිකාර කරයි.කසාය,කුඩු ,තෙල් හෝ ගිතෙල් සමඟ මිශ්‍ර කර ලබාගත හැකියි.
- වල් බැබිල– ස්නායු, රුධිර සංසරන හා මූත්‍රා පද්ධති නීරෝගිකරයි.වේදනානාශක ගුණ හා ප්‍රතිප්‍රදාහක ගුණ ද අඩංගුය.සිරුර යළි ප්‍රාණවත් කිරීම හා උත්තේජනය කිරීම සිදුකරයි.සිරුරේ ශක්තිය වඩවයි.නිදන්ගත වාතගැටලු,පේශි අප්‍රාණිකබව, පටක වල නිදන්ගත ප්‍රදාහය , හිරිවැටීම, ස්නායු වේදනාව හා පේශි පෙරළීම් ඇතිවීම පාලනය කරයි.කසාය,කුඩු හෝ ඖෂධීය තෙල් ලෙස සකසා භාවිත කළ හැකියි.
- ‘ප්‍රසාරිනි තෛලය’- වල් බැබිල,තුවරල,හීන් අරත්ත,අබ තෙල්,තිප්පිලි,රත්නිතුල් වැනි ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගු තෙල් වර්ගයකි.ආතරයිටිස් ඇතුලු කායික වේදනාවන්ට බාහිර ආලේපනයක් ලෙස භාවිත කෙරේ.අංශබාග ලක්ෂණ පාලනයට ද ගුණදායිය.
- ලක්ෂ ගුගුල්, යෝගරාජ ගුගුල්,මහරස්නදි කසාය,දශමූල ක්වාත,ත්‍රිඵලා (අරළු,බුළු, නෙල්ලි ගිතෙල් හා මී පැණි සමඟ මිශ්‍රකර සාදන ඔසුවකි) වැනි ආයුර්වේද ප්‍රතිකාර ද බෙල්ලේ වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායිය.
- මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
බෙල්ලේ වේදනාවෙන් පෙළෙන රෝගීන්ට උපදෙස්

- තිරිඟු,බත්,බජිරි,උඳු,දෙළුම්,මුරුංගා,ලෙමන්,මිදි, අඹ, වම්බටු,සුදුලූනු,ගිතෙල්,පොල්වතුර,එළකිරි,සියඹලා වගේ ආහාර පරිභෝජනයට එක්කරගන්න.
- නිතිපතා ක්‍රියාශිලීව ගත කරන්න.
- සියුම් තෙරපුම් හෙවත් සම්වහන ප්‍රතිකාර මඟින් බලපෑමට ලක්වූ ප්‍රදේශයේ වේදනාව සමනය කරගත හැකිය.
- නිසි ශරීර ඉරියව් පවත්වාගන්න.
- දිනපතා උදෑසන මද වෙලාවක් පමණ සූර්යාලෝකයට නිරාවරණය වන්න.
- බෙල්ල ඉලක්ක කරමින් සියුම් නම්‍යතා (ස්ට්‍රෙචිං) ව්‍යායාම සිදුකරන්න.
- බෙල්ල පිටුපසට නවමින් උඩු අතට බැලීම වැනි බෙල්ල අනවශ්‍ය ලෙස නැවීම සිදුවන චලන වලින් වළකින්න.බෙල්ල ඇදෙන ඉරියව් අනුගමනය කිරීමෙන් වළකින්න.
- රාත්‍රියේදි හොඳ ලබන්න.
- අපහසුතාව දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.