මදසරුභාවය නැතිකර දරුඵල සිහිනය ළඟා කර දෙන ඖෂධීය වටිනාකමින් යුත් නුග ශාකය

health tips

අතුපතර විහිදී වැඩෙන විශාල වෘක්ෂයක් වන නුග බොහෝ ජනී ජනයා දේවත්වයෙන් සලකන වෘක්ෂයකි. එනම් Ficus benghalensis විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නුග Moraceae කුලයට අයත් වේ. ඖෂධ වශයෙන් ගත්විට නුග ශාකය  අතීතයේ සිටම ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස භාවිතා කර ඇති අතර අශෝක අරිෂ්ටය නිෂ්පාදනය කර ඇත්තේ නුග ශාකයේ කොටස් ඖෂධ ලෙස යොදා ගෙනය. 

එමෙන්ම ආයුර්වේදයෙහි සඳහන් වන පරිදි නුග ශාකය ගුණ කර්ම රැසක් අඩංගු වේ. 

රස- කෂාය ගුණ – ගුරු රූක්ෂ වීර්යය- ශීත විපාක- කටුක වේ.  ඖෂධ වශයෙන් මුල්, පොතු,කිරි, නොපුබුදු ශුංග සහ ගෙඩි  භාවිතා කළ හැකිය. 

ඊට අමතරව නුග ශාකයේ පොතු වල සහ මැලියම් වල 10% ටැනික් අම්ලය අඩංගුවේ. නුග ඵලයේ  ඇල්බ්නොයික් , කාබෝහයිඩ්රෙට් අඩංගු වේ. 

නුග ශාකයේ ඖෂධීය ගුණ භාවිතය

මදසරුභාවය  සඳහා  

බොහෝ කාන්තාවන් වර්තමානය වන විට මඳ සරු භාවය නිසා පීඩාවට පත්ව සිටී. මෙම තත්වය ඇතිවීම සඳහා ගනු ලබන ආහාර රටාව මෙන්ම ගත කරන ජීවන රටාව ප්‍රබල වශයෙන් බලපෑම් කරනු ලැබේ. එම තත්ත්වය සමනය කර ගැනීමට නුග  ඖෂධයක් ලෙස භාවිතයට අමතරව නුග ශාකය සේවනය කිරීම සිදුකරයි. එමෙන්ම නුගරුක් අසල කාලය ගත කිරීම හා පිරිසිදු කිරීම, වන්දනා කිරීම කළ යුතුය. මෙම සියලු කටයුතු සිදු කිරීමෙන් මානසික ඒකාග්‍රතාවය ලබාගත හැකිය. 

ඉන්පසුව මදසරු භාවයට ප්‍රතිකාර කිරීම සඳහා නුග දළු, පොතු, ගෙඩි, මුල් මෙන්ම කයිරු මුල් භාවිතා කිරීම සිදු කරයි. 

මේ සඳහා ආයුර්වේදය තුළ නුග යොදා ගෙන ඖෂධ වර්ග සකස් කරනු ලබයි. 

නැවුම් මැටි මුට්ටියක් ගෙන එයට එළකිරි කෝප්ප දෙකක් සහ නුග දළු මිටක් පමණ එක් කර හොඳින් තම්බා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය හොඳින් පෙරා ඊට තිප්පිලි කුඩු ස්වල්පයක් එක් කර පානය කිරීමෙන් මදසරුභාවය සුවපත් කරගත හැකිය.

එමෙන්ම නුග දළු මිටක් ගෙන සිහින්ව අඹරා එයට තිප්පිලි කුඩු මිශ්‍රකර කුඩා ගුළි මෙන් සකසා වරකට එක බැගින් එලකිරි සමග පානය කිරීමෙන් ද මද සරුභාවය සුවපත් කරගත හැකිය. 

මෙම ඖෂධ වර්ග බැලූ බැල්මට එක හා සමානව පෙනුනද භාවිතා කරන විට වෛද්‍යවරයා අනුමත කරන ඖෂධය භාවිතා කළ යුතුය. 

මදසරු භාවය නම් රෝග තත්ත්වය නිසා පීඩා විඳින ඕනෑම කාන්තාවකට වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධය භාවිතා කළ හැකිය.

මීට අමතරව පුෂ නැකතින් ගලවාගත් නුග මුලක් ඉනෙහි බැඳගෙන ලිංගික කටයුතු වල යෙදීමෙන් මඳසරුභාවය සුවපත් කරගෙන නීරෝගී දරු සම්පතක් ලබා ගත හැකිය. 

තුන් දොස් සමනය කිරීම සඳහාතුන් දොස් හෙවත් වා පිත් සෙම් යන ත්‍රිදෝෂ කෝප වීමෙන් හට ගන්නා රෝග සමනය කිරීම සඳහා නුග ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නුග ඖෂධයක් ලෙසින් භාවිතා කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් ව සිදුකර ගත හැකිය. මේ සඳහා නුග ගසක් යට වාඩි වී සිටීම ප්‍රමාණවත් බව බොහෝ දෙනෙකු සඳහන් කරයි. 

ප්‍රදර රෝග සඳහා

කාන්තාවන්ට ඇතිවන ප්‍රදර රෝග සමනය කිරීම සඳහා නුග මුල් යොදා සකස් කරනු ලබන කෂාය යෝග්‍ය වේ. 

මානසික ඒකාගත්‍රාවය සඳහා

බෝ,නා වැනි ශාක වර්ග මෙන්ම නුග ශාකය ද මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට උපකාරී වේ.  මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන මනස සුවපත් කර ගැනීමට නුග ශාකයක් ළඟ වාඩි වී සිටීම ප්‍රමාණවත් වේ. 

ගර්භාෂ රෝග සඳහා

ගර්භාෂ රෝග සුවපත් කර ගැනීම සඳහා නුග ශාකයේ දළු,මුල්  භාවිතා කරනු ලබයි.  මෙමගින් හදිසියේ ඇතිවන ගබ්සා වීම් වලක්වා ගත හැකිය. එනම් ගර්භාෂය ශක්තිමත් කරගත හැකිය. 

රුධිරය පිරිසිදු කිරීම සඳහා

රුධිරය අපිරිසිදු වූ විට නැවත රුධිරය පිරිසිදු කර ගැනීම ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. ඒ සඳහා නුග මුල් තම්බා පානය කිරීම 

යෝග්‍ය වේ.

එමෙන්ම

දියවැඩියාව 

අතීසාරය 

චර්ම රෝග

අර්ශස් 

සමනය කිරීම සඳහා ද නුග ශාකයේ ගෙඩි, මුල්,පොතු,දළු  ඖෂධ ලෙස භාවිතා කළ හැකිය