අපේ ශරීරයේ තවත් වැදගත් පද්ධතියක් තමයි ස්නායු පද්ධතිය. ඉතා සංකීර්ණ පද්ධතියක් වන මෙය මුළු සිරුරේම ක්‍රියාකාරිත්වයට අමිල මෙහෙයක් සිදු කරනු ලබනවා. ශරීරයේ චලනය, සංවේදනය, තීරණ ගැනීම,වේදනාව, සතුට දැනීම ආදී සියල්ලක්ම පාලනය වෙන්නේ මේ ස්නායු පද්ධතිය හරහා. සාමාන්‍යයෙන් ස්නායුවකින් සිදු කරන්නේ යම් යම් අවයවයන් වෙත රුධිරය සපයමින් ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයීම. ස්නායු ට්‍රිලියන ගණනකින් සමන්විත ස්නායු පද්ධතියේ යම් දුර්වලතාවයක් ඇති වූ විට මුළු සිරුරටම බොහෝ ලෙඩ ගෙන දී අපව එක්තැන් කරන්නට තරම් බලපෑමක් සිදු කරනවා. විශේෂයෙන්ම අංශභාගය, ඩිමෙන්ෂියා ආදී ස්නායු රෝග ප්‍රධානම ස්නායු රෝගයන්. ඒ නිසා නීරෝගීව ජීවත් වෙන්නට අපිට ස්නායු පද්ධතියේ නීරෝගීකම ගැනත් සිතන්නට වෙනවා. ඒ නිසාවෙන්ම ස්නායු පද්ධතියේ නීරෝගීභාවයට අවශ්‍ය කරන පෝෂක සංඝටක පිළිබඳව අපි දැනුවත්ව සිටීම බෙහෙවින් වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ අපේ ස්නායු පද්ධතිය නීරෝගීව තබා ගන්නට අත්‍යවශ්‍ය පෝෂක සංඝටක අඩංගු වෙන ආහාර පිළිබඳව.

ඔමේගා 3 මේද අම්ල ස්නායු පද්ධතියේ නීරෝගීභාවයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔමේගා 3 මේද අම්ල අපේ ශරීර තුළින් නිපදවන්නේ නැහැ. ඒ නිසා මේ මේද අම්ලය අප ගනු ලබන දෛනික ආහාර මගින් හෝ ආහාරමය අතිරේකවලින් ලබා ගන්නට සිදු වෙනවා. තුවාල සිදුවීම නිසා හානියට පත් ස්නායු යථා තත්ත්වයට පත් කරන්නට ඔමේගා 3 දායක වන බව අධ්‍යයනවලින් පවා සනාථ කරගෙන තියෙනවා. මැකරල්, මෝරා,හුරුල්ලා, තලපත්, සැමන්, සාඩින් ආදී මුහුදු මාළු සහ බෙල්ලන් වැනි මුහුදු සතුන් තුළත් චියා බීජ, හණ බීජ, වෝල් නට් , රට කජු, සෝයා බෝංචි වැනි ඇට වර්ගවලත් ඔමේගා 3 බහුලව අඩංගු වෙනවා.
විටමින් B 12 අපේ ශරීරයේ ස්නායු පද්ධතියේ නීරෝගීභාවය සඳහා අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස විටමින් B 12 ඉතා වැදගත් වෙනවා. ඔමේගා 3 ෆැටි ඇසිඩ් වගේම මේ විටමින් B 12 ද අපේ ශරීරයේ නිපදවෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ආහාර මගින් හෝ ආහාරමය අතිරේක ලෙස අපට ලබාගන්නට සිදු වෙනවා. යම්විටෙක අපේ ශරීරයේ විටමින් B 12 ඌණතාවයක් ඇතිවුණොත් එය සිරුරේ අහිතකර තත්ත්වයන් නිර්මාණයට දායක වෙනවා. මේ විටමින් B 12 ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් අපේ ශරීරයේ ප්‍රධාන නියමුවා වන රුධිරය පවා රෝගී වෙනවා. මොකද විටමින් B 12 රතු රුධිර සෛල සහ DNA නිපදවීම සඳහා දායක වෙනවා. ඒ වගේම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා බලපාන අතර හෘද රෝග සහ ආඝාතය වැනි තත්ත්වයන් වළක්වනවා.
යම්විටෙක විටමින් B 12 ඌණතාවයක් ඇතිවිට අත් පා හිරි වැටීම වැනි ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඉදිකටු තුඩකින් අනිනවා සේ දැනෙන සංවේදන පවා මේ ත්ත්ත්වයේදී ඇති වෙන්නට පුළුවන්.
මේ විටමින් B 12 ඌණතාවය ස්නායු සෛලවලට හානි සිදු කෙරෙන නිසා එය අපේ අත් පාවලට කටුවලින් අනින්නා සේ දැනීම ඇති කරනවා.නමුත් මේ තත්ත්වය නොසලකා හැරීමෙන් ප්‍රෙස්ටේෂියා තත්ත්වයට වුණත් පත්වෙන්නට පුළුවන්.
සත්ව ආහාර, ධාන්‍ය වර්ග,ආමන්ඩ් කිරි, චීස්, බිත්තර, මස්, මාළු ආදී ආහාර බහුලව ලබා ගැනීමෙන් අපේ ශරීරයේ ස්නායු පද්ධතිය නීරෝගීව පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.

විටමින් B 6 අපේ ශරීරයේ පණිවුඩ සම්ප්‍රේෂණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය ස්නායු සම්ප්‍රේශකවල මනා ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍යම සංඝටකයක් ලෙස මේ විටමින් B 6 වැදගත් වෙනවා. මේ විටමිනය ආහාර මගින් ශරීරයට ලබා ගන්නට අපට සිදු වෙනවා. කඩල, කෙසෙල්, බිත්තර, සැමන්, කැරට්, නිවිති, බතල, ග්‍රීන් පීස් ආදී ආහාර අනුභවයෙන් මේ විටමින් B 6 අපේ ශරීරයට ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.
කර්කියුමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා මනා දායකත්වයක් සපයන කර්කියුමින් අපිට එමගින් ලබා ගන්නට පුළුවන්. කර්කියුමින් බහුලවම අඩංගු වෙන කහ ආහාරවේල්වලට නිතර එකතු කර ගැනීම මගින් ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්.
Alpha Lipolic Acid අපේ ස්නායුවල පිටත ආවරණයට හානි සිදු කරන රෝගයක් වන මල්ටිපල් ස්ටෙරෝසීස් තත්ත්වයන් පාලනය කරගැනීම සඳහා මේ අල්පා ලයිපොලික් අම්ලය උපකාරී වෙනවා. ස්නායු ආසාදන හේතුවෙන් ඇතිවන හිරිවැටීම හා වේදනාවන් පාලනය කර ගැනීමටත් මේ අම්ලය දායක වෙනවා. රතු පැහැ මස් වර්ග , බ්‍රොකෝලි, නිවිති , අර්තාපල්, තක්කාලි, ග්‍රී න් පීස් ආදී ආහාරවල මේ අම්ලය බහුලව අඩංගු වෙනවා.
විටමින් D ශරීරයේ විටමින් D ඌණතාවයක් ඇතිවිටදී ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම බහුල බව අධ්‍යයනයන් මගින් තහවුරු කරගෙන තියෙනවා. මේ විටමින් D ලබා ගත හැකි හොඳම ක්‍රමය වෙන්නේ උදෑසන හිරු එළියට නිරාවරණය වීම. එයට අමතරව සැමන්, සාඩින්, බිත්තර, බීට් ආදී ආහාර වැඩිපුර ගැනීමෙන් ද මේ විටමින් D අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්.
ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම වළක්වා ගන්නට වගේම එහි නීරෝගි බව සඳහාත් මේ පෝෂක අත්‍යවශ්‍ය වෙනවා. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.