අපි ගනු ලබන ආහාර අතුරින් ඉතාමත් ගුණැති එළවලුවක් ලෙස බණ්ඩක්කා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අපේ රටේ බහුලවම භාවිතා වෙන එළවලුවක් ලෙසත් බණ්ඩක්කා හඳුන්වන්නට පුළුවන්.බොහෝදෙනා බණ්ඩක්කා සතු සෙවල ස්වභාවය නිසා සහ එහි රසය නිසා ආහාරයට ගැනීමට එතරම් රුචිකත්වයක් නොදක්වන නමුත් බණ්ඩක්කා සැබැවින්ම රෝග බොහොමයක් පාලනය කරන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම උදෙසා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන ආහාරයක්. තන්තුවලින් පොහොසත් බණ්ඩක්කා විටමින් A, B, C, පොටෑසියම්, ෆෝලික් අම්ලය, කැල්සියම් සහ වෙනත් ඛනිජ ලවණවලින් ද බහුල ආහාරයක්. රසවත් ලෙස විවිධාකාරයට පිසගත හැකි බණ්ඩක්කා සෞඛ්‍යයට ඉතා හිතකර ආහාරයක් ලෙස දීර්ඝකාලයක් තිස්සේ අනුමත කර තියෙනවා. අද අපි ඔබ සමඟ සකච්ඡා කරන්නේ බණ්ඩක්කා අපේ දේහයට බලපෑම් කරන්නේ කුමන ආකාරයට ද යන්න පිළිබඳවයි.
බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

- ප්‍රතිශක්තිය වර්ධනය කරයි විටමින් C බහුල ආහාරයක් වන බණ්ඩක්කා අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.එබැවින් නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ගොදුරු නොවී සිටීමට අපිට හැකියාව ලැබෙනවා.
- පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත බණ්ඩක්කා ආහාරයට එකතු කර ගැනීම පිළිකාවලට ගොදුරු නොවී සිටීමට උපකාරී වෙයි. විශේෂයෙන්ම බණ්ඩක්කාවල අඩංගු ලෙක්ටීන් කියන සංඝටකය මේ සඳහා උපකාරී වන බව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා.
- අධි රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වෙයි රුධිර පීඩනය වැඩි අවස්ථාවක එය අඩු කරන්නට ඖෂධවලට වගේම හැකියාවක් බණ්ඩක්කා සතුවත් පවතිනවා. පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගත බණ්ඩක්කා ආහාරයට ගැනීම රුධිර පීඩනය හිතකර මට්ටමින් පවත්වා ගෙන යාමට බෙහෙවින් උපකාරී වෙනවා.එබැවින් බණ්ඩක්කාවල අන්තර්ගත වන පොටෑසියම් පුද්ගලයෙකුගේ අධි රුධිර පීඩනය අඩු කරන්නට උපකාරී වෙනවා.
- රුධිරය කැටි ගැසීමට උපකාර කරයි කැපීමක්, සීරීමක්, තුවාලයක් වූ විටදී අභ්‍යන්තරව හෝ බාහිරව රුධිර ගලනය දිගින් දිගටම සිදුවීමෙන් ජීවිත හානි වුණත් සිදු වන්නට පුළුවන්. එබැවින් රුධිරය කැටි ගැසීම අවශ්‍ය වෙනවා. රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංඝටකයක් ලෙස විටමින් K වැදගත් වෙනවා.බණ්ඩක්කාවල විටමින් K බහුල වශයෙන් අඩංගු වන නිසා රුධිර වහනය නතර කරන්නට රුධිරය කැටි ගැසීමට බණ්ඩක්කා අපේ ආහාරයට එකතු කර ගැනීම අතිශයින්ම වැදගත්.
- කොලෙස්ටරෝල් අවශෝෂණය අඩාල කරමින් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පාලනය කරයි බණ්ඩක්කා සතු සෙවලමය ස්වභාවය මේ සඳහා හේතු වෙනවා. එබැවින් බණ්ඩක්කා ආහාරයට ගැනීම දේහයේ ලිපිඩ මට්ටම හිතකර ලෙස පවත්වා ගෙන යාමට වැදගත් වෙනවා.
- දියවැඩියාව පාලනය කරයි බණ්ඩක්කා සතු සෙවලමය ස්වභාවය සහ තන්තුමය ස්වභාවය රුධිරගත සීනි මට්ටම වැඩිවීම පාලනය කරනු ලබනවා. එකවර රුධිරයේ සීනි මට්ටම ඉහළයාම පාලනය කර ගන්නට කදිම ආහාරයක් ලෙස බණ්ඩක්කා සඳහන් කරන්නට පුළුවන්.තවද වැඩිපුර බණ්ඩක්කා පරිභෝජනය කිරීම ග්ලයිසමික් පාලනය පවත්වා ගැනීමටත් ඉන්සියුලින් සංවේදීතාවය නිසි ප්‍රමාණයට පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

- මානසික ආතතිය පාලනය කරයි
- ශරීරයේ බර අඩුකර ගන්නට උපකාරී වෙයි
- ස්වසන පද්ධතියේ නීරෝගීභාවය ඇති කරයි
නියුමෝනියාව, බ්‍රොන්කයිටීස් ආදී රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා බණ්ඩක්කා කොළ සහ මල් කසාය සැකසීමට භාවිතා කරනු ලබනවා.බණ්ඩක්කා සතු සෙවල ස්වභාවය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණට පිළියම් කිරීමට වඩා සුදුසුයි.
විශේෂයෙන්ම ඇදුම රෝගය ඇතිවීම හා වර්ධනයට ඉඩ නොතබා තත්ත්වය බරපතල නොවිමට බණ්ඩක්කාවල ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහක ගුණාංග හේතු වෙනවා.
- තන්තුවලින් පොහොසත් බණ්ඩක්කා ආහාර දිරවීම පහසු කර බඩවැලේ ඇති අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කරයි.
- සුදුසු ව්‍යායාම් මාලාවක් සමඟ ආහාරවේලට දිනපතා බණ්ඩක්කා එකතු කර ගැනීමෙන් ශරීරය ප්‍රබෝධමත් කරයි.
- මහ බඩවැලේ පිළිකා අවදානම අඩු කරයි
- බණ්ඩක්කාවල ඇති දිය නොවන තන්තු බඩවැල් පිරිසිදු කර බඩවැලේ පිළිකා ඇතිවීම අවම කරයි.සමේ විෂහරණය කර සමේ ගැටළු අවම කරයි.
- හිසකෙස් ප්‍රාණවත් කරයි
- ඇස් පෙනීම වර්ධනය කරයි
- රක්තහීනතාවය දුරලයි
- රුධිර නාලිකා හා හිතකර බැක්ටීරියා පෝෂණය කරයි
- සන්ධි ආශ්‍රිත වේදනාවන් සමනය කර සන්ධි ශක්තිමත් කරයි
බණ්ඩක්කා තුළ ඇති සෙවලමය තරලය මගින් සන්ධිවල ගෙවීගිය කාටිලේජ පෝෂණය කර ශක්තිමත් කරනවා. බණ්ඩක්කා කරල් 4 ක් ගෙන සෝදා දෙකෙළවරවල් කපාගෙන නැවත දිගු අතට කපා වතුර ලීටර් භාගයක් දමා තම්බා ගන්න. රෑ එළිවනතුරු තම්බාගත් මෙය පසුදා උදෑසන පානය කර තම්බාගත් බණ්ඩක්කා කරල් ද ආහාරයට ගන්න. එය සන්ධි ආශ්‍රිත රෝග බොහොමයකට බෙහෙවින් ගුණදායකයි.
- ගර්භණී කාන්තාවන්ට ඉතාමත් හිතකරයි ගර්භණී සමයේදී මව්වුවරුන්ට ලබාදෙන ප්‍රධාන විටමිනයක් වන්නේ ෆෝලික් ඇසිඩ් (විටමින් B 9). බණ්ඩක්කාවල බහුල වශයෙන්ම ෆෝලික් ඇසිඩ් අන්තර්ගත වෙනවා. රතු රුධිරාණු නිෂ්පාදනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සංඝටකයක් ලෙස ෆෝලික් අම්ලය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ අනුව රතු රුධිරාණු ප්‍රමාණය වැඩිකර ගැනීමටත් ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවන්ට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයන් ලබා ගැනීම සඳහාත් මේ බණ්ඩක්කා භාවිතා කරන්නට පුළුවන්.ගර්භණී කාන්තාවකට යම්විටෙක ෆෝලික් ඇසිඩ් ඌණතාවයක් ඇතිවුණොත් එය දරුවාගේ ෂුසුම්නාව ආශ්‍රිත රෝග ඇතිවීම කෙරෙහි බලපාන බැවින් බණ්ඩක්කා ආහාරයට ගැනීම ගර්භණී කාන්තාවකට අතිශයින්ම වැදගත්.එබැවින් බණ්ඩක්කා නිතර අපේ ආහාරවේලට එකතු කර ගැනීම නීරෝගී ජීවිතයක් ගත කිරීමට උපකාරී වන බව නොරහසක්.