තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු ඔබ අනිවාර්යෙන්ම මේ දේවල් කළ යුතුමයි

health tips

ඒ විතරක් නෙවෙයි  විශේෂ උත්සව අවස්ථාවලදී එහෙමත් නැත්නම් විශේෂ උත්සව කාලවලදී සීනි අධික ආහාර වගේම තෙල් සහිත ආහාරත් වැඩි වැඩියෙන් අපිට ආහාරයට  ගන්නට ලැබෙනවා. තෙල් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්.  ඉතින් ඒ නිසා මෙය සීමාවක් සහිතව ගන්නා එක තමයි ඉතාම සුදුසුයි. 

ඉතින් ප්‍රණීත ආහාර වේලක් දිවට රසයක් දැනෙන විදිහට සකසා ගෙන ආහාරයට ගන්නා එක නම් වැරැද්දක් නෙවෙයි.  නමුත් ඔබ සෑම අවස්ථාවකම නිතරම අධිකව වශයෙන් තෙල් සහිත ආහාර ගන්නා අයෙක් නම් ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වැඩිපුර හිතන්නට ඕන.  අධික ලෙස තෙල් ආහාරයට ගන්නා ඒක සිරුරට බොහෝ නරක බලපෑම්  ඇති කරනවා. එවැනි හානිදායක බලපෑම් අවම කරගන්නට මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත්මත් වෙන්න. ඔබ තෙල් සහිත ආහාර වේලක් ලබා ගැනීමෙන් පසු මෙන්න මේ උපදෙස් පිළිපදින්න .

මද රස්නය සහිත ජලය පානය කරන්න. 

 ඔයා තෙල් සහිත ආහාරයක් ගන්නවා නම් ඒ ආහාර ගැනීමෙන් පසු  මද උණුසුම් ජලය වීදුරුවක්  පානය කරන එක ඉතාම වැදගත්. මෙය ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා.  එමගින් මල බද්ධය විජලනය  ආදී තත්ව ඇති වෙන එකත් වැළකෙනවා.  ඒ විතරක් නෙවෙයි අක්මාව, බඩවැල් වගේ අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට තෙල්වලින් විය හැකි  හානිය අඩු කර ගන්නට මේ ක්‍රමය ඉතා සුදුසු බව තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.

 උණුසුම් සහිත ජලයට  කරපිංචා කොළ කිහිපයක් දාලා තියලා  පානයට  ගන්නට හැකි නම්   එයත් අධික තෙල් ආහාරවලින් අපේ ශරීරයට වන බලපෑම අවම කරනවා. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානම අක්මාවේ තෙල් තැන්පත් වීම ආදී තත්ත්වයන් එයින් වළක්වා ගන්නට පුළුවන්. 

සීතල කෑම ගන්න එපා.

තෙල් අධික ආහාර වේලක් ගත් සැනින් අයිස්ක්‍රීම් වගේ සීතල ආහාර වර්ගයක් ඔයා ගන්නට පුරුදු වෙලා ඉන්නවා නම් ඒක ඒ තරම් ඔබේ ශරීරයට හිතකර නම් නැහැ. මේ හානිදායක පුරුද්ද නිසා අපේ අක්මාව, බඩවැල් වගේම වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් හානියට පත් වෙන්නට පුළුවන්. තෙල් සහිත ආහාර ගත් සැණින් සීතල ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණය අපහසු වෙනවා.  ආහාර දිරවීමේ ක්‍රියාවලිය අධික ආතතියකට ලක් කරනවා.ඒ නිසා  බඩ පිපුම අජීර්ණය  වගේ දේවල් වුණත් ඇති වෙන්න පුළුවන්. 

ආහාර ගත් සැණින් නින්දට යනවා  වෙනුවට ඇවිදින්න. 

 ආහාර වේලක් ගත් සැණින් සමහරු පුරුදු වෙලා ඉන්නේ පොඩි නින්දක් ලබා ගන්න.  නමුත් ආහාර ගැනීම සහ නින්ද අතර පැය දෙක තුනකවත් කාල පරාසයක් තියාගත යුතුයි.  මොකද ආහාර ගත් සැණින් නින්දට ගියොත් ඒ ආහාරයෙන් අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ නැහැ.  ඒ වගේම තමයි ඒ ආහාරය ඉතා ඉක්මණින් මේදය බවට පත්.වෙලා ශරීරයේ තැන්පත් වෙන්න බලනවා. 

තෙල් අධික ආහාර වේලකින් පසුව ඔබ මේ පුරුද්ද කොහොමවත් කරන්නට හොඳ නැහැ. ඒ වෙනුවට ඔයාට පුලුවන් ටිකක් ඇවිදින්න. අධික තෙල් ආහාර ගැනීමෙන් පස්සේ ශරීරයට දැනෙන අපහසුතා මගහරවා ගන්න එය හොඳම ක්‍රමයක්. ආහාරයෙන් පස්සේ මිනිත්තු 20 ක කෙටි ඇවිදීමක් කිරීමෙන්  බාධාවකින් තොරව බර අඩුකර ගන්නටත් උදව් වෙනවා. 

ඊළඟ ආහාර වේල සැලසුම් කරන්න.

 ඔබ ගත් ආහාර වේල අධික තෙල් සහිත ආහාර වේලක් ලෙස ගත්තා නම් ඊළඟ ආහාර වේල සැහැල්ලු ආකාරයකින් ගන්නට සැලසුම් කරන්නට ඕන.  ප්‍රෝටීන මාත්‍රාවක් එකතු කිරීමත් සමඟ වැඩි වශයෙන් පලතුරු සහ එළවළු පරිභෝජනය පිණිස ගැනීමත් විවේකීව සිහිබුද්ධියෙන් ආහාර ගැනීමත්  අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම වැදගත්. 

ව්‍යායාම

 ව්‍යායාම් කරන එක අපේ නීරෝතාවයට  කොතරම් වැදගත් ද කියලා ඔයාට අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. නමුත් අපි ව්‍යායාම් කිරීමේදී එය සිදු කළ යුතු වේලාව සහ ප්‍රමාණයන් ගැන හොඳ. අවබෝධයකින් පසුවිය යුතුයි.  විශේෂයෙන්ම ඔයා අධික තෙල් සහිත ආහාර වේලකින් පසුව මේදය දියකර හරින්නට යයි සිතා ශරීරය අධික ලෙස වෙහෙසට විඩාවට පත්වන ශාරීරික ක්‍රියාකාරකම්වල  නිරත වීම කිසිසේත්ම සුදුසු නැහැ.  ඒ වෙනුවට ඉහත සඳහන් කරපු  ආකාරයට ඇවිදින්නට පුළුවන්. එයින් අධික ලෙස කැලරි දියකර හරින්නට විශාල සහයෝගයක් අපිට ලැබෙනවා. 

 තෙල් සහිත ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකෙන්නට අපිට බැහැ. ඒ වගේම තෙල් අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන දෙයක්. ඒ නිසා තෙල් සහිත ආහාර වේලක් ගත්තට පස්සේ මෙන්න මේ වැරදිවලින් වැළකී ඉන්නට  ඔයා වගබලා ගන්න.ඒ වගේම තෙල් සහිත ආහාර ගැනීම සීමා කිරීමත් ඉතා හොඳයි. මේ කාරණා ගැන සැලකිලිමත් වුණොත් නිකං බොරුවට ලෙඩ හදා ගන්නේ නැතිව නීරෝගීව ජීවත් වෙන්නට ඔයාටත් පුළුවන්.
තෙල් සහිත ආහාර ගැනීමෙන් පසු ඔබ අනිවාර්යෙන්ම මේ දේවල් කළ යුතුමයි

අද අපිට අහන්නට ලැබෙන වඩාත් බරපතළ රෝග තත්ත්වයන් විදිහට සැලකෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්,  අධි රුධිර පීඩනය, හර්දයාබාධ ආදී මෙකී නොකී ලෙඩවල් බොහොමයකටම හේතු වෙන්නේ අපේ ආහාර රටාව.  ඉතින් මේ ලෙඩ රෝග ගැන කතා කරද්දි නිතරම සඳහන් වෙන කාරණාවක් තමයි තෙල් සහ පිටි අධික ආහාර සහ සීනි අධික ආහාරවලින් වැළකී ඉන්න ඕන කියන කාරණාව.  අපි හැමෝම කටට රසට කන්න කැමතියි නේ .  මෙන්න මේ නිසාම ආහාර වේලකට තෙලෙන් සකස් කරපු ආහාරයක් එකතු කරගන්නා එක බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන කාරණාවක්.

ඒ විතරක් නෙවෙයි  විශේෂ උත්සව අවස්ථාවලදී එහෙමත් නැත්නම් විශේෂ උත්සව කාලවලදී සීනි අධික ආහාර වගේම තෙල් සහිත ආහාරත් වැඩි වැඩියෙන් අපිට ආහාරයට  ගන්නට ලැබෙනවා. තෙල් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්.  ඉතින් ඒ නිසා මෙය සීමාවක් සහිතව ගන්නා එක තමයි ඉතාම සුදුසුයි. 

ඉතින් ප්‍රණීත ආහාර වේලක් දිවට රසයක් දැනෙන විදිහට සකසා ගෙන ආහාරයට ගන්නා එක නම් වැරැද්දක් නෙවෙයි.  නමුත් ඔබ සෑම අවස්ථාවකම නිතරම අධිකව වශයෙන් තෙල් සහිත ආහාර ගන්නා අයෙක් නම් ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වැඩිපුර හිතන්නට ඕන.  අධික ලෙස තෙල් ආහාරයට ගන්නා ඒක සිරුරට බොහෝ නරක බලපෑම්  ඇති කරනවා. එවැනි හානිදායක බලපෑම් අවම කරගන්නට මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත්මත් වෙන්න. ඔබ තෙල් සහිත ආහාර වේලක් ලබා ගැනීමෙන් පසු මෙන්න මේ උපදෙස් පිළිපදින්න .

මද රස්නය සහිත ජලය පානය කරන්න. 

 ඔයා තෙල් සහිත ආහාරයක් ගන්නවා නම් ඒ ආහාර ගැනීමෙන් පසු  මද උණුසුම් ජලය වීදුරුවක්  පානය කරන එක ඉතාම වැදගත්. මෙය ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා.  එමගින් මල බද්ධය විජලනය  ආදී තත්ව ඇති වෙන එකත් වැළකෙනවා.  ඒ විතරක් නෙවෙයි අක්මාව, බඩවැල් වගේ අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට තෙල්වලින් විය හැකි  හානිය අඩු කර ගන්නට මේ ක්‍රමය ඉතා සුදුසු බව තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.

1131123017