සෑම අයෙක්ම ජීවිත කාලය තුළ එක් වරක් හෝ අත්විදපු දෙයක් තමයි නගන කියන්නේ. මේ තත්ත්වය වැඩි වශයෙන් කුඩා දරුවන් අතරේ දකින්නට පුළුවන්.නමුත් ඇයි මේ නගන ඇති වෙන්නේ කියන කාරණාව පිළිබඳව වගේම ඒ සඳහා නිවසේදී අපිට කළ හැකි ප්‍රතිකාර මොනවාද කියන කාරණාව පිළිබඳව බොහෝදෙනා දැනුවත් නැහැ. ඉතින් ඒ නිසාම අද අපි නගනයක් ඇතිවෙන ආකාරය සහ ඒ සඳහා පිළියම් ලෙස නිවසේදී කළ හැකි දේ පිළිබඳව කතා කරමු.
නගනයක් කියන්නේ ඇසිපියේ ඇති තෙල් ශ්‍රාවී (oli gland )ග්‍රන්ථිවල ඇතිවන සුළු ආසාදිත තත්ත්වයක්. මේ ආසාදිත තත්ත්වය සාමාන්‍යයෙන් ස්ටැෆිලොකොකස් (Staphylococcus bacteria ) බැක්ටීරියාව හේතුවෙන් ඇති වෙනවා. මේ නගන ඇසිපියේ පිටතින් වගේම ඇසිපිය අභ්‍යන්තරයෙන් වුණත් වර්ධනය වෙන්නට පුළුවන්. මේ නගන ඇතැම් විට කහ පැහැයට හැරී සැරව පිට කරන්නටත් පුළුවන්.කොහොමවුණත් ඇසිපිය ඇතුළත ඇතිවන නගන බාහිර නගනවලට වඩා තරමක් වේදනාකාරී වෙනවා.
සාමාන්‍යයෙන් ඇසිපිය මත ඇතිවන රත් පැහැ තරමක් රස්නය සහිත නගනයන් ක්‍රමයෙන් විශාල වී ඉදිමීමට ලක්වෙනවා. ඇතැම් අවස්ථාවල ඇසිපිය මත එක නගනයක් වෙනුවට නගන දෙක තුනක් ඇතිවන අවස්ථා ද පවතිනවා. මේ නගන ඇතිවූ විට දැනෙන අපහසුව නම් වචනයෙන් විස්තර කරන්නට අපහසුයි.
රෝග ලක්ෂණ

- ඇසිපිය මත කුඩා ගැටිත්තක් ඇතිවීම
- ඇසිපිය රතුවී ඉදිමීම
- වේදනාව
- ඇසිපිය වියළි වීම
- ඇස කැසීම
- පෙනීම අපැහැදිලි වීම
- ඇසෙන් ශ්ලේෂ්මල ශ්‍රාවය වීම
නගන ඇතිවීමේ අවදානමක් ඇති අය
- ඇස් ආශ්‍රිතව ගල්වන රූපලාවන්‍ය ආලේපන නින්දට පෙර ඉවත් නොකිරීම
- විෂබීජානුහරණය නොකළ අක්ෂි කාච පැළදීම
- කල් ඉකුත්වූ රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීම
- ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම
- හිසේ හිස්සොරි ඇති විට
- ශරීරයේ උෂ්ණය වැඩි වූ විට
කොහොමවුණත් මේ නගනය ඉදිමීමෙන් ඇස විවෘත කරන්නට නොහැකි අවස්ථා ඇතිව දින කිහිපයක් ඉදිමුම අඩු නොවන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම ඇතැම් අයට යම් කාලයකදී කලාතුරකින් ඒ නගන ඇති වුණත් තවත් අයට නිරන්තරයෙන් ඒ නගන ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැනි අවස්ථාවක ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. ඒ හැරුණාම සාමාන්‍යයෙන් ඇතිවිය හැකි නගනයකදී නිවසේදී කළ හැකි යම් යම් ප්‍රතිකර්ම පවතිනවා.
නගන ඇතිවූ විට නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම

- පිරිසිදු රෙදි කැබැල්ලක් මද උණු වතුරේ පොගවා විනාඩි 5-10 ක් පමණ නගනයේ ඉහළ සිට පහළට තද කරමින් තවන්න. දිනකට දෙවරක් පමණ මෙය සිදු කිරීමෙන් නගනය පිපිරී එහි ඇති සැරව පිටතට පැමිණීම සිදුවෙනවා.
- සමන් පිච්ච කොළ, නෙල්ලි කොළ, දෙළුම් කොළ, සියඹලා කොළ තැම්බූ වතුර ආදියෙන් එක් වර්ගයක් ඇස් සේදීම සඳහා භාවිතා කළ හැකියි.
- රත් හදුන් කුඩු, ඉරිවේරිය, කලාදුරු අල වෙන වෙනම කබලේ බැද කුඩු කර මී පැණියෙන් අනා ආලේප කරන්න
- කලාදුරු අල ඇල්දියෙන් ගලගා ආලේප කරන්න.
- සියඹලා ඇටයක් උණු අළු පල්ලේ දමා තම්බා එහි පොත්ත පුපුරා ගිය පසු එහි පොත්ත ඉවත් කර ලබාගත් මදය මී පැණිවලින් අඹරා ආලේප කරන්න.
- ගංසූරිය කොළ තම්බා ගත් වතුරෙන් සෝදන්න.
- කලාදුරු අලයේ මදය මී පැණියෙන් ගලගා ආලේප කරන්න.
- දාස්පෙතියා මල් පෙති තේ හැදි 1 ක් වතුර කෝප්ප ¼ ට දමා පෙරා පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ආලේප කරන්න.
- මින්චි කොළ කිහිපයක් ගෙන කුඩු කර නගනය මත තබන්න. මිනිත්තු 5 කින් පමණ පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
- ලුණුවරණ කොළ, පොතු අමු කහ ලුණු ස්වල්පයක් දමා කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා තවන්න.
කෙම් ක්‍රම

- උදෑසන අවදි වී කතා නොකර තුත්තිරි ගස්වල ගොබය ගලවා ඇඟිලි තුඩුවලින් යුෂ මිරිකා ඒ එන දියරය නගනයේ ආලේප කරන්න.
- ගම්මිරිස් ඇටයක් මී පැණියෙන් ගලගා ආලේප කරන්න.
නගන ඇතිවීම වළක්වා ගත හැකි ක්‍රම
- ඇස් කැසීම හෝ ඇස් නිතර ඇල්ලීමෙන් වැළකීම. බොහෝවිට කුඩා දරුවන් ඇස් රතුවූ විට හෝ ඉදිමුණු විට හෝ මහන්සියක් දැණුනු විටත් ඇස් පොඩි කිරීම සිදුකරනවා. එවිට ඇසට විෂබීජ ඇතුළුවීමේ ඉඩකඩ වැඩි නිසා නගන ඇතිවීමටත් එය හේතුවක් වෙනවා.
- අත් පිරිසිදුව තබා ගැනීම නගනයක් ඇති වීම වළක්වා ගන්නට වගේම නගනයක් ඇති වූ විටත් මුහුණ ඇල්ලීමට පෙර අත් සබන් යොදා හොඳින් සෝදා ගත යුතුයි.
- බිත්තර, කැරට්, නිවිති, වට්ටක්කා ආදී විටමින් A බහුල ආහාර ලබා ගැනීම .මෙය ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ දමන අතර එය නගන ඇතිවීම වළක්වනවා.
සාමාන්‍යයෙන් මේ ක්‍රම දින කිහිපයක් කිරීමෙන් නගනය සුවවීමට ලක්වෙනවා. ඒ සඳහා ඇතැම්විට දින 4-5 ක් හෝ සතියක කාලයක් ගත වෙන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිකාර කිරීමේදී නගනය වැඩිවීමක් සිදුවේ නම් හෝ ඇසේ පෙනීම නැතිව යන්නේ නම් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි.