කටින් පමණක් හුස්ම ගැනීමමෙන් සිදුවෙන දේවල් 4 ක්

health tips

අලුත උපන් බිලිඳුන්ට කටින් හුස්ම ගන්න බෑ කියලා ඔබ දැනගෙන සිටියද?කොහොමහරි මාස 6ක් ගෙවුණට පස්සේ තමයි කටින් හුස්ම ගන්න එයාලට පුළුවන් වෙන්නේ..නාසය හරහා තමයි ශ්වසනය එහෙමත් නැත්නම් ඔක්සිජන් සහිත වාතය සිරුර තුළට ලබාගැනීමේ ප්‍රධාන කාර්ය සිදුවන්නේ. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යව හැදුණම ඇතැම් අවස්ථාවල නාස කුහර සිරවීම නිසා කටින් තමයි අපි හුස්මගන්නේ. නමුත් මෙය දිගින් දිගටම සිදුකිරීම නම් සුදුසු නැති බව පෙන්වාදෙනවා. මේ පුරුද්ද නිසා දිගු කාලීනව හානිකර බලපෑම ඇතිවිය හැකියිලු.අධ්‍යයන මඟින් පෙන්වාදෙන එවැනි ආකාරයේ හානි කිහිපයක් ගැනයි මේ.

  • මුහුණ වෙනස්වෙයි

කටින් හුස්ම ගැනීම පුරුද්දකට යාම නිසා ඔබේ මුහුණේ ව්‍යුහයේ යම් යම් වෙනස්කම් මතුවීමට පටන්ගත හැකියි.කාලයක් යන විට මුහුණ ඉදිරිපසට හා පහළ අතට නෙරූ ස්වභාවයක් ගත හැකියි.තවමත් මුහුණු වර්ධනය වෙමින් පවතින වයස නිසා මෙය කුඩා දරුවන් තුළ පැහැදිලිව දැකිය හැකියි.ඔබ කටින් හුස්ම ගන්නා විට ඔබේ හණු(හකු)  සහ කම්මුල් වඩාත් ප‍ටුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස කාලයක් යන විට ඔබේ නාසයේ හැඩය පවා වෙනස්වීමට පටන්ගනියි.නාස් පුඬු හා උඩු තොල ප‍ටු ආකාරයකට වර්ධනය විය හැකි අතර දත් පූට්‍ටු වී  ඉදිරිපසට නෙරා ඒම සිදුවිය හැකියි.

  • ඔබේ සිරුර කුදු වීමට පටන්ගනියි

කටින් හුස්ම ගන්නා විට, ඔබ නොදැනුවත්වම ඔබේ හිස ඉදිරියට බර වී උරහිස් වකු‍ටු වූ ඉරියව්වක් සිරුරේ ඇතිවෙයි. එහි ප්‍රතිඵලයක් විදියට කාලයක් ගත වෙද්දි වායු මාර්ග විවෘත වීමට ඉඩසලසමින් සිරුර කුදු වීමට පටන්ගනියි.

  • ඔබේ දත් වලට බලපෑම් ඇතිවිය හැකියි

කටින් හුස්ම ගැනීම ඔබේ දත් දෙපළේ පිහිටීමට සෘණාත්මක බලපෑම් එල්ල කළ හැකිය. කටින් හුස්මගැනීමට පුරුදුවී සිටින බොහෝ කුඩා ළමුන්ගේ දත් ඇදට පිහිටීම හා දත් පූට්‍ටු වූ ස්වභාවයකින් නිසි ලෙස නොපිහිටීම වැනි ගැටලු නිරික්ෂණය කළ හැකියි.තොල් වල හා දිවේ ඉරියව්ව පවා වෙනස්විය හැකියි.මෙවැනි ගැටලු වලට ලබාදෙන දන්ත චිකිත්සා ප්‍රතිකර්ම පවා සංකීර්ණය.දත් කම්බි පැලඳීමට සිදුවීම එක් උදාහරණයක්.

  • නිදාගැනීම අපහසුකාරී විය හැකියි.

කටින් හුස්ම ගැනීමේදී අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරගත වන අතර වැඩි වශයෙන් ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් ය.මෙහි ප්‍රතිඵලයක් ලෙස අපේ සිරුරේ බොහෝ පද්ධති වලට පීඩාකාරී බලපෑම් ඇතිවිය හැකියි.නින්දෙන් ගෙරවීම, කෙළ පෙරීම, නිදන්ගත ඔක්සිජන් විහිනතාව (chronic oxygen deprivation) සහ නිද්‍රා ඇප්නියාව (sleep apnea) වැනි තත්වයන් පවා අත්දැකීමට ඉඩ තිබේ.නින්දේදී කටින් හුස්ම ගැනීම වළක්වාගැනීමට සහ නාසයෙන් හුස්ම ගැනීමට සහය වීම සඳහා කට ටේප් පටි කැබැල්ලකින් ආවරණය කරගැනීමට නිර්දේශ කරයි.