ඔස්ටියෝපොරෝසිස් තත්වයට ආයුර්වේදයේ පිළියම් 16 ක්

health tips

අස්ථියක් යනු අඛණ්ඩව අවශෝෂණයට හා ප්‍රතිස්ථාපනයට ලක්වන ජෛවී පටකයකි.නමුත් වයසට යාමත් සමඟ පුද්ගලයෙකුගේ ශරීර අස්ථි වල ස්කන්ධය හා ඝනත්වය ක්‍රමයෙන් හීනවියයි.ඇතැම් අවස්ථාවල මෙම තත්වය නිසා අස්ථි දුර්වල වී කිරී ගැසි කැඩියාමේ ප්‍රවණතාවක් ඇතිවේ.මේ තත්වය වෛද්‍ය විද්‍යාත්මකව ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) ලෙස හඳුන්වයි.ලෝකයේ මිලියන 40 කට අධික පිරිසක් ඔස්ටියෝපොරෝසිස් හෙවත් අස්ථි ඝනත්වයේ අඩුකමින් පෙළෙති.

ඔස්ටියෝපොරෝසිස් කියන්නේ ප්‍රගතිගාමී රෝගයක්. එනම් එන්න එන්නම වැඩිවෙන රෝග තත්වයක් යන්නයි.පුද්ගලයින් වයස්ගත වෙද්දී පවතින අස්ථිය වෙනුවට නව අස්ථි වර්ධනය වීම (අස්ථි ප්‍රතිස්ථාපනයවීම) සිදුවන ක්‍රියාවලිය මන්දගාමි වෙයි.මේත් සමඟ අස්ථි අධිකව ගෙවියාමත් සමඟ අස්ථි අධික ලෙස සිහින් වීම නිසා අස්ථියේ ඝනත්වය අඩුවීමට පටන්ගනියි. ඔස්ටියෝපොරෝසිස් තත්වය කාන්තා පිරිමි දෙපාර්ශවයටම වගේ ඇතිවිය හැකි තත්වයක් වුණත් සාමාන්‍යයෙන් ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් අතරේ මෙය බහුලව හඳුනාගත හැකියි. වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවන් තුළ අස්ථි බිඳීයාම් ගැටලු බහුලව වාර්තා වෙයි.

මීට ප්‍රධානම හේතුව තමයි ඔවුන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් හෝර්මෝන අඩුවීම.මේ රෝගය හා සම්බන්ධ රෝග ඉතිහාසයක් ඇති පවුලකින් පැවතෙන කෙනෙකුට මේ ගැටලුව ඇතිවිය හැකියි. ඊට අමතරව පෝෂණ දුර්වලතා, දුම්බීම, ඇතැම් බෙහෙත් ඖෂධ, අඩු ශරීර ස්කන්ධයක් තිබීම, සිරුරේ අස්ථි රාමුව කුඩාවට පිහිටා තිබීම.අධි ක්‍රියාකාරී හෝ අඩු ක්‍රියාකාරි තයිරොයිඩ් ග්‍රන්ථියක් තිබීම,අධි ක්‍රියාකාරි ඇඩ්‍රිනලින් ග්‍රන්ථි පිහිටීම මේ තත්වයට බලපාන වෙනත් පොදු අවදානම් සාධක ලෙසයි සැලකෙන්නේ.

ආයුර්වේදයේ ඔස්ටියෝපොරෝසිස් තත්වය හඳුන්වන්නේ ‘අස්ථි සුෂීරියා’  ලෙසයි. සිරුරේ වාත දොස් කිපීම මීට මූලිකවම හේතු වන බව පිළිගැනීමයි.ඔස්ටියොපොරෝසිත් හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ පාලනය කිරීමට හා කායික පීඩාවන් සමනය කිරීම සඳහා ආයුර්වේදයේ භාවිත කරන ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ.

ස්නේහන ඖෂධීය තෙල් වලින් සිරුරේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ සම්බාහනය කිරීමයි.වාත දෝෂ වලට තෙල් සත්කාර කිරීමට පෙර ඒවා මදක් රත්කරගත යුතුයි.මෘදු ආකාරයෙන් හා මද තෙරපුමක් ඇතිකරමින් අත් වලින් සිරුර පිරිමදියි.වාත දොස් කිපීම නිසා ඇති වූ තත්වයන් සඳහා තල තෙල් හා එඬරු තෙල් ද, පිත දෝෂ සඳහා පොල්තෙල් හෝ ගිතෙල් ද, සෙම් දෝෂ සඳහා අබ තෙල් ද භාවිත කරයි.ඔස්ටියොපොරෝසිස් ප්‍රතිකාර වලදී ‘චන්දන බාලලක්ෂාදී තෛලය, මහාමාශ තෛලය,මහානාරායන තෛලය හා දශමූල තෛලය’ ආදි ආයුර්වේද තෙල් වර්ග භාවිත කරයි.තෙල් සත්කාර මඟින් ශරීර පටක ලිහිසි කරමින් ඒවාට ආරක්ෂාව ලබාදෙයි.ශරීර ස්‍රාවයන් වැඩිකරමින් විෂ අපද්‍රව්‍ය බැහැර වීමට සලස්වයි.ආතරයිටිස්, ඇස් රෝග,මලබද්ධය, අංශබාගය වැනි තත්වයන්ට ද මේ ප්‍රතිකාරය ඵලදායිය.

භස්ති’- අස්ථි රෝගාබාධ සඳහා ප්‍රතිකාර කරන මූලික චිකිත්සාවක් ලෙස මෙම භස්ති හෙවත් එනිමා ක්‍රමය හැඳින්විය හැකියි.අස්ථි ශක්තිමත් කිරීම සඳහා මෙය ආධාර කරන බව ආයුර්වේද වෛද්‍යවරු පෙන්වාදේ.සිරුරේ වාත දොස් කිපීම නිසා ඇතිවන රෝගාබාධ වලට ප්‍රතිකාර කරයි.මලපහ සමඟ සිරුරේ අධික පිත, සෙම,වාත හා විෂ අපද්‍රව්‍ය බැහැර කර බඩවැල් පිරිසිදු කරයි.මේ හරහා පටක අළුත්වැඩියා වීම හා අවයව ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු වීමට සහය දෙයි.ආතරයිටිස්,රක්තවාතය,තුනටිය වේදනාව,නිතර ඇතිවන මලබද්ධය හා රූමැටිසියා රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත වේ.ඔස්ටියෝපොරෝසිස් තත්වය සඳහා ‘මජ්ජා භස්ති’ ක්‍රමය භාවිත කරයි.

ඔස්ටියෝපොරෝසිස් තත්වයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ වර්ග

නික වේදනානාශක ගුණ ඇති අතර සිරුරේ කිපී ඇති වාත දොස් සමනය කරයි.අස්ථි ශක්තිමත් කරයි. ස්නායු, රුධිර සංසරණ හා ස්තී ප්‍රජනන යන පද්ධති නීරෝගි කරයි.සන්ධි ඉදිමුම් අඩුකරයි.උලුක්කු වලට ප්‍රතිකාර කිරීමේදී නික කොළ රත් කර හෝ ආලේපනයක් ලෙස සකසා භාවිත කරයි.මුල්,කොළ හා මල් ද මේ තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ගුණ දෙයි.කසාය,ශක්තිජනක ඖෂධයක් හෝ කුඩු මී පැණි හෝ ජලය හෝ සීනි සමඟ මිශ්‍ර කර ලබාගත හැකියි.නික ගෙඩි වලින් සාදන ලද අලේපන සන්ධි මත ගැල්වීම මඟින් ඉදිමුම හා වේදනාව සමනය වී යයි.

එඬරු සිරුරේ වාත දොස් සමනය කරමින් මූත්‍රා, ජීර්ණ, බහිස්‍රාවී හා ස්නායු පද්ධති නීරෝගි කරයි.විරේචක හා නිර්වින්ධක ගුණ අඩංගුය.සිරුර අභ්‍යන්තරය ශෝධනය කරවන ප්‍රතිකාර හා සිරුරේ ඉදිමුම් අඩුකරවන ප්‍රතිකාර වලට භාවිත කරයි.එඬරු තෙල් ඔස්ටියෝපොරෝසිස් තත්වයේදී ඇතිවන සන්ධි හා අස්ථි වේදනාවන්ට සහනය සලසයි.අස්ථි ශක්තිමත් කරයි.මේවා පේස්ට්,තැම්බුසාරය,කසාය හා තෙල් වශයෙන් භාවිතයට ගත හැකියි. පාචනය,ජෝන්ඩිස් (ඇස් හා සම කහවීම),බඩවැල් ප්‍රදාහය හා රක්තවාත රෝග වලට ප්‍රතිකාර කරයි.එඬරු තෙල් උණු කිරි හෝ තේ සමඟ භාවිතයට ගත හැකියි.

කුන්දිරික්කන් (ශල්ලකි) ප්‍රතිප්‍රදාහක ගුණ වලට ප්‍රචලිත ඖෂධයකි.ශාකයේ මැලියම් සාරය ප්‍රදාහක රෝග වලට ප්‍රතිකාර කිරීමේදි භාවිත කරයි.ප්‍රතිඔක්සිකාරක,හෘදය ආරක්ෂා කරන ගුණාංග මෙන්ම බැක්ටීරියානසන ගුණ ද අඩංගුය.චර්ම රෝග වලට ද ගුණදායිය.අස්ථි හා සන්ධි රෝග වලට ප්‍රතිකාර කරයි.

වියළි ඉඟුරු උත්තේජක, ජීර්ණය වැඩිදියුණු කරන,වාජීකරණ හා වේදනානාශක ගුණ ඇත, ශ්වසන හා ජිර්ණ ගැටලු සමනය කරයි.සෙම අඩුකරමින් සිරුරේ අග්නිය ඉහළ දමයි.රක්තවාත වේදනා අඩුකරයි.අස්ථි වල ඛනිජලවණ ඝනත්වය හීනවීම වළක්වයි. අස්ථි ප්‍රදාහය අවම කර අස්ථි සුවවීම වේගවත් කරයි.තැම්බුම්සාරය,නැවුම් යුෂ,කුඩු,පේස්ට්,කසාය හෝ කරල් වශයෙන් ලබාගත හැකියි. ඉඟුරු ගම්මිරිස් සමඟ මිශ්‍ර කර ලබාගැනීම වමනය ඇතිකරයි. අජීර්ණයට ගිතෙල් සමඟ මිශ්‍ර කර ලබාගන්න. බඩේ වේදනා සමනය වීමට එඬරු තෙල් සමඟ මිශ්‍ර කර ලබාගන්න.

හීන් අරත්ත ෆ්ලැවනොයිඩ,ට්‍රයිටර්පෙනොයිඩ,ලැක්ටෝන,ස්ටෙරෝල් හා වෙනත් ශාක රසායන අඩංගු බැවින් බොහෝ රෝගාබාධ වලට ප්‍රතිකාර කරයි.ආතරයිටිස් විරෝධී ගුණ ඇත. එමෙන්ම ඔස්ටියෝපොරෝසිස් වැනි  සන්ධි ප්‍රදාහක රෝග වලකයි.

සුදුලූනු පරපෝෂීනාශක,උත්තේජක,සිරුර යළි ප්‍රාණවත් කරන, සෙමහරණය කරන,විෂබීජනාශක ගුණ අඩංගුය.ස්නායු,ප්‍රජනන,ආහාර ජීර්ණ හා රුධිර සංසරණ පද්ධති නීරෝගි කරයි. ශ්වසන මාර්ගයේ අපහසුතා සමනය කරයි.අස්ථි හායනය වීම අඩුකරයි.සිරුරේ විෂපද්‍රව්‍ය බැහැර කරවයි.එම නිසා රක්තවාතය,රුධිර නාළ සිහින්වීමේ රෝගය,හෘද රෝග,බෙලහීනතාව,අධි රුධිර පීඩනය,අධි කොලෙස්ටරෝල් ,කැස්ස, හා ගැටිති වර්ධනය වීම් ආදි ගැටලු වලට ප්‍රතිකාර කිරීමේ ඖෂධීය ගුණ සුදුලූනු වල ඇත.තෙල්,කුඩු,යුෂ හා තැම්බුම්සාරය වශයෙන් සුදුලූනු පරිභෝජනයට ගත හැකියි.

මීට අමතරව ‘ලක්ෂ ගුගුල්,ප්‍රවාලා පිෂ්ටි,මහායෝගරාජ් ගුගුල්,මුක්තශුක්ති භෂ්ම’ ආදි ආයුර්වේද ඖෂධ ඔස්ටියෝපොරෝසිස් සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරයි.

මෙම ඖෂධ වර්ග භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.උපදෙස්

  • නීරෝගි ශරීර බරක් පවත්වගන්න.
  • නිතිපතා ව්‍යායාම කරන්න.
  • පහසුවෙන් ජීර්ණය කළ හැකි සැහැල්ලු ආහාර පාන ලබාගන්න.
  • එළවළු හා පලතුරු පරිභෝජනය කරන්න.
  • යෝගාසන පුහුණුවන්න.
  • සිරුර සැහැල්ලු කරගන්න, හොඳ නින්දක් ලබාගන්න.
  • දහවල් කාලයේ නිදාගැනීමෙන් වළකින්න.
  • දුම්බීමෙන් හා මත්පැන් භාවිතයෙන් වළකින්න.
  • අධිකව කෝපි පානය කිරීම සුදුසු නැත.
  • අධිකව ව්‍යායාම කිරීම, සිරුර වෙහෙසවීම නුසුදුසුය. අධිකව ඇවිදීමෙන් වළකින්න.