හුස්ම ගැනීම හා බොහෝ දුරට සමාන තවත් ක්‍රියාවක් තමයි ගිලීමකියන්නේ. මෙය අපි හිතාමතා කළ හැකි හෝ නොදැනුවත්වම වෙන දෙයක්.ආහාර ගිලින විට, කෙළ ගිලින විට ඔබේ උගුර වඩාත් වියළී ගොස් ඇත්නම් ඔබට දැඩි වේදනාවක් අපහසුවක් දැනෙන්නට පටන්ගනියි. යම් ආහාරයක් හෝ පානයක් ගිලින විට යමෙකුට වේදනාව දැනීම වෛද්‍ය විද්‍යාත්මකව odynophagia යනුවෙන් හැඳින්වේ.මෙය ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට ඇතිවිය හැකි පොදු රෝග ලක්ෂණයකි.ගිලින විට අපහසුවක් දැනීම ඉතාම කෙටීකාලීන තත්වයක්, දින කිහිපයකින් මෙය ඉබේ දුරු වී යයි. නමුත් ඇතැම් අවස්ථා වල මෙවැනි අපහසුතාක් ඇතිවීම යටින් පවතින වඩාත් බරපතල සෞඛ්‍ය ගැටලුවක පූර්ව ලක්ෂණයක් වන්නට ද බැරි නැත.
odynophagia තත්වයේදි ඔබේ බෙල්ලේ හෝ පපු ඇටයට පහළ පිටුපස ප්‍රදේශයේ වේදනාවක් දැනිය හැක. මෙය මිරිකෙන හෝ දැවිල්ලක් වැනි වේදනාවක් ලෙස දැනිය හැක.මෙය ආසාදනයක් නිසා ඇති වූ තත්වයක් නම් ඔබට උණ, නිතර පවතින හිසරදය, නිතර පවතින වියළි කැස්ස, අධිකව දහඩිය දැමීම, ටොන්සිල ඉදිමීම, තෙහෙට්‍ටුව වැනි ලක්ෂණ ද ඇතිවිය හැක.
සෙම්ප්‍රතිශ්‍යාව, වසංගත උණ, උගුර තුවාල වීම ,උගුරේ ආසාදන, අම්ල ප්‍රතිවාහ (ආමාශයික යුෂ උගුරට ඒම), ටොන්සිල් ප්‍රදාහයට ලක්වීම, නිදන්ගත කැස්ස උල්ලෝගම් ඇතිවීම (oral thrush) odynophagia තත්වයට බලපාන පොදු හේතු සාධක කිහිපයකි. බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, උගුර අනතුරට ලක්වීමක්, කන් ආසාදනයක් හා විශාල ආහාර පිඩක් එක්වරක ගිලිමට උත්සහ කිරීම නිසා හෝ ඇතැම් ඖෂධ වර්ග එකවර ගිලීමට උත්සහ කිරීම නිසා ද මෙසේ උගුරේ වේදනාවක් ඇතිවිය හැකියි.
මේ තත්වය සුව නොවී දිගුකල්රෝග ලක්ෂණ පවතිනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගනිමින් නිසි ඖෂධ හා ප්‍රතිකාර ලබාගන්න. ඒත් සමඟ ඔබට නිවසේදි පහසුවෙන් අනුගමනය කළ හැකි පිළියම් කිහිපයක් ගැනත් පහතින් දැක්වෙනවා. ගිලින විට ඔබට ඇතිවන වේදනාව අපහසුව සමනය කරගැනීමට මේ ඵලදායි ක්‍රම ඔබට උපකාරී වේවි.

ලුණු වතුරෙන් උගුර සේදීමඋගුර තුවාල වීම නිසා ඇතිවන ඉදිමුම් වේදනාව අඩුකරගැනීමට මෙය උපකාරී වේ. උණුසුම් වතුරට උගුර සමනය කිරීමේ හැකියාව ඇති අතර ලුණු මඟින් ආසාදනය ඇතිකරන හානිකර බැක්ටිරියා හෝ වෛරස විනාශ කරයි.
- ලුණු තේ හැඳි 1/4 ක් උණුසුම් වතුර කෝප්පයකට දියකරන්න.
- මෙම වතුරෙන් ඔබේ උගුර කළතවා සෝදා කෙළගසන්න.මෙය ගිලීමෙන් වළකින්න.
- දිනකට දෙවරක් බැගින් සතියක් පමණ සිදුකරන්න.
ඉඟුරු ගිලින විට දැනෙන උගුරේ වේදනාව සමනය කරගැනීමට ඉඟුරු හොඳ පිළියමකි. මේවායේ ප්‍රතිවෛරස, ප්‍රතිප්‍රදාහක හා සෙම දුරුකරන ගුණාංග ඇත. එමඟින් ආසාදන වලට එරෙහිවසටන් කරමින් උගුරේ වේදනා සමනය කරයි.උගුරේ වේදනාව හා දැවිල්ල සහිත ඉදිමුම අඩුකිරීමට ඉඟුරු ගුණ දෙන බව අධ්‍යයන වල පවා සඳහන් වේ.ආහාර ජීර්ණ ගැටලු සඳහා ද ගුණදායකයි.
- ගාගත් නැවුම් ඉඟුරු අල තේ හැඳි 1 ක් උණු වතුර කෝප්පයකට දමා මිනිත්තු කිහිපයක් තැම්බෙන්නට හරින්න. අමු මී පැණි හා ලෙමන් යුෂ ස්වල්පයක් එක්කගන්න. මෙම තේ පානය දිනකට තෙවරක් පානය කරන්න.
- කුඩා අමු ඉඟුරු කැබලි විටින් විට සපමින් ගිලීමද හොඳ පිළියමකි.
වැල්මී වැල්මී වල අඩංගු ස්වභාවික සයෝග වල ප්‍රතිප්‍රදාහක ක්‍රියාකාරිත්වයන් ඇත.උගුරේ තුවාල නිසා, ටොන්සිල ප්‍රදාහයට ලක්වීම නිසා වියළි හෝ තෙත කැස්ස නිසා ඇතිවන උගුරේ අපහසුව සමනය කිරීමට එහි ඇති ගුණ වලට හැකියි.
- වැල්මි මුල් තේ හැඳි 1/2 ක් උණුවතුර කෝප්පයකට දමා, වසා මිනිත්තු 10 ක් පමණ තැම්බෙන්නට හරින්න. මුල් පෙරා මී පැණි ස්වල්පයක් ද සමඟ දිනකට දෙවරක් හෝ තෙවරක් පමණ මෙය පානය කරන්න.ඔබ හෘද කිරීටක රෝගයකින් හෝ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයෙක් නම් වැල්මී භාවිතයෙන් වළකින්න.

උණුසුම් කහ කිරි වසා ගැටිති වල ඉදිමුම අඩුකිරීමට, උගුරේ අපහසුතා හා සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සමනය කිරීමට කහ කිරි උපකාරී වේ.කහ වල සක්‍රීය සංඝටකයක් වන කර්කියුමින් වල ප්‍රතිප්‍රදාහක , විෂබීජනාශක හා ප්‍රතිශක්ති වර්ධක ගුණ බහුලය. එමෙන්ම එහි අප්වත්න වේදනානාශක ගුණ නිසා ඉදිමුම හා වේදනාව අඩුකර සහනය සලසයි.
- කහ කුඩු තේ හැඳි 1 ක් සහ කලු ගම්මිරිස් ඉතා සුලු ප්‍රමාණයක් උණුසුම් කිරි විදුරුවක මිශ්‍රකරගන්න.කැමතිනම් මී පැණි ස්වල්පයක් එක්කර්ගාන්න.
- සුවවීමේ ක්‍රියාවලිය වේගවත් වීම සඳහා දිනකට දෙවරක් මෙය පානය කරන්න.
උගුරේ අපහසුතාව සමනය කරන ලෙමන් වතුරලෙමන් වල ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් අන්තර්ගතයක් ඇත. විශේෂයෙන්ම විටමින් සී වැනි පදාර්ථ බහුල නිසා ආසාදනවලට ගොදුරුවීමට එරෙහිව ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට සහය ලබාදේ.
- ලෙමන් යුෂ තේ හැඳි 1 ක් උණුසුම් වතුර වීදුරුවක මිශ්‍ර කර එක පානය කරන්න.

ලෙමන් සහ මි පැණි සෙම්ප්‍රතිශ්‍යාව, ටොන්සිල ප්‍රදාහයට ලක්වීම හෝ උගුරේ අපහසුතා වැනි තත්වයන් වලදී ඇතිවන ඉදිමුම සමනය කරගැනීමට ලෙමන් හා මී පැණි යනු කදිම සුසංයෝගයකි.ලෙමන් වල අඩංගු විටමින් සී මඟින් බැක්ටීරියා වර්ධනයට එරෙහිව සටන් කරයි. මී පැණි මඟින් ඔබේ උගුරේ තෙතමනය ඇතිකරමින් තුවාල ස්වභාවය හා ප්‍රදාහය සමනය කරයි.
- ලෙමන් යුෂ සහ මී පැණි මේස හැඳි 1 බැගින් මද උණුසුම් වතුරට එක්කරගන්න.
- මෙය සෙමින් සෙමින් පානය කරන්න. දිනකට කිහිපවරක් දින කිහිපයක් ගත වන තුරු මේ පිළියම අනුගමනය කරන්න.
උණුසුම් දියර වර්ග පානය කිරීම දිනකට ලබාගන්නා දියර ප්‍රමාණය වැඩි කිරීම ඔබේ සිරුරේ සජලතාව රැකගැනීමට වගේම උගුර වියළීම වළක්වාගැනීමට වැදගත් .හැකි සෑම විටම උණුසුම් දියරයක් උගුරෙන් උගුර පානය කිරීමෙන් උගුරේ ඉදිමුම හා වේදනාව සමනය වීමට සහයක් ලබාදේ.උණුසුම් වතුර, කිරි හෝ හර්බල් ටි වැනි පාන වර්ග සුදුසුයි. කැෆේන් බහුල පාන වර්ග ගැනිමෙන් වළකන්න. ඉන් සිරුරේ විජලන තත්වය තවත් වැඩිවිය හැකියි වගේම මේ තත්වයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙන්නට ඉඩ තිබිය හැක.වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා ඔබේ උණුසුම් පානයට මී පැණි ස්වල්පයක් මුසු කරගන්න.
චිකන් සුප් ගිලීමේ අපහසුතා වලින් පෙළෙන විට ඝන ආහාර ගැනීම අසීරුයි.ඔබට ලබාගත හැකි හොඳ පෝෂණයක් මෙන්ම ගුණයක් ලැබෙන දියර ආහාරයක් තමයි චිකන් සුප්. නිවසේදි සකසාගත් චිකන් සුප් කෝප්පයක් පානය කරන්න. මෙමඟින් ඔබේ සිරුරට අවශ්‍ය විටමින්,ඛනිල ලවණ හා ප්‍රෝටීන් ගුණ ලැබෙයි. එමෙන්ම උණුසුම් පානයක් නිසා ඔබේ උගුරේ වේදනාව හා ප්‍රදාහය සමනය කිරීමට උපකාර කරයි.මෙහි අඩංගු පෝෂණය ඔබේ ප්‍රතිශක්තිය වඩවයි.ශ්වසන මාර්ග ආසාදන ඇතිවීමට එරෙහිව ක්‍රියාකළ හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ දෙන පදාර්ථ ගණනාවක් චිකන් සුප් වල අඩංගු බව අධ්‍යයන මඟින් ද පෙන්වාදේ.සුප් සකසන විට ඊට ඉඟුරු, සුදුලූනු,මිරිස් වැනි කුළුබඩු ද එක්කරගන්න.