බොහෝ දෙනකු නොදැනුවත් වුවද රතුලූණු යනු ගුණදායක ඖෂධයකි. එනම් ඈත අතීතයේ සිටම රතුලූණු ආහාරයට එකතු කර ගත් අතර ආයුර්වේදය තුල රතුලූනු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් “කේත පළාණ්ඩු” යන නමින් ආයුර්වේදය තුළ රතුලූණු හඳුන්වනු ලබයි. එනම් බොහෝ විට ආහාර පිසින විට කුළුබඩුවක් ලෙස, පත්‍ර සහ කොළ ව්‍යාංජනයක් ලෙස මෙන්ම අච්චාරු සකස් කරන විට ලුණු මිරිස් ආදිය සකස් කරන විට රතුලූණු බහුලව භාවිතා කරයි. එමෙන්ම නොයෙක් රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ද රතුලූණු බහුලව භාවිතා කරනු ලැබේ.

එනම් දිනපතා රතුලූණු ආහාරයට ගන්නේ නම් ඉන් පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් ශරීරයට ලබා ගත හැකිය.
විටමින් A, C ,B
යකඩ
කැල්සියම්
රයිබොෆ්ලේවින්
කාබෝහයිඩ්‍රේට්
ශක්තිය
ප්‍රෝටීන
සින්ක්
ඛනිජ
සෙලනියම්
තයමින්
නියසීන්
මේදය
මැග්නීසියම්
සෝඩියම්
ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් රතුලූනූ වල අඩංගුවේ.
රතුලූනු අමුවෙන් ආහාරයට ගන්නේ නම් එය වඩාත් ගුණදායක වේ. එනම් ඉන් පෝෂ්‍ය පදාර්ථ 82% ක් පමණ ශරීරයට ලබාගත හැකිය.
නොමැතිනම් පිසින විට එහි ගුණයන් විනාශ වීම සිදුවේ.
රතු ලූණුවල ඖෂධීය ගුණ භාවිතය
පිළිකා ඇතිවීම වළක්වයි.
පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කර ගැනීමට රතු ලූණු ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.
එනම් රතු ලූණුවල අඩංගු allinenin සංඝටකය සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් පිළිකා ඇතිවීමට හේතුවන පිළිකා සෛල විනාශ කර පිළිකා මර්දනය කිරීම සිදුකරනු ලැබේ.

ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
වසංගත රෝග උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග බොහෝ විට ඇති වනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විටකය. එනම් එවැනි අවස්ථාවක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට හා මෙම රෝග සමනය කර ගැනීමට රතු ලූනු ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් රතු ලූණුවල විටමින් C හා මැංගනීස් වැනි පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට උපකාරී වේ.
දත් කැක්කුම සමනය කරයි.
වේදනා ගෙන දෙන දත් කැක්කුම සුව කිරීමට ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස රතු ලුණු භාවිතා කර තිබේ. එනම් මේ සඳහා රතු ලූණු කැබැල්ලක් දත මත මදවේලාවක් තබා ගෙන සිටීම මගින් දත් කැක්කුම සුව කරගත හැකිය.
හිසකෙස් වර්ධනය කරයි.
වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් ගැටලු එනම් හිසකෙස් කැඩීයාම, හිසකෙස් අග පැලීම. හිසකෙස් ගැලවී යාම සමනය කර ගැනීමට රතුලූනු යුෂ ගෙන හිසෙහි ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම යෝග්‍ය වේ. එනම් මෙමගින් හිසකෙස් වර්ධනය කර ගත හැකිය.
පණු රෝග සමනය කරයි.
ලොකු කුඩා සෑම දෙනාටම පාහේ පවතින පණු රෝග සමනය කිරීම සඳහා රතුලූණු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා
රතු ලූණු කපා වතුර බදුනකට දමා රැයක් තබා පසු දින එම ජලයට මී පැණි මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ.
සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි.
බොහෝ පීඩාකාරී රෝගයක් වන සෙම්ප්‍රතිශාව සුව කර ගැනීම සඳහා රතු ලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් රතු ලූණු ආහාරයට ගැනීමෙන් නාසයෙන් සොටු දියර ගැලීම , කිවිසුම් යාම ,පීනස වැනි රෝග සුවපත් කර ගත හැකිය. එනම් රතුලූණු වල අඩංගු විටමින් C මේ සඳහා වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
අක්මා රෝග සුවපත් කරයි.
මේ වනවිට සුලභව දැක ගත හැකි රෝග තත්ත්වයක් ලෙස අක්මා රෝග හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ විෂ තැන්පත් වීම ඒ අතර බොහෝ දෙනෙකුට පවතින රෝගයකි. අක්මාවේ විෂ ඉවත් කර ගැනීම සඳහා රතු ලූනු ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් රතු ලූනුවල අඩංගු සැපොනින් නම් සංඝටකය අක්මාවේ විෂ ඉවත් කර අක්මාවේ රෝග ඇතිවීම වලක්වනු ලැබේ. මේ නිසා අක්මාව නිරෝගීව පවත්වා ගැනීමට රතු ලූණු ආහාරයට ගැනීම ගුණදායක වේ.
හිසරදය සමනය කරයි.
වේදනා ගෙනදෙන හිසරදය ක්ෂණිකව සුවපත් කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස රතු ලූණු භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා
කපා ගත් රතුලූණූ හෝ රතු ලූණු යුෂ නලලේ ආලේප කීරීම ගුණදායකය. එනම් ඉන් හිසරදය සමනය වේ.
එමෙන්ම
වෛරස් ආසාදන සඳහා
දරුපල ප්‍රමාද වීම හා වදභාවය සඳහා
අධි රුධිර පීඩනය සඳහා
වෛරස් උණ සඳහා
ආහාර මාර්ගය ආශ්‍රිත රෝග සඳහා
උදර රෝග සඳහා
බඩපිපුම සඳහා
දියවැඩියාව පාලනය කිරීම සඳහා
සමේ රෝග සඳහා
මූත්‍ර රෝග සඳහා
ගලපටලය සඳහා
උගුර බැරැන්ඩි වීම සඳහා
ක්ෂය රෝගය සඳහා
මෙවැනි බොහෝ රෝග සමනය කිරීමට රතු ලූණු ආහාරයට එක්කර ගැනීම වඩාත් ගුණදායක වේ.