අපි හැමදාමත් කියනවා වගේ බොහෝ දෙනෙක් මේ මහ පොළොවේ තියෙන සෑම ශාකයකම ගුණ ගැන දැනුවත් නැහැ. ඒ නිසාම වටිනා කියන ශාකයන්ගෙන් අපි නිසි පරිදි ප්‍රයෝජනය ලබා ගන්නේ නැහැ. ඉතින් මේ අපේ ඔයාලට කියන්නට යන අහු ශාකයත් අන්න ඒ වගේමයි.
ලෝකයේ පිළිකානාශක ගුණ සහිත ඖෂධ අතර ප්‍රධාන තැනක් අහු ශාකයට හිමි වෙනවා. නමුත් අවාසනාවක තරම කිව්වොත් ලාංකීය අපි කවුරුවත් කැමති නැහැ අපේ ගෙදර අහු ගසක් වගා කර ගන්න. ඉස්සර ඉදලම අපේ රටේ මිනිස්සුන් අහු ශාකය ප්‍රයෝජනයට අරගත්තේ අණ වින කොඩි වින හදි හූනියම් ගුප්ත විද්‍යාව ආදී මිථ්‍යා සංකල්පය සඳහා විතරයි. අහු සතු ගුණ සමුදාය පවා මේ බලි තොවිල්වලට භාවිතා කිරීම කියන හේතුව නිසාම අමතක කරදාලා. ඒ නිසාම පිදේනි තටුවලට භාවිතා කිරීම හැර අහු සතු ගුණ පිළිබඳව බොහෝ අය දැනුවත් නැහැ. නමුත් එදා අතීතයට වඩා මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව ක්‍රමයෙන් ජනතාව යම් අවබෝධයක් ලබාගනිමින් සිටිනවා.
අපේ රටේ කොහොමවෙතත් වෙනත් බොහෝ රටවල්වල අහු කියන්නේ වඩාත් ජනප්‍රියම පලතුරක්. ඉදුණු ගෙඩිවල යුෂවලින් නිෂ්පාදනය කරන noni juice කියන පානය බොහෝ රටවල්වල ඉතාම ජනප්‍රියයි. ඉන්දියන් මල්බෙරි, චීස් ෆ්රුට් ආදී නම්වලි වලින් ද මෙය හඳුන්වනවා. මේ ශාකය අයිති වෙන්නේ කෝපි පවුලටයි. මෙහි නිජභූමිය විදියට සැලකෙන්නේ අග්නිදිග ආසියාව.

අපේ රටේ වියළි කලාපයේ සුලබවම මේ ශාකය දකින්නට පුළුවන්. සාමාන්‍යයෙන් අඩි විස්සක් තිහක් පමණ උසට වර්ධනය වෙන මේ ගසේ දිලිසෙන සුලු තරමක් විශාල පත්‍ර පිහිටලා තියෙනවා. සුදු පාට කුඩා මල් හටගන්නා මෙහි කොළපාට මාංශ ඵලයක් හට ගන්නවා. මේ ශාකයේ මේ අහු ගෙඩි ඉදුණු පසු කහ පැහැයෙන් සමන්විතයි.
මේ අහු ගෙඩි ඉදුණු පසු වහනය වන අප්‍රසන්න සුවඳ නිසා සතුන් පවා මේ ගෙඩි ආහාරයට ගන්නට මැලිකමක් දක්වනු ලබනවා. එය ශාකයේ ප්‍රචාරණයට යම් බාධාවක් වුණත් එක ගෙඩියකින් පමණක් පැළ 50-70 ක් තරම් ප්‍රමාණයක් හටගනු ලබනවා.
නමුත් ඉදුණු අහු ගෙඩි ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතයි. අහු ශාකයේ ගෙඩි පමණක් නොවෙයි කොළ, දළු, නැටි වගේම මුල් පවා විවිධ ඖෂධ සඳහා භාවිතයට ගනු ලබනවා. මේවා වියළා ගැනීමෙන් තොරව අමු ඖෂධ ලෙසයි භාවිතයට ගනු ලබන්නේ.මේ අහු සතුව පොටැසියම්, කැල්සියම්, සෝඩියම්, අයන් විටමින් A,B, C E යනාදී පෝෂක සංඝටකත් අන්තර්ගත වෙනවා. ඒ වගේම ප්‍රතිබැක්ටීරියා නාශක ගුණයෙන් හා විරේක ගුණයෙන් ද ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද සමන්විතයි.
මේ අහු ගෙඩි අමුවෙන් බැද ලුණු සමඟ ආහාරයට ගන්නට හැකි අතර පලතුරක් ලෙසත් ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම අහු ගෙඩිවලින් යුෂ වෛද්‍ය උපදෙස් අනුව ලබා ගැනීමත් නීරෝගී ජීවිතයකට ඉතා වැදගත් වෙනවා. මේ අහු ගෙඩියේ යුෂ පළමු මාසය තුළ උදේ සහ රාත්‍රී ආහාරයට පැය 2 කට පෙර තේ හැදි 2 බැගින් ද, පසු මාසවලදී උදේ දවල් හා රාත්‍රී තේ හැදි 2 බැගින් ද වෛද්‍ය උපදෙස් අනුවයි ලබාගත යුතු වන්නේ.
අහු ආහාරයට එකතු කර ගැනීමෙන් දේහයට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ
- ශරීරයේ ඇතිවන වේදනාවන්ට සහනය සලසනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
- මස්පිඩුවල වේදනාවන්ට සහනයක් ලබා දෙනවා.
- පිළිකාවට ගුණදායකයි.
- අක්මා රෝගවලට සුවය සලසයි.
- කැඩුම් බිදුම් හා සර්ප විෂට සුදුසුයි.
- තුවාල හා ගෙඩි සුවපත් කරනවා .
- දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
- රක්ත පිතට ගුණදායකයි.
- ප්ලීහා රෝග සමනය කරනවා.
- ප්‍රාථමික පිළිකා සෛල නිශේධනය කරනවා .(පෙනහළු පිළිකා,අක්මා පිළිකා,වකුගඩු පිළිකා )
- ආමාශගත රෝග සඳහා සුව ගෙනදෙනවා .
- සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
- මතකය වර්ධනය කර තෙහෙට්ටුවට සහනය සලසනවා.
- ස්නායු ආබාධ සමනය කරනවා.
- මුඛ රෝග සුව කරනවා.
- කැස්ස සහ ඇදුම රෝගවලට සහනය ලබා දෙනවා.
- රුධිර වහනය නතර කරන්නට උපකාරී වෙනවා.
- උණ සුව කරනවා .
- අජීර්ණට සහනය දෙනවා.
- වකුගඩු රෝග සඳහා ගුණදායකයි.
- ආතරයිටිස් නිසා ඇතිවන වේදනාවන් දුරු කරනවා.
- අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරනවා.
- හදවත ආරක්ෂා කරනවා .
අහු පත්‍ර

- පෙනනහළු පිළිකා ඇතුළු පිළිකා මර්ධනයට පිළිකා මර්දනය කිරීම සඳහා වඩාත් ජනප්‍රියම රරසායනික චිකිත්සාව විදියට සැලකෙන්නේ කීමෝ තෙරපි. නමුත් මේ කිමෝ තෙරපිවලට වඩා එහා ගිය සුවයක් අහු පත්‍ර මගින් සලසා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පෙනහලු පිලිකා වර්ග සඳහා මේ අහු පත්‍ර ප්‍රබලම ඔසුවක් .
- ගෙඩි පැසවා යාම සඳහා ගෙඩි වෙදකමේ දී ගෙඩි පැසවා යාමට මේ අහු පත්‍ර තලා ලබාගන්නා යුෂ ආලේප කිරීම සිදු කරනවා.
- ගෙඩි සහ වණ සඳහා අහු දළු, රතු ළූණු, පොල් කිරෙන් අඹරා වණයේ බැඳීම සිදු කරනු ලබනවා. තුවාල ගොඩවීම සඳහා සෝදාගත් අහු පත්‍ර තලා සාදාගත් පත්තුව භාවිතයට ගැනෙනවා.
- විදුරුමස් ශක්තිමත් කිරීම සඳහා අහු ගැට අඹරා ජලයට ලුණු සමඟ මිශ්‍ර කර කට සේදීම සුදුසු වෙනවා. ඒ වගේම අහු ගැට පුලුස්සා ලබාගත් අඟුරු ලුණු සමඟ මිශ්‍රකර විදුරුමසේ ආලේප කිරීමෙන්ද විදුරුමස් දියවී යාම නතර කර ගන්නට හැකියාව ලැබෙනවා.
- මැලේරියා උණට අහු නැටි භාවිතයෙන් කසාය සකසා පානයට ගැනීම ගුණදායකයි. මෙය දරුවන් ලැබීමෙන් පසු මවට වැළඳෙන සූතිකා උණටත් ගුණදායක බව සඳහන් වෙනවා.
- ළදරු අතීසාරය සඳහා අහු දළු මී පැණි සමඟ මිශ්‍ර කර බෙහෙත් පිළියෙළ කර ලබා දෙනවා.
- සර්ප විෂ සඳහා අහු කොළ සහ අමු කහ එකට අඹරා දෂ්ට මුඛයේ ආලේප කිරීම ඒ විෂ නැසීමට උපකාරී වෙනවා.
අහු යුෂ සාදා ගන්නා ආකාරය
- ඉදුණු අහු ගෙඩි කිහිපයක් ගෙන හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගන්න.
- ග්‍රේට් කරගත් ඉඟුරු කැබැල්ලක් හා කපාගත් අහු කැබලි එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න.
- පසුව පෙරනයකින් අහු යුෂ පෙරා ගෙන එයට මී පැණි සීනි ඔබ කැමති ප්‍රමාණයකින් එකතු කර පානය කරන්න.
සැලකිලිමත් විය යුතුයි.
- අක්මා රෝගීන් , වකුගඩු ආබාධ ඇති පුද්ගලයන් අහු ආහාරයට ගැනීමෙන් වළකින්න.
- ගබ්සා විය හැකි නිසාවෙන් ගර්භනී කාන්තාවන් අහු භාවිතයෙන් වළකින්න.
- අධි රුධිර පීඩනය ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් අහු ආහාරයට එකතු කර ගැනීමෙන් වළකින්න.
- විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම් වෛද්‍ය උපදෙස්වලට අනුව අහු පරිභෝජනය කළ යුතු අතර ඖෂධ සඳහා ආදේශකයක් ලෙස භාවිතයට ගැනීමෙන් වළකින්න.