ඖෂධීය ගුණයෙන් අනූන කොහොඹ කොළ (Azadirachta indica) වලින් ඉතා ඉහළ මට්ට්මේ සෞඛ්‍යය ප්රතිලාභ ලබාදෙන බව සඳහන් වේ. කොහොඹ වල විෂබීජ විනාශ කිරීමේ ගුණය ඇත. කොහොඹ Meliaceae කුලයට අයත් ශාකයක් වේ. දිලීර, බැක්ටීරියා ආසාදන නිසා හටගන්නා චර්ම ගැටලු වලට කොහොඹ දලු කොළ සාරය භාවිතා කිරීමෙන් හොඳ ගුණයක් ලබාගත හැකි බව ප්‍රචලිතය. මෙම ශාකයේ පොත්තේ සිට කොළ, ඇට , මල් ඇතුලු සෑම සියලු කොටසක්ම ඖෂධ ලෙස භාවිතයට ගැනේ. සබන්, ෂැම්පු හා ලෝෂන් වර්ග නිෂ්පාදනයේදී කොහොඹ තෙල් යොදාගැනේ.
කොහොඹ කොළ ඵලදායි මදුරු විකර්ෂකයක් ලෙස ද ප්‍රචලිතයි.අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කර සිරුරේ සීනි මට්ටම් සමතුලිත කළ හැකි ගුණ කොහොඹ කොළ වල අන්තර්ගතය.පැපොල සෑදුණු විට කොහොඹ කොළ තැම්බූ මද උණුසුම් වතුරෙන් ස්නානය කිරීම ප්‍රචලිත පිළියමකි.කොහොඹ කොළ වල රෝග සුව කිරීමේ විශිෂ්ට ගුණ අන්තර්ගත වන බව නවීන විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා සනාථ වී තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ‘සර්ව රෝග නිරාවර්ණී’ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.නිවර්තන හා උපනිවර්තන කලාප වල වර්ධනය වෙන ශාකයකි.ඇතැම් රටවල අය කොහොඹ තම්බා හෝ බැද වෑංජන හා වෙනත් ආහාර සැකසීමට යොදාගන්නා බව ද සඳහන් වේ.මියෙන්මාරයේ කොහොඹ කොළ සලාද එවැනි ඉතා ජනප්‍රිය ආහාරයකි.
ලාදුරු ,ඇස් රෝග,පණුරෝග,බඩේ අපහසුතා,සමේ වණ,උණ,දියවැඩියාව හා අක්මා ගැටලු වලට කොහොඹ ගුණදායි ඔසුවක්වේ.මීට අමතරව කොහොඹ කොළ වලින් ඔබට ලබාදෙන වෙනත් හිතකර ප්රතිලාභ මොනවාද කියා අප විමසාබලමු.

- කොහොඹ කොළ වල රෝග දුරුකරවන ෆ්ලැවනොයිඩ අඩංගුයි.
- ඇසඩිරැක්ටින් වැනි ස්වභාවික මදුරු විකර්ෂක සංඝටක අඩංගුය.
- ප්‍රෝටීන,කාබෝහයිඩ්රේට,ඛනිජ ලවණ (කැල්සියම්,පොස්පරස් ) හා විටමින් සී හා කැරොටින් අඩංගුය.ග්ලූටමික්,ඇස්පාර්ටික්,ප්රාලයින් හා බොහෝ මේද අම්ල අඩංගුය.ලිපිඩ අන්තර්ගතය වැඩි අතර තිත්ත රසයෙන් අධිකයි.කෘමි විශේෂ 200 කට අධික ප්‍රමාණයකට එරෙහිව ක්‍රියාකරන මිනිසුන්ට විෂ බලපෑමක් නොමැති ඵලදායි පළිබෝධනාශකයක් ලෙසත් කොහොඹ භාවිත කළ හැකියි.
- ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සමට මෙන්ම හිසකෙස් වල නීරෝගිබවට ද ගුණදෙයි.කුරුලෑ ගැටලු අවම කරයි.විෂබීජනාශක ගුණ නිසා චර්ම රෝග අවදානම් වළකයි. කුෂ්ඨ,කුරුලෑ,ආසාත්මිකතා හා පොතු කබර වැනි පැතිරෙන හා ප්‍රදාහක රෝග වලට කොහොඹ ප්‍රතිකාරයකි.උකුණන් හා ඉස් හොරි මර්දක ප්‍රතිකාරයකි.
- බැක්ටීරියා,වෛරස,දිලීර හා ආගන්තුක දේහ වලින් සිරුර ආරක්ෂා කරමින් ප්‍රතිශක්තිය වැඩිදියුණු කරයි.
- දත් දිරායාම,මැලියම් බැඳීම , විදුරුමස් ප්‍රදාහය හා ආසාදන වැනි මුඛ සෞඛ්‍ය ගැටලු වලින් ආරක්ෂා කරයි.ආමාශයේ වණ හටගැනීම පාලනය කිරීමට සහය දෙයි.

- හදවත වෙත ඇති රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරමින් හෘත් කිරීටක රෝග හා රුධිර නාළ සිහින්වීම හෙවත් ආතරයිමියා රෝග අවදානම් අඩුකරයි. කොහොඹ කොළ සාරය හෘද ක්‍රියාකාරීත්වයට ගුණ දෙන බව අධ්‍යයන වල පවා පෙන්වා දී ඇත.
- ප්‍රතිඔක්සිකාරක ඇති නිසා පිළිකා (විශේෂයෙන් අග්න්‍යාශයේ)ඇතිවීම වළකයි.
- කැස්ස, ඇදුම හා සෙම පිරීම වැනි ශ්වසන ගැටලු පාලනයට කොහොඹ ගුණදායකයි.
- හානි වූ පටක හා සම පිළිසකර කරමින් තුවාල සුවකිරීමට ක්‍රියාකරන නිම්බිඩින් වැනි සංඝටක කොහොඹ කොළ වල අඩංගුයි. ඒවායේ ප්‍රතිප්‍රදාහක,දිලීර හා වෛරස නාශක ගුණ බහුලය.වේදනාව හා ඉදිමුම අඩුකරන අතර ආසාදන ඇතිවීමේ ඉඩකඩ අඩුකරවයි.කොහොඹ කොළ සාරය හා කොහොඹ තෙල් තුවාල වලට ප්‍රතිකාර ලෙස යොදාගැනේ.
- ඇදුම යනු ශ්වසන මාර්ගය පටුවි හුස්ම ගැනීම අපහසු වී යන නිදන්ගත රෝග තත්වයකි.හතිය හා කැස්ස එහි රෝග ලක්ෂණ අතර වේ.අධ්‍යයන පෙන්වාදෙන්නේ කොහොඹ ඇදුම වැළැක්වීමට ගුණ දෙන ඖෂධයක් බවයි.කොහොඹ කොළ හා තෙල් ඇදුම, කැස්ස හා සෙම තත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදාගැනේ.කොහොඹ ඇට,මුල්,ගෙඩි හා පොතු ද මේ සඳහා ගුණදායක බව සඳහන් වේ.
- කොහොඹ කොළ සාරය වණ හා අධිආම්ලිකතාව වැනි ආමාශයික අපහසුතා වැළැක්වීමට ඵලදායි බව ඇතැම් පර්යේෂණ පෙන්වාදී ඇත.තුවාල ආශ්රිත පටක ප්‍රතිජනනය කරයි.ආමාශය ආරක්ෂා කළ හැකි ගුණ කොහොඹ වල අඩංගුයි.

- දත් කුහර වලට ප්‍රතිකාර නොකිරීමෙන් ඒවා ආසාදනය විය හැකියි.කොහොඹ වල අඩංගු විෂබීජනාශක ගුණ දත් හා විදුරුමස් ආශ්රිත ගැටලු වලින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව බොහෝ අධ්‍යයන පෙන්වාදේ.කොහොඹ වල එතනෝලික් සාරය මුඛයේ හානිකර බැක්ටීරියා මර්දනය කරවයි.කොහොඹ තෙල් දත් මැලියම් බැඳීම වළකයි.
- කොහොඹ වල නිම්බිඩින් හා ඇසඩිරැක්ටින් වැනි ජෛව සංඝටක අඩංගු වීම මේ ප්රතිලාභ ලබාදෙයි.
අතුරුආබාධ
- අධිකව පරිභෝජනයට ගැනීමෙන් අක්මාවට හානිවීම් හෝ වකුගඩු අකරණිය ඇතිවිය හැකි බව පෙන්වාදේ.
- කොහොඹ විෂවීමක් යනු ඉතා දුර්ලභ සිද්ධියක් වුවත් ඇතැම් කුඩා ළමුන් ආශ්‍රිතව මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත.ඊට හේතුව ඇසඩිරැක්ටින් වැනි ජෛව සංඝටක ඇතැම් අයට විෂවිය හැකියි.වමනය, හදිසි ආබාධ (ෆිට් එක),අක්මාවට හානිවීම් වැනි ගැටලු මතුවිය හැකියි.
- කොහොඹ තෙල් ඇතැම් අයට ආසාත්මිකතා ඇතිකළ හැකිය