ලංකාවේ මෙන්ම ලෝකයේ බෝහෝමයක් රටවල සෞඛ්‍යය සදහා අභියෝගයක් වී ඇති රෝගී තත්වයක් ලෙස දියවැඩියා රෝගය හදුනා ගත හැකිය. දිනෙන් දින දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යයි. බෝහෝ වැඩිහිටියන් අතර මෙන්ම තරුණ ප්‍රජාව අතර ද වර්තමානය වන විට මෙම රෝග තත්වය දක්නට ලැබේ. මෙම රෝගය සදහා ප්‍රතිකාර කිරීමට බොහොමයක් දෙනා බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ද අනුගමනය කරනු ලබයි. මෙලෙස බෝහෝමයක් දෙනෙකුට ඔවුන්ගේ යහපත් සෞඛ්‍යය පිරිහීම සදහා බලපාන මෙම රෝගී තත්වය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.
දියවැඩියා රෝගය පිළිබඳ හදුනා ගනිමු .

අග්න්‍යාසයේ ලැන්ගහැන්දීපිකා සෛල මගින් නිෂ්පාදනය කරන ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම අවම වීම හා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නොනිපදවීම මෙන්ම ඉන්සියුලින් නිපදවන සෛල එයට වීරෝධතාව දැක්වීම හේතු කොටගෙන රුධිරගත ග්ලුකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ කාලයක් තිස්සේ නිරන්තරයෙන් ඉහළ යාම දියවැඩියාව රෝගී තත්වය ලෙස අපට හදුනා ගත හැකිය. එමෙන්ම ,
- අග්න්‍යාසයේ හටගන්නා වෙනත් විවිධ රෝග
- විවිධ ඖෂධ වර්ග
- ඉන්සියුලින් ප්‍රතිරෝධී හෝර්මෝන
- ජානමය හේතූ යනාදී තත්වයන් මත ද මෙම රෝගී තත්වය ඇති වීමට හැකියාව පවතී.
දියවැඩියාව සදහා නිසි ප්‍රතිකාර නොකළොත් සිදු වන්නේ කුමක්ද ?
දියවැඩියාව යනු නිසි ප්‍රතිකාර කිරීමෙන් පාලනය කළ යුතු රෝගී ත්ත්වයක් වේ. එසේ නොමැති වුවහොත් එය තවත් බෝහෝමයක් රෝග සදහා මග පාදනු ඇත. එනම්,
- 1. හෘද රෝග.
- 2. වකුගඩු අකර්මණ්‍ය වීම.
- 3. දෙපා අහිමි වීම.
- 4. කෝමා තත්වය.
- 5. අන්ධභාවය.
- 6. අඝාතය.
- 7. ස්නායු දුර්වල වීම.
- 8. ලිංගික අප්‍රාණික බව.
- 9. රුධිර නාල සම්බන්ධ රෝග සහ ආසාදන.
- 10. සිරුරේ පටක ඉන්ද්‍රියන් දුර්වල වීම.යනාදී වශයෙන් භයානක රෝගී තත්වයන් ඇති වීමට දියවැඩියාව සදහා නිසි ප්‍රතිකාර නොගැනීම හේතූ වේ.
දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි පාර්ශ්වයන්
දියවැඩියාව රෝගය ඇති වන්නේ බෝහෝ විට වැඩිහිටි පාර්ශ්වය අතර යැයි පිළිගත්තද එය නිවැරැදි මතයක් නොවේ. මෙම රෝගය ඇති විය හැකි පාර්ශ්වයන් කිහිපයක්ම සිටී.
- 1. බෝහෝ විට අවුරුදු 45ට වැඩි පුද්ගලයන්ට
- 2. හෘද රෝග ,අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇති පුද්ගලයන්ට
- 3. මානසික ආතතිය ඇති අයට
- 4. විටමින් D අඩු පුද්ගලයන්ට
- 5. අධික දුම් පානය කරන පුද්ගලයන්ට
- 6. උපන් බර ඉතා වැඩි හෝ අඩු අයට
- 7. ගර්භණී සමයේ දියවැඩියාව රෝගය සදහා ගොදුරු වූ අයට
- 8. අහිතකර ආහාර පුරුදු ඇති අයට
- 9. පූර්ව දියවැඩියා අවස්ථාවේ සිටින අයට
- 10. ක්ෂය රෝගය ඇති අයට යනාදී වශයෙන් බෝහෝමයක් පාර්ශ්වයන් හට මෙම රෝගය වැළදීම සදහා වැඩි අවධානමක් පවතී.
දියවැඩියාව රෝගය පාලනය කර ගැනීම සඳහා එම රෝගීන් සැලකිලිමත් විය යුතු කරුණු.
1. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම සහ ලබා දෙන ඖෂධ නියමිත මාත්‍රාව නියමාකාරයෙන් පානය කිරීම කළ යුතුය . අපට සිතෙන පරිදි දින ගණනාවක් අතහැර අක්‍රමවත් ලෙස දියවැඩියාව සදහා ඖෂධ භාවිත නොකළ යුතුය. එය එම රෝගී තත්වය වර්ධනය වීම සදහා මෙන්ම වෙනත් රෝගී තත්වයන් ඇති වීමට ද බලපානු ලැබේ.
2. ආහාර ගැනීමේදී අපගේ සැළකිලිමත් බව මෙහිදී ඉතා වැදගත් වේ. කෘත්‍රීම පාන වර්ග ,අධික පැණි රස ආහාර ආදී රෝගී තත්වය සදහා නුසුදුසු ආහාර නොගතයුතුය. එමෙන්ම ආහාර පාලනය කිරීමකින් පරිභෝජනය කිරීම කළ යුතුය.
3. නිසියාකාරව ව්‍යායාම වල නිරත වීම . යහපත් ශරීර සෞඛ්‍යයක් සදහා අත්‍යාවශ්‍ය කරුණක් ලෙස මෙය හදුනා ගත හැකි අතර දියවැඩියාව රෝගය පාලනය කිරීම සදහා ද ව්‍යායාමවල නිරත වීම අවශ්‍ය වේ.
4. මානසික ආතතිය අවම කිරීම .මානසික ආතතිය නොයෙකුත් රෝග ඇති වීම සදහා බලපානු ලබන සාධකයක් වේ. එමගින් ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සදහා ද බලපෑම් කරනු ලැබේ. එනිසා සෑම විටම නිදහස් මනසින් සතුටින් කාලය ගත කළ යුතුය. එය අපට නීරෝගීව ජීවත්වීමට උපකාරී වේ.
5. වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ ආදිය නිසියාකාරව සිදු කීරීම.
රුධිර ගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සදහා වන රුධිර පරීක්ෂණ ආදිය මෙන්ම ලබා දෙනු ලබන දිනයන්හි වෛද්‍යවරයා හමු රෝග තත්වය පිළිබඳ නිවැරැදි තොරතුරු පවසා ප්‍රතිකාර ගැනීම නොකඩවා සිදු කළ යුතුය .
දියවැඩියාව රෝගය වළක්වා ගත හැකි ක්‍රම දියවැඩියාව රෝගය වැළදීමට පෙර එවැනි රෝගී තත්වයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට ද අපට හැකියාව පවතී.
- සෑම කෙනෙක්ම යහපත් ආහාර රටාවන් අනුගමනය කිරීම සදහා යොමු වීම.
- මානසික සෞඛ්‍යයෙහි යහපැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම .
- දිනපතා ශාරීරික ව්‍යායාම කිරීම සදහා යොමු වීම.
- නිසි කලට රුධිර පරීක්ෂාවන් සිදු කිරීම.
- දුම් පානය කිරීමෙන් වැළකීම.
- දියවැඩියාව රෝගය හදුනා ගැනීම සදහා වන පූර්ව පරීක්ෂාවන් සිදු කිරීම. ඉහත දක්වන ලද කරනු වලට අමතරව පහත රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් පූර්ව රෝග පරීක්ෂාවකට ලක් විය යුතුය.
- 1. නිතර මූත්‍රා පිටවීම.
- 2. අධික පිපාසය.
- 3. ක්ෂණික බර අඩු වීම.
- 4. කල්ගත වූ තුවාල පැවැතීම.
- 5. ලිංගික අවයව වල දිලීර ආසාදන පැවතීම.
- 6. ඇසේ සුද ඇතිවීම.
මෙම රෝග ලක්ෂණ ඇති වූ විට ඒ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ. එමෙන්ම හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වේ.
දියවැඩියාව රෝගය සදහා ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාවන්හි භාවිත කරන ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ශාක 2000කට අධික ප්‍රමාණයක් දියවැඩියාව රෝගය සදහා භාවිත කරනු ලැබේ. එමෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේදී ශාක 250ක් පමණ දියවැඩියාව සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලැබේ. එලෙස කරනු ලබන ප්‍රතිකාර කිහිපයක් පහත සදහන් වේ.
• මදටිය කොළ ,තෙබු කොළ ,කරවිල සාමාන්‍ය ලෙස ආහාරයට ගැනීම.
• උළුහාල් ,සුදුළූණු ,කලුදුරු , කුරුදු පොතු යනාදී ඖෂධීය කුළුබඩු ආහාර පිසීමේදී එක් කිරීමෙන් දියවැඩියාව රෝගීන්ගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම යහපත් ලෙස පාලනය කරනු ලබයි.
• ගම්මාලුවල රුධිරගත සීනි මට්ටම පාලනය කරන සංඝටක අන්තර්ගත වේ.
• වෙනිවැල් ගැට ඉන්සියුලින් ශ්‍රාවය දියුණු කර බීටා සෛල වර්ධනය කරයි.
• කුරුදු ග්ලූකෝස් පරිවහන ක්‍රියාවලියට බලපෑම් කරන බව සොයා ගෙන ඇත.
• කොහොඹ ද රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධයක් වේ.
• කරවිල ශාකයේ සියලුම ශාක කොටස් සීනි අඩු කිරීම සදහා හේතූ වේ.
මේ ආකාරයට විවිධ ස්වාභාවික ඖෂධ දියවැඩියාව පාලනය කිරීමට භාවිත කරනු ලැබේ. මෙහිදී මෙම ඖෂධ භාවිත කිරීම සදහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඊට හේතුව මෙම ඖෂධ ඇතැම් විට රුධිරගත සීනි මට්ටම අනවශ්‍ය ලෙස අඩු වීම සදහා හේතූ වීමයි. කෙසේ වුවද නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් දියවැඩියාව පාලනය කරගැනීමට හැකි වේ. එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ද වැදගත් වේ.